යමෙකුගේ ජීවිතයේ සලකුණක් තබන්න, නමුත් එය කැළලක් නොවන බවට වග බලා ගන්න. මෙහෙම කියනවට වඩා මේක English වලින් කිව්වම ලස්සනය්. Leave a mark in someone’s life but make sure it’s not a scar.
අපි ට එහෙම වෙලා ඇති. අපි එහෙම කරල ත් ඇති. වෙලා තියනව නම් මෙහෙම අමාරුව කොහොමද දන්නවනේ. ඇය් තව කෙනෙක්ටත් එහෙම අපිම කරන්නේ. ආදරේ කරන හැමෝටම එකතු වෙන්න බෑ . අන්තිම වෙනකන් යන්න බෑ මගදි හැරෙන්න වෙන තැන් තියනවා. සාධාරණ හෝ අසාධාරණ වෙන්න පුලුවන් . හැබැය් ඒ මගහැරීම් , අතහැරීම් සහ බිදවැටීම් සිදුවනකොට අනෙකාගේ හිතේ ජීවිත කාලයටම සුවනොවෙන කැලලක් ඇතිකරල යනවනම් ඒක පාපයක්. සොදුරු මතකයක් ජීවන අත්දැකීමක් පුංචි හිනාවක් මූනේ තියාගෙන මතක් කරන්න පුලුවන් කාලයක් දීල ගියා නම් පාපයක් නෑ. තමන් ගේ හිතේ කැලලක් ඇතිකරල කෙනෙක් ගිය අහේතුවට තමනුත් තවකෙනෙක්ගේ හිතේ සුවනොවෙන නිතර පෑරෙන තුවාල ඇතිකරනව නම් ඒක කොච්චර දුරට හරිද වැරදිද කියල ඔයාම හිතල බලන්න.
අපි ට බෑ හැමදාම අපිව එපා කියන අපිව තෝරගන්නේ නැති කෙනෙක්ව ම ඕනි කිය කිය ඒ මත්තෙම නැහෙන්න. මොකද ඒ පුද්ගලයා වෙන තෝරාගැනීමක් කරල නම් ඒ තෝරාගත් පුද්ගලයා සමග ජීවිත කාලේ ඉතුරු ටික ගෙවනවන්ම් එතන අපිට ඉඩක් නෑ. You can’t keep choosing someone who doesn’t choose you.
කෙනෙක් අපේ ජීවිතේ ඉන්න ඕනී අපි දිලෙසෙන බැබලෙන දවස් වල විතරක් නෙවෙය්. අපි අදුරු වලාවලින් වැහිල , ඔක්කොම අව්ල් ජාලයක් වෙලා තියෙද්දී ගැටගැහුන නූල් බෝල ලෙහාගෙන හිමීට එලිය දකින්න උදව් කරන්න කෙනෙක් අපි ට ඉන්න ඕනී. ජීවිතෙ අමාරු ම දවස් වල ඒ කෙනාගේ කටහඩින් ඔයාව සැනසෙන කෙනෙක් ඉන්න ඕනී. ඔයාට හොදටම කේන්ති ගිහින් ඔයා දේවල් අව්ල් කරගෙන පුපුර පුපුර කෑ ගහන වෙලාවට එයාට මුකුත් නොකියම ඒ දේවල් අහන් ඉන්න කෙනෙක් ඔයාට ඉන්න ඕනී. ඔයාගේ හුරතලේ එක්ක ආදර කතා විතරක් නම් අහන්න පුලුවන් , ඔයාගේ හොද දවස් වල විතරක් නම් වැඩිපුර ඉන්න පුලුවන් ඒ කෙනාගෙන් වැඩක් වෙන් නෑ. ඒ කෙනා ඔයාට අවුරුදු 25 දි 35 දි ඒ වගේම 65 දිත් එකම විදියට ඔයාව ඉවසන් දාරාගෙන පපුව මැද්දේ තියන් ඉන්න කෙනෙක් වෙන්න ඕනී. ඔයා දෙන ආදරේම ආපහු දෙන එයාව වටින තරමටම ඔයාව ත් එයාට වටින කෙනෙක් වෙන්න ඕනි.
තමන්ව අත ඇරල ගිය තමන්ව තෝරානොගත්ත සහ තමන් ගේ හිතේ කැලලක් ඇති කරල ගිය කෙනෙක් ව නැවත නැවතත් තෝරා ගැනීම නිවරැදි දෙයක් නෙවෙය්. තමන් ඊට වඩා ශක්තිමත් වෙන්න ඕනි. එහෙම දාලගිය තමන්ව තෝරනොගත්ත කෙනෙක් තමන්ට කාලෙකට සැරයක් එවන කෙටි පනිවිඩයකින් , දුරකතන ඇමතුමකින් සැනසීම ඔබ කෙරූ අවංක ප්රේමය ට දෙන වටිනාකමක් නෙවෙය්. එම පුද්ගලයා තමන් ගේ ලිස්ට් එකේ පහලම තැනක තියන් ඉද්දී ඔයාව ,පැය දහසකට වරක් ඔබ වෙනුවෙන් වෙන්කරනා මිනිත්තුවකට ඔබ ඔබගේ මුලු ජීවිතයම කැපකිරීම ඔබ කෙරූ ආදරයට වටිනාකමක් නෙවෙය්. ඔබ ව එපා යැය් කියූ පුද්ගලයා තව කෙනෙකුගේ නිරුවත් සිරුරක පහස ලබා පැමිනි පසු ලැබෙන හෝරාවක ඔබ වෙනුවෙන් මිනිත්තු 10 ක් වෙන් කිරීම ඔබේ ආදරයට ලබාදෙන වටිනාකමක් නෙවෙය්. සිතන්න මොහොතක් තමන්ගේ ආදරයේ වටිනාකම දන්නා කෙනෙකුට ජීවිතය පාටකරන්න ඉඩ දෙන්න.
කටහඩ කැතය් කියල දැනගෙනත් රෑ 12 ට තමන් ආසම සිංදුව මුමුනන, තමන් ආසම දේවල් කිසිදාක සිදුනොවිය හැකි දේවල් ගැන පැය ගනන් දොඩවන සීරියස් වෙන්න ඕනි තැන්වලදි එහෙම වෙන, ඔබ වෙනුවෙන් හේතුවක් නොමැතිව දෙවියන් යදින , නොසිතූ හෝරාවල ඔබ ට මම ඔයාට ආදරෙය් පවසන ආදර කතාවක අය්තිකාරයෙක් වෙන්න. ඔබ හැරගිය ඔබ ව තෝරා නොගත් කෙනෙක් වෙනුවෙන් කැපකිරීම් නොකරන්න. දරුනුම සුලිකුනාටුවේ ඔබත් සමග ගොඩබිම වෙත යාත්රා කරන්නෙකු තෝරාගන්න.
මේ ටික ඉංග්රීසියෙන් ම කියන්නම් ඒ වචන ටික ලස්සන එහෙමය්.
So please, just don’t give the best parts of yourself to someone who doesn’t see the value in what they are receiving.
ජීවිතේ වටිනාකම්, වටිනාකම් හදුනානොගන්නා පුද්ගලයෙකු වෙනුවෙන් ලබානොදෙන්න .
තෝරාගන්න. ඔබ කරනා ප්රේමය ම නැවත ලබාදෙන්නෙකු. එවිට මල් පෙති අහසින් ඔබ හිස මත වැටෙනු ඇත. සමනලුන් ඔබවටා සැරිසරනු ඇත.
ආදරෙය්

උපුටා ගැනීම: Kovindu Prabhashwara