*යම් භාණ්ඩයක් විකුනන්න පෝස්ට් කරාම මිලත් උඩින් සඳහන් කරල තියෙද්දි ගාන කීයද කියලා කමෙන්ට් කිරීම.
*කෑමක් එක්ක රෙසිපිය දාලා තියෙද්දි Recipe please කීම..
*කෑමක අන්තර්ගත අමුද්රව්යය වලට ආදේශක නැත කියලා පැහැදිලිව ලියල තියෙද්දි ” හාල් නැතුව බත් කන්න බැරිද / පොල්කිරි නැතුව කිරිහොදි හදන්න බැරිද යන බුද්ධිමත් ප්රශ්න ඇසීම.
*ගෙදර වැඩට කෙනෙක් අවශ්යයි කියලා පෝස්ට් එකක් දැමූ විට “අනේ අපේ ගෙදරටත් ඕනේ..මන් මෙච්චර ගෙවනව..අච්චර ගෙවනවා කියමින් පෝස්ට් එක අච්චාරුවක් කිරීම.
*තූත්තුකුඩිය අවටින් බල්ලෙක් ඕනෑකර තිබේ.දුර පළාත් එපා කියා ඇති විට..
“අනේ මන් එංගලන්තෙ/අයිස්ලන්තෙ/ග්රීන්ලන්තෙ මන් ගාව බල්ලෙක් ඉන්නව කියා කමෙන්ට් පමණක් නොව මැසේජ් ද එවිම.
*මේ පොත මිලට ගන්න ඕන කොහෙන්ද ගන්න ඕන ඇහුවම..”මේ මන් ගාවත් තියෙනව/මේ මගේ එක යනුවෙන් තමන් සතු පොතේ ජායාරූප දැමීම.
ගත්තෙ කොහෙන්ද ඇහුවම “තෑග්ගක් හම්බුනේ/අනේ මතක නෑනෙ / මන් කෙන්යාවෙන් ගෙනාවේ ගගා යන්නෙ කොහෙද මල්ලෙ පොල් උත්තර දීම.
*මූණෙ උලන ක්රීම් එකක් මිලදී ගෙන මේ ක්රීම් එක හොදඳ අනේ..යැයි ඇසීම..
හොඳ යැයි හෝ නරක යැයි කිවොත් .” මන් අවුරුදු 10ක් තිස්සෙම පාවිච්චි කරනව..හරිම හොඳයි..මට ගැටලුවක් වෙලා නෑ .යනුවෙන් පැවසීම..
ඇසු ප්රශ්නය බලන්න .
*ආධාරයක් ඉල්ලීමට ගිණුම් අංක,ගිණුම් හිමියාගෙ නම,බැංකුව පැහැදිලිව පෝස්ට් එකේ දමා තිබියදී
“එකවුන්ට් නම්බර් එක එවන්න ,කොහොමද උදව් කරන්න පුලුවන් යනුවෙන් ඇසීම…
කුකින්,ෆැශන්,රූපලාවණ්ය,කාන්තා,මැහුම් ගෙතුම්,ගේදොර වැඩ,මව්වරුන්ගේ සමූහ සියල්ලේම මෙවැනි කාන්තාවන් බොහොමයක් ඇත..පැහැදිලිව සිංහලෙන් ලියා තිබියදීත් අත්තන ඇට කෑවාක් මෙන් මෙලෝ සිහියක් නැතිව එසේ හැසිරෙන්නෙ ඇයි දැයි යන්න ගැටලුවකි.
නිවැසියන්ට දෙයියංගේම පිහිටය…
උපුටා ගැනීම: අප්සි රණසිංහ