සමන්තා සහ නන්නාදුන කිරිල්ලිය (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
වෘත්තියෙන් හෙදියක් වෙචිච සමන්තා බිලූමිට ගෙදර අය ආදරේට කිවිවෙ ‘‘ සෑමි ‘‘ කියල. එයාගෙ මහත්තයා කැමරන් ..බිලූමි වෘත්තීය ඡායාරැප ශිල්පියෙක් නිවියෝක් ටයිම්ස් පුවත්පතට වැඩ කරන. එයාලට ඉන්නව හරිම දාන්ගලේ තියෙන කොලු පැටවු තුන්දෙනෙක් වයස පිළිවෙලින් අවුරැදු 9, 10 ,12 පහුකරන. මෙි පවුල හරිම ප්රීතිමත් පවුලක්. කටිටියම ඡිවත්වුනේ ඔස්ට්රේලියාවි සිඩිනිවල වෙරළ තීරයේ ගමිමානයක.
2013 එයාල නිවාඩුවට ගියා තායිලන්තෙ අසිරිය විදින්න. ඒක ඉවර වුනේ සමන්තල නැවතිල හිටපු කාමරේ ඉස්සරහ සදලුතලෙන් වැටිල සමන්තගෙ කොන්ද කැඩිල. ඒක මාරාන්තික අණතුරක්. තායිලන්තෙ ඉහළම වෛද්යවරැ එයාට ශල්ය කර්ම 6 ක් කරනව මාස 7 ක් තිස්සෙ. ඒත් සමන්තව ප්රකෘති තත්වයට ගේන්න ඔවුන් අසමත්. රෝහලෙන් එලියට එන්නෙ ශරීරයේ එක පැත්තක් සහමුලින්ම අප්රානික සමන්ත කෙනෙක්. එයා රෝද පුටුවෙන්ම තමන්ගෙ පවුලෙ අයත් එක්ක ගුවන් තොටුපලට ඇවිල්ල එතනින් නැවත තමන්ගෙ මවුරටට එනව.
ගෙදරට ආ‍‍වෙ ගෙදරින් ගිය සමන්ත නෙවෙයි. ගෙදරට ආවෙ ශරීරය අප්රානික රෝගියෙක් .., මානසිකව කඩා වැටුණු ගැහැණියක්… සිනහව කොහේදෝ හලා දාපු අමිම කෙනෙක්. තමන්ගෙ මිනිහගෙ මූන දිහා එක එල්ලෙ බලන්නෙ නැති බිරිදක්. එයා හැමදාම කලේ ඇදෙන් රෝද පුටුවට ඇවි්ල්ල ඒක කාමරයේ ඡනේල ළග තියාගෙන අනන්ත අවකාශය දිහා බලන් ඉන්න එක අරමුණක් නැති හිස් දෑසින්. ක්රමක්රමයෙන් එයාට කෑමට තියෙන ප්රියතාවය නැතිවුනා. බලන් ඉන්දැද්දි වැහුරුණා. කොටින්ම එයා හිටියෙ මාරයා එක්ක සුහද කතාවක. දැන් දරුවො පාසැල් වැඩ අතපසු කරනව, කැමරන්ට තමන්ගෙ පත්තරේ වැඩ හරියකට කර ගන්න බෑ .කලින් සිනහවෙන් ගිගුම් දුන්න මෙි ගේ දැන් සොහොන් බිමක් වගේ නිශ්ශබ්ද යි.
2014 එක දවසක් සෑමිගේ බාල පුතා ඔලිවර් රථ ගාලක වැටිල හිටපු කකුල් දෙකම බිදුනු කිරිල්ලියක් ගෙදර ගෙනාව. කිරිල්ලිට පියාඹන්න තියා ඇවිදගන්නවත් බැරි නිසා ඔලිවර් කිරිල්ලිට කුඩුවක් හදන්වත් මහන්සි වුනේ නෑ. ඌ පෙන්ගුවින් කෙනෙක් වගේ දීප්තිමත් කලු හා සුදු වර්ණැති නිසා ඔලිවර් ඌට කතාකලේ පෙන්ගුවින් කියලයි…
දවස් කිපයකට පස්සෙ මෙි කිරිල්ලි තමන්ගෙ කකුල් දෙකෙන් හිට ගන්න දැඩි උත්සාහයක් ගත්ත. එයා සිය වාරයක් වැටෙනව. තව සිය වාරයක් ආයි නැගිටින්න උත්සාහ ගන්නව. ඒත් ඌ එක වරක් හරියටම තමන්ගෙ දෙපා උඩ සිරුර සමබරව තියා ගෙන හරි ගැහුණ. මෙි හැම සිදුවීමක්ම ඡනේලෙ අයිනක රෝද පුටුවට බරවෙලා ඉන්න සමන්තට පේනව. කුරුල්ල තමන්ගෙ කැඩුණු දෙපා මත සිරුර සමබර කර ගත්තු විදිහ සමන්තට අදහගන්නත් බැරි වුනා. සමන්තගෙ මුනෙ තෘප්තිමත් සිනහවක් ඇවිත් නෑවිත් ගියා . ඒ තමයි අවුරැද්දකට පස්සෙ සමන්ත හිනාවුනු දවස.
තවත් දින කීපයකට පස්සෙ කිරිල්ලි ඇවිදගෙන ඇවි්ල්ල නැග්ග රෝද පුටුවෙ හිටපු සමන්තගෙ උකුලට. ඊට පස්සෙ එයා පටන් ගත්ත සමන්තගෙ කොන්ඩෙ අවුල් කරන්න. ඊටත් පස්සෙ එයා හැමදාම නිදියගත්තෙ සමන්තගෙ පපුව උඩ. කිරි්ල්ලියගෙ වැඩ වලට සමන්තට හොදටම හිනා. අමිමගෙ හිනාව ඇහෙන දරැවො ඊට වැඩියෙන් හිනාවෙනව. ඔලිවර් රහසිගතව ප්රීතියෙන් කදුලු හලනව. පාලු සෙහොන් ගෙය දැන් ස්වර්ගයක් . සෑමි දැන් ඇදේ ඉදගෙනම ව්යායාම කරනව. කිරිල්ලි විසිල් කරනව. කිරි්ල්ලිය හා සෑමි එතකොට බැදිල හිටියෙ උපස්ථායකයා හා රෝගියා විදිහටත්. තමන්ව බෙිරා ගැනීමට කොහෝදෝ සිට පැමිණි නිර්මල ආත්මයක් විදිහටත්.
තවත් අවුරැද්දකින් සෑමි රෝද පුටුව අත ඇරල දාල තනියම තම දෙපා මතින් නැගිටිනව. දැන් මුහුදෙ පීනන්න තරමට සමන්තා ශක්තිමත් ගැහැනියක්. ඇය පීනන්න යන හැම උදේකම කිරිල්ලිත් එයාගෙ පස්සෙන් ඇවි්ල්ල බලන් ඉන්නව. ඒත් එක දවසක් එහෙම පස්සෙන් ආපු කිරි්ල්ලි නැවත සමන්ත එක්ක ආවෙ නෑ. එයා නොඑන්නම ගිහි්ල්ල තිබුන. සමන්තට හැබෑවටම දුකයි එත් සමන්ත මෙහෙම කියල තිබුණ
‘‘ එයාට කුරුල්ලෙක් නැතිව පාලු ඇති. එයත් ආස ඇති මං වගේ පැටවු ඉන්න අමිමෙක් වෙන්න. එයත් ආස ඇති මං වගේ පියඹාන්න ‘‘
ඊට ටික කාලෙකට පස්සෙ සමන්තගෙ ස්වාමිපුරුෂය කැමරන් බිලූමි තමන්ගෙ පවුලව නරකාදියකින් ගොඩ ගත්තු මෙි කිරිල්ලිය ගැන කතාවක් ලිවිව.ඒකට එයා කිරිල්ලියගෙ නමට කෙලින් එයාගෙ වාසගම ඇමුනුව මොකද කිරිල්ලිය එයාගෙ පවුලේ කෙනෙක් . පොතේ නම Penguin Bloom ‘මෙි කිරිල්ලියගෙ කතාන්දරය තමයි 2017 ඔස්ට්රේලියාවෙි හොදම කෘතියට නිර්දේශ වෙලා Australian Book Industry Award සමිානයෙන් පිදුමි ලැබුවෙ.
උ.ගැ.
මූලාශ්‍රය: Ranjani Indi

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!