මන් දැන් ඔයාලට කියන්න යන්නේ මෙතෙක් මගේ ජීවිතේ මන් වැඩියෙන්ම කම්පා වෙච්චි සිදුවීම.
කියවන ඔබට සිතේවි අපෝ ඕක ඔච්චර දෙයක්ද කියලා.ඒ උනාට ඇත්තමයි මට මේ එදවස දැනුනු විදිය.
ඒ දෙදහස් දහ අටේ මාර්තු මාසේ දවසක්.එදා රෑ ප්රතිඵල එනවා කියලා උදේ දැනගන්න ලැබුනා.ඒ කාලේ මට ෆෝන් එකක්තිබුනේ නෑනේ. මම රේඩියෝ ඇහුවා ඉස්සර.එදා උදේ මට හොදට මතකයි රේඩියෝඑකේ ගියා. ” නෙලුම් මල් පිපුනු දෙවැට දිගේ අකුරට ගිය කාලේ සිංදුව ” මන් ටිකක් ඉගනගන්න දක්ශයි කියල කට්ටිය කිව්වා.මටත් ඒක තේරුනා.හැබැයි මන් එච්චර දක්ශ නැති බවත් මට තේරුනා. මන් හිතන් හිටියා ඒ 7 ක් මම ගන්නවා කියලා
ඉතිං ඒ දවස ඔහේ ගෙවිලා ගියා.දැන් රෑ නමය ,විතර උනා.ප්රතිඵල එනවයි කියල බලන් ඉන්නවා ඉන්නවා තාම නෑ.ඊට පස්සේ මට නින්ද ගිහින්.මටත් අදටත් මේ ලියන මොහොතේ වත් හිතාගන්න බෑ එදා එච්චර උද්යෝගිමත් බවක් තිබිලත් මට නින්ද ගියේ කොහොමද කියලා.කොහොමහරි මට නින්ද ගිහින් . ටිකකින් මට ඇහෙනෝ අල්ලපු ගෙදර ඇන්ටි ෆෝන් එකෙන් කතා කරනෝ.ඒ ඇන්ටි කියපු දේ මට තාමත් මතකයි. එයා කිව්වේ “ආ ඒ 4 ද පුතේ .හා හරි හරි හරිම සතුටුයි අපිටත් ” ඒ ඇන්ටිලාගෙත් නෑදෑ වෙන ලමයෙක් සාමාන්ය පෙල ලියලා. මම බයවෙලා ඇහැරුනා.මම හිතුවේ ප්රතිඵල අවිල්ල ගොඩක් වෙලා ගිහින් කියලා. ටක්ගාලා අක්කගේ ෆෝන් එක අරගෙන ප්රතිඵල බලන්න ගියා. විභාග අංකේ ටයිප් කරන වෙලාවේ මට දැනුන විදිය ඇත්තමයි මට ඔබට මෙසේ ලියා පැහැදිලි කරන්න නොතේරේ. අංකේ ටයිප් කරලා ප්රතිඵල පෙන්නුවා. මටත් හිතාගන්න බැරිඋනා. කවුරුත් කියන දේවල් මට එ වෙලාවේ ඇහුනේ නෑ.මුකුත් මට දැනුනේත් නෑ.ඒ 3 තිබුනේ.මන් බැලුවේ මේ මගේම ප්රතිඵල ද කියලා. මන් අම්මට කතා කරා. අක්කට කතා කරා.තාත්තට කතා කරා. මන් ප්රතිඵල කාටවත් කිව්වේ නෑ.මන් එයාලටම දුන්නා ඒක බලන්න.ඇත්තමයි මන් ඒ වෙලාවේ ඇඩුවේ නෑ. හැබැයි අම්මල දන්නවා මන් දැන් අඩනවා කියලා.අම්මා බලපු ගමන් කිව්වා. ” ආහ් ශෝක් නේ පුතේ.විභාගේ හොදටම පාස් වෙලානේ විශයන් 9 ටම සම්මානත් තියෙනවා නේ කියලා” මට මුකුත් දැනුනේ නෑ කිව්වාත් හරි. දැන් යාලුවෝ කෝල් ගන්නවා ගන්නවා ඉවරයක් නෑ.හැමෝම අරගෙන කියනවා ඒ 6 , ඒ 7 කියලා මට කොහොමද කියල. ඇත්තමයි මට ඒ වෙලාවේ මගේ ප්රතිඵල එක කොහොම කියන්නද කියලා තේරුනේ නෑ. මන් කිව්වේ ” තාම බැලුවේ නෑ .මට සිග්නල් මදි මන් බලලා කියන්නම් කියලා” අම්මා කියනවා ” ඇයි පුතේ කියන්නේ නැත්තේ ඔයා හොදට පාස් නේ කියලා”
මන් හැමෝටම ප්රතිඵල කියලා පනිවිඩ යැව්වා. හැමෝටම පුදුමයි .
එක්කෙනෙක් කිව්වා බොරු නැතුව ඇත්ත කියපන් කියලා .මන් මුකුත් කිව්වේ නෑ.එයාලටත් විශ්වාස නෑ මට එච්චරටම ප්රතිඵල අඩුද කියලා.ඉතිං ඇත්තමයි යාලුවෝන්ගේ ප්රතිඵල අහලා මට ඊර්ෂ්යාවක් හිතුනේ නෑ. දැනුනේ මං ගැනම දුකක්.
ඉතිං ඇස් දෙක්ත් ලොකු කරගෙන බලන් හිටිය මිසක් මට ඇඩුනේ නෑ.මටත් පුදුමයි මන් අඩන්නේ නැති එක ගැන .හැබැයි අම්මා ඇඩුවා.ඒ ප්රතිඵල මදිව නෙවෙයි .තව ටිකකින් මන් ඇතිවෙනකම් අඩන බව දන්න නිසා.
ඉතිං රෑ මෙච්චර දිගද කියලා එදා තමයි මට දැනුනේ.එක චුට්ටක්වත් නින්ද ගියේ නෑ.කොට්ටේ තෙමෙනකන් එලිවෙනකම් ඇඩුවා.මන් හිතන් හිටියේ ඒ 7 ක් අරගෙන පහුවෙනිද ස්කෝලෙට ගිහින් කියන්න .
ඉතිං පහුවෙනිද මන් ස්කෝලේ ගියේ නෑ.සතියකට විතර පස්සේ ස්කෝලේ ගිහින් ටීචර්ලාට කියල ආවා. ටීචර්ලාත් මුකුත් කිව්වේ නෑ ශා හොදයිනේ කිව්වා.
ඉතිං ඕක තමයි මගේ සාමාන්යපෙළ කතාව.දැන් නම් මට ඒ ගැන ලොකූ දුකක් නෑ.දැන් මට තේරෙනවා මීට වඩා දේවල් ජීවිතේ තියෙනවා කියලා .
හැබැයි අදටත් එදා උදේ මට ඇහුන සිංදුව ” නෙලුම් මල් පිපුනු දෙවැට දිගේ ” ඇහෙනකොට අර එදා දැනිච්ච හැගීම ඒ විදියටම සත්තයි මට අදත් දැනෙනවා. පරන කදුලු අලුත් වෙනවා.
ඉතිං මේක කියවන ඔයාලටත් ඒ වගේ දවසක් තියෙන්නෙ ඇති.ඒ දවස කොහොමද කියලා කියමු………..
උපුටා ගැනීම: Ka Vi Ka