මේ මීට අවුරුදු 20 එහා ඇත්තටම වෙච්චි කතාවක්.උසස්පෙල ඉවර කරලා විශ්ව විද්යාල ජීවිතේ පටන් ගත්තු අලුත..නවක වධය හෙවත් රැග් සීසන් එකේ බාගයක් දුර ගෙවලා තිබුනේ මේ වෙනකොට. තමගේ බැච් එකේ බැචාලගේ,බැචීලගේ නම ,ගම ,කාර්ඩ් එක ගෙදර විස්තර හැමෝම කට පාඩම් කරගන්න ඕන කියන එක ජේෂ්ඨ උත්තමයෝ අණක් විදිහට නිකුත් කරලා තිබුනත් සමීපම කිහිප දෙනෙක්ගේ හැරුනු කොට ගොඩක් දෙනෙක්ගේ නමවත් තවම මතකයෙන් කියාගන්න බෑ..චීත්ත ගවුම් ,ඇදලා කොණ්ඩේ රිබන් පටිවලින් බැදගෙන ඉන්න බැචීලනම් ඔක්කොම එකවගේ මට.නම් පැටලිලා අච්චාරු වෙලා..මාතර සිලිසිලියා,අම්පාරේ නිතර සිනා,බලංගොඩ සිබා ,තෙලිජ්ජවිල පොලොස් කොට්ටොරුවා,අලව්වෙ ඉදලොල්ලි වගේ නම් කට පාඩම් කරන කාලයක් ඕක..ඔහොම යන අතරේ දීර්ඝ සති අන්තෙක ගෙදර ගිහිං ආපහු කැම්පස් යන්න නාවලපිටිය බස් ස්ටෑන්ඩ් එකේ ඉන්නවා…ලග පාත ඉන්න මිනිස්සු අතරෙ කාන්තා පාර්ශ්වයේ කෙනෙක් විටින් විට මම දිහා බලනවා..හිනාවෙන්න හදනවත් වගේ..දැකල පුරුදුය්..ම්ම්ම්..මතකෙට එන්නෙම නෑ..විටින් විටේ බලනවා..මමත්..බලන ගමන් හිතනවා කවුද මේ කියලා.විනාඩි කිහිපයකට පස්සෙ මේ කෙනාම තව බවලතියක් එක්ක මම ගාවට ආව..මුහුණෙත් ටිකක් අපේ වයසට වඩාවයසක පෙනුමක් එක්ක සමහර ගෑනු අයගේ මූණේ තියෙනවා වගේ ලොකු රැවුල් ගහකුත් තිබ්බා..මතකයක්ම නෑ ඒත්.
මෙවුන්දෑ ලගට ඇවිත්
“අපි අදුනන්නෙ නෑ වගේ ඉන්නෙ..ඔහොම තමය් දැන් ලොකු මිනිස්සුනෙ” කිව්වා.
කැම්පස් යන්න පටන් ගත්තු මුල් කාලේ ඔය ලොකු කම ,දැන් හරි ආඩම්බරය් වගේ කතා ඕන තරම් ඇහෙනවනේ..මමත් ඉතිං ඒ හින්දා
“ඇත්තටම මට කවුද කියලා මතකෙට එන්නෙ නෑ..කවුද ඇත්තටම “කියලා බොහොම ආචාරශීලිව ඇහුවා..
“ඇය් අනේ ඔච්චර මතක නැද්ද..මම ගම්පොල පුන්චි නේ”කිව්වම මට මතක් උනේ ඇත්ත නේද දුරින් නෑදෑ වෙන නෑයෝ වගයක් ගම්පොල ඉන්නවා තමය් නේද කියලා.
ඕක මතක් වෙච්ච මම “අනේ සමාවෙන්න පුන්චි..අම්මෙ මට අදුනාගන්න අමාරු උනා .කෝ බාප්පා කියලා ඇහුවා..අහලා වදින්නය් ගියේ බස් ස්ටෑන්ඩ් එකේදිම දෙකට නැමිලා..
හපොය් දෙයියනේ ගම්පොල පුන්චි මගේ කතාව අහලා හුරේ රන්..අනිත් උන්දැත් ඇදගෙන. වෙච්ච දෙයක් තේරුම් ගන්න බැරිව උතුර දකුන මාරු වෙච්ච මට පස්සෙය් තේරුනේ මේ ගම්පොල පුන්චි කියන මගේ බැචි නේද කියලා.
අවුරුදු හතර පුරාම මම දකිනකොට මාරුවෙලා යනවා
සමහර විට මම වදී කියලද දන්නෙ නෑ..
උපුටා ගැනීම: Rasika Sanjeewa