ප්‍රේමය කියන්න අයිති කර ගැනීමට නෙමෙයි. පරිත්‍යාග කිරීමට. මම හිතුවෙ එහෙම. මගෙ ජීවිතයේ ප්‍රේම කතන්දර ගොඩක් නෑ තියෙනවනම් ඒ ප්‍රමානය තනි අතක ඇඟිලි ගානකටත් වඩා අඩුයි. ඒ ප්‍රේමකතා අතරින් මේ මම කියන ප්‍රේමය මට හැබෑවට කිසි දිනක හමු නොවුන දුරකථනයකින් අමතලා මගෙ දුක සැප හොයලා බලපු, නමුත් හදවතේ ගැඹුරටම දැනුන ඒ දැනීම නිසාම මගෙ ජීවිතයෙන් ඈත් වෙන්න ඉඩහැරපු ප්‍රේමයක්.
ජීවිතයේ ඇය විඳින සියළු සැප සම්පත් මම වෙනුවෙන් හැර දමන්න සූදානම් වුන, ජීවිතය කියන්නෙ සැප සම්පත් නෙමෙයි කියන එක ප්රත්යක්ෂ කරපු ප්‍රේමයක්.
මිනිහෙක්ට ජීවත් වෙන්න ආස විදියට හදවතට දැනෙන්න ප්‍රේම කරන්නෙ කොහොමද කියලා මට කියාදුන්න ප්‍රේමයක්.
අනන්තයටත් එහා නොපෙනෙන අනාගතය ගැන හදපතුලෙ සිහින මාළිගා ඉදිකරපු නමුත් ඒ කිසිවක් ඇයට දැනෙන්නට ඉඩ නොහැර හිතේම හංග ගත්ත ප්‍රේමයක්.
ඉතින් ඒ අනන්ත ප්‍රේමය නිසාම ඇයට මගෙන් දුරස් වෙන්න ඉඩ හැරපු ප්‍රේමයක්.
හමුවෙන්න ඉඩ ලැබුන හැම අවස්ථාවක්ම මග හැර. දුර යන්න වෙන් වෙන්න ඉඩ හොයා දීපු ප්‍රේමයක්.
දිගින් දිගටම ඇය ප්‍රේමය ප්‍රකාශ කරද්දි එය නොදැනුනා සේ ඉඳපු අහංකාර ප්‍රේමයක්.
ආදරෙයි කිය කියා පස්සෙන් එනකොටත් ඒ දෙය ගනන් නොගෙන ඉන්න කොට කාටද කලකිරීමක්,දුකක් ඇති නොවෙන්නෙ. අන්න ඒ කලකිරීම, වේදනාව නිසාම කාලෙකට කලින් ඇය නිහඬ වෙනවා . ඔව් අද වගේම එදත් මම ඕනවට වඩා අහංකාරයි තමයි.
බොහොම කාලයක පස්සෙ අද උදෑසන මගෙ දුරකථන තිරය මත ඇගෙන් ලැබුන කෙටි පණිවිඩයක් තියෙනව. ඒක එක්තරා ගීතයක සංස්කරණය කල කොටසක්.
රන් තරු පායන අහස බලාගෙන
ඇයි ඔබ තව හිනැහෙන්නේ
මගෙ හද දිනු ආදරය සොරාගෙන
වෙනකෙකු නොවැ අද ඉන්නේ
සමාවෙයන් සොඳුරේ තවමත් මා
අතමයි වරද තියෙන්නේ……

කෙනෙක් දිගින් දිගටම තමන්ගෙ ප්‍රේමය ප්‍රතික්ෂේප කරන කොට ඒ මත්තෙම රැඳී නොසිට තමන්ට අගයක් දෙන තමන්ට ප්‍රේම කරන හදවතක් සොයා යෑම වරදක් නෙමෙයි.
මම එදාකල ඒ අතහැරීම නිසාම ඇය අද බොහොම තෘප්තිමත් ජීවිතයක් ගත කරනවා. ඒ ගැන මගෙ හිතේ තියෙන්නෙ බොහොම ලොකු සතුටක්. ඇයට ජීවිතයේ හමුවිය යුතු හොඳම කෙනා හමුවෙලා තියෙනවා. ඇය මනමාළියක් වෙලා ලස්සනට හිනාවෙලා ඉන්න පින්තූර දැකපු මොහොතෙ හදවතේ කොණක අකුණක් දෙකක් පිපිරුවත් ඒකෙන් හදවතට දැනුනෙ වේදනාවක් නෙමෙයි සතුටක්.
ඇය අද අපූරු යුග දිවියක් ගතකරනවා. ඇයගෙ ප්‍රේමය නොපිලිගත් සතුට ඒ නිසාවෙන් මගෙ හිතේ තියෙනවා. අද ඇයත් සතුටින් මමත් සතුටින්.
ඇය මගෙ ජීවිතයට සුවිශේෂී වගේම ඇය මට ආමන්ත්‍රණය කරපු නමත් මගෙ ජීවිතයට සුවිශේෂීයි.
“ඔව්”
අයිතිකර ගැනීමට නෙමෙයි ප්‍රේමය කියන්නෙ පරිත්‍යාග කිරීමට.
සමහර විට මේ සංසාරෙ කවදම හරි දාක අපි ප්‍රේම වන්තයො වෙයි එදා වෙනකම් අපි හැමදාම සතුටින් ඉමු.
උපුටා ගැනීම: සමීර මධුසංක.