මේකත් රට කතාවක්. මේ මං ඇමරිකානු භූමියට හෙවත් අංකල් සෑම් ගේ ඉඩමට ගොඩබැහැපු හතරවෙනි දවසේ වෙච්ච අටමඟලය.මං ගිහිපු මිචිගන් විශ්වවිද්යාලයයේ ෆ්ලින්ට් නගරයේ තිබ්බ කැම්පස් එකට ලංකාවෙන් යේස් යේස් පුරා ඒ කිව්වේ හා හා පුරා කියලා ආව පලවෙනි ඩයල් එක මම. ඒක උන් තමා එහෙම කිව්වේ. ඉතිං මං හිතුවා වැදගත් උගත් රූමත් වයස නොපෙනන ජෙන්ටෙක් වගේ ජීවත් වෙලා රටේ නම්බුව තියන්න. එහෙම හිතලා උදේ පාන්දරක ලකලෑස්ති වෙලා දකුණු කකුල පෙරට තියලා රතු ඉන්දියානු අප්පුහාමි කෙනෙක් හදාපු පංඤාංග ලිත බලලා මං එකෙන්ම එලියට බැස්සා. කැම්පස් එකේ පලවෙනි දවසේ දෙන ඉන්ඩක්ශන් එකට සහබාගී වෙන්න.
බැහැපු වෙලාව නම් අන්තිම සුබයි, මට ඉස්සරහයින් උදේට එක් රයිස් කරන්න දුවන ඇමරිකන් නංඟිලා තුන් දෙනෙක් දුවනවා. අර නෙස්ටොමෝල්ට් බීලා බඩ වේලපු සතුරිකා පීරික්ස් වගේද මේ නම්කිලා. පැහ්.මාත් හරි හරියට එයාලා පිටිපස්සෙන් දිව්වා. නිකන් හරි එකෙක් හරි වැටුනනම් අපේ යුතුකමනේ නඟා හිටුවන එක. ශට්ල් එකක එල්ලිලා යුනිවර්සිටි ඩ්රයිව් එකෙන් බැහැලා මම ඔරෙක්ස් ලීසිං හොයාගෙන ඊතලේක වේගෙන් ගිය ලැරී වගේ වේගෙන් යනවා ඉන්ටර්නැසනල් සෙන්ටර් එකට. රටේ නම්බුව ඉහලින්ම ඔසවා තියන්න බලාපොරොත්තුව තමයි මම යන්නෙ. එතන තමා අපේ ඉන්ඩක්ශන් එක තියන තැන.
ඇතුලට ගියා විතරයි මිත්රවරුනි හිරු සඳු එකවර දෙපස නැඟේ ගලිවර් ඇයි කුස්සියට ගියේ කියන්නැහේ බලාපොරොත්තු අම්බ්රෙල්ලා පවුඩර් ඒ කිවේ කුඩේ කුඩූ වෙලා සාම්බාරු වෙලා ගියා. මට දකුණු පැත්තෙන් මහජන චීන සමූහාණ්ඩුව, වම් පැත්තෙන් ඉන්දියාව, එච්චර ට ඉන්දියන් කාරයොයි චීන්නුයි, ඒ විතරක් නෙමෙයි මට ඉස්සරහයින් සෞදි අරාබි නිසොල්ලාසය, පිටි පස්සෙන් නයිජීරියන් ජනරජය, එච්චරට අරාබි ජනතාවයි නයිජීරියන් සුද්දොයි. හැබයි මේකයි නයිජීරියන් සුද්දා සුදු නෑ උන් කට්ට කලුයි. වැල්ලවත්තේ කෝවිලේ වේල් කරත්තේ අදින දාට වගේ නේක නේක පාට ඇඳුමෙන් සැරසුණු ඉන්දියන් ඈයෝ. ඒ මදිවට උන් ඇවිල්ලා හිටියේ හත්මුතු පරම්පරාව එක්ක. ටිකෙන් ටික ටික්කා මසාලා ස්මෙල් එක වැඩිවෙනවා වග මට තේරුණා. ඒ කොහොම වෙතත් ලංකාවේ අපි ඉස්සරහාට චීන්නු එක්ක ජීව්ත් වෙන්න පුරුදු වෙන්න ඕන නිසා මං චීන සෙට් එක ලඟින් නතර උනා. උන් නිකං පඩ බාගෙකට මාව ගණන් ගත්තේ නෑ කියන්නකො හිතවතුනි , හරි ඉතින් ණය කාරයා මුදලාලි ඇඹරෙනවා මිසක් මුදලාලි ණයකාරයා ඉස්සරහා ඇඹරෙන්නේ නෑනේ.
දැන් වැඩේ යනවා , රෙජිස්ටර් කිරීම්, ෆොටෝ ගැහිලි, ෆැකල්ටි වල ලොක්කන් හමුවීම්, මාත් මහේ වැඩේ ඉවර කරන් පොඩ් පොඩි මේස පුරාම දාගෙන වාඩිවෙලා උන්න ස්ටුඩන්ට් ඇක්ටිවි ක්ලබ්ස් වල ඒජන්තයෝ ඉන්න දිහාවට ගෑටුවා. මොකද උන් එක්ක උන්ගේ සමාජෙකට රෙජිස්ටර් උනාම ටීසර්ට් , වවුචර්, කීටැග් වගේ ජිඟිරි පුටන් අයිටම් නොමිලේ ලැබෙනවා. මං ඉස්සෙල්ලම රෙජිස්ටර් උනේ වොලන්ටියර්ස් ක්ලබ් එකට ,ඒ කිව්වේ මේ ස්වේච්ඡා උපකාර කරන සංගමේකට, එතනින් මට පීසා කෑල්ලයි කෝපි එකක් ලැබුණා. ඊලඟට පිහිණුම් සමාජෙට, එතනින් පීනද්දි දාන ඉස්ගෙඩියාගේ ඇස් වගේ ලොකු කණ්නාඩි කුට්ටමක් ලැබුණා.
ඔහොම යද්දි එක කෙලවරක මේසෙක එතන රෙජිස්ටර් වෙන හැමෝටම මහ විසාල පෙට්ටියක් නිකං දෙනවා. අපිත් ඉතිං ආයේ නිකං දෙනවානම් පොරෝ පාරක් හරි , වසූරිය හරි උනත් පැනලා බාර ගන්න නිසා මාත් උඩ දාං එතනට ගියා.
එතන ඩෑල් එකක් හෙන අමුතු බැල්මක් දාලා මට ඇප්ලිකේශන් එකක් දුන්න. පුරවලා අර අතන දොරෙන් ඇතුලට දීලා එන්න කියලා. මාත් ආයේ නෑ කස,කස ගාලා පුරවලා පපුව ඉස්සරහට දාන් සිංහ සෙයියාවෙන් ඒ කාමරේ අස්සට ගියා. හෙන ලස්සන මේකප් දාලා ඉරි කිරි චුකුලු බුකුලු බටිල්ලෙක් වගේ සුද්දියක් මගේ ලඟට ආවා. ඒ ඇවිල්ලා හෙනම හෙන ගොරෝසු කටහඬකින් මාව ඉතාම සුහද ලෙස කාරුණිකව පිලිගත්තා.
මං අන්න ඒ වෙලාවේ තමා හිතවතුනි ඒ ඇප්ලිකේශන් එකේ සහ ඒ කාමරේ දොරේ ගහලා තිබ්බ නම බැලුවේ.
“LGBT Support Center ” (Lesbian Gay Bisexual Transgender support Center )
මල උ ක් ත යි පාන් පෙත්තයි කිව්වලු. මං නිකං හම්බෙන ඒවට තණ්හාවේ ගිහිල්ලා ෆස්ට් එකේම රෙජිස්ටර් වෙන්න යන්නේ සමලිංගික සහ සන්ක්රාන්ති ලිංගිකයන්ගේ උපකාර සංගමේකට.
මං ඒ සුද්දිට බොහොම බැගෑපත්ව මට මේක උන අත්වැරදීමක් බවත්, මම නිකරුණේ එයාලගේ සංගමයේ ලියාපදිංචිය තේරුමක් නැති බවත් කියලා ආපහු යන්න හැරුණා.
ඒ ගෑනි මේසේ අනික් පැත්තෙන් මං ලඟට ආවා. මට වාඩි වෙන්න කියලා අයිනක තිබ්බ් සෝෆාවක් පෙන්නුවා. මගේ කටේ කෙළ හිඳුනා, පස්ස පැත්තේ දැවිල්ලා හට ගත්තා. එවුන්දා ඊලඟට මෙහෙම කිව්වා
“කලබල වෙන්න එපා, අපි දන්නවා, අපිට තේරෙනවා ඔයාලගේ ආසියානු සමාජයේ අපිට ඔයාට සමාජයේ තැනක් නොමැති බව… එත් දැන්,ඔයා ඉන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ අතිශය නිදහස් සමාජයක
එන්න අපි නිදහසේ ජීවිතය විඳිමු, අපි ඕනම දේකට ඉන්නව ඔයා “
මං සුටුස් හාලා එතනින් මරු වෙලා, අතේ තිබ්බ එයාලගේ ඇප්ලිකේශන් එක උන්ඩි කරලා කටේ දාගත්තා. .
තව පොඩ්ඩෙන් ….. බැක්සයිඩ් ඕකේ වෙන්නේ මට.
එඤ්ඤං .