සැඟව ගිය යුවතිය (1 කොටස)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
වේලාව රාත්රි රෑ දොලහ කනිසම වැදුනි..අයිශා ඇහැරුනේ…බිය කරු සිහිනයක් දැකිමෙනි ..හතර වටේ තිබුනි සීතල පරිසරය මැද ඇයට දාඩිය දමා තිබුනි….ඇය ලයිට් එක දමා වතුර වීදුරුවක් පානය කරාය….එවිටය ඇය දුටුවේ යාරා ගේ ඇද තාමත් හිස් බව ඒ කියන්නේ යාරා තාම ආවෙ නැද්ද ඊයේ රෑ යාර ඔහුගෙ පෙම්වතා එක්ක නේද කෑමට යනව කිව්වෙ…
අයිශා සහ යාරා එකම බෝඩිමෙ සිට වැඩට යන හොදම මිතුරියන් දෙදෙනෙකි අයිශා ප්රේමයක නොපැටලුනත් යාරාට පෙම් කතාවක් තිබුනු ඒත් එය ඒක පාර්ශික ආදරයකි….ශෙවෝන් නමැති කඩවසම් තරුනයට යාරා බොහෝ සේ ආදරෙන් සිටියාය…දවස් ගානාක් යාරා ශෙවෝන් පස්සෙම ගියත් වැඩක් උනේ නැත…එහෙත් පසුදා රාත්රි යේ ශෙවෝන් යාරාට රාත්රි ආහාර යටකට ආරාධනා කර තිබුනු හෙයිම් යාරා සිටියේ ප්රීතියෙන් ඉපිලෙමිනි..
එක්වරම බෝඩින් දොර ඇරගෙන පැමිනියේ යාරාය.ඇයගේ මුහුනේ කිසිදු හිනාවක් නැත.කිසිම හැගීමක්ද නැත…
යාරා ඇයි පරක්කු උනෙ….තනියමද උබ ආවෙ…ඇයි මේ ඇදුම තෙමිලා….අයිශා විසින් යාරාට ප්රශ්න කිහිපයක් නැගුවත් යාරා කරේ ඉකිගස හැඩීම පමනි….ඉන් පසු ඇය තෙත් ඇදුම පිටින්මයහනෙ දිගා වී නිදන්නට සැරසුනාය.
මොන පිස්සියක් ද මේ ඇදුම් වත් මාරු නොකර නිදාගන්න හැටි විතරක් තෙත ඇදුම් පිටින්….යාරාගෙ ගැස්සෙනෙ පිට පෙන්නුම් කරේ ඇය හඩන බවය…ඇයි මේකි අඩන්නෙ…කමක් නෑ හෙට උදේම අහගන්නවා…විස්තරෙ දැන් නිදාගනිපු දෙන්
අයිශා ද යහන වෙත ගොස් නිදන්න විය….එහෙත් එම රැය පුරාවට අය්ශාට නින්දක් නොවීය…යාරාගේ හැඩුම් හඩින් කාමරය පිරී ගොස් ය….විටක යාරා අනේ මාව බේරගන්ම යයි කියා හැඩුවාය..ඒ හැම විටම ආයිශා ලයිට් එක දමා බැලුවත් යාරා උන්නේ තද නින්දක මෙනි….එහෙත් වෙනදාට යහන පුරා දගලමින් නිදන මිතුරිය අද එකම ඇලයකට නිදන අපූරුව අයිශාට කුතුහලයක් ගෙනෙන්න්ට විය.
පසුදා අයිශා පිබිදුනේ ටිකක් දවල් වීය….
අම්බෝ හොදටම දවල් වෙලා අදනම් වැඩට යන්න වෙන්නෙ නෑ…මේ යාරා ඊයේ පුදුම පිස්සුවක් නැටුවනේ…කෝ දැන් මේ කෙල්ල…අයිශා හිතින් බැන බැන යාරාව සෙව්වත් යාරාගේ සෙවනැල්ල ක්වත් කාමරයේ නැත….යාරගේ යහනේ කිසිවකු නිදාගත් පාටක් වත් පෙනෙන්නට නොවීය…සමහර විට උදේ නැගිට වැඩට යන් ඇති….
අයිශා ට වැඩට යාමට සිතක් නොවීය .එම නිසා ඇය හොදින් නා කීයා ගැනීමට නාන කාමරයට ගියත් ඇසුනේ යාරාගෙ ඉකිබිදුම් හඩ පමනි…..
මොන විකාරයක්ද මේ මේකි ඇඩුම් හඩිම් මගෙ කන්දෙකම පිරිලා…නා ගත් ආයිශාට දොරටගසන හඩක් ඇසුනි…
ශෙවෝන් අයියේ….ගුඩ් මෝර්නින්ග්
ගුඩ් මෝර්නින්ග් අයිශා…කෝ යාරා මට එයාගෙන් සමාවගන්න ඕනි..මම ඊයේ යාරාට ඩිනර් අව්ට් යන්න අඩ ගැහුවා….ඒත් මට එන්න උනේ නෑ මගේ වාහනේ අතර මැද කැඩුනා…මටත් හිතාගන්න බෑ කොහොමද ඒක උනේ කියලා මම ගිය සතියෙ තමා මගේ වාහනෙ අලුත් වැඩියා කලේ .ඒත් කනගාටුයි මට…යාරා මම එනකන් සී හොටෙල් එකෙ බලන් ඉන්න් ඇති….කෝ එයා…
ආහ් ඒකද උනෙ ඒක තාමා යාරා ඊයේ රෑ වෙනකම් අඩ අඩා නිදාගතෙ ..යාරාගෙ ඇඩිල්ලෙ තරම කියන්නේ ශෙවෝන් අයියේ තාම මට ඇහෙන්නෙ එයා අඩන සද්දෙයි
අනේ පව් අයිශා මට එයාව හමුවෙන්න පුලුවන් ද මම ඊයෙ ඉදන් එයාට කෝල් ගන්නෙ ෆෝන් එක වැඩ කරන්නෙ නෑ…එයා කොහෙයන් නැද්ද
සාමන්යෙන් තම මිතුරිය තමාට නොකිය කිසි ගමනක් යන් නැත..අනික යාර කීයටවත් මෙචර පිලිවෙලට ඇද ඇතරිලි සකසන්නේද නැත…බාත් රූම් එක පාවිච්ව් කරා කියලා පෙන්නුම් කරන සලකුනකද නැත ..
ශෙවෝන් එසේ කියදීයි අයිශාට යාරාගේ ෆෝන් එකට කෝල් කරානම් හරි කියලා සිතුනේ අයිශා ඉක්මනින් ඇගේ දුරකතනය ගෙන යාරාට කෝල් කරන්න සැදුවාය ඒත් දෙවියනේ මිස් කෝල් අටක් යාරාගේන්..
මේ කෝල් අටම ඊයේ රෑ දහයයි තිහට නේද අරන් තියෙන්නේ..ඇය නැවත යාරට කෝල් කරන්න හැදුවත් යාරාගේ දුරකතනය විසන්දිව තිබුනි…
අයියේ යාරා ගෙ ෆෝන් වැඩ නෑ..ඒ වගේම යාරා දැන් බෝඩ් හව්ස් එකේ නෑ…ඒත් මෙහෙන් එලියට යන්න කලිම් අපි සිකුරටි අන්කල් ගාව තියන පොතේ යන තැන ලියන්න ඕනි…අපිට ඒ පොතෙන් හොයාගන්න පුලුවන් වෙයි යාරා ගියේ කොහෙටද කීයටද කියලා…
ඔව්න් වහා සිකුරටි දියෙල් මහතා හමු උනාය…
සුභ උදෑසනක් අන්කල්..
සුභ උදෑසනක් අය්ශා..ඒත් තව විනාඩි දහයකින් මට සුබ පතන්න වෙන්නෙ සුබ මද්යහනක් කියලා..ඔහු සිනාසී අය්ශාට පැවසුවාය..
අන්කල් ..මගේ යාලුවා යාරා ආද උදේ මට නොකියා කොහෙද ගිහින් දැන් ෆෝන් වැඩකරන් නෑ…එයා අපේ ඩීටෙල් බුක් එකේ ලියල ඇති නේද කොහෙද ගියේ කියලා…අපිට ඒකබලන්න ඕනිද
අනිවාර්යයෙන් අය්ශා ඒ පොතේ කිසිත් සටහන් නොකර මේ ගේටුවෙන් එලියට යන්න බෑනේ.අනික ආයෙ එන වෙලාවට ත් මේකෙ අත්සන් කරන්නම ඕනි ඉන්න අපි බලමූ ඒත් යාරාව මට අද මුනුනොගැසුන බවනම් විශ්වාසයි …දියෙල් මහතා කීවෙය
ඔව්න් එම විස්තර පොත බැලුවාය ….අන්තිමටයාරා ඊයේ හවස හතට සී හොටෙල් එකට යන බව සටහන් කර තිබුනි…නැවත පැමිනි වෙලාවක් වත් අද උදේ යන තැනක් වත් එහි සටහන්ව නැත
දෙවියනේ එය වන්නේ කෙසෙද ඊයෙ මද්යම රාත්රි යේ ඇය කාමරයටාඅවාය…ඒත් ඇය පැමිනි බවටද සාක්ශියක්ද දැන් නොමැත…
යාරාට කුමක් සිදුවීද…..
යාරාගෙ ගම නුවර විය අයිශා වහා යාරාගෙ ගෙදරට දුරකත ඇමතුමක් ගතේ යාරේ ගමේ ගොස් ඇතිබව සැක සිතු නිසාය….
හෙලෝ..ආන්ටි මම ආයිශා
ආ දරුවෝ මම අල්ලගන්ම හිටියෙ ඊයේ ගේ ගාවට ඇවිත් ගෙට ගොඩ උනේ නෑ නේද..
යාරාගේ අම්ම කිව්ව අපබ්රන්ශ කතාව අයිශාට නොතේරුනි
මට තේරුන් නෑ ආන්ටි
ඇයි දරුවෝ ඊයේ යාරා රෑ ආවා…ඔයා එක්ක වාහනෙක කීව්වා ආවෙ හදිස්සියෙම ගියා .ඔයා වාහනේ ඉනවා කිව්වා…ඔය නිදි කියලත් කිව්වා…..මම අපේ එක්කෙනාට කිව්වා මහරෑට ගමන් එපා කියලා මින් පස්සෙ…ගැනු දරුවො නෙ….
යාරාගේ අම්ම කිව්ව කතාවෙම් අයිශා අන්දමන්ද විය මොන විකාර කතාවක්ද මේ ….
හරි ආන්ටි මම තියන්නම්…
අයිශාට දුරකතනය තියන්න සිහියක් පතක් නොතිබබුනාය…එහෙමම යහනේ දිගා වූ අයිශා…යාරාගෙ අම්ම කිව්ව දේවල් වල අගක් මුලක් සෙව්වාවය..යාරා ඊයේ රෑ උන්නේ මේ කාමරයෙනෙ..නුවර යන්න කොහෙද යාරාට වෙලාවක්……හිත බොහෝ සේ කලබල විය…
ඇයට එහෙමම බොහො වෙලාවක් නින්ද ගියේය..නැවත ඇය ඇහැරෙන විට මහ රෑ විය..එහෙත් තවම යාරා පැමින නැත…
ප්ලාස්ක් එකෙන් වතුර උනුකර උනු කෝපි කෝප්පයක් සාදා ඇය තොල ගෑවේය…මේ කෙල්ලට මොකද උනෙ අයිශා යාරා ගැනම සිතමින් උන්නෙය
බෝඩින් කාමරයේ දොර විවුර්ත විය.එයින් පැමිනියේ කිසිවකු නොව යාරාමය
අයිශා උන් තැනිම් නැගිට ගතේය…යාර ඊයෙ ඇදි කහ පැහැ දිග ගව්මෙන්ම සිටියේය…ඇය අදත් හොදටම තෙත් වී සිටියේය…
කොහෙද බම් උබ යන්නේ .යන මගුලක කියල පලයන්කො ශෙවෝම් අයියත් උබව හොයම් ආවා…………..තාම ඊයෙ ඇදපු ඇදුම් පිටින් නේද
අය්ශා ප්රශ්න වැලක් ඇසුවේ ය
යාරාගෙන් කිසි ප්රතිචාරයක් නොමැත…බලාගත් වනම ඇය බලා සිටියාය…

සැඟව ගිය යුවතිය (1 කොටස)

සැඟව ගිය යුවතිය (2 කොටස)

සැඟව ගිය යුවතිය (3 කොටස)

සැඟව ගිය යුවතිය (4 කොටස)

සැඟව ගිය යුවතිය (5 කොටස)

සැඟව ගිය යුවතිය (6 කොටස)

සැඟව ගිය යුවතිය (7 කොටස)

සැඟව ගිය යුවතිය (8 කොටස)

සැඟව ගිය යුවතිය (9 අවසාන කොටස)

 

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!