.නිමාශා කීයටද එන්නෙ …
අනේ ඒකනම් දන් නෑ දරුවෝ….
කාගෙද ආන්ටි අර වෑන් එක…ආකාශ් ඇහුවෙ තමාගෙ උකුසු දෙනතින් වෑන් රතය හොදින් බලමිනි….
ඔය නවීන්ගේ …ඔය වෑන් එක දාල ප්‍රඩක්ශන් එජෙ වෑන් එකෙන් එයල ගියේ..
ආන්ටි මට වතුර එකක් ශේවෝන් ඒ මනුස්සයගෙන් වතුර එකක් ඉල්ලපු අතරෙ…වතුර ඒක ගෙන පමාවට ඔව්න් වෑන් රතය සෝදිසි කරන්න විය…
වෑන් එක ලොග් කරල නෑ අයිශා අපි බලමු මේක ඇතුල ඉක්මනට
මම කියන්නම් මම වෑන් එක ඇතුලට යන්නම් …ඔයාලා නිමාශා ගෙ අම්මව කතාවට අල්ලගන්න..අයිශා නිර්බීතව කීවේය…
කොහොමද ආන්ටි යාරාට වෙච්චි දේ ආරන්චිද…
අනේ ඔව් අපෙ දුවගෙ පොඩි කාලෙ ඉදන් හොදම යාලුව නිමාශා ඔය රගපාන්න ගියෙත් යාරාගේ ඇදුනුම් කමට නොව….නිතරම දුරකතනයෙන් කතා කලා ඒ දවස්වල…..
අකාශ් සහ ශෙවෝන් වෙනසක් නොපෙන්වා නිමාශා ගෙ අම්ම සමග හනි හනිකට කතා කරන්න විය.
අයිශා ඒ අතර තුර වෑන් රිය හොදින් පරීක්ශා කරන්න විය…දෙයියනේ මේ යාරාගෙ කබඩ් එකේ යතුර නේද වැටිල තියෙන්නෙ මේ ඒ කී ටැග් එකමයි….දෙයියනේ ඒ කියන්නෙ එදා රැ යාරා ගිහින් තියෙන්නෙ මේ වෑන් එකෙන්…මේක නවීන් ගෙ වෑන් එක නවීන් කියන්නෙ යාරා අන්තිමට රගපාපු විශුවල් එකේ සිගර් ….
අයිශා ට තව හෝඩුවාවක් නොලැබුනත් මේ වෑන් රියෙන් එන පර්ෆියුම් සුවද හුරුවිය..මේක රට සුවදක් …..නවීන් නිතරම රට යනවනේ ….එයාට කොහෙන් හරි හම්බෙන ඇති…ඒත් මට ඒ සුවද පුරුදුයි ….
ඈතින් එන වාහනය දැක අයිශා ඉක්මනිම් වාහනයෙන් බිමට බැසේය..
අන්න දුව ලා එනවා…..නිමාශා ගෙ අම්ම කියන්න විය..
ආපු වෑන් රියෙන් නිමාශා සහ නවීන් පැමිනියාය..
හෙලො…ඔයා නේද අයිශා …යාරා මට ඔයා ගැන කියල තියනවා…නවීන් වෙනසක් නොපෙන්වා අයිශා සමග කතා කරත්.නිමාශා ගෙ මුහුනින් සුදු මැලිවී ගිය පෙනුමක් පෙන්නුවෙය..
ආ ඔව් මම අයිශා …යාරාත් මට ඔයා ගැන කියලා තියනවා… ඒ වගේම ඔයා ගැනත් ඔයා නේද නිමාශා ….මාශා කියන්නෙ ඔයාටනෙ…
අයිශා විනිවිද බැල්මක් නිමාශා වෙත යොමු කලේය..
අයිශා ගෙ බැල්ම හමුවේ නිමාශා සසල වී ගියේය..















මේ බලන්න ආකාශ් මට ඒ වෑන් එකෙ තිබිල හම්බුනේ මේක…මේක යාරාගෙ කබඩ් ඒකෙ යතුර
ඔයා හොද හෝඩුවාවක් හොයා ගත්ත අයිශා ඔයා නම් හරිම නිර්භීතයි ආකාශ් ඇයව පැසසුමට ලක් කලේය.
දැන් අපිට තියෙන්නෙ නවීන්ගෙන් ප්‍රශ්න කරන එක..මේ සේරමමම ගෝපාල් සර්ටත් කියලා නවීන්ගෙන් ප්‍රශ්න කරන්න පටන් ගන්නම් අයිශා ඔයා දැන් බෝඩිම්ට ගිහින් පරිස්සමට නිදාගන්න…එහෙනම් ඔයාලට සුභ රැයක් ආකාශ් එසේ කියා ශෙවෝන් සහ අයිශා ගෙන් සමු ගතේය.
අයිශා අපි ඩිනර් අරන් යමුද….ශෙවෝන් යෝජනා කලේය…මට ඔයාට දෙයක් කියන්න තියනව…
මම දන්න ලස්සන හොටෙක් එකක තියනවා එලි මහනේ කැන්ඩ්ල් නයිට් කියලා අපි එහෙට යමු…..
කැන්ඩ්ල් නයිට් හොටෙල් එක සම්පූර්ණ එලි වෙලා තිබුනේ ඉටි පන්දම්වලිනි තැනිම් තැන පොල් අතුලු සෙවිලි කල පොඩි හට් සෑම තැනම ගසා තිබුනි….ඒ අසලින් ගලා ගිය ගන්ගාවෙ ගීතවත් හඩ ඒ ගන්ගාවට ඉහල අහසෙ සැම පැයකට දෙවරක් ලස්සන මල් වෙඩි සන්දර්ශනයක්ද පැවතුනි .ඒ හොටෙල් එකට අමුතුම මිහිරක් ගෙනාවේය…ලස්සන බටහිර සන්ගීත රාවය ආදරනීය හදවත් අමුතුම ලෝකයට ගෙන ගියෙය.
හරිම ලස්සනයි ශෙවෝන් මෙතන…වා…ව් කියල වැඩක් නෑ ….අයිශා පැවසුවේ…අලන්කාර වට පිටාව දෙස බලමින්ය..
ඔව්න් නිස්කලන්ක පොල් අතු හට් එකක අසුන්ගථ ඉටි පන්දම් ආලෝකයෙන් පෙනෙන අයිශා ගෙ මුහුන දෙස ශෙවෝන් බැලුවේ ආදරේනී.
අයිශා මට ඔයාට දෙයක් කියන්න තියනව අපි කාල ඉමුකෝ මුලින්න්….
ම්ම්ම්ම් කෑම ටිකනම් පට්ට රහයි අප්පා…ශෙවෝන් දන්න්වද මට නම් ලෝකෙ පෙරෙලුනත් හොදට කන්න ඕනි…ම්ම්ම් මේ සුප් එකත් මරු ආ මම ආසම විදිහට මේ පුඩින් එකත් හදලා තියනව..මෙහෙ චොකලට් අයිස් ක්‍රීම් එහෙම නැද්ද දන් නෑ නේද…
අයිශා ගේ කෑම කෑමේ විලාසය දෙස…ශෙවොන් තුශ්නිම්භූත වී බලා සිටියේය…
බය වෙන් එපා ශෙවෝන් ….හරි දැන් කියනකො කියන්න තියෙන දේ….
මේකයි අයිශා …මම මේක ගොඩක් කල් ඉදන් කියන්න ඉන්නෙ ඔයාට…අයිශා මම ඔයාට ආදරෙ කරනව……ඔයාටයි මම ආදරෙ කරේ යාරා ඒක වැරදියට තේරුම් ගත්තට මටකරන්න දෙයක් නෑ..ඒක එයාට පැහැදිලි කරලා ඒයගෙත් උදව්වෙන් ඔයාට ලන්වෙන්නයි ඕන උනේ….
එක පාරට ආපු හුලගින් අයිශලගෙ ටේබල් එකෙ තිබුමු කැන්ඩ්ල් නිවී ගියේය…
ශෙවෝන් මට ආදරෙයිලු…කලිම් කාපු සේරම එක පාරම දිරෙව්ව වාගෙ හැගීමක් අයිශා ට දැනුනි…තමාගෙ යටිසිතත් මොහුට ආදරේ කරන වග ඇය් දැන සිටියේය….ඒත් තමා ඉක්මන් නොවිය යුතුය.
මම ඔයාට කල්පනා කරල බලල කියන්නම් ශෙවෝන් යාරා ගෙ ප්‍රශ්න විසදෙනකන් මට කිසි දෙයක් තීරනය කරන්න බෑ…මේ චොකලට් අයිස් ක්‍රීම්…..
අනේ මන්දා අයිශා යාරාගෙ ප්‍රශ්නෙ ඔලුවෙ තියන් තිරන ගන්න නම් බෑ කන්නනම් පුලුවන් ශෙවෝන් සිතුවත් කියන්ම ගියේ නෑ…














අයිශා ගෙ බඩත් හොදින් පිරුන හෙයින් ඇය නින්දට සැරසුනි …ඒත් නොසිතූ වෙලාවක යාරා…තෙත බේරෙන කහ ඇදුමෙන් සැරසී අයිශා ගේ කාමරය වෙත ආවේය…නිහඩවම යාරා පාවිච්ව් කර යහන මතිම් ඈ ඉදගත්තේය
අයිශා ඔයා හැන්ගෙන්න අයිශා..බය වෙන්න එපා….යාරාට කියන්න හැකි උනේ එපමකි
අයිශා හොදටම බිය විය…ඈ කෑ ගැසීය….අවසන ඈට සිහිය නැතිවිය .
මද්යම රාත්‍රි යේ අයිශා නැවත පියවි සිහිය ලැබීය…ඈ ට තවත් මේ කාමරයේ ඉදිමට බිය සිතුනි…
හෙලෝ ශ්වෝන් …අනේ රෑ කරදර කරාට සමාවෙන්න මට තවත් මේ කාමරයේ ඉන්න බෑ.මම දැන් බෝඩිම් හවුස් එකෙන් එලියටඑනවා..මාව ගන්න එන්න ..
කලබලෙන් ශෙවෝන්ට පනිවිඩය දුන් අයිශා වහා ලෑස්තිවිය…තමාට අවශ්‍ය අඩුම කුඩුම බෑගයකට දමා ගත්තේය.
අයිශා කොහෙවත් මේ රෑ යන්න එපා අයිශා…යන්න එපා අයිශා ….ශෙවොන් ඔයා ගන්න අයිශා ….මේ රෑ යන්න එපා..
ඔයා හැන්ගෙන්න අයිශා….
යාරා කාමරයේ හැම තැනම පෙනි සිටියේය..විටක යාරා ඇඩුවේය.බැගෑපත් විය..එහෙත් තෙත බේරෙන විරූපි මුහුනෙන් ඉන්ම යාරා කියන දෙයක් ඇසීමට අයිශා ලෑස්ති උනෙ නැත..
එකවරම කාමරයට කඩා වැටුනේ මුහුන ආවරණ කරගත් පිරිසකි…ඔව්න් අයිශා ගෙ මුව තද කිරීමට තැත් කලේය එහෙත් අයිශා දැන සිටි සටන් ක්‍රම බාවිතයට ගෙන ඔව්න් සමග සටන් කලේය.ඔවුන්ගේ කරේ පැලද සිටි කහ පැහෑ යන්තරය අයිශාගෙ නෙත ගැටුනි
එම සහචරයින් කාමරය පැමිනි විගසම යාරා අතුරුදහන් විය…ඒත් ඇගේ කටහඩ අයිශාට ඇසුනි
අයිශා …දුවන්න එපා..මට උන්ගෙන් ඔයාව බේරගන්න බැරිවෙයි හැන්ගෙන්න අයිශා පාරට යන්න එපා යාරාගෙ හඩ දසත පැතිරුනත්
අයිශා පන එපා කියා කකුල් දෙකට පින් දී ඔහේ දිව යන්න විය…..
ටික දුරක් දිව යනවිට නවත්තපු වෑන් රියෙන් බැහැපු සහචරයන් කීප දෙනක් අයිශා ගෙ නාසටර ලේන්සුවක් තබා සිහි නැති කොට ඇයව රැගෙන පලා ගියේය..
ශෙවෝන් ගේ රිය බෝඩිම අසලින් නැවත් විය…කෝ මේ සිකුරටි දියෙල් අන්කල්….ආ අර වැටිලා ඉන්නේ එයා නේද….මොකක් අන්ක්ලට සිහිය නැද්ද කොහෙද…ඔහු දියෙල් අන්කල්ව නැගිටවා වතුර බෝතලයෙන් වතුර ඉස්සාය…
කො කොහෙද මම ඉන්නෙ…
දියෙල් අන්කල් කොහොමද දැන් ඔයාට…
මේ ශෙවෝන් ලමයනේ ..මොකද මේ රෑ…හරි වැඩේ මට උනේ මගේ ලේන්සුවෙන් මූන පිහිදැම්ම විතරයි මතක මට …කැරකිල්ලට වගේ ආව..
අන්කල් ට ශුවෙර්ද අන්කල්ගේ ලේන්සුවම කියාලා..
හැබෑනෙ ළමයෝ මේ මගේ ලේන්සුව නෙවෙනෙ මගේ මේස උඩනෙ තිබ්බේ…ඒත් මගේ එක වගේමනේ
හරි අපි ඒව පස්සෙ බලමු අයිශා මට කෝල් කරා මම ආවෙ එයා බලන්න..මටයන්න පුලුවන්ද…
ඉන්න ශෙවෝන් මාත් එන්නම්
ඔව්න් අයිශා ගේ කාමරය පෙලරා බැලුවේය ඒත් කව්රුත් එහි නැත අයිශා පැක් කරන් උන් බෑග් එක එහි වැටී තිබුනි…..
අනෙ මගෙ අයිශා ශෙවෝන් ඔලුව බදාගෙන බිම ඉදගතේය දියෙල් අන්කල් වහා පොලිසිය ට දැනුම් දුන්නේය..















පසුදා උදේ වෙනක් ඔවුන්ට අයිශා ගැන ආරන්චියක් ලැබුනේ නැත…එහෙත් යාරාගෙ මරන පරීක්ශන වාර්තාව ආකාශ් ට ලැබුනි…ඔහු එහි තිබූ විස්තර ශෙවෝන් සමග බෙදාගත්තේය..
යාරාට අතවරයක් උනා කියලා පිටතින් ලක්ශන තිබුනත් ඇය මිය යන තෙක්ම කන්‍යාවක්. ඒත් ඇගේ ශරීරය හපා කෑම් සීරීම් වලට ලක් වෙලා තියෙනවා විශේෂයෙන් දෙතොල් පියයුරු ගෙල සහ ඇගේ ගැහැනු ඇගෙ භාහිර පෙදෙස.ඒත් ඇතුලතින් ඈගේ කන්යාබාවට කිසිම හානියක් වෙලා නෑ…
ආකාශ් ඒක මහ පුදුම දෙයක්නේ…කන්‍යා බාවය ඉතිරි කරලා ඒවගෙ අතවරයක් කරයි කියලා හිතන්න පුලුවන්ද….
ඔව් හිතන්න බෑ තමා ඒත් මට තව එක වටින සාක්ශයක් හම්බුනා…ඒත් මගෙ මිත්‍රයා…ඒක මට ඔයාට කියන්නත් බෑ.ඒත් කියන්න එක දෙයක් තියනවා
මම ඊයෙ හවසම නවීන් ව ඇරෙස්ට් කරා..එයාගෙන් එක එක විදියට ප්‍රශ්න කරත් කිසිම හෝඩුවාවක් දැනගන්න උන් නෑ..
නවීන් කියන එකම කරුන නම්..ඔහුගේ වෑන් රිය නිතරම ඔහුගේ යහලු මිත්රයින් රැගෙන යන බවයි..ඒත් ඔය කියන දවසේ වෑන් එක කව්රු අරගෙන ගියාද කියා ඔහුට මතකයක් නොතිබුනේ…කලා ලොවේ රෙශිකා ගේ උපන්දින සාදය එදාට යෙදී තිබු නිසා ඔහු හොදට මත් වතුරෙන් පදම් ව සිටි නිසා කියලයි
ඒත් අපිට විශ්වාසයි යාරාව එදා අරන් ගිහිම් තියේනෙ නවීන්ගෙ වෑන් එකෙන් කියන එක..ඒත් මිනිහා යාරගෙ ඔය ප්‍රශ්නෙට සම්බන්ධ යක් නෑ. කියලා මට හිතෙනවා
අකාශ් වැඩිදුරටත් ශෙවෝන් හමුවෙ කියා සිටියේය