අද අපි කතා කරන්න යන්නේ වර්තමාන වර්තමානය වෙනකොට ඉහළම ඉල්ලුමක් පවතින ක්ෂේත්‍රයක් සහ ඒ සඳහා නිපුණත්වයෙන් යුක්ත සිසුන් පිරිසක් බිහිකිරීමට සමත් වී තිබෙන පේරාදෙණිය විශ්ව විද්‍යාලයේන් ඔබට හැදෑරිය හැකි සංඛ්‍යාලේඛන සහ මෙහෙයුම් පර්යේෂණ පාඨමාලාව පිළිබඳවයි.
සංඛ්‍යාලේඛන සහ මෙහෙයුම් පර්යේෂණ (SOR) පිළිබඳව හැදින්වීම.
මෙහෙයුම් පර්යේෂණ සහ සංඛ්‍යාලේඛනය යනු, ඉතාමත් හොඳ සහ සංකීර්ණ තීරණ ගැනීමේ ගැටළු සඳහා ප්‍රශස්ත විසඳුම් ලබා ගැනීමට විශ්ලේෂණාත්මක ලෙස උත්සාහ කිරීමේ ‘ක්‍රම’ පිළිබඳව පර්යේෂණ කරමින් සැලකිලිමත් වන විෂයක් වෙයි. විශේෂයෙන්ම මෙම විෂය පථය නිර්මාණය කර ඇත්තේ කර්මාන්ත තුල, ව්‍යාපාරයන් තුළ ,ආයතන තුළ දියුණුව සහ සාර්ථකත්වය පිනිස විශ්ලේෂණය සහ සංඛ්‍යානය යොදා ගැනීම සඳහායි.
මෙම පාඨමාලාව හැදෑරීමෙන් පසුව ශිෂ්‍යයකු හට,
- ප්‍රමාණාත්මක ලෙස තීරණ ගැනීම සඳහා අවශ්‍ය කරන ක්‍රම සහ මෙවලම් පිළිබඳව මනා දැනුමක් ලැබීම.
- ව්‍යාපාර ගැටලු විසඳීම සඳහා ඊට අදාළ විශ්ලේෂණයන්ට සහ තීරණ ගැනීමට අවශ්‍ය කරන සංඛ්‍යාන පර්යේෂණ ක්‍රම පිළිබඳව ඉහළ අවබෝධයක් ලැබීම.
- ක්ෂේත්‍ර තුළ අධ්‍යනයන් සිදු කිරීමට, දැඩි විශ්ලේෂණයක් සහිතව ඉහළ නිරවද්‍යතාවයෙන් යුත් ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාව ඔවුන් සතු වෙයි.

මෙම විෂය තුළ ඉහළ දැනුමක් සහ පරිපූර්ණ කුසලතාවයක් ලබා ගැනීමෙන් පසුව ‘සංඛ්‍යාලේඛනඥයෙකු’ ලෙස වෘත්තීය හැදෑරීමේ හැකියාවක් ඇත.ඒ වගේම සංඛ්‍යාලේඛනඥයකු ලෙස පහත සඳහන් රැකියා අවස්ථා ලබා ගැනීමේ හැකියාවක් ඇත.
- කළමණාකරණ විද්‍යා වෘත්තිකයින්.
- ව්‍යාපාර විශ්ලේෂකයින් හෝ අලෙවිකරණ විශ්ලේෂකයින්.
- මූල්‍ය විශ්ලේෂණය.
- මානව සම්පත් සැපයුම් දාමය සහ මෙහෙයුම් ක්‍රියාකාරකම් ආශ්‍රිත ව.
- ඒ වගේම තොරතුරු තාක්ෂණ සහ උපදේශන අංශ වල රැකියා අවස්ථා ලබා ගත හැක.
ඒ වගේම මෙම පාඨමාලාව ප්‍රධාන වශයෙන් පහත සඳහන් විෂයන් ඔස්සේ හැදෑරීම සිදු කළ යුතු වෙයි.

- දත්ත විද්‍යාව
- deterministic and stochastic optimization
- අනුකරණය
- ආකෘතී,පෝලිම් සහ ජාල ක්‍රම
- සංඛ්‍යාන ආකෘතිකරණය සහ අලෙවිකරණය
- මූල්‍යකරණය
- නිෂ්පාදනය
- සැපයුම් දාම කළමනාකරණය
පේරාදෙණිය විශ්වවිද්‍යාලය මගින් පවත්වනු ලබන මෙම පාඨමාලාව bsc. honours study programme in statistics and operations research නමින් හදුන්වනු ලබන අතර එය සංඛ්‍යා ලේඛන සහ පරිගණක විද්යා දෙපාර්තමේන්තුව විද්යා දෙපාර්තමේන්තුව සහ ගණිත දෙපාර්තමේන්තුව විසින් එකට එක්ව සිදු කරගෙන යනු ලබන පාඨමාලාවකි.