ප්රදේශය – ගම්පහ
ස්ථානය – ගම්පහ මාකට් එක
දිනය – 2021/01/07
වේලාව – 8.35
සිදුවීම
සුපුරුදු විදිහටම මන් ඔෆිස් යන්න ගම්පහ බස් ස්ටෑන්ඩ් එකෙන් බැහැලා හයියෙන් හයියෙන් එද්දි ගැලවුනානේ සපපත්තුව.
හොද වෙලාවට එතනම අන්කල් කෙනෙක් සපත්තු මහන හිටිය නිසා මන් ගිහින් සපත්තුව දෙන්න කලින් මතක් වුනා අතේ තියෙන්නෙ 1000 කොල කියලා.
උදේ පාන්දර මස්ත බාල්දු කරන්න හොද නැති නිසා දෙන්න කලින් ඇහුවා
“අන්කල් 1000 ක් මාරු තියනවාද කියලා”
“මොක්ක්ද වෙලා තියෙන්නේ? කෝ දෙන්න සපත්තුව බලන්න සල්ලි එද්දි දෙන්න”කියලා
මේ අන්කල් සපත්තුව මැහුවා.
මන් මහල ඉවර වුනාම ඇහුවා
“අන්කල් කීයද කියල”
30 ක් විතර තියනවනම් දෙන්න.නැත්තම් නැතත් කමක් නෑ.
ඔයා යන්න වැඩඩටනේ යන්නෙ පරක්කු වෙයි.
මන් මොකුත් කතා නොකර සපත්තුව දාගෙන එතනින් අවා.
එහා පැත්තෙ කඩෙන් සල්ලි මාරු කරලා
එයා ගාවට ඇවිත් 50/ක් දුන්නා.
ආ තියනවද?
කියලා සිනා මුසු මුවින් එයා සල්ලි ගත්තා.
ඒ අන්කල් අපි එක්ක බලද්දි කොච්චර පෝසත් ද කියලා මට හිතුනා.
නැති මනුස්සායට නැත්තටම නෑ තියන මනුස්සා ට එපා නොකියන්න තියන මේ සල්ලි කොල එක්ක මනුස්සකමින් එයා ගොඩක් පෝසත්.කාගෙ හරි තාත්තෙක්.
මන් අනුකම්පා කරන්නෙ නෑ ඔහුට ආඩම්බයි ඔහු ගැන.
උපුටා ගැනීම: Sahansa Madushani Edman