ඔන්න අද මං පටන් ගන්න යන කතාව මට සිද්ධ වෙච්ච එකක් නෙවෙයි. මගේ යාළුවෙක් තමා කතාව කිව්වේ කොහොමහරි ඉතින් කතාව මේකයි වුණේ. යාළුවා නුවර පැත්තෙ ඉස්කෝලෙක ඉගෙන ගන්න කාලේ 10 පංතියෙදි grade 1 පන්ති තුනකට බෙදු වලු .හොඳ ළමයි ටිකක් හොඳ ළමයි, ගන්ඩ දෙයක් නැති ළමයි කියලා. කොහොම හරි කොහොමහරි මා හිත මිත්‍ර යටකී මිතුරු රත්න හෝ ඕං ඔය හොද බබාලගෙ පන්තියේ ඉගෙන ගන්න කාලේ පන්තියට ආවලු සිංහල සර් කෙනෙක්. එයා පුරුදු කරගත් මොංගල් චාරිත්‍රයක් තිබ්බලු. හැමදාම පන්තියට ඇවිත් අහනවලු කලින් දවසේ කරපු පාඩම මොකක්ද කියල. සර්ට කවදාවත් කලින් දවසේ කරපු පාඩම මතක නැල්ලු. පන්තියේ ළමයි කියන්නේ මොන පාඩම ද එතනින් ලූ හැමදාම පටන් ගන්නෙ උගන්නන්න. ඉන්ටර්වල් එකෙන් පස්සෙ සිංහල පීරියඩ් එක තිබ්බොත් සර් ක්ලාස් එකට සම්ප්‍රාප්ත වෙන්නේ period එකෙන් බාගයක් ඉවර වුනාට පස්සේ ලු. මේ කතාව කියපු තුමා නං කිව්වේ සර්ට ගොඩක් කන්න තියෙනවා ඇති. ගොඩක් වෙලා යනවා ඇති. ලොකු බඩ ගෙඩිය කුත් තියෙනවා කියලා……….
ඔන්න ඉතින් නිල් අහස් තලේ අගේ නෑ වළාකුළු වෙලා ඊට පස්සේ මල් පිපෙයි දෙනෙත් ඇරෙයි කුරුලු කුරුලු ගී ඇසෙයිවෙලා මේ ගසේ බොහෝ පැණි දොඩම් තිබේ කියලා අලුත් දවසකට ඉර මාමා වැඩට ආවා ලු . කොහොමින් කොහොම හරි වෙලාව ගෙවිලා ගිහින් interval එක ආවලු. ඉන්ටවල් එකට පස්සේ තිබ්බේ සිංහල ලූ. sinhala සර් සුපුරුදු විදිහට එයාගේ ලොකු බංඩියට කෑම දාලා පීරියඩ් එකේ අන්තිම විනාඩියෙ එන නිසා මේ පන්තියේ මිනිස්සු ටික දොරත් වහලා දොරට දොරටුපාල උන්නාන්සෙ කෙනෙකුත් යොදවලා කෑ ගගහා ගගහා හිටියලු සෙල්ලම් කර කර . අතුරු මිතුරු කර කර ආයෙ ඔය කිරි කිරි බෝලේ………………… ආච්චි ආච්චි පොල් කඩන්නද………. වගේ ඔය එයාල කරන සෙල්ලම් තියෙන්නේ…………. ඒවා කර කර හිටිය ලු.
කොහොම කොහොමහරි ඒ රන්මය පීරියඩ් එකේ අන්තිම විනාඩියේදී ඈතින් සර් තුමා වඩිනවා දැකපු දොරටුපාල උන්නාන්සෙ කට්ටියට news1 දුන්නලු. කොහොම කොහොමහරි හැමෝම ඉඳගෙන සර් එද්දී පොත් පෙරලගෙන එහෙම හිටියලු . කොහොම හරි කොහොමහරි සර් එද්දි ඒ වෙලාවෙම වගේ එහා පන්තියට ගිහින් හිටපු ළමයි පැටව් දෙන්නෙක් දුවගෙන ආවලු. ඉස්සරහින් ආපු මනුස්සයා ඔන්න මචං සපු මලක් එනවා කියලා හයියෙන් කිව්වලු. මේ තුමා අදහස් කරල තියෙන්නෙ කරලා තියෙන්නේ එයාගේ පිටිපස්සේ හිටපු යාළුවා ගැන. මුළු පන්තියම සද්ද නැතුව හිටපු නිසා ඒ කියපු එක ටිකක් සද්දේට ඇහුනලු. ඔව් ඒ අදාල අදාල බලධාරියා පෙර පූරුවේ සිදු කරන්නට යෙදුනා වූ යෙදුනාවූ කුසලාකුසලකර්ම වල ආනුභාවයෙන් ඒ කියපු රුවන් වැකිය සිංහල ඇදුරාගේ සවනත සිසාරා මැරතන් එකක් දුවලා ලු. දැන් සර් තුමා හිතාගෙන ඉන්නේ සපුමල කිව්වේ එයාට කියලා ලු. දැන් ඉතින් කට්ටිය මේස යට වල් වල සාකුවේ ඔය බෑග් වල දාගෙන හිටපු පිරිත් පොත් එහෙම අරන් හෙමීට තුන් සූත්‍රය එහෙම කියන්න පටන් ගත්තලු.
ඉතින් ඉතින් අදාල යට කී ගුරු ඇදුරු තුමා ඉතුරු පීරියඩ් එක ම මෙයාලගේ සවනතට මී පැණි වන් වදන් වලින් සංග්‍රහ කරා ලු. ඉතින් ඔය අතරෙ කොරිඩෝ එකේ එහාට ගිය ඉංගිරිසි සර් කෙනෙකුටත් මේ ඇදුරා කිව්වලු ” බලන්න මචං මුං මට සපු මලක් කියනවා” කියලා. එක පාරටම ඉංගිරිසි තුමාට හිනා ගියාලු. ඒත් ඒ ක්ෂණයෙන්ම ඒක නවත්ත ගත්තා ලු. ආය සීරියස් මෝඩ් ඔන් කර ගත්තලු. දැන් පන්තියේ ඉඳගෙන ඉන්න තුමාටත් හිනා යන්න එනවලු. ඒත් ඉතින් කොහොම හරි හිනාව පූසා මල්ලේ තියන් තියං ඉන්නවා වගේ තියාගෙන හිටියලු. ඔය අස්සේ බොහෝ වේලාවකට ඇතුලේ ඉන්න යක්ස සෙන්පතියා ව හිර කොරගෙන සිටින්නාවූ චිත්‍ර ගුරු උතුමා ඔතනින්ගියා ලු නේ….. ඒ තුමාටත් අර තුමා විසින් සපුමල් කතාව කිව්වලු. එතකොට චිත්‍ර උතුමා සිංහල උතුමාට කියනවා ගණන් ගන්න එපා මචං ඔව්වා ඔහොම තමයි කියලා. දැන් මෙතන වෙලා තියෙන්නේ නිකන් පන්තියේ ළමයි පංතියේ ළමයි කියපු කොහෙවත් යන එකක් සර් බලෙන් භාරගෙන අන්තිමට හැම ටීචර් කෙනෙක්ටම ඒක කියද්දි හැමෝම ඉතින් “ඇත්ත නේ බං ගැලපෙන නම දාලා තියෙන්නෙ” කියලා පිළිගන්න සිටුවේශන් එකක්ලු.
කොහොම හරි මේ සපුමල් නම කියන්ඩ යෙදිච්ච යාළුවගේ පියාණෝ ඒ ඉස්කෝලෙම ටීචර් කෙනෙක් ලු. එයා නං ඉතින් නයි මිරිස් වගේලු ටිකක් විතර. ඊළඟ දවසේ ඒ තුමා පන්තියට සම්ප්‍රාප්ත වෙලා සිංහනාද කරාලු.. ඔය සිංහනාද සෙශන් එකේ එක තැනකදි තැනකදි කිව්වලු අර සර්ගෙ පුතාව පොයින්ට් කරල මං වැරදිලා හදපු එක බල්ලෙක් තමා මේ……….. අනිත් බල්ලා තමා රුවන් කියලා……… රුවන් මේ සිද්ධියට කිසිම සම්බන්ධයක් නැල්ලු. ඒත් සර් පරණ වැරදි එක්ක අල්ලගෙන බැන්නලු. ඉතින් sir සර් පන්තියට හොඳටම බැනලා සිංහල සර් ගෙනුත් සමාව අරගෙන යන්න ගියාලු. සිංහල සර් ගෙනුත් සමාව අරගෙන යන්ඩ ගියා ලු. ඒ වෙලාවේ සිංහල සර්ගෙ මූණ බලන්ඩ වටිනවලු…… නිකං ලොක්කා වගේ ඉඳගෙන “හරි මචං කමක් නෑ…….. හරි ප්‍රශ්නයක් නැහැ ” වගේ හිටියලු ඉතින් ලොක්කා වගේ………….. කොහොමහරි බනින සෙශන් එක සදහා ආපු ගුරු උතුමා ගියාට පස්සේ පන්තියේ ළමයින්ට තිබ්බ ප්‍රශ්න ඔක්කොම අමතක උනාලු………… මෙයාලට එතනදිත් තිබ්බ එකම ප්‍රශ්නේ රුවන් කොහොමද සර්ගෙන් බල්ලෙක් උනේ? කියන එක ලු.
කොහොම හරි කොහොමහරි ඉතින් මේ පන්තියට ටීචර්ස්ලා තව මාසයක් විතර යනකන් ඇවිල්ලා එක එක්කෙනා බැන බැන ගියාලු. principal නිකං මෙයාලව ලැබ් මීයො ගානට දාලා පරීක්ෂණ පවත්ව පවත්ව තිබ්බේ…… කොහොම හරි ඉතින් මේ පන්තියෙත් ඉන්න ළමයි ටික කාගේ වුණත් ළමයිනෙ………… ඉතිං තරහ යන එකෙත් සීමාවක් තියනවා නේ……………… ඉතින් කොහොම හරි අන්තිමට මේ පින්වත් උපාසක වරු අදාළ නම සිංහල සර්ට රෙජිස්ටර් කරා ලු…………….
මේ කතාව සත්‍ය කතාවක් ඇසුරෙන්. නම් ගම් මනඃකල්පිතයි. නම් ගම් වලට සත්‍ය නම් ගම් ආදේශ කිරීමෙන් කතාවේ මුල් දේශනා කරුගෙන් කැරපොතු ප්‍රහාරවලට භාජනය නොවන්න. ඕං කලින්ම කිව්වා ඈ………..