සර්ප විෂ (පරිසරය හා ස්වභාවධර්මය)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
විෂ සහිත සර්පයන්ගෙන් බහුතරයක් දෙනා ඒ විෂ, එයාලගේ ශරීරය තුළම නිපදවා ගන්නවා. ඒත් තමන්ගේ ආරක්ෂාව සඳහා අවශ්ය වස බාහිරින්ල බාගන්නා සර්ප විශේෂ අතළොස්සකුත් ලෝකයේ ඉන්නවා. ජපානයේ ටයිගර් කීල්බැක් (Tiger Keelback – Rhabdophis Tigrinus) කියන සර්ප විශේෂය ඊට හොඳම උදාහරණයක්. තමන්ගේ ආහාර තුළින් නිස්සාරණය කරගන්නා වස තම ශරීරය තුළ ගබඩා කරගැනීමේ විශේෂ හැකියාවක් ඔවුන්ට තියෙනවා.
ටයිගර් කීල්බැක් කියන්නේ දිගින් මීටරයකටත් වඩා අඩු සර්ප විශේෂයක්. ඉතින් මේ කුඩා බව නිසා ඔවුන් පක්ෂීන්ට සහ වෙනත් ක්ෂීරපායී සතුන්ට හොඳ ගොදුරක්. ඒත් ටයිගර් කීල්බැක් ඔවුන් ආහාරයට ගන්නා වස සහිත මැඩියන්ගෙන් ලබාගන්නා වස වර්ග ඔවුන්ගේ බෙල්ලේ පසුපස පැත්තේ තියෙන විශේෂ කොටසක තැන්පත් කරගන්නවා. මේ කොටස හැඳින්වෙන්නේ “නියුකල් ග්රන්ථය” (Nuchal Glands) කියලා.
ඉතින් ටයිගර් කීල්බැක් සතෙක්ට තර්ජනයක් එල්ල වුණාම එයා කරන්නේ “නියුකල් ග්රන්ථය” හොඳින් පේන විදිහට ආරුක්කුවක් හැඬේට පුම්බන එක. එතකොට එයාගේ බෙල්ල සපාකන විලෝපිකයගේ මුඛයට හෝ මුහුණට අර ග්රන්ථයෙන් සෘජුවම වස විදීමක් සිද්ධ වෙනවා. මේ වස බොහෝ විට අප්රසන්න රසයක් හෝ වේදනාකාරී දැවිල්ලක් වෙන්න පුලුවන්.
ඒත් හැම කීල්බැක් සතෙක්ම මේ ආරක්ෂාකාරී හැසිරීම පෙන්වන්නේ නැහැ. වස සහිත මැඩියන් නොමැති දූපත්වල ජීවත් වෙන කීල්බැක් සර්පයන් ප්රහාරයක් එල්ල වෙනකොට හිටි තැනම ඉන්නේ නැතිව හැකි ඉක්මනින් එම ස්ථානයෙන් පළායාම තෝරාගන්නවා. ඒකෙන් තේරුම් යන්නේ තමන් වසවලින් සන්නද්ධද? නැද්ද? යන්න ගැන මේ සර්ප විශේෂයට අවබෝධයක් තියෙනවා කියන එකයි.
ජපානයේ කියොතෝ සරසවියේ අකිරා මෝරි සහ නොක්ස්විල්ලේ හි ටෙනෙසී සරසවියේ ගෝර්ඩන් බර්ග්හාර්ඞ් කියන සත්ව විද්යාඥයන් දෙන්නා ජපානයේ විෂ සහිත මැඩියන් සිටින සහ වස සහිත මැඩියන් නොමැති දූපත් ආශ්රිතව පරීක්ෂණයක් කරලා තියෙනවා.
ඒ අනුව වස සහිත මැඩියන් දකින්නට නොමැති දූපත්වල ජීවත් වන කීල්බැක් සතුන් තමන්ට තර්ජනයක් එල්ල වන විට එම ස්ථානය මගහැර යන බව ඔවුන් නිරීක්ෂණය කරලා තියෙනවා. ඒත් එම සතුන්ට ටික කාලයක් වස සහිත මැඩියන් ආහාර වශයෙන් දුන්නට පස්සේ ඒ අයත් තමන්ට තර්ජනයක් එල්ල වන විට පසුබැස යන්නේ නැතිව නියුකල් ග්රන්ථය ප්රදර්ශනය කරමින් විලෝපීයන්ට අභියෝග කරන බවත් අකිරා සහ ගෝර්ඩන් හොයාගෙන තියෙනවා.
“මා දන්නා පරිදි, භෞමික පෘෂ්ඨවංශිකයන් තමන් සතුව වස ඇති සහ වස නැති බව දැනගෙන, ඒ අනුව ක්රියාකරන ආකාරයට දිය හැකි හැකි එකම උදාහරණය තමයි ටයිගර් කීල්බැක් සතුන්” ගෝර්ඩන් පවසනවා.
මිනිස්සු ගොඩාක් වෙලාවට තමන්ගේ තරම ගැන නොදැන, අනුන්ට අභියෝග කරන්න ගිහින් අමාරුවේ වැටෙනවා. ඒත් සතුන් එහෙම නැහැ. ඔවුන් කාටහරි අභියෝග කරන්නේ තමන් ගැන නිවැරැදි තක්ෂේරුවක් ඇතිව බව මේ සිදුවීමෙන් නැවත වතාවක් පැහැදිලි වෙනවා.
ඉතින්, කාට හරි අභියෝග කරන්න කලින් තමන්ගේ තරම දැනගෙන ඉන්න එක ඇඟට හොඳයි.
(නිව් සයන්ටීස් ඇසුරෙනි)
උපුටා ගැනීම: Anil Karunarathne

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!