රෝස පාට කම්මුල්, පුංචි අත් , කිරි පාට බේරෙන සිය පුංචි දෝණි දෙස සදුනි බලාන උන්නේ අනේ මගෙ ලේ ටිකනෙ කියන ආඩම්බරකාර හැගීමකින්.
වෙන කවරදාකටත් වඩා දැන් ඇයට අම්මාගේ අඩුව තදින් දැනෙන්නට විය.චතුර සමගින් මවගේ අකමැත්ත පිට විවාහ වු සදුනි ගමෙන් නික්මී සැමියාගේ නිවසට පැමින දැනට වසර තුනකට ආසන්න විය.
සදුනි පෙනුමෙන් සුරූපී දගකාර තරුණියක් වූවාය කුඩා කල පටන් දුප්පත්කමින් තැලී පොඩු වුනා සේම හරියාකාර ආදරයක්ද ඇයට අහිමි විය ඒනිසාවෙන්ම කුළුදුලේම ඈ චතුර සමග පෙමින් බැදී ඔහු සමගින්ම විවාහ විය.නමුත් චතුරගෙන්ද ඇය සෙවූ ආදරය රැකවරණය ඇයට නොලැබෙන බව නොබෝ දිනකින්ම ඇයට පසක් විය.නමුත් සිය දියණිය වෙනුවෙන් ඈ බොහෝ දුක්ක දෝමනස්සයන් තනිවම උහුලාගත්තාය.
” සදු කෑම ලෑස්තිද මට වැඩට යන්න පරක්කු වෙනවා ඉක්මන්කරන්නකො ” චතුර බෙරිහන් දුන්නේය.
“ඉන්න අනේ ටිකක් මං කතරගම දෙවියො නෙමේනෙ වැඩ කීයක් කියල කරන්නද”
සුපුරුදු නෝක්කාඩු විලාසෙන් කියමින් ඈ බත් පත මේසය උඩින් තිබ්බාය.
එය බෑගයට දා ගත් චතුර එහෙනම් මං ගියා යැයි කියමින් සිය දඩුමොනරයට නැග්ගේය.
දුගු සුසුමක් හෙලූ සදුනිගේ දෑස් කදුළින් තෙත් වූයේ ඇයට තමන් ගැනම ඇති වූ කලකිරීම නිසාවෙනි.මෙය ඇය සෙවූ ජීවිතය නොවුනි, කුඩා කල පටන් ආදරය අහිමි වූ ඇය සැමියාගෙන් බලාපොරොත්තු වූයේ සැබෑම ප්‍රේමයකි.චතුර කෙදිනකවත් සදුනිව තේරුම්ගත්තේද නැත ඇයට අවැසි මොනවාද ඇය කැමති අකමැති දේ මොනවාදැයි ඔහු දැන සිටියේ නැති සේම ඔහුට ඒ සදහා කිසිදු උන්න්දුවක්ද නොවීය.
චතුරගේ කාර්යාලයේ මිතුරකු වී සුදීර ඔවුන්ගේ නිවසට ආව ගියේ මේ කාලයේදීමය.සුදීර පෙනුමෙන් කඩවසම් තරුණයෙක් විය.සදුනිගේ සහ සුදීරගේ අදහස් බොහෝ සෙයින් සමාන විය.
” අපි හැගුම් වලට ඉඩදී මොහොතක් ඉඩ ලබාගනිමු තරමින් වියතක්..”
වික්ටර් රත්නායක මහතාගේ ගීතයක් ගුවන් විදුලියෙන් ඇසෙන්නට විය.
” ඒක ලස්සනයි නේද මං ආසම සින්දුවක්, චතුර ඔයත් ආසද ඒකට.”
“අනේ මන්දා සදූ මට ඉතින් ඔවා තේරෙන්නෑ මූනම් ඉතින් පද රචකයා”
” වික්ටර් මහත්තයගෙ සිංදු වලට මං කොහොමත් ආසයි.”
සුදීර කීවේ සින්දුව මුමුන ගමන්මය.
“අද මොනවද උයන්නෙ..සුදීර කෑම ටිකක් කාලම පලයන් ඈ”
චතුර සිය දුරකතනය දෙස බලමින් කීවේය. එවිටම කාමරයෙන් ඇසුනේ දියණියගේ හැඩුම් හඩකි.
” අනේ මගෙ චූටි දෝණි ඇහැරුනාද ඉන්න මැණික අම්මා එනවා” සදූ විගසින් කාමරය දෙසට ඇදුනි.
” උඹ නම් පට්ට චාන්ස්කාරයා චතූ “
” ඇයි බං මොකෝ මට සුවිප් එකක් වත් ඇදිලද”
” සුවිප් එකක් ඇදුනා වගේ තමයි යකෝ ලස්සන ගුනයහපත් ගෑනියෙක්, හුරතල් පුංචි දූ පැටියෙක් ඉන්දැද්දි ආයෙ තව මොනවද බං ජිවිතේකට ඕන”
“ම්ම්…. ඔව් ඉතින්”
චතුර ඕනෑවට එපාවට මෙන් කීවේය.
දියණියද නලවමින් සදූනි සාලයට පැමිණියාය.
“අනේ ඒයි දෝණිව නිදි කරවන්නකො ටිකක් මං උයනකන්”
” අයියෝ සදූ මං මේ ගේම් එකේ හොදම හරියෙ ඉන්නෙ”
දුරකථනයෙන් මූණ ඉවතට නොගෙනම චතුර කීවේය.
“අනේ මන්දා ඔයානම් කිසි වැඩකට නෑ”
” මට දෙන්න සදූ මං දූව තියාගන්නම් ” සුදීර කුඩා ළමුන්ට බොහෝ සේ ප්‍රිය කල නිසාවෙන්ම චතුරගේ දියණියටද බොහෝ ආදරයක් දැක්වීය.
” අන්න මචං සුපිරි කතාව ගනින් කෙල්ලව උඹලා තමා බං යාළුවො “
“අනේ නිකං පල පල උබේ බටර් ටිකත් අරගෙන”
යැයි කියමින් සුදීර නැගිට සදූගෙන් දියණිය සිය තුරුලට ගත්තේය.
දියණියද සුදීර ලගට වී හුරතල් වෙමින් සිනාසෙමින් සිටියාය.සදුනිට ඔහු කෙරෙහි ඇති වූයේ අප්‍රමාන ගෞරවයකි.
“ඒයි මොනවද උයන්නෙ, කරවල තෙල් දාලා,පරිප්පු, පොල් සම්බෝලයක් හොදද”
“ම් හා හා මොනාහරි සුදීරයා ඔහොම කයිද දන්නෙත් නෑ “
” පිස්සුද බං මගෙ ප්‍රියතම කෑමනෙ පපඩමක් බැදල ගත්තනම් ආයෙ රජ බොජුන් පරාදයි”
සුදීර කීවේ සිනාසෙමිනි.
කෑම පිසීම සදහා සදුනි මුළුතැන්ගෙට යන්නට විය.
” පව් බං…ඇත්තටම උඹ ඉස්සර වගේමයි ඒකි මෙච්චර මහන්සි වෙලා දූත් බලාගෙන උඹට කටට රසට කෑම ටිකත් හදලා ගෙවක් අස් පස් කරල දෙනව උඹ මීට වඩා ගෑනිට සලකපන්.අපෙ අම්ම වගෙමයි බං සදූත්,අපෙ තාත්තා ඒ කාලෙ නංගි හම්බෙලා ඉන්දැද්දි අම්මට උදව් පදව් කල විදිය තාම මට මතකයි ඒනිසයි අම්ම අදටත් තාත්තා වගේ මනුසයෙක් ලබන්න පිං කරන්න ඕන කියල කියන්නෙ.”
“අම්මටසිරි කවද ඉදන්ද යකෝ තෝ බණ කියන්න පටන් ගත්තෙ, උඹ බැදල ඔය කිව්ව ඒවා ඔක්කෝම කරපන්.”
චතුර සමච්චලයට මෙන් සිනා සී කීවේය.
දියණිය බැලීමට සාලය දෙසට එමින් සිටි සදූ මේ කතාවට කන් දී සිටියාය.සුදීර කොයිතරම් හොද මනුස්සයෙක්ද චතුර වගේ හැගීමක් දැනීමක් නැති පිරිමියෙක් ලග සුදීරව ඈ දුටුවේ බොහෝ ඉහලිනි.
මෙලෙස කෙමෙන් කාලය ගත වෙද්දී සදූනි සහ සුදීර බොහෝ හිතවත් වන්නට විය.
මෙලෙස පුරා වසර හතරක පමන ගතවිය.සදුනිගේ සිත ගැන අංශු මාත්‍රයක් නෑර කියවීමට සුදීර සමත් වූයේ ඉබේටමය.
වෙසක් පෝදින එළබිනි, සදුනි සිය දියණියද සමගින් වෙසක් කූඩුවක් අලවමින් සිටියාය.චතුර උදෑසන සිටම කාර්යාලයේ වැඩ නිසා කාර්යබහුල විය.
මෝටර් රථයක හෝන් හඩකි.ඒ සුදීර බව සදූනි පෙර තියාම හැදින ගත්තාය.ඇගේ මුවගට ඉබේටම සිනාවක් නැගුනේ ඇයි දැයි ඇයටම නොතේරෙන්නට විය.කාලයත් සමගින් සදුනි සහ සුදීර ඔවුනොවුන්ගේ සියලු දේ බෙදාහදා ගත්හ.සදූනිගේ හිත රිදුනු හැම තැනකම ඔහු ඈ සැනසුවේය.
” ආ සදූ කෝ චතුරයා කූඩූ හදනවද? මේ ඉන්නේ අපේ චූටි මෑණික මෙන්න අන්කල් අද තෑග්ගක් ගෙනාවා.”
” කූඩු හදන්න එයා..කෝ බලමු, මොනවද කියල”
සදූ බෑගය ගෙන පිරික්සීය එහි වූයේ හුරුබුහුටි රේන්ද ඇල්ලූ සුදු පාට ගවුම් පොඩිත්තකි.සදූගේ දෑස් කදුලින් තෙත් විය මන්ද යත් චතුරගෙන් කෙදිනකවත් මෙවැන්නක් බලාපොරොත්තු විය නොහැකි නිසාවෙනි.
” දෝණි මේක අපි අන්කල්ට ඇදල පෙන්නමුද”
යැයි කියමින් දියණියව වඩා ගත්තාය.
” හා අම්මි යං”
චතුරද සිය රාජකාරි නිම කර පැමිනියේය.දියණිය ගවුම් පොඩිත්තට බොහෝ හැඩවිය.
” අප්පේ මේ ඉන්නෙ පුංචි සුරංගනාවියක් වගේ මේ කෙල්ල”
සුදීර ඈ දෙස බලමින් කිවේ සිතේ උපන් ප්‍රීතියෙනි.
” ලස්සනයි තමා ඒ ගවුම, සදූ මේ මං ටිං ගාලා කඩේට ගිහින් එන්නම් තේ එකක් හදමු හොදේ”
යැයි පවසමින් චතුර එතැනින් නික්මීය.
සුදීරගේ දෑස් සදුගේ දෑස් මොහොතකට මුණගැසිණි.
“සදූ ඇයි මේ දුකින් දරුවො? මේ බලන්න මට තේරෙනව චතුරයට මෙලෝ මගුලක් තේරෙන්නෑ හොද එකා වුනාට කොමන් සෙන්ස් නම් බිංදුවයි ඒකගෙ.”
” ඇයි සුදීර එයාට බැරි ඔයා වගේ වෙන්න, ටිකක් ආදරෙන් දූටයි මටයි සලකන්න.කන්න අදින්න දුන්න කියල ඒවයින් හිත පිරෙන්නෑනේද?”
ඇය පැවසූවේ හැඩුම් හඩකිනි.
” මට තේරෙනෙවා කෙල්ලෙ”
සදුනිගේ හිස පිරිමදිමින් ඔහු පැවසූවේය.මොහොතකින් දෙදෙනාම නිහඩ වූයේ සිදු වූයේ කුමක් දැයි සිතාගත නොහැකිවයි.
ඇගේ මුහුණ රතු විය සැනින් ඈ
“මං තේ හදන් එන්නම්”කියමින් ඒ මොහොත මගහැරීය.මේ සිදිධියෙන් පසු සුදීරගේ පැමිණීම නැවතුනා මෙන් සදුනිට දැනෙන්නට විය.නමුත් ඔහු නොදැක හිදීම සදූනිට දැන් දැන් කල නොහැක්කක් ලෙස හැගෙන්නට විය.
” එයා කවුරු කියල හිතන් ඉන්නවද දන්නෑ, මෙච්චර ලොකු කමක් අම්මපා මට එන කේන්තිය.” සදුනි ඇයටම මුමුණමින් සිටියාය.
ඒ මොහොතේම පුදුමයක් මෙන් සදුනිගේ දුරකතනය නාද වන්නට විය.වේගයෙන් දුරකතන අතට ගත් ඈ නොඉවසිල්ලෙන්
” කියන්න සුදීර” යැයි පැවසුවාය.
දුරකතනය කෙලවරින් ඇසුනේ
” ඔබගේ ලග්නයට කෙසේ දැයි දැන ගැනීමට..”
සදුනි තනිව සිනාසෙමින් දුරකථනය විසන්ධි කලාය.
නැවතත් දුරකතනය නාද විය.මෙවරනම් ඒ සුදීර බව ඇයට නිශ්චිතවම කිව හැක.
” හෙලෝ සදූ, මට සමාවෙන්න කෙල්ල.මට තවත් මේක හංගන්න බෑ මං දන්නවා මං වැරදි හුගක් වැරදී ඒත් දෙයියනේ මට ඔයා නොදැක කතා නොකර ඉන්න බෑ මං බැලුවෙ ඔයාට දුකක් නොදී ඔයාගෙන් ඈත් වෙන්න මිසක් අමතක කරල නෙවේ සදූ”
” මට ඉන්න පුලුවන් කියල හිතුවද මෝඩයෝ, ඔව් මේක වැරදී මං අම්ම කෙනෙක් වෙන කෙනෙක්ගෙ බිරිඳක් , ඒත් මාත් ලේ ඇට මස් නහර තියන ගෑනියක්.ඔයා ලග මගෙ හිත කවද නතර වුනාද මංවත් දන්නෙ නෑ ඒත් ඔයා ලග මං නිවුනා මං සැනසුනා ඉතින් ඔයා නැතිව මට හුස්ම ගන්න නම් පුලුවන් වෙයි ඒත් හදවතින් හිනා වෙන්න බැරි වෙයි”
මොහොතක නිහැඩියාවකි එය බිදිමින් ඇසුනේ සුදීර ගේ හඩයි.
“අනේ මගෙ මැණික.හැමදාමත් මං ඔයා එක්ක ඉන්නවා, කවදාවත් තනි කරන්නෙ නෑ මං පොරොන්දු වෙනවා “
සදුනිත් ,සුදීරත් අතර වූයේ අනුරාගික බැදීමකි. ඔවුනොවුන් ප්‍රේමය ලෙස හැදින්වූයේ සිතිවිලි මිසක ආශාවන් නොවීය.
උදෑසන බත් පත ඔතා මේසය මත තැබූ සදුනි තේ කෝප්පයද පිලියෙල කරමින් චතුර අත තැබීය.
” මං අද එන්න පරක්කු වෙයි සදු වැඩ ටිකක් හිර වෙලා “
චතුර එලෙස කියමින් නික්මිය.
වෙනදා මෙන් නලලට හාදුවක් බලාපොරොත්තු වෙමින් ඈ දුක් වූයේ නැත.ඔහු පැමිනෙන වෙලාවක් විමසුවේද නැත.මන්ද ඇගේ සිත වරදකාරි හැගීමකින් පිරී තීබූ නිසාවෙනි.
මද වේලාවකින් දුරකතනයකින් බීප් බීප් නාදයක් ඇසෙන්නට විය.අවට සෝදිසි කල සදූනි මේසය මත ඇති දුරකතනයෙන් බැව් හදුනාගත්තාය එය චතුරගේ දුරකතනය නොවන වග ඈ හොදින්ම දැන උන්නාය සැකමුසු බැල්මෙන්ම එය දෑතට ගත් ඇය පැමිනි වට්සැප් පනිවිඩය පිරික්සීය.
ඇයට අදහා ගත නොහෑකි විය කියාගත නොහැකි වේදනාවක් සියොළඟ අවුලා යන්නට විය.
” චතු බබා අද රෑට එනව නේද? මං බලන් ඉන්නවා”
එහි වූයේ සුරූපී තරුනියකගේ ජයාරූපයකි.
දෑසින් කදුළු වැල් ඇද හැලෙද්දී ඈ දුරකතනයේ ජායාරූප පිරික්සීය.එහි වූයේ චතුරගේ සහ පෙර කී තරුණියගේ ජායාරූප ගොන්නකි ඇතැම් රූප ඇයට දරාගත නොහැකි මට්ටමේ ඒවා විය.
දොරකඩින් ශබ්දයක් ඇසිනි සදුනි වහා එදෙස බැලීය,එහි වූයේ බීරන්ත වූ චතුරය කිසිවක් කියාගත නොහැකිව ගොළු වූ ඔහු සදුනි දෙස බලා හිදින්නට විය.
” ඇයි චතුර මට මෙහෙම කරේ.මොකද්ද මගෙ තිබ්බ අඩුව.”
“මට මට… සමා…වෙන්න”
ඔහු ගොත ගසන්නට විය.
කිසිවක්ම නොකි සදුනි දුරකතනය ඔහු අත තබමින් කාමරයට ගියේ හඩමිනි.
දින කිහිපයක් ගත විය සුදීර සමග මේ සිදිධිය සම්බන්ද කිසිවක් නොකිමට ඈ තීරණය කලාය.
පුරුදු පරිද්දෙන්ම චතුරට ඈ සැලකුවාය. ඇගේ මේ නිවුනු ස්වාභාවය කෙරෙහි චතුර පුදුම විය.ඔහුට ඔහු ගැනම ඇති වූයේ ලැජ්ජාවකි.
පසු දින උදෑසන චතුර අවදී වී මුළුතැන්ගෙට ගියේ සදූනිගෙන් සමාව අයැදීමටය.ඇය එහි නොවීය කෑම මේසය මත වූයේ ලිපියකි.
චතුර එය අතට ගත්තේය.
” චතුර මං මේ තීරනය ගත්තේ ගොඩක් දුර හිතල, තව දුරටත් අපි දෙන්නට එක වහලක් යට ඉන්න බෑ.ගෙදරින් ආදරයක් නොලැබිච්ච මං ජීවිතේ හෙව්වේ ඔයාගෙන්.මං තනි වෙලා අඩපු තරම් ඔයා දන්නවද? එක පාරක් ආදරෙන් ඔලුව අත ගායි කියල බලන් හිටිය තරම් දන්නවද? හැමදාම වැඩට යද්දී නලලට හද්දක් දෙනකන් මං බලන් හිටි තරම් දැනිලාවත් තියනවද?මං ඔයා වෙනුවෙන් හැමදේම කැප කරද්දී ඔයා මොනවද මට මේ දුන්නේ .ඔයා අතින් විතරක් වරදක් වුනා කියන්නෙ නෑ ඔයාගෙ මේ වැරදි නිසාම මගෙ හිතත් කෙනෙක්ට ලං වුනා හැබයි කවදකවත් ඔයට දීපු මාව මං කිසිම කෙනෙක්ට නොදෙන බව තීරනය කලේ ඔයාගෙ වුන මුල්ම දවසෙ.මට තියෙන්නෙ දුකකට වඩා කලකිරීමක්.මාව හොයන්නෙපා මං ඔයාගෙන් හුගක් ඈතකට යනවා.ඔයා හොදින් ඉන්න.බුදුසරණයි!!!
ඔයාගෙම සදූ”
චතුරගේ කනට වැරෙන් පහරක් වැදුනා මෙන් විය. කිසිවක් සිතාගත නොහැකි වුනු ඔහු,
“දෝණී.. දෝණි ඔයා කොහෙද පුතේ” යැයි අමතමින් ගේ පුරා පිරික්සන්නට විය.ඔහු සදූගේ අල්මාරිය හැර බැලූවේය. එහි ඇදුම් වත් රත්තරං බඩුවත් ඇය රැගෙන ගොස් තිබුනේ නැත ඔහුට සිතා ගත නොහැකි විය.ඔහු කෑ ගසා හඩන්නට විය ඔහුගේ එක් වරදක් නිසා සිය ලෝකයම කනපිට පෙරලී ඇත.ඔහු වහ වහාම සදූගේ සියලු හිතවතුන්ට අමතා විස්තරයක් දැන ගැනීමට තැත් කල නමුත් ඉන් පලක් නොවීය. සදූනිද දුරකතනයට ප්‍රතිචාර නොදැක්වූවාය.
සුදීරට සදුනිගෙන් ඇමතුමක් ලැබුණි.
“මට ඔයාව හම්බෙන්න ඕන ගෝල්ෆේස් එක ලගට හවස 6 ට එන්න. “
“ඇයි සදූ හදිස්සියක්ද ? “
“නෑ ඔයා ආසයි කිව්වා මතකද දවසක් ඉර බහිනකන් ඉස්සො වඩේ කකා මුහුද ලගට වෙල ඉන්න ,වලාකුළු රටා හොයන්න, ඒකයි.”
” පිස්සුද කෙල්ල ඉතින් මේ හදිස්සියෙ, එත් සදූ මොකක්දෝ අවුලක් මට දැනෙනව.හරි මං එන්නම්කො”
“ආ මේකත් මතක තියගන්න චතුරගේ කෝල්ස් වලට ආන්ස්වර් කරනෙපා “
දෙදෙනා කතිකා කරගත් පරිදි එදින ඔවුන් මුණගැසිණි.රක්ත වර්ණ හිරු ක්ෂිතිජය සමග ආදරෙන් වෙලී එහිම හිලීයන අයුරු බලා සිටියහ.
ඉස්සො වඩේ කීපයක රස විදිමින් සදූ කිසිවක් නොවූ විලසයෙන් මොහොතක් පුංචි එකියක් සේ ඒ සුන්දර හවස් යාමය සිතේ සනිටුහන් කර ගත්තාය.
” මට අයිස්ක්‍රීම් එකක් ඕන”
“ඉන්න සදූ මං අරන් එන්නම්”
ඔහු කරත්තයෙන් අයිස්ක්‍රීම් දෙකක්ම ගත්තේය.
” ඔයා කෝමද දන්නේ මං ආසම ෆැන්ටෑස්ටික් වලට කියල”
“මං ඉතින් ඔයාගෙ ස්කෑනර් එකනෙ සදු.ඉතින් කියන්නකො මොකද්ද අවුල? කෝ ඔයාගෙ කතා කරන ඇස් අද ඒවා දිලිසෙන්නෙ නෑ කෙල්ලෙ මොකක්දෝ දුකක් හංගගෙන ලොකු කතාවක් හිත යට හිර කරගෙන නේද ඔය ඉන්නෙ?”
දිගු සුසුමක් හෙලූ ඈ සුදීර දෙස මොහොතක් බලා සිටියාය.
“ඔයා මට ආදරේ ඇයි සුදීර ?, කවදාවත් අපි අපිට ආදරේ කියල නෑ.අතකින් අල්ලලා තුරුලට අරගෙන නෑ ඒවුනාට මගෙ හිත රිදිච්ච හැම වෙලාවකම ඔයා ම එක්ක හිටියා,මොනාවත්ම බලාපොරොත්තු නොවී පිරිමියෙක්ට පුලුවන්ද එහෙම ඉන්න හැමදාකටම?”
සුදීර ඇගේ දෑස් දෙස එක එල්ලේ බලා සිටියේය.
“ඔව් මං ආදරෙයි.වචනෙන් නොකීවට මුළු ආත්මෙන්ම ආදරෙයි.මගෙ ආදරේ ආශාවල් නෑ මෑණික, ඒ ආදරේ තිබ්බෙ ඔයා වැටුනු ජීවිතේ ඔයාට හයියක් වෙන්න.ඔයා හිනා වෙද්දී බලං සතුටු වෙන්න ඔයා අඩද්දි ඔයා එක්කම අඩන්න.කවදාකවත් අයිතිවාසිකමක් නැතිව හිතින් ඔයා මගේම කරගෙන ඇස් දෙක වගේ පරිස්සම් කරන්න.ඔය ඇස් දිහා බලාගෙන ඔයා හංගන හැමදේම කියවන්න. “
ඇයගේ කම්මුල් දිගේ කදුලැල් රුරන්නට විය.
“ඕකනෙ දෙයක් කියන්න බෑ අඩනවා.”
“නෑ සුදීර මං පිං කරලා නෑ ඔය වගේ ආදරයක් විදින්න. එහෙමයි කියල හිතට එකගව වරදක් කරන්නත් මට බෑ,ඒකයි මං හිතලම ඔයාගෙ ඇස් සමහර වෙලාවට මගහරින්නෙ.”
“මං දන්නවා මැණික”
සුදීර සුසුමක් හෙලා බැස යන හිරු දෙස බලා සිටින්නට විය.
“ඔයා එක දෙයක් හැමදාටම මතක තියාගන්න අපි හැමදම මුණගැහුනත් නැතත් ඔයා මං වෙනුවෙන් හිටි හැම මොහොතකටම මං ණයගැතියි. මං වෙනුවෙන් මේ දවස හැමදාකම මතක තියගන්න මට ඔයාට දෙන්න පුළුවන් එච්චරයි .මට සමාවෙන්න මං ඔයාව ඊගාව ආත්මෙට ඉල්ලලා මේ දුක පිරිච්චි සසර දික් කරගන්න කැමති නෑ.”
ඇය සුදීරට එසේ පවසමින් ඔහුගේ දෑත මත අත තබා සුසුමක් හෙලා පිටත් වීමට සැරසුනි.ඇගේ දෑත තදින් අල්ලා ගත් ඔහු ඇගේ නලල මත හදුවක් තැබීය.
සදූ එයට ඉඩ දී බලා සිටියාය.ඇගේ හැසිරීමෙහි වෙනසක් ඇති බැව් ඔහුට හැගුනේ ඇය මෙවැනි දේකට ඉඩ දෙන්නියක් නොවන නිසාමය.
සදූනි එදින සුදීරට සමුදී පැමිණියාය.ඉන් පසු කෙදිනකවත් ඇය ඔහුට හෝ චතුරට කතා නොකලාය.
චතුර සිය වැරද්ද නිසා ලැජ්ජාවෙමින් හදවතට එකග නොවූ වැරදිකරුවෙකු ලෙසින් බීමතින් කාලය ගත කරේය.සුදීර හා ඔහුගේ මිතුදමත් සදුනිගේ හැර යාමෙන් පසු නැති වීගියේ චතුරගේ බීමත්කම නිසාවෙනි.
සුදීර සදූනිගේ මතකයන් සමග බොහෝ සිත් තැව්ලින් කාලය ගත කලේය.නමුත් සදූගේ මතකයෙන් මිදීමට ඔහුට නොහැකි වූ නිසාවෙන්ද ඇය හා සම කල හැකි ලදක් නොවූ නිසාවෙන්ද ඔහු ඉතිරි කාලයද තනිවම සිටීමට තීරණය කලේය.කාලය කෙමෙන් ගත වුනි.
සුදීර සිය මිතුරෙකුගේ ඉල්ලීමක් පරිදි බදුල්ල ප්‍රදේශයේ දානමය පිං කමකට සහබාගි විය.එහිදී ඔහු දුටු දසුනින් මදක් පුදුමයට පත් විය.එහි වැඩසිටි තරුණ මෙහෙනින් වහන්සේ නමකි.නමුත් ඔහුට මෙහෙන්වහන්සේ බොහෝ හුරුපුරුදු බවක් දැනෙන්නට විය.
පිංකම අවසානයේදී මෙහෙනින් වහන්සේ අමතා විස්තර විමසන්නට වූයේ මෙහෙනියන්ගේ පෙනුම ඔහුගේ සිත තුල වූ පැරණි මතක ඇවිලූ නිසාවෙනි.
ඔහුට අදහා ගත නොහැකි විය,ඒ වෙන කිසිවකු නොව සදුනිගේම දියණියයි.සදුනිද සාසනයට බාර වී මීට වසර දෙකකට පෙර මියගොස් ඇත.
එදා පුංචි රේන්ද ගවුම් පොඩිත්ත අන්දවා හැඩ බැලූ සදුනිගේ පුංචි දියණියට සුදීර දන නමා නමස්කාර කරේය.
” තෙරුවන් සරනයි”
කියමින් ශාන්ත ගමනින් නික්මෙන ඈ දෙස නොපෙනී යන තෙක්ම සුදීර බලා උන්නේ මෙහෙනින් වහන්සේ සදුනිගේ රූපයම හොරා ගෙන ඇති බව සිතමිනි.
දෑස් කදුලින් තෙත් වෙද්දී දිගු සුසුමක් පිට කල ඔහු මෙසේ ඔහුටම මුමුණගත්තේය.
” අනේ එකම එක පාරක් මට ඒ මූණ දැකගන්න තිබුනනම් .මං ඒ තරම්ම පව්කාරයෙක්ද දෙයියනේ.
කමක් නෑ සදු මං නිසාවත් සංසාරේ දික් කරගන්නෙපා ඔයාට නිවන් සුව!!!”
-නිමි-
උපුටා ගැනීම: Gimhani Kannangara