සත්තුන්ට මිනිස්සුන්ගෙ අසාධරණකම් වුණාම උන් මෙහෙම හිතනවා ඇතිනේද? (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ඇත්ගොව්වාගෙන් නිලේකට හොඳ පාරක් කාපු අලියෙක් –
අපිටත් හැරෙද්දී ඉඳගද්දී මිස්ටේක්ස් වෙන්න පුලුවන්,
කල්පනාවෙන් බ්රෝ,
මිදුලේ ජරා කර පොලු පාරක් කෑ බල්ලෙක් – සෙරෙප්පුනම් එළියේ තියන්න එපා,
ගොඩාක් දුක හිතෙයි
පූසාට කලින් බල්ලාට ගෙහිමියා කෑම දුන් විට –
පුරු පුරු ගගා හිටියාට අපිත් ඉන්නේ මීටරෙන් බ්රෝ,
බිත්තරයක් කුකුල් මස් කෑල්ලක් ලොකුනෑ අපිට
අසරුවා සමඟ යකා නැඟි අස්සයෙක් –
සැඳෑලේ වුණත් බුරුලට තියෙන වෙලාවවල් එයිනේ,
හයියෙන් අල්ලාගෙන පදින්නකෝ.
කොසු පාරක් කෑ මීයෙක් –
කිරිපිටි පැකැට් ටික කැඩුවේ නැත්තේ මනුස්ස කමට,
හෙට එහෙනම් යන්න වෙයි කඩේ පිටි ගේන්න,
පොල් අඩල් එහෙමත් තිබුණා ගෙදර නේද…
හ්ම්ම්…
ගල් පාරක් කෑ වඳුරෙක් –
ගල් පාර රිදුණානම් තමයි,
ඒත් ලොකු වැරැද්දක් කරගත්තේ,
උඹලා පැපොලුයි පොලුයි ගැන බලාපොරොත්තු අතෑරගනිල්ලා,
ගැට ටිකත් කැඩිලා තියෙයි හෙට වෙද්දී,
පාර වැදී නොවැදුණ මදුරුවෙක් –
නිදාගෙන ඉද්දී පිට මැද්දේ කෑවාම ඇඹරෙන්න විතරනේ පුලුවන්,
බලමු බ්රෝ…
කුණුගොඩේ කෑම සොයද්දී පැන්නීමකට ලක්වූ කපුටෙක් –
පිළිවෙලට ඇඳලා බහින්නනම් එපා එළියට,
අපිත් ඉන්නේ ඉස්සරහා ලයිට් වයර්වල තමා…
කෑමට බජිරි මදිවූ කුකුලෙක් –
හෙට ඉඳන් ටිකක් කලින් ඇහැරෙමු නේද එහෙනම්
උපුටා ගැනීම: Tharu Rajapaksha-

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!