Save her life (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
කොහොම හරි ආමන්ත එදා කාර් එක වලකට වැටෙන්න ගිහින් බේර ගත්ත දවසක්…මට මතකය් එදා එයා එතන වැඩ කරපු මනුස්සයෙක්ට හය්යෙන් බනිනවා.ඒ මනුස්සයා ඔලුව උස්සලා බයාදුවෙන් බලලා වටපිටත් බලනවා මම බලාගෙන…කොහොමත් ආමන්තගෙ කාර් එකෙ වීදුරු කලු පාටයි.සමහර තැන් වල දූවිලි.මම හැමදාමත් බලන් ඉන්නෙ වැස්සක් වැටිලා වීදුරු සේදිලා යනකම්…
ඇරෙන්ජ් මැරේජ් එකක් කියන්නෙ ගෝනියක කට ගැටගහලා ඇස්වත් ඇරපු නැති පුස් පැටියෙක් නොදන්න පලාතකට ගිහින් දානවා වගෙ වැඩක්.ගෙයක් ලැබුනට බලාගන්න කෙනෙක් ලැබුනට වැඩක් තියනවද හිතෙ තියන අදහස් කියාගන්න තරම් තමන්ට ලැබෙන මනුස්සයා විවෘත වෙන්නැත්නම්…
කොහොමත් මම උන්නෙ කිසිම අදහසක් හිතෙ නැති ගානට.බෙදාගන්න මුකුත් නැති ගානට..හැබැය් මම මගෙ යුතුකම් ඉෂ්ට කළා.එයත් එයාගෙ යුතුකම් ඉෂ්ට කළා.ඒත් එයාගෙ හිතෙ යම් කිසි අසම්පූර්ණ බවක් තිබුනා .මා දිහා බැලුවත් තප්පර ගණනකින් ඇස් ඉවත ගන්න බවක් එයා උවමනාවෙන් කරනවා මම හුගක් දවස් වලට දැකලා තියනවා..
එහෙම දවස් වලට එයාගෙන් කව්රුම හරි බැනුම් ඇහුවා .ගෙදර වැඩට ඉන්න ගෑණු කෙනා,ගේ බලාගන්න මනුස්සයා ,එයාගෙ බල්ලා රෙක්ස් හරි එයාගෙන් බැනුම් ඇහුවා …ඒ්ත් මට හිතාගන්න බැරි වුනෙ එයා මේ පිරිමහන මානසිකත්වය එයාට ආවේ කොහෙන්ද කියන එක..මේ අඩුපාඩුව නැත්නම් ඇත්තටම ආමන්ත කියන්නෙ හරි හොඳ මනුස්සයෙක් …කොහෙදෝ විවෘත වෙන්න බැරි තැනක ආමන්ත හිර වෙලා හිටියා…
ආමන්තගෙ හොඳම යාලුවා කේතක.මම ඒ බව දන්නෙත් කේතක දවසක් අපෙ ගෙදර ඇවිත් කීවම…එදා ආමන්ත ඩ්රින්ක්ස් ගත්ත දවසක්.එහෙම දවසට මම කළේ බැල්කනි එකට වෙලා තරු ගණන් කරපු එක.මයන්තට ආදරෙ කරන කාලෙත් මම කළේ තරු ගණන් කරන එක .මොකද ඒ වෙද්දි මයන්ත හිටියෙ තරුවක් වෙලා අහසෙ හැංගිලා .එයා වාහානෙකට හැප්පිලා මැරුනෙ අපි කව්රුවත් නොහිතපු වෙලාවක.එදා මයන්ත මොකක්දො සුබ ආරංචියක් අරගෙන මාව බලන්න එන ගමන් හිටියෙ .ඒත් එයාට ආය කවදාවත් මාව බලන්න එන්න ලැබුනෙත් නැ මට එයාගෙ සුබ ආරංචිය දැනගන්න ලැබුනෙත් නැ.
දවසක එයා මැරුනොත් තරුවක් වෙලා මා දිහා බලන් ඉන්නම් කිව්වෙත් මයන්ත.ඒ නිසා පුරුද්දක වගෙ ගෙදරදි කරපු දේ මට ආමන්තගෙ ගෙදරදිත් අතැරගන්න බැරි වෙලා.ඒත් මම දැන් දන්නවා මයන්ත යන්න ගියත් ජිවත් වෙන ආමන්තට එයාගෙ අඳුරෙන් එලියට එන්න කාගෙම හරි උදව්වක් ඕන වග.නැත්නම් එයා දවසක තරුවක් වුනත් එයාට නිදහසෙ එලිය විහිදුවගන්න බැරි වෙයි.
මේ රෝස පැළේ පෙරේදා ගෙනාවත් තාම හිටවගන්න බැරි වුනෙ කලින් දවස් වල තිබුනු හිසරදය නිසාම.පුංචි පොහොට්ටු දෙකක් ඇවිත් තිබුන මේ පඳුරට මම ආස කළේ ඒක තිබුනෙ අනිත් මල් පැළ වලින් ඈතට වෙන්න හරි පාලුවෙන්.ඒක ගද්දි ආමන්තගෙ මුණ කනපිට ගහගත්තා.ඒත් කාටවත් එපා වුන රෝස පැළෙකට වුනත් ජිවත් වෙන්න අයිතිය තියනවනෙ.ඉතින් ඒ අයිතිය මම ගෙදර අරන් ආවෙ එහෙමය්…කාමරෙ ජනෙල් පඩිය උඩින් පුංචි පෝච්චියක මම එයාව ආදරෙන් පැළ කරලා දැම්මෙ ඒ නිසා…
ඊළඟට පටන්ගන්න මිෂන් එක වෙන්න ඕන මම ජිවිතෙ කරන්න හදන අමාරු ම මිෂන් එක.ඒ ආමන්තගෙ ආත්මය ඇතුළට යන එක.ඒ ඇතුලාන්තයෙන් ඔහුව හොයා ගෙන එලියට අරන් එන එක මගෙ වගකීම…”SAVE A LIFE”මම මගෙ බකට් ලිස්ට් එකෙ ඉහලින් ආමන්තව රදවලා තිබ්බා…ජිවිතෙ අමාරුම කාල වල වුනත් කරන්න බැරි දේවල් ලේසි කරන්න සමහර කුණාටු එනවා.ඒ අපිව පෙරලලා දාන්න නෙවෙයි.අපි යන මාර්ගයෙ තියන කුනු දූවිලි අයින් කරලා පාර පැහැදිලි කරලා දෙන්න.ඉතින් කුනාටුවක් කියන්නෙත් එක ආශිර්වාදයක් වෙන්න ඇති.හරියට මේ ඇරේන්ජ් මැරේජ් එක වගෙ….
පලවෙනි දවසෙ උදේම මම ආමන්තට තේ එක එක්ක පුංචි චිට් එකක් දවටලා එයාගෙ මේසේ උඩින් තිබ්බා .මම දන්නවා අදත් ඒ තේ එක ඇල් වෙන බව.ඒත් සමහර විට එයා ඒ චිට් එක දකී නැත්නම් නොදකී.හැමදේකටම තියෙන්නෙ 50%ක අවස්ථාවක්…ඒත් මම දන්නවා ආමන්තට වැරදුන තැන මට ඉක්මනින් හොයා ගන්න එක අනිවාර්යයෙන් කරන්න පුළුවන් බව……
රෑ කෑම ආමන්ත පිටින් අරගෙන ඇවිත් තිබුන බව මට කිව්වෙ ගෙදර උයන ගෑනු කෙනා.ඒ කියන්නෙ ආයමත් මට ආයමන්තගෙ මනසට රිංගන්න ලැබෙන්නේ පහුවදාට…හෙමින් කරන්න ඕන වැඩ වලට ඉක්මන් නොවිය යුතු නිසාම මම බැල්කනි එකෙ පුටුවෙන් වාඩි වුනෙ මගෙ බකට් ලිස්ට් පොතත් අරගෙන.ඒක ටිකක් බර නෝට් පොතක්.ඒක තමය් මම ගෙදරින් එද්දි අරගෙන ආව වටිනම දේ.මේක ඇතුලෙ මගෙ ජිවිතෙ වැඩියෙන්ම කැමති දේවල් එකින් එක පෙලගස්වන්න මට හුගක් කල් ගියා.මේ පොත මයන්ත අන්තිම වතාවට දුන්න තෑග්ගක්.එයාට ඕන වුනෙ එයාට රැකියාවක් ලැබුනම මම කැමති මගෙ බකට් ලිස්ට් එක එකින් එක ඉෂ්ට කරලා දෙන්න….අද මම කැමති දේවල් ලියලා තිබුනත් ඒවා ඉෂ්ට කරන්න මයන්ත නැහැ.ඒත් ඒ වෙනුවෙන් මම තව කෙනෙක්ගෙ ජිවිතය බේරන මෙහෙයුමක…
කොහොම හරි එදා කල්පනාව පිටම මට බැල්කනි එකෙ නින්ද ගිහින්.පහුවදා පාන්දර දැනුනු හීතලට ඇහැරෙද්දි තමය් මම නිදාගත්ත තැන ගැන මට කල්පනා වුනෙ…ඒ කියන්නෙ මේ මගෙ මිෂන් එකෙ තව දවසක්…මම ස්තූතිපූර්වකව විශ්වය දිහා බලලා හිනා වෙලා මගෙ වැඩෙ කරන්න පටන් ගත්තා ..ඒ වෙනුවෙන් තෝර ගත්⁣තෙ ආමන්තගෙ කාර් එක .අද චිට් එක මම එයාට පේන තැනකින් හොරෙන් තියලා ඉක්මනින් එතනින් අයින් වුනා.ඒත් මම දන්නවා අදත් 50%අවස්ථාවක් විතරයි එයා මේක කියවනවා කියලා මට විශ්වාස කරන්න තියෙන්නෙ ….
රෝස පැළෙ අද අලුතින් කොළ දළු දාපු දවසක්.පුංචි ම පුංචි කොළ හරිම ලස්සනය් .ඉර එලිය වැටිලා පුංචි කොළ රතු පාට වෙලා.හරියට ආමන්තගෙ තොල් වගෙ.කොහොමත් එයා කැටයකමක් තරම් ලස්සනය් .ඒත් හිනාවක් නැති එයාගෙ මූණ අඳුරු අහසක් වගෙ..පුංචි පුංචි වතුර බිංදු රෝස පඳුර හරි හෙමින් උරාගන්න දිහා මම බලන් උන්නෙ හරිම ආසාවෙන්.පස තෙත් කරගෙන එක සීරුවට රෝස පඳුර වතුර බිංදු අයිති කරගන්නවා .අඳුරු ගුරු පැහැ පස් තමය් මුල් වල අයිතිකාරයා .එයා ඒ මුල් දරාගෙන මුල් පෝෂනය කරමින් ජිවත් වෙවි අපිට ලොකු කතාවක් නිහඬව කියනවා..ඒත් කාටද ඕන එහෙම කතා අහන්න.ඒවට මිනිස්සුන්ට කොහෙද වෙලාවක්…
ආමන්තගෙ ජිවිතෙ වැඩියෙන්ම එයා කැමති තැනක් තිබුනා .ඒ එයාගෙ කාමරය.ඒක හරියට කලාගාරයක් වගෙ.දෙපාරකට තුන්පාරකට වඩා මම එතැනට ගිහින් නැහැ..මට යන්න ලැබිලත් නැහැ.ඒත් අද මොකක්දො හේතුවකට මට ඒ කාමරය බලන්නම ආස හිතුනා ..හෙමි හෙමින් දොරත් ඇරගෙන ඇතුලට ගියාමයි දැක්කෙ එතන වෙනමම ලෝකයක් බව..බිත්ති පුරාම තිබුනෙ හරි ලස්සන චිත්ර…දොර යටින් ඇතුලට එන අඳුරු පැහැ මිනිස් රූපයක් ඔහු බිම මත ඇඳලා තිබුනා .ඔහුගෙ ගිටාර් එක පවා ඔහුගෙ චිත්ර වලින් බේරිලා තිබුනෙ නැහැ…මෙච්චර ලස්සන සිතුවිලි තියන මනුස්සයෙක් කොහොමද එච්චර ගලක් වගෙ දරාගෙන ඉන්නෙ කියලා මට හිතාගන්න තවත් වෙලාව ඕන වුනා…
ජිවිතෙ හැම තරඟයකින්ම එයා දිනපු සම්මාන එයාගෙ කාමරය පුරාම තිබුනා ..ඒත් එයා ජිවිතෙ පරාද වුන හේතුව එයාව ඒ කාමරෙ හිර කරලා තිබුනා ….ආදරය කරන හිරිමල් කාලෙ අපිට කසාදය කියන්නෙ හරි සීනිබෝල හැඟීමක් .ඒත් විවාහයකදි අපි එකිනෙකා වෙනුවෙන් දරාගන්න කොච්චර වෙහෙසක් ගන්න ඕනද කියලා තේරුම් යන්නෙ එකම වහලක් යට තනි වුනාම…වෙන් වෙන්න ලේසි නමුත් දරාගෙන ජිවිතෙ ඉස්සරහට යන්න කොච්චර අමාරු ද?ඒත් අමාරු දේවල් ජිවිතේට අපි නොහිතන තෑගි අරගෙන එනවා කියලා මයන්ත දවසක් පැය ගානක් අතින් අල්ලන් කියා දුන්නු දේශනයක තිබුනා මතකය්.ඇත්තටම අපිට ඇයි ආදරයක් තිබිලා තියෙන්න ඕන කියලා කව්රු හරි අහනවා නම් ඒ අපිට අමාරුම කාලයක දරාගන්න අපිට ආදරණිය මතක ඕන නිසා.සමහර විට මිය ගිය ආත්මයක් වුනත් ජිවත් කරන්න ඒ වචන වලට පුළුවන් …..
හදිසියෙ ආමන්තගෙ ඔෆිස් එකට මට යන්න වුනෙ ටවුන් එකට ආව ගමන් මම ආව කාර් එක කැඩුනු නිසා.එයාගෙ කාර් එක දෙන්නම් එන්න කිව්වෙත් එයා.ඒත් මම යද්දි ආමන්ත ලොකු මීටින් එකක බවත් එයා යතුර සෙකට්රි අතට දුන්නු බවත් මට කිව්වෙ ⁣ඔෆිස් එකෙන්.මට චුට්ටක් ආමන්තගෙ ඔෆිස් රූම් එක බලන්න ආස හිතුනු නිසාම මම බොරු උවමනාවක් මවාගෙන ඇතුලට ගියා…කාමරෙ පරාදය් මෙතනත්.එයා වෘතිය මට්ටමින් දිනපු සහතික ,සම්මාන පිරිවරාගෙන එයා හිනා වෙලා ඉන්න ලස්සන පිංතූරයක් ඒ කාමරයෙ බිත්තියක් වහගෙන උන්නා.ඇත්තටම එයා සාර්ථක මනුස්සයෙක් ජිවිතෙ කොහෙදො අසාර්ථක වුන…අතට අහු වුන පුංචි කොළ කෑල්ලක මම මගෙ මිෂන් එකෙ චිට් එකක් තියලා ආපහු එන්න ආවා.එයා ඒක සමහර විට දකීවි.සමහර විට නොදකීවි.හැමදේකටම තියෙන්නෙ 50% අවස්ථාවක්..
මම අවසානෙට දකිද්දි රෝස පැළෙ සතුටින් හිස ඔසවලා තිබුනා.පුංචි පෙති හෙමි හෙමින් ඇස් අරින දිහා මම ආසාවෙන් බලන් උන්නා.මම හරි ආසාවෙන් ඉන් එක මලක් සිප ගත්තා.ඒ මල අනිත් මලට වඩා වෙනස් .ඒ මල ධෛර්යවන්තව හිස ඔසවපු හැටි මම මුල ඉදන් දැක්කා .හැම ඉර එලියකටම ඒ මල නිරාවරණය ⁣වෙන්න උත්සාහ නොකළත් මම එක්කම ඒ මල හිනා වෙන බව මම දැනගෙන හිටියා.අඳුරු මුල් පරාජය කරගෙන ඒ මල ජිවිතෙ දිනාගෙන තිබුනා ..ඒකත් හරි පරිස්සමෙන් ..ඉතින් ඇය් අපි අපේ ජිවිතේට ඉඩක් දෙන්න ඕනෙ කියන එක මට කියන්න වචන නැති වුනත් හැම ජිවිතයක් ම වටින දෙයක්.එය අඳුරු වුනත් වඩාත් ආලෝකමත් වුනත්.හැමදේකටම අවශ්ය පුංචි කාලයක් විතරයි …ඒ නිසයි ඉවසීම කියන පොහොර සබඳතා කියන පසට අප එකතු කළ යුත්තෙ එවිටයි ආදරය නැමති මල් අපට නෙළාගත හැක්කෙ…
මට ඔයාලට කියන්න තියෙන්නෙ මම මෙ ලබාගත්ත අවෝර්ඩ් එක අයිති මගෙ බිරිඳ නේත්ත්රා ඉරුගල්බංඩාරට…මම මේ කියෙව්වෙ එයාගෙ එක පුංචි මෙහෙයුමකින් මාව මනුස්සයෙක් කරපු කතාව.මම කැමති මේ සබාව ඉස්සරහා කියන්න මම ජිවිතෙ වැරදි දෙකක් කළා…එකක් එයාගෙ ආදරය මගෙ වාහනෙන් යට වුනු කතාව…අනෙක මම නේත්ත්රාට ආදරය කළ කතාව…ඒත් ඒ කතා දෙකම නොදැන අද නේත්ර යන්නම ගිහින්.එයා මාව ගැඹුරු ආගාධයෙන් එලියට ගන්න දරපු උත්සාහයට මට එයාට ස්තූති කරගන්න ලැබුනෙ නැහැ.ඒත් මට එයාට ඒක කියන්න හුගක් උවමනාව තිබුනා .මේ සාර්ථකත්වය එයාට පෙන්වන්න මට උවමනාව තිබුනා.එයා මේ දිනපොතෙ කියනවා වගෙ මටත් තිබුනා එයා ගැන හොයා බලන්න ..එයා මොන වගෙ තත්වයක ඉන්නවද නැද්ද බලන්න…මම හීනෙන්වත් නොදැන හිටි ලෙඩක් නිසා එයා යන්න ගිහින්…මම එයාව අන්තිමටම දැක්කෙ පිළිකා රෝහලෙ ඇඳක් උඩ….හැබැය් එයා හරි ලස්සනට හිනා වෙලා මගෙ අ⁣තෙ එයාගෙ මැජික් වචන කිහිපයක් ලියපු කොලයක් හිර කළා.
ඒ එයා මට කිව්ව අවසාන වචන කිහිපය.ඒත් ඒ වචන වලට පුළුවන් වුනා අද වෙනකම් මාව ජිවත් කරවන්න..ඒත් ඒ අඳුරු කතාව එදා මට ඇයට කියන්න තිබුනා.එදා මම මගෙ පෞද්ගලික කාරණාවකට තරහා අරන් වේගයෙන් වාහනෙ පදවගෙන ගිය දවසක්..මට ඉස්සරහින් එන වාහන එක්ක ඔරොප්පු වෙවි තරඟ කරපු දවසක්.ඒ දවස මගෙ ජිවිතෙන් හරියටම පලුවක් අරගෙන ගියපු දවසක්..ඒ දුකටත් එක්ක මම ෆෝන් එකත් කනෙ තියාගෙන ආව දවසක්…මාත් එක්ක රේස් ගිය කාර් එක එක තැනකදි නතර වෙනවා.හැබැය් විනාඩි කිහිපයකට.බොහොම ඉක්මනින් ඒ කාර් එක එතනින් යන්න යනවා.එතනදි තමයි මම දකින්නෙ එතන කෙනෙක් වාහනයකට හැප්පිලා …
මම ඔහුව වාහනයට දාගත්දි පවා ඔහු උන්නෙ ජිවිතයත් මරණයත් අතර සටනක.මම ඔහුව වාහනයට දාගෙනත් තව විනාඩි කිහිපයක් කල්පනා කළා මම මොකක් ද මේ කරගත්තෙ කියලා.මොකද මම නිසා කෙනෙක් ජිවිතයත් මරනයත් අතර සටනක..ඒත් මම වගේම මනුස්සයෙක් .මට ඕන වුනෙ කාර් එක ඉක්මනින් පණ ගන්වගෙන ඔහුව රෝහල් ගත කරන්න.ඒත් මම දන්නවා ඊට පස්සෙ මට සිද්ධ වෙනවා ඒ වෙනුවට වග කියන්න.ඒ නිසා මම තීරණය කරනවා තවත් පියවර කිහිපයක් ඉදිරියට ගෙන ගොස් ඔහුව දමා යන්න…ඒ වගෙ තීරණයක් මම ගන්නවා…
මම ඔහුව මහ පාර අයිනෙන් තියලා ආපහු නැගිටින්න හදද්දි ඔහු මගෙ අතින් අල්ලගන්නවා.ඒ වෙද්දිත් ඔහු පණ පිටින්…මට ඕන එතනින් ඉක්මනින් පැන ගන්න..නමුත් ඒ අත් මාව දැඩිව අල්ලගෙන.අනෙක් අතෙන් ඔහු සාක්කුවෙන් යමක් ඇදලා ගන්නවා…ඒ ඔහුගෙ පෙම්වතියගෙ නැත්නම් මගෙ මිය ගිය බිරිඳගෙ ජායාරූපයක්…ලේ පිරුණු ඔහුගෙ ඇඟිලි වලින් යමක් ඔහු ජායාරූපය මත ලියලා මම අතින් තියනවා.නමුත් අවාසනාවකට එය කියවන්න සුදානම් වෙද්දිම ඔහු මිය යනවා.ඔහු ඔහුගෙ ජිවිතයෙ ලොකුම පදාසය මට බාර කරලා යන්න ගියෙ එහෙමය්
“Save her ife “
මම එයින් පසුව ඇයට විවාහ යෝජනාවක් යවා ඇයව විවාහ කරගන්නවා .මේ කිසිත් නොදන්නා ඇය මා සමඟ විවාහ වෙනවා.ඇය දේව දුතියක් වැනි කාරුණික හදවතක් තිබු ගැහැණියක් .ඇගෙ කරුණාබර මුහුණ මට කිසිදිනක අමතක කළ නොහැකි .ඈ දුටු විටම සිප ගන්න තරම් සිතෙන හැඩ මලක්.නමුත් ඇගෙ ජිවිතය උදුරා ගත්තෙ මමය කියන දැඩි චෝදනාව ඈ සමඟ වාසය කළ සෑම දවසකම මගෙ සිත පෙලු කාරණයක්.ඒ නිසාවෙන් මම ඇයව ටිකෙන් ටි⁣ක මඟ හරින්න පටන්ගත්තා.නමුත් දෛවය ඉතා කුරිරු ලෙස ඈව මගෙන් උදුර ගත්තා…
ඒ නිසාවෙනුය් මම කියන්න ඕනම කාරණයක් විදිහට ඈ ලියු සෑම කුඩා දිරිමත් කිරීමේ පුංචි පුංචි කඩදහි එකතු කළේ.ඈ දන්නෙ නැහැ මා ඒ සියල්ල කියවු බව.ඈ සිතන්න ඇති මා ඒවා නොකියවාම වීසි කර දැමු බව.නමුත් ඈ මාව ටිකෙන් ටික ප්රතිනිර්මාණය කරද්දි මා ඇයට ආදරෙ නොකළ බව කෙසේ නම් කියන්නද?මා ඈට ආදරෙ කරන තරමටම මා ඇයට කළ වරද මගෙ සිත රිදවා දැමුවා….නමුත් මට තිබුනා ඇය මා ළඟ සිටින මොහොතෙ ඇය සමඟ මාව බෙදාගන්න එසේ නම් ඇය මට සමාව දෙන්න තිබුනා .නමුත් මා එසේ කළේ නැහැ…ඒ නිසාවෙනුය් අපි අපෙ ලබැදියන් වෙනුවෙන් කාලය වැය කළ යුතු බව මම මෙතරම් දීර්ඝ ව ප්රකාශ කළේ.මොකද අද නැත්නම් හෙටට අපි කල් දාන සමහර කාරණා අපිට ආය කියාගන්න අවස්ථාවක් නොලැබේවි…
ඉතින් මම කැමති මේ කේෂ්ත්රයේ ඉස්සරහට එන්න කැමැත්තෙන් ඉන්න ඕනම කෙනෙක්ට අත දෙන්න ඒ වෙනුවෙන් මට කතා කරන්න…ඒ වගෙම මේ මගෙ අවසන් ව්යාපාරික හමුව වෙන්න පුළුවන් මොකද මම තීරණය කළා ඈ වෙනුවෙන් ඇගෙ ආශාවන් ඉෂ්ට කරන්න…ඉතින් නෝනාවරුනි මහත්වරුනි ජිවිතෙ ඔබට අවස්ථා ඕන තරම් දෙන්න පුළුවන් මම ආයෙම කියන්නම් ඒ අවස්ථා කවදාවත් මඟ ඇ⁣රගන්න එපා මොකද ඔබට ඔබවම මඟහැරෙවි……
මකරි
උපුටා ගැනීම: Dilki Nadeeshani

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!