සාමාන්ය ජීවිතයේදී පවුඩර් ටිකක්වත් හාවිතා නොකරන මට මගුලකට යන්න සායම් ගෑවම හරියට නිල් බාල්දියට වැටුන නරියා වගේ තමයි. සම්පූර්ණ වෙනස් අනන්යතාවයක් ලැබෙන්නේ. ආශ්චර්යා රායි, ප්රියන්කා චොප්රා තරම් හැඩ වැඩ නැතත් අර රානු මොන්ඩල් ටයිප් එකෙන් මිදිලා අපායේ කැලැන්ඩරේ දැක්කම වමනේ යන ගතිය නැති වෙලා. අඩුම ගානේ පිලිකුල් භාවනාවට කමටහනක් වෙන්න තරමටවත් ප්රිය මනාප ගතියක් එනවා.
මේකත් ඉතින් මට වෙච්ච එහෙම සන්තෑසියක්ම තමා. දවසක් මට කඩවත මගුලකට යන්න වෙනවා , ඉතින් සුපිරි සායම් කාරියක් ගාවට ගිහින් සුපිරි ගනනක් ගෙවලා ඇද පැලදගෙන මගුලට යනවා. සැලුන් එකට ගිය මං නෙමෙයි එලියට එන්නේ, ඔය බාගෙට සැලුන් දොරින් රිංගා සම්පූර්ණයෙන් රිංගුවානම් අන්දනවා ඇන්දිල්ලක් මට මාවත් හොයා ගන්න බැරි වෙන්න. අන්දලා ඉවරවෙලා කන්නාඩිය ලගට ගියාම මට මාවම අදුරගන්න බැරිවුනා හරියට පිටසක්වල ජීවියෙක් වගේ. වලවල් වහන්න පොටි ගාලා, බදාම තට්ටු තුන හතරක් උලලා හදේ ආවාට වගේ තියන මගේ මුනේ ලප කැලල් වහලා මුනත් තහඩුව තියනවා චීස් කෑල්ලක් වගේ දිලිහි දිලිහි.
ඇස් වහක් , කට වහක්, හෝ වහක් නැහැ දැක්කම හිත පිරෙනවා. හැබැයි මුන ආශ්චර්යා වගේ වුනාට මොකද බෙල්ලෙන් පහල වාරිස් ඩයරිගේ වගේ, මක්කා කරන්නද වෙලාවත් ගතවෙලා යාලුවෝ මාව ගන්න එන වෙලාවත් කිට්ටුයි ආපහු මුල ඉදලා මේකක් කරන්න යැයි පුළුපුලුවන් හැටියට වෙනස්කම් ටිකක් කරගෙන වාහනේට නැග්ගා. කවුරැත් වැඩි කතාවන් නැහැ තම තමන්ගේ මනෝ ලෝක වල යනවා, මම හිතුවා ඉතින් කියවනකොට කටේ ලිප්ස්ටික් එහෙම යනවානේ ඒක නිසා
අමාරුවෙන් ලත් දේ අසීරුවෙන් රුකගන්න උත්සාහ කරන නිසා කියලා.මාත් ඉතින් නිශ්ශබ්ද විලියම්ගේ බාල නංගි වගේ ගියා කට වහගෙනම.
ලැජ්ජා නහරේ ඉලිප්පිලා ඇවිත් වැඩිය එලිය නැති තැනක වාඩිවුනා අදුරට මුවාවෙලා. මට දැන් ඕනා නම මාර්ක් කරලා මෙතනින් පැනලා ගිහින් මේ සායම් තට්ටුව හෝදලා දාගන්න.
විදුලි මිණි පහන් දැවී
බොළඳ ගී සිනා රැළී
නිලංකාර අදුරේ සිරවී සැඳෑ සාදයේ
කුරා කුහුඹු මිනිසා වෙමි මා
කිය කියා මම හිත හිතා ඉන්නවා. සියක් දිලිසෙන සර්ව පිත්තල ලෝකේ නුරා කුහුබු මිනිසාම තමා මම
එන්න කන්න බොන්න මිහිරේ
සැමටයි ආරාධනා
ඔබේ හඬ කිදී සිදී යයි
කතා සරිත් සාගරේ…
දෙන්න කන්න බොන්න කොකියා
දෙනෙතින් ආරාධනා
දෑත පා ඉඳුල් යදී ඇස්
ගයා හංස ගීතිකා..
පිංතූර කිහිපයක් ගහලා මුහුණු පොතට දාන්න දැන් කට්ටිය සලුපට පැත්තක දාලා හැදි ගෑරප්පු යුද්දෙක. හරියට එලාරයි දුටු ගැමුණු යුද්ධය වගේ.
ඔබේ ලෝකයෙන් එහා
මගේ ලොව බලා හිඳී
පළා යමි ඔබේ ලොවෙන් මා
දෙපා සමු නොදී..
ඉවසපන් පපුව ඉවසපන් කිය කිය මාත් හැංගි හැංගි ඉන්නවා පලා යන්න මොහොතක් එනකම්. ඔන්න එතකොට එතනට එනවා අපේ කලමනාකාර උතුමා මං දිහා බලලා හලෝ කියලා කියලා අනිත් අයත් එක්ක කතා කර කර ඉදලා යන්න හැරිලා අහපි
” කෝ කුමරිනී ආවේ නැද්ද කියලා”
යාලුවෝ මට ඉගි කරලා කියපි නැහැ කියලා
” ඒක තමයි එයා පොඩ්ඩක් උඩින් ඉන්නේ නේද? ” මිනිහා කියනවා.
මගේ ඇස් ගෙඩි දෙක ගොරකා මදයක් වගේ ඉදිමිලා ඉස්සරහට පනින්නෙත්, චිකිස් කියාගෙන යාලුවන්ගේ මුහුනෙන් හිනාව පනින්නෙත් එකට.
පස්සේ බැලින්නම් කියපි වාහනේ එද්දි මාත් එක්ක කතා නොකලෙත් එක පාරටම අදුරගන්න බැරිවඅන නිසා කියලා, බොසා අදුර නොගත්ත එක පුදුමයක් නෙමෙයිලු.
එදත් අදත් හරි මම දැන් සායම් උලන හැම මොහොතකම කොච්චර ක්ෂෙත්රයේ නිපුනයෙක් වඅනත් මගේ උපදෙස් එයාට දෙනවා. එයාගේ පලපුරුද්ද වගේද මගේ නම්බුව.
උපුටා ගැනීම: කුමරිනි මලලසේකර