ඔන්න ආදර කතාවක් මේ.
මගේ පලවෙනි එක.
ලස්සනට ලියන්න නන් බෑ ඉතින්. ඉස්කෝලේ සාහිත්‍ය ටීච ලස්සනයි. ඉතින් විචාර ලියන්න කියල දෙද්දි අපි ඇහුවෙ බැලුවෙ වෙන වෙන ඒවනේ.
වැරදි වලට සමාවෙන්න ඕනි ඈ.
කතාව ටැරැන්ටිනෝ මොඩල් වගේ ඈ.
සින්දුවකුත් එක්ක කතාව හිමීට
පාට් වන් ( 1 කොටස ) ලපටි කාලෙ.
දෙදාහට කලින් ඉපදුන කොල්ලෙක් ඈ. 2008 09 කාලෙ වෙද්දි ඉතින් හිරි වැටෙන්න ගත්තු කාලෙ යාන්තන්.
” ආදරයේ උල්පත වූ අම්මා “
කිය කියා ඉදිය මටත් ලව් එකට කෙල්ලෙක් ඕනි ඕනි වගේ දැනෙන්න ගත්ත කාලේ.
ඕක හිතිල සතියක් ගියෙ නෑ ඔන්න අහම්බෙන් දැක්කා කෙල්ලෙක්.
අහම්බෙන් දැක්ක කියන්නේ කෙල්ලො ටිකක් එක්ක යනකොට ලාවට පෙනුනේ. ඒ ලමයගෙ උස (කොට) අඩි 4යි අගල් 8ක් 9ක් වගේ.
පලමු බැල්මෙන්ම ප්‍රේමය.
” කවුද ඔබ කවුරුන් දෝ
මලක.පිනි බිදුවක් දෝ “
සුදු පාට කෙල්ලෙක් නෙමේ උනාට අම්මෝ ඉතින් කියන්න තේරෙන් නෑ මාරයි.
” අම්මට පින් ඇත මේ දුව හැදුවට “
දැකලාවත් නැති නැන්දම්මට පින් දෙන්න ගත්තා ඒ කාලේ.
කොහොමින් කොහොම හරි පස්සෙන් ගිහින් ගිහින් යාලු කර ගත්තා. අනේ ඉතින් ඒ කෙල්ල මගේ මොකට යාලු උනා ද මන්දා ඕයි
” නයන කලූ ඔබ මගේ කලූ “
ආදරෙයි අම්බානක…
ඕ කාලේ උන් දන්නවා ඇතිනේ ෆෝන් එහෙම ළොකුවට නෑ. මට තිබ්බ තඩි සයිස් චයිනිස් ලඩියක්. ඒකිට අම්මගේ ෆෝන් එක තිබ්බා.
ඔන්න මරු කාලේ.
” මන් බොලද වියේ බැදි හාද “
ඉස්කෝලෙ ගෙනියන්න ගෙදරින් සල්ලිත් දෙන් නෑ ඒ කාලේ වියදමුත් නෑනේ වැඩිය. දෙයියන්ට පින් සිද්ද වෙන්න ලන්කාවට වැඩියා එයාර්ටෙල්.
සිම් ඒහෙම නිකන් දීලා තව 25ට කාඩ් එකකුත් තිබ්බ මැසේජ් 500ක් ෆ්‍රී.
සමහර දාට දවසට මදි 500ම.
ආන් එහෙමයි අපේ අදරේ මතක තියා ගනිල්ලා.
” මා ආදරෙයි මුලු ලොවටත් වඩා “
ඕන් ඔහොම ගියා කාලේ. ඉස්සර දැන් වගේ නෙමේ හම්බෙන්න එහෙමත් ලොකුවට බෑ අනික අපි දෙන්න ඉස්කෝල 2ක.
එයා අගහරුවාදා එනවා අපෙ ටවුමට ඉස්කෝලෙ ඇරල එහෙමම ගනන් ක්ලාස් එකකට.
” පොත් පත් අහුරා මුදු ලැමට තුරුලු කරලා “
ලැම ලොකුවට නොතිබුනාට මට ඉතින් එහෙමයි ආදරේ හිතෙන්නේ.
ඇති ඇති.
පාට් ටූ ( 2 කොටස ) ඒ ලේවල්
ඔන්න ඉතින් සාමාන්‍ය පෙල දෙන්නම.සමත් වෙලා. ඒත් තාමත් ඉස්කෝල 2ක.
එයා කලේ කොමස් කියන එක.
මන් නන් වෙන එකක්.
ඒත් ඉතින් ලන්කාවේ ප්‍රසිද්ධම නගරේ ක්ලාස් වලට දෙන්නම ගියේ.
එයාට සෙනසුරාදා විතරයි ක්ලාස්. සක්යා එකේ තමා
මන් සෙනසුරාදා වෙන්නෙ කවදද කිය කියා ඉන්නේ ඇගිලි ගැන ගැන.
වෙන.මොනාටවත් නෙමේ මටත් ක්ලාස් හින්දා.
එදට එයාව දැක්කත් හිත පිරෙනවා.
” කරඹ යායේ ලවැලි පාරේ මගේ හද දිනු අරුන්දතී “
එයානේ ඉතින්.
හැබැයි ක්ලාස් ආවට එයාගෙ ගේ ගාව යාලුවෙක් ඉදිය නිසා අපිට කතා කරන්න බෑ. බලන් ඉන්නව විතරයි
” දුරින් හිද ඔබ දෙස බලන්නන් සිතින් විතරක් පෙම් කරන්නන් “
දවසක් දා යාලුවා ක්ලාස් එන්නෙ නෑ කිව්වා.
ඔන්න ඉතින් දෙන්නම ක්ලාස් නොගිහින් එදා දවසෙ කරන පාඩම සාකච්ඡා කරන්න නාවල වැලි පාක් එකට ගොඩ උනා.
” ඔබේ අත ගෙන පෙර සැදාවක, උයන් තෙර හිද ආදරෙන් “
ඕම කිව්වට අපි ගියේ නන් හවස නෙම්මෙ ගිනි ගහන අව්වේ.
ඉතින් ඔහොම දුර යන ප්‍රේමෙ
“දිනෙක හිරු බැස යන වෙලාවක, සයුරු වෙරලක හුදකලාවක”
ඉන්න උනේ නෑ සෙනගනේ අම්බානක.
ඒත් දවසක්,
” රගහල දැන් ඇත අඩ අදුරේ අප දෙදෙනා පෙම් පිලි සදරේ “
යකෝ මන් අතින් ඇල්ලුවා විතරයි
” ෆිල්ම් බලන්න නේද ආවෙ වද දෙන්න එපා මෝඩයෝ ” කිව්වා.
ඕකේ නෝ ප්‍රොබ්ලම්.
ඉතින් ඔහොම කල් ගිහිල්ල ගිහිල්ලා ඒ ලෙවල් ලගටත් ආවා.ක්ලාස් එකේ අන්තිමට ජූලි මාසෙ අග වගේ හම්බෙලා කතා කරලා ගියා ඒ ලෙවල් හොදට කරමු කියලා. ඒ ටිකේ ෆෝන් එකත් අයින් කලා කෙල්ල.
ආහ්හ්හ් තව එකක් කොල්ලො 3 4ක් මට මරන තර්ජනත් කලා කෙල්ල එක්ක ඉන්න එකට.
” බිදුවක් ඉවසා අහන්න හිතවත ඈ මගේ පෙමවතියයි “
කියන්න ගියා නන් උන් මට නෙලනවා හොදට.
පාට් ත්‍රී ( 3 කොටස )
ප්‍රතිපල ආවා.
ආහ්හ් මන් ඒ ලේවල් ලිව්වෙ නෑ පොඩි කේස් එකක්. ප්‍රයිවට් අනේ. ඒවා කියන්න බෑ.
කෙල්ලගෙ රිසාල්ට් ශීට් එකේ ඉන්ග්‍රීසි හෝඩියේ මුල් අකුරු 2 විතරයි
මන් ඉතින් ” හන්තානට පායන සද ලස්සනයිද කියන්න ” ඩවුන්ලෝඩ් කරන්න හදද්දි,
කෙල්ල කිව්වා මන් කැම්පස් යන්න ආස නෑ මට බෑ කියලා.
අනේ මන් කුහක නොවුනට ඒක කිව්ව ගමන් පට්ට කික්.
” ඔබෙන් තොර වූ ලෝකයක් කොයින් දෝ “
ඊලග අවුරුද්දත් ආවානේ මාත් ඒ ලෙවල් ලිව්වා.
පාඩම් වැඩ එහෙම අම්බානක කරන්න බෑ සිරාවට කෙල්ලවම මතක් වෙන්නෙ. පාඩම් නොකර මන් ඒකිගෙන් බල්ලට වගේ බැනුම් අහන්නේ.
” නෝක්කාඩුවට පසුව ඇගේ වත අර සදටත් වැඩියෙන් එලියයි “
සත්තයි
රිසාල්ට් ආවම මාත් ගොනා උනාට හොදට පාස්. ලන්කාවෙ හොදම සරසවියකුත් සෙට් වෙන්න සීන් එක. මන් නන් යනවා කීවා සෙට් උනොත්.
සෙට් උනා මන් ගියා.
පාට් ෆෝ ( 4 කොටස )
කැම්පස් ගිහිල්ලා නොකලේ පාඩම් වැඩ විතරයි. ආහ් උබලා හිතන්නෙපා ගියාට පස්සෙ පොර උනා කියල.
මන් යන්න කලිනුත් හොද හැටි මේකෙ තෙම්පරාදු වෙලා තියනවා.
බොන ඒවට එහෙම කෙල්ල කැමති නෑ ඒත් චාන්ස් දුන්නා. ඉතින් එයාට කියලා බොනවා මාසෙට් සැරයක්.
නොකියා බොනවා 10 පාරක් විතර හොරෙන්.
” මීවිතකින් ගත උනුසුම් වූවට සිත උනුහුම් වේදෝ “
නෑනේ ඉතින් කෙල්ල තමා අමුර්තේ.
වැඩත් එක්ක කෙල්ලව ටික ටික මිස් වෙන්න ගත්තා. ආදරේ අඩුවක් නෙමේ වෙන කෙල්ලෙක් දිහා ඇහැක් ඇරල බලන් නෑ ඒච්චර ආදරෙයි නේ.
” මට මුලු ලොවම ඔබයි ” අක්කේ.
ඔව් ඉතින් මාස 4 5ක් වැඩිමල්නේ අක්කා තාමා එතකොට වෙන්නෙ.
රන්ඩු එහෙම ලොකුවට නෑ. ආදරේ මගෙ උපරිමයි අඩුපාඩු උනාට.
දවසක් එක පාරම කියනවා අපි මේක නවත්තමු ලු.
” මේ දිවිය අතර මගකින් මග නතර නොකර හිනැහෙන් “
කියන්නෙ කොහොමද ලෝකෙ නැවතුනා වගේ දැනෙද්දි අවුරුදු 6ක් ඉදලා.
හේතුවක් කාරනාවක් මුකුත් ණැතුව ඇතෑරුන ආදරේ. පිස්සු නොහැදුනා විතරයි. ඒ කාලෙ කලකී දේවල් ලියන්නෙ නෑ ලැජ්ජයි ඒ තරම්.
” කොහේ හෝ නුඹ නතර වී, කාට හෝ ජීව්තය දී, තුටින් නම් මට ඒ ඇතී, මගේ නොවුනට කම් නැතී “
අවුරුදු ගානක් ගිහිල්ලත් තාම ආදරේ එහෙමමයි.
එකම එක පෞද්ගලික කතාවක් ඒ කාලෙ උන. දවසක් කිව්වා බැන්දට පස්සෙ,
“මට ඔයා වගේම කොල්ලෙක් ඕනි “
කියලා.
දැන් බැදලා ඉන්න කොල්ලා ටිකක් මන් වගේමයි කියලා මට ඒකිගේ යාලුවෙක් කිව්වා.
” මට ඔයා වගේම කොල්ලෙක් ඕනි “
මන් උන්නේ මන් වගේම දරුවෙක් ඕනි කිව්වා කියලා යකෝ.
ඉතින් ඇති. අතීතේ ඉදියා මේක ලියපු පැය පුරාවටම.
” අම්මා කෙනෙක් බිරිදක් වෙලා, ලොව කාට හෝ ඔබ උරුමැතී, සතුටින් ද ඔබ පෙරටත් වඩා, මගේ ඉපැරනි පෙම්වතී “
කැපෙන්නම්.
උපුටා ගැනීම: Jax Teller