හිමිවීම් ,අහිම්වීම් දුක සතුට මේ හැමදේම එක්ක ගෙවන ජීවිතේ තුල මොන දේ සිද්ධ වුනත් හැම ජීවිත කතාවකම තියෙනවා අමතක කරන්න බැරි මතක ගොන්නක්
ඒ අමතක කරන්න බැරි සමහර මතක අතර කෙනෙකුට තියෙන්න පුළුවන් දුක විතරක්ම උරුම වෙච්චි මතකයන්,තවත් කෙනෙකුට තියෙන්නෙ පුළුවන් සතුට විතරක්ම උරුම වුනු මතකයන් එහෙම නැත්නම් මේ දෙගොල්ලන්ටම තියෙන්නෙ පුළුවන් දුක සතුට හැමදේම උරුම වුනු මතකයන්
මොන දේ කොයි විදියට සිද්ධ වුනත් මගේ මතකය අදටත් තියෙන්නෙ ඒ ආදරේ ලගමයි ලබා ගන්නට නොහැකි කල බලා හිද සැනසෙනවා හැර මට මගේ ජීවිතේ වෙන කරන්න දෙයක් ඇත්තෙම නෑ
මේ මට අහිමිව ගිය මගේ ප්‍රේමයයි
හලෝ මචං කළණ…..උබ මොක ද කරන්නෙ…කොහෙ ද ඉන්නෙ බං..
හලෝ ඉසුරු …..කියපන් මං ගෙදර ඉන්නෙ බං…..
මේ අන්දිරිස් සීයාගෙ මළගෙදර යන්නෙ කීයට ද…..
උබලා දැන් යනව ද බං… යනවා නම් යමන් විනාඩි පහ ක් දීපන් මං ඉක්මනට ලැහැස්ති වෙලා හංදියට එන්නම්..
ඔව් බං දැන් ගිහින් එමු නේද….. හෙට අවසන් කටයුතු කරන දවසෙන …..උබ එහෙනම් විනාඩි පහෙන් ලැහැස්ති වෙලා හංදියට වරෙන්කෝ….උබ එනකන් අපි හංදිය ගාව ඉන්නම්
හරි හරි මචං මං ඉක්මනට එන්නම්කෝ…..
ගමේ අන්දිරිස් සීයාගෙ මළගෙදර යන්න තියෙන හදිස්සිය ඉක්මනට ලැහැස්තිත් වෙලා හංදිය පැත්තට ගොඩ වුනා……
ඉතින් ඉතින් උබලට කොහොමද බං…..
අවුලක් නෑ කළණයා අපි ඉතින් සැපේ ඉන්නවා…. උබට කොහොමද
මටත් අවුලක් නෑ මාත් ඉතින් ගෙදරට වෙලා ඉන්නවා බං ……
මේ එක නෙවෙයි දැන් උබ හමුදාවට යන්න ඉන්න වැඩේ මොකෝ වුනේ ඊයෙ නේද උබ පලවෙනි ඉන්ටව් එකටත් යනවා කීවෙ……
ඔව් බං මං ඊයෙ තමයි ගියෙ අවුලක් නෑ ඒක නම් පාස් වුනා… කොහොමත් ඉතින් තව අවුරුද්දක් වත් යයි බං ඒක සෙට් වෙන්න….
හරි හරි…..මේ එහෙනම් ඒ සතුටත් එක්ක පොඩි අඩියක් එහෙම ගාලා මළගෙවල් පැත්තෙ යමන් ද…..
අඩෝ ඒක නම් මරු අදහස කාලෙකින් සෙට් වෙන්නෙ නේද බං අද මං ගානෙ ඔන්න එහෙනම් බෝතලයක් ගේනවා… මේ තරිදු යමන්කෝ අපි දෙන්නා ගිහින් බෝතලයක් ඇරන් එමු….
මේ ඉසුරු…මම යි තරිදුවයි ගිහින් බෝතලයක් ඇරන් එන්නම් උබ මන්දයා එක්ක එකතු වෙලා බයිට් එකට කන්න බොනවා හරි ඇරන් වරෙන්කෝ …….
හරි හරි….කළණයා උබ එහෙනම් පරෙස්සමින් ගිහින් වරෙන්කෝ…අපි වැඩේ සෙට් කරලා තියන්නම්…
හරි මචං එහෙනම් අපි ගිහින් එන්නම්….
මළගෙදර යන්න කලින් හමුදාව යන්න තිබ්බ පලවෙනි ඉන්ටව් එක පාස් වුනු සතුටටත් එක්ක අපි පදමට සෙට් වුනා
මේ මේ දැන් නම් බීවා ඇති නේද බං මළගෙදර යන්නත් ඕනිනෙ…
හරි හරි ….කළණයා තව චුට්ටයි තියෙන්නෙ ඒක ඉවර කරලා අපි මළගෙදර යමන්කෝ …
මේ එහෙනම් ඕක ඉක්මනට ඉවර කරකෝ මළගෙදර යන්න….
හරි හරි…. එහෙනම් නැගිටපන්කෝ මළගෙදර ගිහින් කෑම කාලා බූරුවා පාරක් ගාලා අන්දිරිස් සීයාත් බලලා එන්න …
මළගෙදර කට්ටිය ගොඩාක් ඉන්නවා නේද බං….මේ තරිදුවා කොහෙ ද අපි ඉද ගන්නෙ කියකෝ…
ආ අර තියෙන්නෙ අර ගහ ගාව ගිහින් ඉද ගමුකෝ….
යමන්කෝ යමන්කෝ…. මේ….අර කවුද බං අතන ඉන්න ලස්සන චූටි කෙල්ල….
කෝ බං කොතන ද ඉන්න….
අර ඉන්නෙ බං සුදු පාට ගවුමක් ඇද ගෙන…..
අඩෝ කළණයා ඇයි බං උබ ගමේ වෙලත් දන්නෙ නැද්ද ඒ ඉන්නෙ අපෙ ගමේ උපාලි මාම ගෙ දුවනෙ බං…..
පල පල යන්න බොරු කියන්නෙ නැතුව…එච්චර ඉක්මනට කොහොමද බං ඒකි ලොකු කෙල්ලෙක් වෙලා ඔච්චර ලස්සන වුනේ…..
මේ ඉසුරු……ඇත්තටම ඒ කෙල්ල ද බං දැන් ඒ කෙල්ල ලස්සනයිනෙ…මට ඒකිව දැක්ක ගමන් ම මගෙ හිත ගියා වගේ බං
මේ ඉසුරු…. ඒ කෙල්ලගෙ නම මොකක්ද බං දැන් මොනව ද කරන්නෙ කියලා හොයලා බලලා කියකෝ…..
චුට්ටක් ඉදපන්…ඒ කෙල්ලගෙ ගෙවල් ගාව මගෙ යාලුවෙක් ඉන්නවා මං උගෙන් විස්තරේ අහගෙන එන්නම් ඉදකන් ඉවසලා ඉදපන්…
හරි හරි….උබ එහෙනම් විස්තරේ අහ ගෙන වරෙන්කෝ එතකන් අපි දෙන්නා මෙතනම ඉන්නම්…
ඒ කෙල්ල දැකපු වෙලේ ඉදන් මගෙ ඇස් දෙක ඒ කෙල්ල ලගමයි කාපු බීපුවත් මතක නැති තරමට ඒ කෙල්ලව මගෙ හිතට කා වැදුණා
කෙල්ල ගැන විස්තර දැන ගන්නකන් දැන් මට ඉවසිල්ලක් නෑ
මේ කළණයෝ… ඔන්න මගෙ වැඩේ හරි මං කෙල්ල ගැන සම්පූර්ණ විස්තරයක් ඇරන් ආවා අපිට පස්සෙ මේවට සලකපන් හරි ද
හරි හරි….මුලින් ඕක කියලා ඉදපන්කෝ
මෙහෙම බං කෙල්ලගෙ නම් සෙව්වන්දි හරි ද මේ පාර ඒලෙවල් කරන්න ඉන්නෙ උබට කෙල්ලව හැමදාම බලන්න ඕනි නම් කෙල්ල ඉස්කෝලේ යන ටයිම් එකට හංදිය ගාවට ආව නම් ඇති
අපේ ගමේ ඉන්න උපාලි මාමගෙ ලස්සන දූ පොඩිත්ත වුනු සෙව්වන්දි ගැන අදහසක් පහල වුන මට කොහොම හරි කෙල්ලව යාලු කර ඕනි කියන අදහසින් මං හැමදාම කෙල්ල ඉස්කෝලේ යන වෙලාවට හංදියට යනවා
මෙහෙම දවස් ගණන් සති ගණන් කෙල්ලව බලන්න හංදියට ගිය මට ඒ කෙල්ල එක්ක කොහොම හරි කතා කරන්න ඕනි කියන අදහසින් කෙල්ලගෙ නම්බර් එක හොයන්න පටන් ගත්තා
එක පාරටම මට මතක් වුනේ ඉසුරුව මොක ද සෙව්වන්දි ගැන හැම විස්තරයක්ම හොයලා දීලා මට උදව් කරා ඒක හින්දා මං ඉක්මනට ඉසුරු ට කෝල් එකක් ගත්තා
මචං ඉසුරු…..මේ මට තව පොඩි උදව්වක් කරපන්නකෝ
කියපන් කළණ යා…මොකක්ද ඕනි උදව්ව
උබට මතක ද එදා අන්දිරිස් සීයාගෙ මළගෙදර දි උබ කීවා අර උපාලි මාමගෙ දුව ගැන අන්න ඒ කෙල්ලගෙ නම්බර් එක මට හොයලා දියන්කෝ …
ආව් ආව් කොල්ලගෙ හිනාව……කොල්ලට සෙව්වන්දි නංගි ගැන හිතක් පහල වෙලා වගේ පොඩි කාලයක් ඉවසලා ඉදපන්කෝ මං කොහොම හරි වැඩේ ගොඩ දාලා දෙන්නම්
අඩෝ….. එල බං තෑන්ක්ස් මචං කොහොමද හරි වැඩේ ගොඩ දාලා දියන්
දින සති ගණන් සෙව්වන්දි පස්සෙ ගිය මට එක මොහොතක් එයා එක්ක කතා කරන්න ඕනිමයි කියලා හිතා ගෙන කට්ට කාලා ඉවසලා කොහොම හරි නම්බර් එක හොයා ගත්තා
කෙල්ලගෙ නම්බර් එක හොයා ගත්ත මං “හායි නංගි ඔයාට කොහොමද” කියලා හරි ආසාවෙන් මැසේජ් එකක් දාලා ඒකට උත්තරයක් එනතුරු මග බලන් හිටියා
ටික වෙලාවකින් විතර “හායි මං හොදින් ඔයා කවුද “කියලා මට මැසේජ් එකකින් අහද්දි කෝල් කරලා මං ගැන කියන්න හිතුවත් අන්තිමට මං ගැන විස්තරේ මැසේජ් එකකින්ම
යැව්වා
නංගි මං ඔයාව මුලින්ම දැක්කෙ මළගෙදර දී ඒ දැකපු දවසෙ ඉදලා දින සති ගණන් ඔයා පස්සෙන් ආවා නංගි එක දවසක් ඔයා මං එනවත් දැකලා ඉක්මනට බස් එකටත් ගොඩ වුනා එදා ඉදලා නිතරම ඔයාගෙ පස්සෙන් ආපු ඔයා ඉන්න ගමේ ම නිමල් මාමගෙ ලොකු පුතා නංගි
මට ඔයාට කියන්න දෙයක් තියෙනවා නංගි පොඩි වෙලාවකට මාව හම්බෙන්න පුළුවන් ද නංගි..
කළණ අයියා ඔයා ද මේ කොහොමද මගෙ නම්බර් එක හොයා ගත්තෙ මොකට ද අයියා ඇත්තටම මගෙ පස්සෙන් ආවෙ…
ඒ හැමදේම මං එදාට කියන්නම් මට නංගිව හම්බෙන්න පුළුවන් ද …
හරි අයියා හෙට මං පන්ති යනවා හවස තුන ට විතර පන්ති ඉවරයි ඒ වෙලාවට ටවුන් එකට ඇවිත් ඉන්න අයියා මං එන්නම්..
හරි නංගි මං අනිවා ඒ වෙලාවට ඇවිත් ඉන්නම් බුදු සරණයි නංගි කියලා
හිතේ බලාපොරොත්තු ගොඩාක් එක්ක හෙට දවස එනකන් ඉවසිල්ලක් නැතුව බලන් හිටියා
වෙන දට වඩා උදෙන්ම නැගිටිලා රැවුලයි කොන්ඩෙයි පිලිවෙලට කපා ගෙන හොදට නාගෙන සෙන්ට් පවුඩර් ගා ගෙන එහෙම සෙව්වන්දි නංගි හම්බෙන්න ගියා
නංගි මං ටවුන් එකට ආවා මං ඉන්නෙ අපේ ගමට යන බස් නවත්තන තැන එතන්ට එන්න මං නංගි එනකන් මග බලන් ඉන්නවා
හරි අයියා මං දැන් එන ගමන් ඉන්නෙ චුට්ටක් වෙලා ඉන්න මං ඉක්මනට එන්නම් අයියා …
හරි නංගි පරෙස්සමින් එන්න මං එතකන් මෙතනම ඉන්නම්
එක පාරටම ඈතින් සෙව්වන්දි නංගි වගේ ලස්සන චූටි කෙල්ලෙක් එනවා වගේ දැක්කා ඇත්තටම මේ සෙව්වන්දි නංගිනෙ එන්නෙ නේද කියලා දකිද්දි මගෙ පපුව ලඩ් ඩබ් ගාලා ගැහෙන්න පටන් ගත්තා
අයියා ඉතින් කොහොමද …මොනවා අප්පේ මං එක්ක කතා කරන්න තියෙන්නෙ…
නංගි මං හැමදේම කියන්නම් අපි දෙන්නා තේ එකක් බොන ගමන්ම කතා කරමු ද නංගි මං දන්න හොද රස කෑම තියෙන දෙමළ කඩයක් තියෙනවා අපි ඒකට ගිහින් මොනවා හරි කෑම ක් කාලා තේ එකක් බීලා නිදහසේ කතා කරමුකෝ..
හරි අයියා යන්කො එහෙනම් මාත් තාම මුකුත් කාලත් නෑ…
හරි නංගි එහෙනම් අපි යං ගිහින් කෑම කන ගමන් නිදහසේ කතා කරමු
එහෙම කියපු මං චන්ඩියා වගේ සෙව්වන්දි නංගි එක්ක කෑම කාලා තේ එකක් බීලා ආදරේ ගැන කියන්නම් කියලා හිතලා කඩේට එක්ක ගියා
ඉතින් අයියා දැන් කියන්නකෝ මොකක්ද මට කියන්න තියෙනවා කීවේ…
මේකයි නංගි මං ඔයාව පොඩි කාලෙ දැක්කට පස්සෙ ආයෙ මුලින්ම දැක්කෙ අන්දිරිස් සීයාගෙ මළගෙදර ආපු වෙලේ ඇත්තටම නංගි ඒ දැකපු දවසෙ ඉදලා ඔයා ගැන හෙව්වා ඔයාගෙ පස්සෙන් ආවා කට්ට කාලා ඔයාගෙ නම්බර් එක හොයා ගත්තා ඒ හැමදේම කරේ ඔයාට තියෙන කැමැත්තට නංගි ඇත්තටම මං ඔයාට කැමතියි නංගි ඔයා මට කැමතියි නේද නංගි……
අයියා මොනව ද මේ කියන්නෙ කියලා මට මුකුත් තේරෙන්නෙ නෑ…..
නංගි මං ඔයාට ගොඩාක් ආදරෙයි….
ඔයත් මට ආදරෙයි නේද නංගි
අයියා මං තාම ඉස්කෝලේ යන චූටි කෙල්ලෙක්නෙ මේ පාර ඒලෙවල් ලියන්නත් ඉන්නෙ ඔය වගේ දෙයක් එක පාරටම අහපුවාම මට මොකක්ද වෙලා ගියා වගේ අයියා
හරි නංගි මට හදිස්සි නෑ නංගි කල්පනා කරලා බලලා උත්තරයක් දෙන්නකෝ මං නංගි එක්ක හැමදේකටම ඉන්නවා කවදාවත් මං හින්දා නංගිගෙ ඉගෙනීමට මුකුත් වෙන්න දෙන්නෙත් නෑ ඒක මං පොරොන්දු වෙනවා නංගි
හරි අයියා මට ටික කාලයක් දෙන්න මං කල්පනා කරලා බලලා උත්තරයක් දෙන්නම් අයියා
හරි නංගි කල්පනා කරලා බලලා සතුටු හිතෙන උත්තරයක් දෙන්නකෝ
එහෙම කියපු මං සෙව්වන්දි නංගිගෙන් උත්තරයක් එනකන් දින සති ගණන් බලන් හිටියා
නංගිගෙ ඉගෙනීමට බාධාවක් නොවන බවට පොරොන්දු වුනත් ඒ මූණ මැවි මැවී පේන කොට මට ඉන්නම බැරි තැන මං සෙව්වන්දි නංගිට කෝල් එකක් ගත්තා
හලෝ නංගි මං කළණ අයියා කතා කරන්නෙ උත්තරයක් නැති තැන බලන් ඉන්න බැරි හින්දයි නංගිට කෝල් එකක් ගත්තෙ කොහෙ බැලුවත් මට නංගිවමයි පේන්නෙ නංගි මට ආදරෙයි නේද දැන්වත් කියන්නකෝ….
අයියා…….මං ඒ ගැන දැනුත් කල්පනා කරා උත්තරයක් දෙන්න තමයි මං හිටියෙ ඇත්තටම මාත් අයියට කැමතියි
නංගි…..මොකක්ද කීවේ ආයෙත් කියන්න බලන්න
ඔව් අයියා මං අයියට…. ආදරෙයි
නංගි කියලා කියන්න අමතක වුනු මට සතුට වැඩි කමට මගෙ පණ ඔය ඇත්තම ද කියන්නෙ මට ගොඩාක් සතුටුයි ආදරෙයි ආදරෙයි මගෙ පණ
අයියා මාත් අයියට ගොඩාක් ආදරෙයි……
මැට්ටි මට දැන් ඔයාව බලන්න ඕනි…..
අයියා දැන් කොහොමද මාව බලන්නෙ…
මං දැන් නංගිගෙ ගේ ගාවට එන්නම් නංගි එලියට ඇවිත් ඉන්නකෝ
හරි අයියා පරෙස්සමින් එන්න එතකන් මං මග බලන් ඉන්නවා…..
සෙව්වන්දි නංගිව බලන්න තිබ්බ ආසාවට මං බයික් එකත් ඇරන් ඉසුරුවගෙ ගෙදර ගියා
මචං ඉසුරු…..මේ සෙව්වන්දි මට කැමතියි කීවා බං මාත් එක්ක යමන්කො කෙල්ලගෙ ගෙවල් පැත්තෙ ගිහින් එන්න කෙල්ල එලියට එන්නම් කීවා..
අම්මෝ…… කොල්ලගෙ සතුට හරි හරි යමන් යමන් මේ කෙල්ල සෙට් වුනු එකට පාටියක් නම් ඕනි පුතේ…
හරි හරි ….ඉස්සෙල්ලා කෙල්ලව බලන්න යමන්කෝ…
අම්මෝ කෙල්ලගෙ සිරියාව ලස්සනේ බෑ ඉතින් එහෙම කියපු මම කෙල්ලට අත වනලා ඉක්මනට එතනින් ආවා
මගෙ මැට්ටි…… ඔයා හරි ලස්සනයි ඔයාගෙ හිනාව දැක්කාම මට හැමදේම අමතක වෙනවා
මං එච්චර ලස්සන ද මැට්ටෝ…….
ඔව් මගෙ මැට්ටි ගොඩාක් ලස්සනයි……
ආදරෙයි මගෙ මැට්ටෝ…….
මාත් ආදරෙයි මගෙ මැට්ටී………
මැට්ටි මට ඔයාට කියන්න දෙයක් තියෙනවනෙ….
මොකක්ද මැට්ටො කියන්නකෝ බලන්න
මැට්ටි මං හමුදාවට යන්න ඉන්නෙ මගෙ මැට්ටි ඒකට අකමැත්තක් නෑ නේද
අනේ මගෙ මැට්ටො මං මොකට ද ඒකට අකමැති වෙන්නෙ ඒක කොච්චර හොදයි ද එතකොට මටත් පුළුවන්නෙ ආඩමබරයෙන් කියන්න මටත් ඉන්නෙ රට රකින විරුවෙක් කියලා…..
මගෙ හොද මැට්ටි….මේ අද පන්ති තියෙනවා ද…
අද නම් පන්ති නෑ මැට්ටෝ….
එහෙනම් මැට්ටි අපි අද ෆිල්ම් එකක් බලන්න යන්ද…
“වස්සාන සිහිනේ” කියලා ලස්සන ෆිල්ම් එකක් ඇවිත් තියෙනවා ඒක බලමු
හරි මැට්ටො එහෙනම් අපි යං….මං ඉක්මනට ලැහැස්ති වෙලා එන්නම්කෝ
එහෙම කියපු සෙව්වන්දි එක්ක කඩචෝරු ගොඩාක් ඇර ගෙන අපි ෆිල්ම් එක බලන්න ගියා
හරි ආසාවෙන් ආදරෙන් තුරුල් වෙලා වස්සානෙ හීනෙ බලපු මට කෙල්ලගෙ උණුසුම දැනෙද්දි කියා ගන්න බැරි සතුටක් ආවා…
අපි දෙන්නා මේ වගේ ෆිල්ම් බැලුවා පාර්ක් ගිහින් අවුරුද්දක් විතර මේ වගේ ගොඩාක් ආදරෙන් සතුටින් හිටියා
කෙමෙන් කෙමෙන් ඔහොම අපේ කාලය ගෙවිලා යද්දි හමුදාවට යන ඔක්කොම ඉන්ටව් පාස් වුනු මට මාස හයක පුහුණුවක් සදහා එන්න කියලා ලියුමක් ගෙදරට ඇවිත් තිබ්බා
ඒ ලියුම දැකපු මං ගොඩාක් සතුටු වුනා ඉක්මනට මගෙ මැට්ටිට කෝල් එකක් ඇරන්
මේ මැට්ටි මට හමුදාවට යන්න ලියුම් ඇවිත් ලබන සතියෙ සදුද ට කොළඹ තියෙන කෑම්ප් එකට එන්න කියලා තියෙනවා….
අනේ මැට්ටො කොච්චර සතුට ආරංචියක් ද කීවේ දැන් මගෙ මැට්ටත් රට රකින විරුවෙක් නේද ආඩම්බරයි ආඩම්බරයි මගෙ මැට්ටෝ…..
මැට්ටි මට ඔයාව හම්බෙන්න ඕනි….
මං අද පන්ති යනවා හවසට එහෙනම් මාව බලන්න එනව ද මැට්ටො….
හරි මැට්ටි…. මං එන්නම්
වෙන දා වගේ සෙන්ට් පවුඩර් ගාලා නාලා එහෙම මැට්ටිව බලන්න ගෙදරින් පිටත් වුනා….
මගෙ මැට්ටි මං සදුද ට කොළඹ යනවා මාස හයකින් පස්සෙ තමයි ආයෙ එන්නනෙ එතකන් කෝස් එකේ ඉන්නෙ එහෙදි මේ වගේ කෝල් කරන්න මැසේජ් කරන්න කතා කරන්න බැරි වෙයි හැබැයි මට එහෙ දි මැට්ටිව ගොඩාක් මතක් වෙයි මගෙ මැට්ටි මෙහෙට වෙලා හොදට ඉගෙන ගෙන පරෙස්සමින් ඉන්න් ඕනි හොදද
හරි මගෙ මැට්ටො මටත් මගෙ මැට්ටව ගොඩාක් මතක් වෙයි මං කොහොම හරි මේ මාස හය ඉවසලා මගෙ මැට්ටා එනකන් මග බලන් ඉන්නම් මගෙ මැට්ටා එහෙ ගියාට පස්සෙ පරෙස්සමින් වැඩ ටික කර ගන්න ඕනි හොද ද ගොඩාක් ආදරෙයි මැට්ටෝ……
එදා ආදරෙන් සමු දීලා වැළද ගත්ත අපි ගොඩාක් දුකින් ගෙදර ගියේ…
මගෙ මැට්ටි මං අද කොළඹ යනවා ආයෙ අපි හම්බවෙන්නෙ මාස හයකින් විතර මැට්ටිට මං ගොඩාක් ගොඩාක් ආදරෙයි මං කීව විදිහට හැමදේම පරෙස්සමින් කර ගන්න මැට්ටි
මගෙ මැට්ටත් හැමදේම පරෙස්සමින් කර ගන්න මාත් මගෙ මැට්ටට ගොඩාක් ගොඩාක් ආදරෙයි ඒ මාස හය ඉක්මනට ගෙවිලා යනකන් මං හැමදාමත් මගෙ මැට්ටා එනකන් මග බලන් ඉන්නවා
බුදු සරණයි මගෙ මැට්ටි
හිතේ දුක තද කරන් මගෙ මැට්ටිව දාලා මාස හයකට ගමෙන් පිට තැනකට යනවා
එහෙ දි මට මැට්ටි එක්ක ගෙවපු කාලේ ඇවිදමු තැන්, ආදරේ කරපු තැන් මේ හැමදේම මතක් වෙනවා ඒත් කොහොම හරි අඩ අඩා බොහෝම අමාරුවෙන් මං මගෙ හිත හදා ගෙන කෝස් එක ඉවර කරා
බලාපොරොත්තු ගොඩාක් එක්ක මගෙ මැට්ටිට තෑගි ගොඩාක් ඇරගෙන මං ගමට යන්න පිටත් වුනා
මැට්ටිව පුදුම කරන්නත් හිතා ගෙන නොකියම ගමට යන්න ලැහැස්ති වුන මං උදෙන්ම කොළඹින් පිටත් වුනා
කොළඹින් පිටත් වුනු මම පැය දෙක හමාරක් වගේ යද්දි ගමට යන බස් නවත්තන තැනට ආවා උදේට කෑම නොකාපු නිසා මගෙ මැට්ටි එක්ක කෑම කාපු කඩේට ගිහින් තෝසයක් කාලා පේන්ටියක් බීලා එලියට ආවා
උදේම පරිසරයෙ ලස්සන විදින මට ඇස් අදහා ගත නොහැකි දෙයක් පෙනුනා ඒ මං ආදරේ කරන මගෙ පණ වගේ හිටිය සෙව්වන්දි නංගි වෙන කොල්ලෙක් එක්ක අත් අල්ල අල්ල ආදර කතා බස් කිය කිය පාරෙ යනවා
ඒක දැකපු මට කර කියා ගන්න දෙයක් නෑ මං අතේ එල්ලං හිටපු මලු ඔක්කොම බිමට වට්ට ගත්ත මං සිහිකල්පනාවක් නැතුව බිම ඉද ගෙනම කල්පනා කර කර හිටියා
මං මෙච්චර ආදරේ කරපු මගෙ පණ වගේ හිටපු කෙල්ලට මං එනකන් මාස හයක් ඉන්න බැරි වුනේ ඇයි දෙයියනේ කියලා මං අඩන්න පටන් ගත්තා
බොහෝම අමාරුවෙන් අඩන එක නවත්ත ගත්තු මං බස් එකට නැගලා ඉසුරුවගෙ ගෙදරට ගියා
මචං ඉසුරු බලපන්කෝ බං මං මෙච්චර ආදරේ කරපු කෙල්ලට මං එනකන් ඉන්න බැරි වුනානෙ බං
ඕවා ඔහොම තමයි කෙල්ලො ඉතින් කැමති බං උන් ලගට වෙලා ඉන්න කොල්ලන්ටනෙ බං උබ දැන් ඕවා අමතක කරලා දාපන්කෝ
කොහොමද බං මං මේ දේවල් අමතක කරන්නෙ උබ දන්නවනෙ මං ඒකීට කොච්චර ආදරේ කරා ද කියලා මේ බලකෝ ඒකිට දෙන්න මං ගෙනාපු තෑගි ගොඩ කොහොමද බං කෙල්ලො මෙහෙම ඉක්මනට වෙනස් වෙන්නෙ
කෙල්ලො ඔහොම තමයි බං දැන් ඔය දේවල් අමතක කරපන්කො
හරි බං ඒත් මං එක පාරක් කෙල්ලට කෝල් එකක් ඇරන් ඉන්නම් ඇයි මට මෙහෙම කරේ කියලා දැන් ගන්නම ඕනි බං
හරි හරි එහෙනම් කෝල් එකක් ගනින්කෝ
කියා ගන්න බැරි හිතේ දුකක් තියා ගෙන
කෙල්ලට කෝල් එකක් ගත්තා
“හලෝ සෙව්වන්දි නංගි ඇයි ඔයා මට මෙහෙම දෙයක් කරේ මං ඔයාට මොකක්ද කරපු වැරැද්ද මාස හයක් මං එනකන් ඉන්න බැරි වුනා ද නංගි “මට කියන්න නංගි ඇයි මට මෙහෙම කරේ
අයියා මට සමාවෙන්න මට වෙන කරන්න දෙයක් ඇත්තෙම නෑ අයියා මට මුකුත් වැරැද්දක් කරේ නෑ ඒත් අයියට පුළුවන් මට වඩා හොද කෙනෙක් හොයා ගන්න
දැන් මං යාලු වෙලා ඉන්න අයියවත් මට අමතක කරන්න බෑ ඒක හින්දා ඒක තේරුම් ඇරන් අයියා මාව අමතක කරලා වෙන හොද කෙල්ලෙක් හොයා ගෙන එයා එක්ක සතුටින් ඉන්න බලන්න අයියෙ
කොහොමද නංගි ඔච්චර ලේසියෙන් ඔහොම දෙයක් කියන්නෙ ඔයා මට බොරුවට ආදරේ කරේ නංගි
අනේ අයියා මට වෙන මුකුත් කියන්න නෑ මං තියෙනවා බුදු සරණයි
ඒ දේවල් අහපු මටම මං ගැන කලකිරුනා මේක ද ආදරේ කියන්නෙ හිතුනා ඒයාගෙ කැමැත්ත උඩ හමුදවාට ගියත් අන්තිමේට සෙබලෙක් වුනු නිසා ඒ ආදරේ මට අහිමිව ගියා
දුක ඉවස ගන්න බැරි එදා මං බිම වැටෙනකන් බීවා කල්පනා කර කර ඉදලා මට මගෙ ජීවිතෙත් එපා වුනා කොහොම හරි අමාරුවෙන් මං මගෙ හිත හදා ගත්තත් අදටත් ඒ අමතක කරන්න බැරි මතක ගොන්නක් අතර මං තනි වෙලා
එදා රට රකින විරුවෙක් ඉන්නවා කියලා මහ ආඩම්බරයෙන් කතා කරපු කෙල්ල අද මගෙ ලග නෑ
අදටත් මං විතරක් ඒ මතක අතර මැරි මැරී ජීවත් වෙනවා මේක මගෙ ලැබීම වෙන්න ඇති
මේක තමයි මට උරුම දේ ලැබීම් නොලැබීම් මැද දුක සතුට එක්ක අදටත් මගෙ
රට ගැන විතරක් හිතලා මේ ජීවිතේ මං ගෙවනවා
ආදරේ කරද්දි අපි හැමෝම ලග ඉන්න පොරොන්දුවක් දෙනවා වගේම ඒ පොරොන්දුව කඩ නොකර හැමදාටම රකින්නත් ඕනි
කොච්චර දුර හිටියත් අත් නොහැර යන නිතරම හමු නොවුනත් වෙන් ව නොයන හැමදාම එක වගේ ආදරේ කරන ගොඩාක් අය මේ ලෝකේ ඇති
ඒ වගේ වෙනස් නොවන වෙන්ව නොයන එක වගේ ආදරයක් අපි හැමෝටම ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා
තෙරුවන් සරණයි
කතෘ අයිතිය