‘ කොහෙද සීයෙ යන්නෙ?’
‘පරගොඩ ගිහින් එන්න කියල !’
සීයාගෙන් අපි නිතරම අසන ප්රශ්නෙත් ඒකට ලැබෙන උත්තරෙත් මේකම තමයි .
සීයා පරගොඩ යනබව කියනව ඇහුනම ආච්චිට මාරාවේස වෙනව. අපි ඔය ප්රශ්නෙ සීයගෙන් අහන්නෙත් ආච්චිව කේන්ති ගස්සන්න! . ආච්චි හරිම සැරපරුෂ කාන්තාවක් , අපිට පොඩ්ඩක් ඇත්නම් බනිනව . ඉතින් අපි සීයගෙන් අර ප්රශ්නය අහල ආච්චිව කුලප්පු කරනව.
අපි පුංචිකාලෙ දැනන් හිටියෙ නෑ ආච්චිට ඒකට එච්චරටම තරහයන්නෙ ඇයි කියල ! සීයා පරගොඩ යනව කිව්වම ආච්චිට මොකද කියලයි අපි හිතුවෙ . පුංචිකාලෙ කරන වැඩවල බරපතළ කම් තේරෙන්න කලක් යනව.
අපි සීයා කිව්වට ඒ අපේ තාත්තගෙත් සීයා !. ඒ කියන්නෙ අපේ සීයගෙ තාත්ත . නම ඉසාරිස්. වයස අවුරුදු අනූවක් විතර ඇති. මේ කියන ආච්චිටත් ( ඒ සීයගෙ බිරිඳ )අවුරුදු අසූපහක්වත් ඇති. මගේ වයස අවුරුදු පහයි, අයියට හතයි.
මේ සීයට සිහිකල්පනාව නෑ. කාමරේ බිත්තිය අල්ලගෙන වටේ ඇවිදිනව මිසක් වෙන කොහේවත් යන්න බෑ! ඒ යනවෙලාවක අරම ඇහුවම තමයි කලින් කියපු උත්තරේ ලැබෙන්නෙ.! සීයා පරගොඩ යන්නෙ ඇඳුම් නැතුව ! ඇඳන් ඉන්න සරම ගලවල දානව පරගොඩ යන්න අලුත් එකක් ඕන නිසා !
මේ සීයගෙ පරණ ප්රේමසම්බන්ධතාවක් තිබිල පරගොඩ පැත්තෙ ගෑනුලමයෙක් එක්ක, සීයා තරුණ කාලෙ. සීයගෙ තාත්ත ගමේ ලොකුකම් පෙන්නගෙන චණ්ඩි පාට් එකට හිටපු කෙනෙක්. එයා සීයට කිව්වලු ඒ කෙල්ලව අතෑරියෙ නැත්නම් කෙල්ල මරනව කියල !.
සීයා ඉතින් ප්රේමය අතෑරල ආච්චිව කසාද බැඳල ! ආච්චි පස්සෙ කාලෙක මේක දැනගත්තම හිතල තියෙන්නෙ ඒක හොරෙන් තියන් යනව කියල .
කොහොමහරි සීයා සිහිකල්පනාව නැතුව ඇඳට වැටුනම නිතරම පරගොඩ ගියා හිතෙන්! සැබෑලෝකෙදි ලඟාකරගන්න විඳින්න බැරිවුණ ප්රේමය එහෙම දෙයක් හිතන්නවත් බැරි වයසක ජීවිතේ අග්ගිස්සට ගිහින් හිතෙන් විතරක් ලබාගත්ත. මිනිස් සිතේ ඇතිවන සමහර බැඳීම් අවුරුදු ගණන්වලින් මකල දාන්න බෑ.
ඒ තත්ත්වය ඕනෑම කෙනෙකුට ඇතිවෙන්න පුලුවන් දෙයක් . වයසට ගිහින් ඇවිදින්න බැරිවෙනකොට ඕනම කෙනෙක් හිතෙන් යනව තමන් ආසාවෙන් ගිය තැන්වලට. ඒක ජීවිතය පවත්වාගෙන යන්න සොබාදහමින් ලැබුණ දායාදයක්! ටික කාලයක් මෙහෙම හිතෙන් ගිහින් පස්සෙ සමහරවිට හිතින් ඒ කාලෙම ජීවත් වෙන්නත් ගන්නව.
කොහොම වුනත් මේ වැලන්ටයින් සමරන්න හරි නැත්නම් ඊටපස්සෙ හරි මේ කාලෙ සිහියෙන් ඇවිදින අය මේක මතක තියාගත්තොත් හොඳයි ,! මොකද පස්සෙ සිහිකල්පනාව නැතුව ගිය කාලෙක ආගිය තැන් ඔක්කොම එලිවෙනව!
ඒකට පිලියමක් කරන්නත් පුලුවන් ! යන තැන්වලට අනිත් අයට සැක නොහිතෙන නම් ටිකක් හදල දාගන්න! පස්සෙ කාලෙක එහෙ යනව කිව්වට අවුලක් නෑ!! සීගිරි යනව,! හුම්මානෙ බලන්න යනව වගෙ!!
උපුටා ගැනීම: Channa Witha