සෙම් ගෙඩි සුව කරන ඒකාවේරිය ශාකයේ ගුණ 11 ක් (සෞඛ්‍ය හා යෝග්‍යතාවය)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන ඖෂධීය පැළෑටි අතර ඒකාවේරිය යනු සුවිශේෂී ඖෂධයකි.මීටරයක් පමණ උසට , සෙන්ටිමීටර 7 – 13 පමණ පළලට වැඩෙන ඒකාවේරිය Apocynaceae කුලයට අයත් වේ.මෙම ශාකයෙහි මුල සර්පයකුගේ හැඩය ගනියි .

ලා කොළ පැහැති මෙම ශාකයෙහි හට ගන්නා මල් සුදු පැහැති ය . එම මල් හට ගනු ලබන්නේ මාර්තු , මැයි සහ නොවැම්බර් මාසවල ය . වර්තමානයේ දී Rauvolfia tetraphylla නම් උද්භිත නාමයෙන් හඳුන්වන විදේශීය ශාකයක් වල් ඒකාවේරිය නමින් හැඳින්වුව ද එය ඒකාවේරිය වෙනුවට භාවිත කිරීම සුදුසු නොවේ .

ශ්‍රී ලංකාවේ කඳුකර වියලි ප්‍රදේශවල බහුලව දක්නට ලැබෙන මෙම ඒකාවේරිය ඖෂධීය ශාකය නේපාලය , ඉන්දියාව , සිංගප්පූරුව වැනි රටවලින් ද හමු වේ . ඒකාවේරිය ශාකවල බීජ තරමක් දුඹුරු පැහැ වන අතර ඒවා වගා කිරීමට සුදුසු කාලයේ වන්නේ මැයි සහ ජූනි මාසයන් ය.ඖෂධවලට යොදා ගැනීම මෙන් ම ආර්ථිකමය වාසි ලබා ගැනීම සඳහා ද ඒකාවේරිය වගා කිරීම දක්නට ලැබේ . දේශීය හෙළ වෙදකම තුළ සහ විදේශීය වෛද්‍ය විද්‍යාවන් තුළ ඒකාවේරිය ශාකය ඖෂධයක් ලෙස යොදා ගන්නා අවස්ථාවන් රැසක් හමු වී ඇත .

  • අතීතයේ සිට ම දේශීය හෙළ වෙදකම තුළ සහ විදේශීය ජාතීන් අතර ද අධි රුධිර පීඩනය වැලැක්වීමට යොදා ගන්නා ඖෂධයක් වශයෙන් ඒකාවේරිය ප්‍රසිද්ධියක් උසුලයි.ඒකාවේරිය මුල් එළකිරෙන් තම්බා , වේලා කුඩු කර කුඩා ගුළි සාදා දිනපතා උදේ සහ සවස පානය කිරීමෙන් සතියක් පමණ යන විට අධි රුධිර පීඩනය සමනය වන බව කියවේ .
  • සෙම් රෝග සහ වාත රෝග සුවපත් කිරීමට ද ඒකාවේරිය යොදා ගනියි . ඒකාවේරිය මුල් , එළබටු ගෙඩි දොඩම් ඇඹුලෙන් අඹරා ආලේප කිරීමෙන් සෙම් ගෙඩි සුවපත් වේ .
  • ගර්භණී කාන්තාවන්ට ඇති වන වමනය , ඔක්කාරය වැනි තත්ත්ව නැති කර වේදනා සහ කැක්කුම් සමනය කර ගැනීමට ඒකාවේරිය යොදාගෙන විවිධ ප්‍රතිකාර කරනු ලබයි .
  • කාන්තාවන්ගේ ආර්තව වේදනා සහ ප්‍රසව වේදනා අඩු කර ගැනීමට ද මෙය කදිම ඖෂධයකි .
  • විවිධාකාර විෂ නැසීමට ද ඒකාවේරිය භාවිත කරයි . සර්ප විෂ , ගෝනුසු විෂ , මකුළු විෂ , මීයන්ගේ විෂ නැසීම සඳහා ප්‍රතිකාර කිරීමේ දී ඒකාවේරිය යොදා ගැනීම දක්නට ලැබේ.
  • සෙම් ගෙඩිවලට ඒකාවේරිය මුල් එලබටු ගෙඩි දොඩම් ඇඹුලින් අඹරා ගෑම
  • මීයන්ගෙ විෂ ආදියට ඒකාවේරිය මුල් දෙහි ඇඹුලෙන් හෝ ඇල් දියෙන් ගල ගා ආලේප කිරීම සිදු කරයි . එමඟින් වේදනාව සමනය වී විෂ සිරුරෙන් ඉවත් කරයි .
  • කොලරාව , ළදරු අතීසාරය පමණක් නොව කුසගිනි වර්ධනය කර ගැනීමට ඒකාවේරිය යොදාගනී .
  • උණ , පණු අමාරු සුවපත් කරමින් රුධිරවාහිනී ප්‍රසාරණය කොට , ස්නායු පද්ධතිය ලිහිල් කර සිරුරේ ප්‍රාණවත් බව ඇති කරයි . එමගින් හෘදයාබාධ ඇති වීම ද වළක්වා ගත හැකිය .
  • මානසික රෝග සුවපත් කිරීමේ දී ද ඒකාවේරිය යොදා ගැනීම ඇතැම් අවස්ථාවල දී දක්නට ලැබේ .
  • ඒකාවේරිය ඖෂධ පැළෑටි යොදා ගනිමින් ,චන්දාර වටී,සර්පගන්ධාදී වටී ,චන්දාර පැණිය ,සර්පගන්ධාදී චූර්ණය වැනි ඖෂධීය තෛල හා ඖෂධීය පැණි නිෂ්පාදනය කරනු ලබයි .

ඇතැම් පුද්ගලයින් ඒකාවේරිය ශාක ගෙවතු අලංකරණය සඳහා වැවීම ද දක්නට ලැබේ . එමෙන් ම ලාභ ඉපයීම සඳහා මහා පරිමාණයෙන් මෙම ශාක වගා කිරීම ද ඇතැම් රටවල සිදු කරයි . කෙසේ වෙතත් ඖෂධීය ගුණයෙන් යුතු ඒකාවේරිය ඖෂධීය පානයක් හෝ ආහාරයක් ලෙස ලබා ගන්නා විට වෛද්‍ය උපදෙස් පිළිපැදීම අනිවාර්යයෙන්ම සිදු කළ යුතුය . මෙවැනි වටිනා ඖෂධ වර්තමානයේ දී වඳ වී යාමේ තර්ජනයට ලක් වී ඇති නිසා එය රැක ගැනීම ද  ඔබගේ වගකීමකි .

 

උපුටා ගැනීම: The Lanka Post

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!