සේතං සීයා… (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
“ඔන්න ඩොක්ට අදත් යාලුව එනව”
අපේ වාට්ටුවේ ලොකු මිස්ගෙ සද්දෙට මාව ගැස්සුනා.
“ඩොක්ටර් ට නම් පිස්සු මේ නාකි සීයල නලවන්න”
ඒ පාර නම් එන්නේ කවුද කියල මට තේරුණා.
“ආ..අපේ සේතං සීයනේ. මොකෝ අදත් ආවේ? ඊයේ නේද ගියේ?”
“අනේ මෙව්ව පුන්චි නෝන ට කොහොම කියන්නද?”
කියමින් පුරුදු පරිදි ඔහු මගේ කැරකෙන පුටුවේද මම සෙසු රෝගීන් අසුන් ගත් පුටුවේද වාඩි වුනා.
“මේ තුනටිය දිග ඇරගන්න බෑ නෝනේ..”
“අනේ සීයේ ඕක හැමදාම ඔහොම නේ..දිග ඇරෙන එකක් නෙවේ නේ “
ඒ අපේ පොඩි මිස්
සීයට වෙනද වගේම අසූහාරදාහට මල පැන්නා.
“මේ මිසී රාත්තල් අස්සේ බාග ගහන්න එන්න එපා.ඔය ලමයි ඔයාලගේ වැඩක් කර ගන්න .නැත්තන් දෙන්නේ මේකෙන් “
ඔහුගේ හැරමිටිය වනමින් කීවේ අපේ මිස්ලව තව තව හිනස්සමින්.
ඔහුගේ පැමිණීම අපට අරුමයක් නෙවෙයි. සතියකට දෙවතාවක් තුන් වතාවක් ඔහු මෙහෙම රෝහල් ගත වෙනව.
ඔහුට වයස නිසා වූ අබල දුබල ගති මිස වෙනත් රෝග තත්ත්වයන් තිබුනෙත් නැහැ.
තනිවම පැමිණ තනිවම පිට වෙනව.
ඒ ආවම මමයි මගේ යෙහෙළියයි එක්ක නොනවත්වා කතාවේ යෙදුනු සීයා වෙලාවකට අපටත් හිසරදයක්.
එදා හරිම වැඩ වැඩි දවසක්
“සීයේ දැන් නම් මට කතා කර කර ඉන්න වෙලාවක් නෑ”
කල්තියා ම මං කිවුවා.
පිලිවෙලින් රෝගීන් පරීක්ෂාව පටන් ගත්තත් රාජකාරිය අතරතුර සේතං සීයා දෙස කීප පාරක්ම බැලුවේ ඇයි ද කියල අදටත් මම කල්පනා කරනව.
ඔහු ඒ මේ අත ඇබරෙනව දැක්ක මට ටිකක් බය හිතුනා.
“මොකෝ සීයේ? “
“මට දොට්ට යන්න ඕන දුවේ. ඉන්න හිටින්න බෑ”
දැනුයි මගේ ඇගට ලේ ටිකක් ඉනුවේ. එහෙනම් සීයට චූ බරේ. මම ම හිතුව.
“මහින්ද අපි සීයව එක්ක යන්ද..”
“බෑ බෑ මට රෝද පුටුවේ යන්න බෑ. මට ඇති අමාරුවක් නෑ. දොට්ට යන්න රෝද පුටු අහවල් එකටද “
අනේ ඔහුගේ නීති.
මිස්ල මට හිනා වෙනවා. සීයට සලකනව වැඩි ලු. අද රෝද පුටුත් දෙනවලු.
“හා හා සීයට ඕන ඒව වාට්ටුවේ බෑ. මේකෙන් ඉදගන්න. දැන් යන් “
“අද නෝනත් එනවද සීය එක්ක ටොයිලට්? “
මහින්ද ඇස් උඩ තියන් අහනව.
“යං යං ඉක්මනට..මාත් එනව.මේක මගේ වාට්ටුව නේ”
පුටුවත් තල්ලු කරගෙන සීයත් අරන් මහින්ද එක්ක මමත් වැසිකිලිය පැත්තට ආව.
සීය බැහැලා ඇතුලට ගියාම මම එන්න හැරුන.
දඩස්!!!
සීයව ගනන් ගත්ත වගේම ගනන් නොගත්ත දවස් තිබුණා.
ඒත් එදා මම ඔහුට සැලකුව.
සමහර විට එදා ඔහු මෙලොව හැරයාමට ඉන්න බව මට දැනෙන්න ඇති.
මරණ පරීක්ෂණ වලින් කිව්වේ හදිසි හෘදයාබාධයක් බව.
වැසිකිලියේ මැරුනත් එක පැත්තකින් ඒ මරණය වාසනාවන්තයි.
සීය විදෙව්වේ නෑ..
උපුටා ගැනීම: Pubuduni Panangala

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!