ශාන්ත කවු ද? (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

දවසක් මායි මාගේ යාලුවෙකුයි බස් එක⁣ට නැන්ගා පන්තියකට යන්න කියලා. ඔව් ඔව් පන්තියක්. පන්තිය මොකක් ද කියලා මේකට අදාල නෑනේ. දෙවියන්ගේ පිහිටෙන් බස් එකේ අන්තිම පඩියෙන් ටිකක් උඩට නැග ගන්න පුලුවන් වුණා. එක අතකට මේ පාරේ බස් නෑ වගේ මේ ලඩියෙම එල්ලුණේ ඇයි ද කියලා මටයි මගේ යාලුවටයි මතක් වුණේ දෙයියන්ගේ පිහිටෙන් ඊළග හෝල්ට් එකත් පහුවෙලා බස් එකට අඩියක් තියා ගත්තට පස්සේ.
කනක් ඇහිලා ඉන්න නැති වෙන්න ආදරේ ආගමක්, ඇයි සුදෝ නාවේ මගේ මළ ගමට කිය කිය ගයන මල ඇඩියා සිංදු යන පීස් එකකුත් බස් එකේ ප්ලේ වෙනවා. ඊට පස්සෙත් ඉතින් කොන්දොස්තර අයියා ඔය නිල් පාට සාරියක් ඇදන් ඉන්න අක්කා ඉස්සරහට එන්න. කහ පාට මල් ගවුමක් ඇදන් ඉන්න නංගි දකුණට හැ⁣රෙන්න. නිල් පාට ෂර්ට් එකක් ඇදන් ඉන්න අයිසේ උඩ පොල්ලේ එල්ලෙන්න කිය කිය කෑ ගහන්න ගනිද්දි කාලි මෑණි පිහිටයි කියලා මගේ යාලුවටත් ටී ෂර්ට් එක මැද හාවෙක් ඉන්න නංගි ඉස්සරහට එන්න කියලා කෑ ගැහුවා. ඉතිං කවුරු කවුරුත් ටී ෂර්ට් එක මැද හාවෙක් ඉන්න ඇත්ති බලන්න සාඩින් මාලු පැක් කරා වගේ බස් එකේ බෙලි හරවන්න ගත්තා.
මගේ යාලුවා මගේ කකුල පෑගුවා. මෙන්න බොලේ ඒ අස්සේ සූකිරි බෝලයක් වගේ ඉන්න අපේ එකී දිහා මට ටිකක් පිටිපස්සෙන් ඉන්න හැන්ඩ්සම් කොල්ලෙක් බලන් ඉන්නවා. මොනා උණත් වූ බස් එකේ යද්දි එද්දි නිතර දකින අපේ ක්රෂ් එකක්. මගේ යාලුවාගේ තාත්තා ඉන්නේ රට. අම්මා නැහැ. ඒ නිසා අක්කයි මස්සිනයි එක්ක අක්කලා ගෙදර තමා නැවතිලා හිටියේ. එයාගේ අක්කලා ගෙවල් තියෙන ලේන් එකේම තමා මේ කොල්ලා.
වන්නිල ඇත්තොන්ට කිරිකොරහ නටන්න කියලා මෙන්න අර කොල්ලා යාලුවගෙන් අහනවා තාත්තා කවුද කියලා. මෙන්න මේකි කටවහන් හිටියා. තව ටිකකින් ආයෙමත් අර කොල්ලා තාත්තා කවුද? කියලා ඇහුවම මේකි එක පාරට කියුවා මස්සිනා කියලා. කිරි අප්පට බල්ලෝ බුරන්න මේකි මේ මොනාද කියන්නේ කියලා කටත් ඇරන් බලන් ඉද්දි අර කොල්ලා ආයේ ඇහුවා තාත්තා කවුද කියලා මේකි අහපි ඇයි ඇහුන් නැද්ද මස්සිනා කියලා. මේන් අරූ අමාරුවෙන් තඩි ගෑණුත් තල්ලු කරන් ඉස්සරහට ගියා.
මං අර කොරවක්කිගෙන් ඇහුවා ඈ බොල හරකියේ උබේ මස්සිනා උබව තාත්තා වගේ බලා ගන්න නිසාද තාත්තා කවුද ඇහුවම මස්සිනා කියුවේ කියලා. ඌ බලපු බැල්ම බඩ පපුවත් දාලා යනවා කියලා. මේකි ඇස් දෙකත් ලොකු කරන් කියපි ඇයි බන් “ශාන්ත” කවුද කියලනේ ඇහුවේ අපේ මස්සිනාගේ නමනේ “ශාන්ත”කියලා.😫😫
ගොහිංඑඣඣං

 

උපුටා ගැනීම: Dilka Madushani

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!