ශාන්තිනී (විනෝදාස්වාද චිත්‍රපට, නාට්‍ය හා වැඩසටහන්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
රත්නශ්රී මහතා තමන්ගේ ජීවන අත්දැකීමක් පාදක්ක කරගෙන ලියවුනු ලස්සන්න ගීතයක් “ශාන්තිනී තෙමා වැටෙයි” ගීතය. ගුණදාස කපුගේ ශූරීහු සංගීතවත් කල මෙය ගායනා කරන්නෙ කාරුනාරත්න දිව්ල්ගනේ මහතා. අපි මුලින් බලමු මෙයට පාදක වුන මූලික කතාව මොකද්ද කියල.
යුද ගිනිදැල් ඇවිලෙන්නට පෙර අවදියේ ජීව විද්යා අංශයෙන් උසස්පෙල ලියා අවසන් උන දකුණේ ලමයෙක් උතුරේ මන්නාරමේ තමන්ගෙ නෑදෑ ගෙදරක යනවා. ඒ ප්රදේශයේ මිනිස්සු හරිම සුහදශීලියි. ඉතින් මේ ලමයට හොදින් සලකනවා. කිරි තේ හදල දෙනවා දෙලුම් කඩල දෙනවා. ඒ අතර ඉන්න පාසල් යන වයසෙ ගැහැනු දරුවෙකුට මේ ලමයගෙ හිත යනවා. ඉතින් මේ පිරිමි ලමයත් ඉංග්රීසි පන්ති යනව කියල නෑදෑ ගෙදරින් ගිහින් අර ලමය පාසල් ඇරිල එනකම් බලන් ඉන්නවා. ඉතින් ගෑනුලමය සිංහල දන්නෙ නෑ, පිරිමි ලමයා දෙමල දන්නෙ නෑ. මේ දෙන්නටම පොදු එකම භාෂාව හිනාව විතරයි. මේ විදියට වචන නොමැති ආදරයක් මාස දෙක තුනක් තිස්සේ වර්ධනය වෙනවා.
70 දශකයේ විද්යා විශයදාරාව හදාරන ලමයින්ට ප්රායෝගික පරීක්ෂණයකුත් තියෙනවා. ඒකට සහභාගි වෙන්න අර පිරිමි ලමයට ආයෙත් ගෙදර එන්න වෙනවා. ඉතින් මේ තරුණය ආපසු දකුණට යන බවත් නැවත නොඑන බවත් ඇසුනු මේ තරුණිය හොදටම අඩනවා. වර්තමානයේ වගේ තාක්ෂණය දියුණු නොවුණු ඒ යුගයේ එම ආදර කතාව එතනින් අවසන් වෙනවා. ඒ තරුණය තමයි රත්නශ්රී මහතා. තරුණිය ශාන්තිනී.
කාලය ගෙවී යනවා. 83 ජූලි අදුරු යුගයට රට ලගාවෙනවා. උතුරේ, දකුණේ වෙනසක් නැතුව මිනිස්සු දිනෙන් දින ඝාතනය වෙනවා. මේ යුගයේදී රත්නශ්රී මහතා මොනරාගල පාසලක ගුරුවරයෙක් වශයෙන් සේවය කරනවා. ඒ අතර දිනක ඔහුට නැවතත් ශාන්තිනීව මතක් වෙනවා. බලමු ඔහු මේ ආදරය ගීතයට නගන්නෙ කොහොමද කියල.
“ශාන්තිනි තෙමා වැටෙයි නළල
කුංකුමම්
කුංකුමම් තෙමා අහසේ හඩන
චන්දිරන්
පාන් පැළට ගිනි ඇවිලී අන්න
නැගෙන දුම්
ශාන්තිනි අපි දෙවියන් ඇති
තැනකට යං”
ශාන්තිනිය නලලෙ තියපු කුංකුම තිලකය දියවෙනවා. ඒ දියවෙන්නෙ අසසේ චන්ද්රයා අඩල වැටෙන කදුලු නිසා. ඇයි මේ චන්ද්රයා අඩන්නෙ. ඒකට හේතුව පහන් පැල ගිනිගැනීම. පහන් පැලක් කියන්නෙ සිංහල ද්රවිඩ ජාති බේදයකින් තොරව හදන පූජනීය ස්ථානයක්. මේ පහන් පැල යුධ ගින්නෙන් ඇවිලිලා නැගෙන දුම් නිසා තමයි චන්ද්රයා අඩන්නෙ. මේ අවස්ථාවේ එකම පිලිසරන දෙවියන් පමනයි. ඉතින් ඔහු ශාන්තිනියට ආරාධනා කරනවා අපි දෙවියන් ලගටවත් පිලිසරනක් පතාගෙන යමු කියල.
“කඳුළු උඩට තිරුවංගල්
එළිය වැටීමෙන්
උඹේ මුහුණ කියාගන්න
බැරි කවියකි දැන්
බියේ සැලෙන ඔය දෑතේ
වළලු ඔය තරම්
බරද කියාපන් කෙල්ලේ
බරද කියාපන්”
මේ තරුණියගේ මුහුණේ ගලායන කදුලු මතට කනේ පැලදූ තිරුවංගල් එලිය වැටෙනවා. එහි අලංකාරය කවියකින් වත් කියාගන්න බැරිතරම් හැගීම්බරයි. මේ තරුණිය අත පුරා වලලු දාගෙන ඉන්නවා. ඉතින් මේ අතේ තියෙන වලලු සෙලවෙනවා. තරුණයා අහනවා තරුණියගෙන් ඒ වලලු සෙලවෙන්නෙ බයටද නැත්නම් බරටද කියල.
“සියල් සිරිත් දෑ කුළගොත් ඔබ ආපසු
ගන්න
මහත්වරුනි ශාන්තිනි විතරක් මට
දෙන්න
තිරුක්කුරල් පොත අරින්න දෑස
පියාගන්න
මහත්වරුනි මා නෙළු මල මට සිඹින්න
දෙන්න”
යුදවදින දෙපාර්ශවයෙන්ම මේ තරුණයා එක දෙයක් ඉල්ලනවා. ඒ ජාති, ආගම් බේදයක් නැති පිවිතුරු ආදරය. සියලු සිරිත්විරිත් කුලබේද ඔබ ගන්න. ශාන්තිනී විතරක් මට දෙන්න කියල මේ තරුණය ඉල්ලනවා. තිරුක්කුරල් පොත කියන්නෙ හින්දූන්ගෙ පූජනීය පොතක්. එහි ඇති සාමයෙහි වටිනාකම කියවෙන ධර්ම කරුණු කියල දෙන්න ඔබල දෑස වසාගෙන අහගෙන ඉන්න. අවසාන වශයෙන් මම නෙලපු මල මට සිඹින්න දෙන්න කියල හැගීම්බරව මෙම තරුණය ඉල්ලනවා.
මේ කතාවෙ අවසාන හරය කතා නොකරම බෑ. භොද්ධ ත්රිපිටකයෙවත්, හින්දූ තිරුක්කුරල් පොතෙගිවත්, ස්ලාම් කුරානයේ වත්, ක්රිස්තියානි බයිබලයේවත් අනුන්ට වෛර කරන්න ක්රෝධ කරන්න උගන්නනෙ නෑ. ඒ එක් එක් මිනිසුන් මගින් තම පහත් මානසික මට්ටම් ආගම මාර්ගයෙන් පිටකිරීමට ගත් උත්සාහයක් නිසා ජාති ආගම් බේද රට පුරා ව්යාප්ත වී තියෙනවා. මේ බේදයන්ගෙන් තොර හෙට දිනක් දැකීමටනම් තම තමන් ජාතිවාදී නොවී මානුෂවාදී වියයුතුයි.
අනෙක් කරුණනම් කලාව යනු ස්වභාවයෙන්ම පිහිටන දෙයක් මිස එය පිටින් ලබාදිය හැකි දෙයක් නෙවෙයි. එයට හොදම උදාහරණය රත්න ශ්රී විජේසිංහ මහතා. විද්යා විශයන් හැදෑරුවත් එතුමාගේ පරිකල්පන අවකාශයේ විශිෂ්ට බව වචනෙයෙක් කිය නොහැකියි. තමන් කුමන ක්ෂෙත්රයක ඉහලට ගියත් කලාව නොමැරිය යුතුයි.
අවසාන වශයෙන් ශාන්තිනී ගැන කියන්නම්. ඇය දැන් සාර්ථක විවාහ ජීවිතයක් ගතකරන වව්නියාව විදුලි බල මණ්ඩලයේ වැඩකරන දෙදරු මවක් බව රත්න ශ්රී විජේසිංහ මහතා තමාගේ දේශනයකදී කියූබව මතකයි. නැවත ගීතයකින් හමුවෙමු.
📜🖋️ මලිත් මධුශංක

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!