ජීවිතේ හැමදාම වසන්තය තියෙන්නෙත් නෑනෙ. ඉඳල හිටල ශීත කාලත් උදා වෙනව. මගේ ජීවිතේටත් එක්තරා කාලෙක දරාගන්න අමාරු තරම් තද ශීත සමයක් උදා උනා. අවාසනාවට මං බලාපොරොත්තු උන කිසිම කෙනෙක් මට පොරෝණයක් දෙන්න තරම්වත් කාරුණික උනේ නැහැ. එ්ත් එ් ශීත සමය මට ඉගැන්නුව සීතල නැති කරගන්න තනියෙම ගිනි මැලයක් ගහගන්නෙ කොහොමද කියල.
මෙන්න මේකයි කියල හරියට අැඟිල්ල තියල පෙන්නන්න බැරි හේතු කාරණා කීපයක් නිසා මම වරක් තදබල මානසික අාතතියකට ලක් උනා. විශාදය හා මානසික අාතතිය වෙන් කරල අඳුනගන්න තරම් දැනුමක් මට නැති උනත් මං හිතන්නෙ මම විශාදයට ගොදුරු වෙන්න අාසන්නම මට්ටමකට අාවා.
එක දිගට නිදි නැති රාත්රී ගණනාවක් ගෙවුනා. එතකොට දවල්ට හරි නිදිමතයි. වෙහෙසයි. අාහාර රුචිය බිංදුවටම වැටුණා. කොණ්ඩෙ පීරද්දි කෙස් අහුරු පිටින් යන්න ගත්තා.
හේතුවක් නැතත් නිතරම දුක හිතෙනව. තනියම ඉද්දි අැඬුවත් අනිත් අය එක්ක ඉඳිද්දි වෙනදටත් වැඩිය හිනා වෙලා ඉන්නව. යාලුවො එක්ක හිනා වෙවී ඉඳල වොෂ් රූම් එකට ගිහින් අඬනව. එ්ත් පස්සෙ පස්සෙ මට කඳුලු හිරකරගෙන ඉන්න බැරි උනා. තනියෙම බස් එකේ යද්දි පවා අැඬුනා.
ජීවත් වෙලා ඵලක් නෑ කියල හිතුනා. එ්ත් මැරෙන්න තරම් හිත හයිය මදි. මැරෙන්න තියෙන වේදනාව අවම විදි ක්රම සොයන්න ගත්ත. මරණය ගැන ලියවිච්ච කවි ලිපි කියවන්න ගත්ත.
පාලම් උඩින් යද්දි උස් තැන් වල ඉද්දි පහලට පනින්න කියල මගේ හිත මට බල කරන්න ගත්ත. එ් නිසා මං එ් වගේ තැන් වලට යන එක පුලුවන් තරම් මග අැරියා. ඒ සේරටම වැඩිය අන්තිමේදි මම මගේ අාරක්ෂාව ගැන හැඟීම පවා අමතක කරල දාල මහ රෑ එකට දෙකට විතර එලිමහනෙ අැවිදින්න ගත්ත. මගෙත් එක්ක එක කාමරේ හිටපු යාලුවොවත් ඒක දැනන් හිටියෙ නැහැ.
මට අවශ්ය උනා මේකෙන් ගැලවීමක්. මං තීරණේ කළා මේ ගැන කාට හරි කියන්න. ඒ වෙද්දි මම ගෙදරින් දුර අෑතක හිටියෙ. මේ ගැන කතා කරන්න හොඳම කෙනා මගේ අම්ම උනත් ඒ දවස් වල තාත්ත රෝහල්ගත වෙලා හිටිය නිසා මගේ ප්රශ්න කියල එයාලට තවත් පීඩනයක් අැති කරන්න මට බැහැ. මගේ හොඳම මිතුරියත් මගේ ළඟ හිටියෙ නෑ වගේම එයා එ් දිනවල විභාගයකට පෙනී සිටින හින්ද අැයත් සමග මේ ගැන කතා කරන්නත් මම පසුබට උනා.
යාලුවොයි කියල කියන ගොඩක් දෙනෙක් මගේ වටේ හිටියත් මම එ් වෙලාවෙ හිටපු තත්වය ගැන කිසිම හැඟීමක් නැති කෙනෙක්ට එ් ගැන කියන්නෙ කොහොමද. මම එයාල එක්ක හිනාවෙලා විහිලු කර කර ඉන්න නිසා එයාලට මගේ ප්රශ්න ගැන පුංචි වැටහීමක්වත් නැතුව අැති.
මම මගේ සිතුවිලි පෙන්නන විදියෙ පෝස්ට් කීපයක් ශෙයා කරා. වට්ස්අැප් ස්ටේටස් දැම්මා. මට ඕන උනේ මගෙන් අැයි කියල අහන කෙනෙක් විතරයි. මට අැහුම්කන් දෙන්න ලෑස්ති කෙනෙක්. එ්ත් එයාල හැමෝම එ්ක විහිලුවකට ගත්තා.
“ඔයාට පිස්සු හැදීගෙන එනවද කොහෙද”
“දැන් උඹට එච්චරයි අඩු”
මේ වගේ ප්රතිචාර තමයි මට ලැබුනෙ. එකම එක දමිල මිතුරෙක් විතරක් අැහුව “මොකද ප්රශ්නෙ” කියල. එ්ත් මට එයා එක්ක එ් වගේ සංවේදී දෙයක් කතාකරන්න භාෂාව බාධකයක්.
යාලුවන්ට එ් විදිහෙන් වැටහුනේ නෑ කියල හිතුනු නිසා මං ලඟම මිතුරියන් කියල හිතන් ඉඳපු කීප දෙනෙක් එක්ක එ් ගැන කතා කරන්න උත්සාහ කරා. සමහරු මගේ ප්රශ්නෙ අනිත් අයගෙ ප්රශ්න එක්ක සංසන්දනය කරා.
“අයියෝ ඕව මොනවද බලන්නකෝ අරයට එච්චර දෙයක් වෙලත් හොඳට ඉන්නවනේ.”
සමහරු මට අැඟෙව්ව මගේ ප්රශ්න නැතුවට එයාලට එයාලගෙම ප්රශ්න තියෙනව කියල. සමහරු හැසිරුනේ මානසික අාතතිය කියන්නෙ මහ පුදුම දෙයක් විදියට.
“හම්මෝ වාසනාවට මටනම් කවදාවත් ඔහොම වෙලා නෑ”
තවත් සමහරු මට අැහුම්කන් දුන්නෙවත් නෑ.
ඊට ටික කලකට පස්සෙ එක්තරා ඉන්දියානු නලුවෙක් සියදිවි නසාගත්තට පස්සෙ නම් එයාල ශෙයා කරල තිබුණා ” ඔයාට ප්රශ්නයක් නම් මට කියන්න. මම ඕන වෙලාවක අහන් ඉන්න ලෑස්තියි” කියල.
ඉන්පස්සෙ මම හිතුව උපදේශනයට යොමු වෙනව කියල. අපේ පීඨයේ එක අාචාර්යවරියක් හිටියා ශිෂ්යයන්ගෙ උපදේශන කටයුතු කරන. අැත්තටම අපේ පීඨයේ ලමයි විතරක් නෙවේ පලපුරුදු උපදේශකවරියක් වෙච්ච එයා ලඟට පිටින් කට්ටියත් එනව. එ්ත් එක්තරා සිද්ධියකින් පස්සෙ මම අැයව හමුවෙන්න ගත්ත තීරණය වෙනස් කළා.
ළමා රෝගින් සමග(මානසික රෝග නෙවේ) කටයුතු කරන අාකාරය ගැන අැගේ දේශනයක් අතරතුර අැය රෝහලට අාපු අවුරුදු දාහතරක පිරිමි දරුවෙකුත් ඔහුගේ මවත් දේශන ශාලාවට කැඳවාගෙන අාවා. අවශ්ය තොරතුරු එ් දෙන්නගෙන් ගන්න අතරතුර අෑ අම්මගෙන් අහනව පුතා විවේක වෙලාවට කරන්නෙ මොනවද කියල. අම්ම කිව්ව එයා යාලුවොත් එක්ක සෙල්ලම් කරනව නැත්තම් වීඩියෝ ගේම් ගහනව කියල.
වීඩියෝ ගේම් කියන වචනෙ අැහුවට පස්සෙ අාචාර්යතුමිය පරල උනා වගේ දරුවටත් අම්මටත් බනින්න ගත්තා. “මෙහෙම ලමයි කාලකණ්නි වෙනව” අැය පාවිච්චි කලේ එ් වචන. දරුවයි අම්මයි දෙන්නම දැඩි අපහසුතාවයට පත් උනා. පිරිසක් ඉදිරියේ නව යොවුන් දරුවෙක්ට එහෙම බැණ වැදිල ලැජ්ජාවට පත් කිරීම නම් කොහොමවත් අනුමත කරන්න බැහැ. අාචාර්යවරියක් වෙෙද්යවරියක් සහ උපදේශකවරියක් විදියට අැගේ හැසිරීම ලොකු කලකිරීමක් අැති කළා.
එ් දවස් වල මම ගොඩක් කාලෙක ඉඳන් තිබුනු සෙම්ප්රතිෂ්යාවකිනුත් තද හිසේරදයකිනුත් පීඩා වින්ද. එ්කට ප්රතිකාර ගන්න රෝහලට ගිය වෙලාවෙ මම මගේ මානසික තත්වය ගැනත් මට හමුවුනු වෙෙද්යතුමා සමග කිව්වා. එතුමා මාව එ් රෝහලේම තවත් වෙෙද්යවරියකට යොමු කලා. අැය මානසික සෞඛ්ය හා උපදේශනය පිලිබඳ එක්තරා අායතනයකට අනුබද්ධව කටයුතු කරන තැනැත්තියක් බවත් කිව්වා.
එතුමිය මගේ විස්තර දැනගෙන මගේ ප්රශ්නය ගැනත් කෙටියෙන් විමසුවා. ඉන්පස්සෙ වෙලාවක් දීලා අැවිත් අැයව හමුවෙන්න කියලත් කිව්වා. මට දැනුනෙ ලොකු සැනසීමක්. මගේ ගැටලු වලට විසඳුමක් දෙන්න පුලුවන් කෙනෙක් හමු උනා කියල.
ඊට දවස් දෙකකට පස්සෙ මං කලින් කියපු අාචාර්යවරිගෙ දේශනයක් තිබුණා. එයා අාපු ගමන්ම කිව්වෙ මෙහෙමයි. “ඔයාලට කිසිම අයිතියක් නෑ ස්ට්රෙස් වෙන්න. එහෙම ස්ට්රෙස් උනත් අැවිත් මගෙත් එක්ක කතා කරන්න එක එක තැන් වල කියව කියව යන්නෙ නැතුව”
මම හමුවුනු වෙෙද්යවරිය සේවය කලේ පීඨයට සම්බන්ධ රෝහලක නිසාත් අාචාර්යතුමියටත් අැයටත් පොදු විෂය ධාරාවක් තිබුනු නිසාත් වෙච්ච දේ හිතා ගන්න අමාරු උනේ නෑ. මගේ විශ්වාසය නැතිම වෙලා ගියා.
තවත් කාටවත් මගේ ප්රශ්නය කියන්නෙ නෑ කියල හිතා ගත්තත් එක්තරා මොහොතක මගේ ජීවිතය ගැන මටම බයක් අැති වුණු නිසා මම උපදේශන සේවා ලබා දෙන බව කියන අංකයක් අැමතුවා.
එතකොට වෙලාව රෑ දොලහත් පහු වෙලා. අැත්තටම මම ස්තුතිවන්ත වෙනව එ් වගේ වෙලාවක වෙනත් කෙනෙක්ගෙ ගැටලුවකට අැහුම්කන් දෙන්න කාලය මිඩංගු කරපු එක ගැන. එ් කතා කරපු මහත්මයා මගේ ගැටලුවට තරමක් අැහුම්කන් දුන්නා. එ්ත් මැදක් හරියෙදි ගැටලුව තේරුම් ගන්නවත් උත්සාහ නොකර කටපාඩම් කලා වගේ විසඳුම් කියාගෙන ගියා. ගොඩක් එ්ව ප්රායෝගික නැහැ. එතුමා කිව්ව ඔයිට වඩා ලොකු ගැටලු තියෙන අය ඕන තරම් අපිට හමුවෙනව කියලත්.
අන්තිමේදි මම අනිත් අයගෙන් උදව් බලාපොරොත්තු වෙන එක නවත්තල මගේ හිතේ තිබුණු අන්තිම ශක්තිය බිංදුවත් වැය කරල එ් මානසික තත්වයට එරෙහිව සටන් කලා. එ්ක ගොඩාක් අමාරු වුනත් වාසනාවකට මට ජය ගන්න පුලුවන් උනා. මම අදහන ධර්මය, මට එ්කට ගොඩක් උපකාරී උනා.
ඔබ මානසික අාතතියෙන් හරි වෙනත් මානසික තත්වයකින් හරි පීඩා විඳිනවනම් මේක කියෙව්ව කියල උපදේශනයට හෝ ප්රතිකාර සඳහා යොමු නොවී ඉන්න එපා. මොකද තනියම සටන් කරන එක භයානකයි. පරදින්න තියෙන ඉඩ බොහොම වැඩියි. හැකි ඉක්මනින් උදව් ලබාගන්න.
මට අමිහිරි අද්දැකීම් කීපයක් ලැබුණත් නැතිවෙන්න ගිය ජීවිත බේර ගත්ත, ජීවිත වෙනස් කරපු මනෝ උපදේශකවරු ගොඩදෙනෙක් ඉන්නව. හොඳ ගුරුවරු ගොඩක් අතරෙ නරක ගුරුවරු දෙතුන් දෙනෙක් හම්බවුනා කියල ඉස්කෝලෙ නොයා ඉන්නෙ නැහැනෙ. තනියම අධ්යාපනය ලබනවට වඩා පාසලකින් නිසි මගපෙන්වීමක් එක්ක අධ්යාපනය ලබන එක පහසුයි. වඩා සාර්ථකයි. මේකත් එහෙම තමයි.
අන්තිමට කියන්න තියෙන්නෙ ඔබේ සමීප අයෙක් කුමන හරි ගැටලුවක ඉන්න බවක් පේනව නම් කරුණාකරල එ් අය ගැන සැලකිලිමත් වෙන්න. මානසික අාතතියෙන් පෙලෙන කෙනෙක් එ් ගැන තව කෙනෙක්ට කියන්නෙ කලාතුරකින්. ඔබ ගැන සම්පූර්ණයෙන්ම විශ්වාසය තියල. ගොඩක් වෙලාවට ඔවුන් බලාපොරොත්තු වෙන්නෙ විසඳුමකටත් වඩා අැහුම්කන්දීම පමණයි.
උපුටා ගැනීම: Arundi Wijesooriya