මේ කතාවත් උසස්පෙල සමයේ සිදුවීමක්.
උසස්පෙල පටන් ගන්නවා කියන්නෙම ඉතිං සෙනසුරාදා ඉරිදට කොල්ලෝ කෙල්ලොන්ට සැනකෙලියක් වගේනේ.අවුරුදු ගානක් ඉස්කෝලේ යනවා ගෙදර එනවා නිවාඩු දවස්වලට කුඹුරු පිටිවල වැඩ.(අපි ඉතිං ගමේ ගොඩේ කොල්ලොනේ.)
කොහොමින් කොහොමහරි ඔන්න ක්ලාස් පටන් ගත්තා.physics වලට එ් දවසවල නුවර ප්රසිද්ධ ගුරුවරු ටික දෙනෙක් හිටියා.ඒකෙන් සුධර්මාරාමයේ පලවෙනි හෝල් එකේ ක්ලාස් කරපු ගුරුවරයාව අපි කිහිපදෙනෙක්ම තෝර ගත්තේ.
හරිම ලතාවකට වචන හසුරුවන අධික ලෙස දුම් පානය කරන ඔහුගේ පංතියේ පැය කීපයක් නොනිදා ගත කරන එකනම් කරන්නම බැරි දෙයක්.
ටික දවසක් යනකොට ඉතිං පංතියේ ඉන්ටර්වල් එක වෙලාවේ එලියට බැහැලා වල බහිනවා..කෙමෙන් කෙමෙන් පංතියේ ඉන්න කාලය අඩු වෙනවා.ටික කාලෙකින් සමහර දවස්වල ස’ර් පංතියට එනකල් ඉන්නවා.ඇවිත් පාඩම පටන් ගත්ත ගමන් පිටි පස්සෙන් මාරු වෙනවා.ඔය විදිහට දවසක් අපි පංතියේ හිටියා.එදා කලින්ම පැන්නේ නෑ.කොහොමහරි උදේ නවය විතර වෙනකොට මගේ අතිජාත මිත්රයා(එදත්,අදත්) කිව්වා ,මිනිහා ට්රයි කරන කෙල්ල බලන්න යමු කියලා.මාත් ඉතිං දෙවරක් නොසිතා පැන්නා එලියට.කෙල්ල art කරන්නේ,අපිට වඩා අවුරුද්දක් බාලයි.එයාගේ ක්ලාස් එක තියෙන්නේ වැව රවුමේ සමපත් ශාලාවේ.එදා සිංහල.අපි දෙන්නා සුදර්මාරාමයෙන් එලියට ඇවිත් පා ගමනින් DS සේනානායක වීදිය දිගේ මාලිගාව ලඟට ඇවිත් මාලිගාව ඉස්සරහින් පැනලා හෝල් එක පැත්තට ගියා.කෙල්ලගේ ටියුෂන් ස’ර් තමයි ලංකාවේ කවුරුත් හඳුනන උපුල් ශාන්ත සන්නස්ගල මහත්මයා.
අපි ඉතිං අහලා තියෙනවා මනුස්සයා පංතියේදි හොඳ හොඳ කුනුහරුප කියනවා කියලා.මම යෝජනා කලා පංතිය ලඟට යමු කතාවක් දෙකක් අහගන්නත් පුලුවන් කියලා.කොහොමහරි ස’ර්ගේ හඬ ඇහෙන තැනකට ආවා.එතන ඉඳන් අහගෙන ඉන්නවා ක්ලාස් ඇරෙනකල්.
මෙන්න ඇතුලෙන් ඇහෙනවා “තෝ මොකද ඔය පෑන කටේ ගහගෙන ඉන්නේ ,කටේ ගහගෙන ඉන්න ආසා හිතිලද” කියලා.ඇඳුමේ පාටත් එක්ක ඒ කෙල්ලගේ කියලා පත නෝන්ඩියක් දැම්මා .ලැජ්ජාවට වෙන්න ඇති කෙල්ල ඔලුව ගහගෙන ඩෙස් එක යට.මෙන්න ඒ පාර මේ පොර කියපි “ඒ පාර උඹ ඩෙස් එකඅස්සට රිංගගෙන උරන්න ගත්තද,පුදුම අමාරුවක්නේ තොට තියෙන්නේ කියලා.
ඒකත් කියලා මේ ටික ලියා ගන්න කියලා නෝට් එකක් දෙනවා.අපි දෙන්නා අර කියපුවා ගැන කතා කර කර හිනා වෙවී හිටියා.මෙන්න එක පාරටම සන්නා අපි දෙන්නගේ ඉස්සරහා සිගරට්ටුවකුත් පත්තු කරගෙන.මල කෙලියයි වට පිට බැලුවා,යකෝ කතාවට වහ වැටිලා හොඳට අහ ගන්න කියලා දෙන්නා නොදැනුවත්වම ටික ටික ඇවිත් දැන් ක්ලාස් එකේ දොර ලඟ හිටියේ.
හරියටම ස’ර් එලියට එද්දී අපි ඉස්සරහා.පොර අපෙන් ඇහුවා “පුතාලා මොකද මෙතන?”කියලා.මොනවා කියලා කියන්නද.එකපාරටම මම කිව්වා ,නංගිට ක්ලාස් ඇරෙනකල් ඉන්නේ එක්ක යන්න කියලා.නංගිගේ නම ඇහුවා.ඒකත් මට මතක් උන නමක් කිව්වා.තොපි දෙන්නම ආවේ නංගි එක්ක යන්නද?තොපි හිතුවද මේක ශිෂ්යත්ව පංතියක් කියලා.අම්මටසිරි මහ හයියෙන් බනින්න පටන් ගත්තා.මට දැන් තමයි තේරුනේ අපිට වඩා අයියලා ඇවිත් තියෙනවා නංගිලව එක්ක යන්න කියලා.
පංතියේ හිටපු එවුනුත් පස්ස හැරිලා බලාගෙන.ඒ මදිවට ඇත්තටම තමන්ගේ ලමයි එක්ක යන්න ආපු අම්මලා තාත්තලත් වටේට.කරන්න දෙයක් නෑ තවත් චාටර් වෙන්න බෑ.දෙන්නම පැන්නා එලියට ටවුමටම දුවලා නතර උනේ.එදා ඉඳන් ආයේ පංති ලඟට ගියේ නෑ.කොහොමහරි යාලුවට ඒ කෙල්ල සෙට් උනා.ඒත් ඒක වැඩිකල් තිබුනෙත් නෑ.a/l වලින් පස්සේ නිකන්ම නතර උනා.
ස්තූතියි…
උපුටා ගැනීම: Chathura Danuska Bandara Konara