එදා සදුදා දවසක් අපි තුන් දෙනාම ඉස්කෝලේ යන්න ලැහැස්ති වෙනවා .අක්කා කොන්ඩේ ගොතනවා මටයි නංගිටයි ඉතින් ඒ කරදර නෑ .කොන්ඩේ කපලා කොල්ලෝ වගේ හිටියේ .
“පොඩිදුව කෝ කෑම පෙට්ටිය ගේනවා ඉක්මනට “
අම්මා ට සිරි කෑම පෙට්ටිය තාම බෑග් එකේ ඒ කියන්නේ දැන් දවස් තුනක් වෙනවා කොහෙද ඉතින් අපේ අම්මා ළමයින්ගේ කෑම පෙට්ටියක් වත් හෝදලා දෙන එකක් යැ අපි ම හෝදගන්න එපැයි .අපි ට ඉතින් ඔව්වා කරන්න වෙලාවක් තියෙන එකක් යැ නිවාඩු දවස් වලට කොච්චර නම් රාජකාරිද . නහය වහගෙන ගිහින් කෑම පෙට්ටිය හේදුවා.
“හිකිස්….හොද වැඩේ උදේ පාන්දර මාර සුවදයි නේ”
“අනේ මේ යනවා ඕයි යන්න තමුසෙ නිකං හොද ළමයා වෙන්නෙ නැතුව “
අනුන්ගේ එව්වට හොට දාන්න එනවට ඩෝං ගාලා අක්කා ට එකක් ගහලා මං එතනින් පැත්තකට දිව්වේ රිටන් එක හම්බවෙන හින්දා
.කොච්චර කලින් ගෙදරින් ආවත් ඉස්කෝලේ ගේට්ටුව අපි ඇතුලට යන්න ඔන්න මෙන්න තියෙත්දි වහලා දාන්න බලාගෙන අපේ ප්රින්සිපල් ටත් වඩා ඉහලින් ඉන්න ශිෂ්ය නායක මඩුල්ලක් ඉන්නවා කියලා සතුටින් කියන්න කැමතියි .ඇදපන්කෝ ඉතින් රොඩු ගොඩවල් .කමක් නෑ ඉතින් තනියම නෙවෙයි නේ ඉනෝකා ත් හැමදාම ගේට්ටුව ලගින් හම්බවෙනවා (ඕකිට අපි ඉබ්බි කියන්නේ නිකං නෙවෙයි ඕකිගේ ඉබි ගමන හින්දා )පලවෙනි පීරියඩ් එකේ බාගයක් උගන්නලා ඉවර වුණාම තමයි අපි වැඩ ඉවර වෙලා පංතියට යන්නේ .
ඒ දවස් වල ස්පෝර්ට් මීට් හින්දා ගොඩක් වෙලාවට ඉගැන්නුවේ අඩුවෙන් අම්මෝ අපි ට අවුරුදු වගේ .මේ දවස් වල අපි ට අතට මිටට වැඩිපුර මුදල් එහෙම ඕන කාලේ .ඇයි අප්පා අයිස්ක්රීම් කාරයෝ රටකජු කාරයෝ ගඩු ගුඩා ගල් සියඹලා හැම කෙහෙම්මලක් ම තියාගෙන වැට දිගේ මුදලාලි ලා .
“අපි යං ද දම්මිකාලගෙ ගෙවල් පැත්තට “
ධම්මිකා ඉස්කෝලේ ආවේ නැති හින්දා අපි තුන් දෙනෙක් ගයානි ,තිලිනි (ගොඩක් දුකයි කියන්න තිලිනි දැන් ජීවතුන් අතර නෑ )මම අපි තුන් දෙනා වටපිට බලලා වැටෙන් රිංගලා දඩුයාය පාරට ආවා .දම්මිලගෙ ගෙදරට හැරෙන්න ඔන්න මෙන්න තියෙද්දි
“අඩේ මට සිගිති අක්කා සිරිකත පත්තරේ ගේන්න කිව්වා නේ .දැන් මොකද කරන්නේ “
කියලා තිලිනි අහපි අපි දැන් ආපහු යනකොට යන්නේ ටවුන් එක මැද්දෙන් නෙවෙයි අතුරුපාරකින් ඒ හින්දා යි තිලිනි එහෙම ඇහුවේ .එතකොට පත්තරේ ගන්න කඩයක් හම්බවෙන්නේ නෑ .
“මොනවද බං සිරිකත කියන්නේ ශ්රියා කාන්තාවටනේ ඕකට නිකං වියදම් කරන්න ඕන යැ මේ ඉන්නේ බලාගනිංකෝ ඇති වෙන්න”
මං අත දික්කරලා ගයානි ව පෙන්නුවා .තිලිනි හය්යෙන් හිනාවුණා .හිනාවෙවීම අපි දම්මිලගෙ ගෙදරට ගොඩවුනා. .ගොඩවුනා විතරයි ඉදගන්න වත් බැරි වුණා .දම්මිලගෙ ගෙදර ලගින්ම හොද වලියක් ඇහෙනවා .වලියක් කිව්වා ට කවුරු හරි ගෑනු කෙනෙක් කාටහරි හොදටම බනිනව .පැහැදිලි නැති වුණත් අපි ඇන්ටනාව ඒ පැත්තට දාගෙන හිටියා .
“වරෙව් තොපිට ශ්රියා කාන්තාව පෙන්නන්න තොපි තාම හරියට ශ්රියා කාන්තාව දැක්කේ නෑ “
තව තව අහගෙන ඉන්න බැරි එව්වත් කියනවා .මේ මොන මරාලයක්ද දෙයියනේ මට වුනොත් වෙන්නෙ ඔහොම වැඩක් තමයි .මෙලෝ හසරක් තේරුම් ගන්න බැරි දම්මිලගෙ අම්මා යි අක්කලයි උඩ බිම බලනවා .බනින ගෑනු කෙනා දැන් දම්මිලගෙ මිදුලටම ඇවිත් .
“ඇයි අක්කේ මේ “
දම්මි ඇහුවේ ඉස්සරහට ගිහින් .
“අක්කෙ අක්කේ නෙවෙයි ශ්රියා කාන්තාව කියපං “
මේ මරාලේ දම්මිගෙ ඇගටත් කඩාගෙන පැන්නා .
“මෙන්න මෙවුන් මේ ඉන්නේ කොන්ඩේ කපපු සුදු එකී මේකි මට ශ්රියා කාන්තාව කිව්වා වරෙන් මෙහෙට ශ්රියා කාන්තාව පෙන්නන්න “
ලැජ්ජාවේ බෑ .ගමේ මිනිස්සු ත් එකතු වෙලා .ඒ මදිවට ඉස්කෝලෙන් පැනලා ඇවිත් .ඉස්කෝලේ ට ගිහින් කිව්වොත් ඉස්කෝලේනුත් අස් කරලා දායි.අපි අපේ පාඩුවේ කරගෙන ආව කතාව මේ ගෑනි ඇගේ දාගෙන .සත්තකින්ම ඒ ගෑනු පර්වතේ මං තියා මගේ යාලුවෙක් වත් දැකලා තිබුනේ නෑ කොහේ හිටියා ද කියලා වත් .ඉවරයක් නැතුව මේ ගෑනිගේ බැනුම් මැද්දේ අපි නිකං පෙරහැරක යනවා වගේ සෙනග මැද්දේ ආපහු එන්න ආවා .කියන්න සංතෝසයි වැටවල් අස්සෙන් තාප්ප අස්සෙන් ඇවිදින සීසීටීවි කැමරා සෑහෙන්න ඒ දවස් වල ත් නියමෙට වැඩ කලා .
යාන්තමට පාරට ආවා කියමුකො මේ ගෑනි තවත් බැන බැන පස්සෙන් එනවා .කරුමෙක මහත මෙන්න බොලේ අපිට සයන්ස් කරන විමලසිරි සර් බයික් එකේ එනවා කොහෙද ගිහිල්ලා .අප්පට සිරි අර ගෑනු පර්වතේ අත දාලා සර්ව නැවැත්තුවා .නවත්තලා විස්තරේ කිව්වා .
“නෑ සර් එයාට නෙවෙයි කිව්වේ එයා ඉන්නවා කියලා අපි දැක්කෙත් නෑ සර්”
ඔච්චර වෙලා ඉවසගෙන හිටිය මට ඇඩුනේ සර් රුත් ඒ කතාව විශ්වාස කලේ නැති හින්දා .
“හරි හෙට ඉස්කෝලෙන් බලාගන්නං දැන් යනවා ගෙවල් වලට “
සර් නිසා එතනින් බේරිලා ගෙදර ආවේ අරුන් දෙන්නගෙනුත් බැනුම් අහ අහ.හැමදේම ඉවසගත්තා.ඉවසගන්න බැරුව තාමත් ඇස්දෙකට කදුලු පිරෙන්නේ යාලුවෙක් වගේ හැමදේටම හිටපු විමලසිරි සර් ඉස්කෝලෙන් අස්වෙලා යනකං වත් මාත් එක්ක කතා නොකල එකට.
ශ්රියා කාන්තාව කියලා හිතාගෙන හිටිය තඩි අක්කා පාර තලන්න ගල් රෝලකට ගන්න වටින නියම සයිස් භාන්ඩේ…ඉතින් දැක්කා නම් මම ශ්රියා කාන්තාව කියයිද දෙයියනේ….ඔය ගෑනු පර්වතේ ට
මොනවා වුණත් ඒ සොදුරු අතීතයට ගොඩක් ම ගොඩක් ආදරෙයි මං.
උපුටා ගැනීම: Rukshi Perera