බදුල්ල ඒසී එකක නැග්ගා වයිප්ලාගේ ගෙදර යන්න කියලා,
ඔන්න හොඳට සීට් තියනවා,
හිතා ගන්න බෑ ප්රෙන් කෝකේ ඉඳ ගන්නද කියලා,
හැම සීට් එකක්ම බලලා බලලා ඉඳ ගත්තා පිටිපස්සේම සීට් එකේ,
වයිෆ්ට කීවම වයිෆ් කීවා මාස්කෙක ගලවන්න එපා දාගෙනම ඉන්න කියලා,
මොකද IDH එකෙන් පැනපු කොරෝනා රෝගියා මේකේ ගියාද දන්නේ නෑනේ,
ඔන්න දැන් ඉතින් ඉන්නවා බොහෝම චිත්ත ප්රීතියෙන්…
බස් එකේ ඉඳන් වටපිට බලද්දී පේනවා කොටුවේ ස්ටෑන්ඩ් එකේ ලේලන්ඩ් කොන්දොස්තරලා පාරෙ යන මෑන්ස්ලාවා ඇදලා බස් එකට දාගන්නවා,
ඒ මිනිස්සු ආයේ පස්සේ දොරෙන් බැහැලා තමන්ගේ ගමන යනවා,
ඊට පස්සේ පේව්මන්ට් එකේ තියන කඩ වල පොරවල් ආයෙත් ඒ මිනිස්සුන්ව ඇදලා කඩේට දාගන්නවා මොනවාම හරි කාලා යන්න කියලා,
බලෙන් කන්න දෙන්නේ,
බලෙන් බස් එකේ දාන් යන්නේ,
ඇත්තටම “එදා හෙළදිව” එකේ රොබට් නොක්ස් කීවා හරි ලාංකිකයෝ කියන්නේ හරිම පරිත්යාගශීලී ජාතියක්,
ආගන්තුක සත්කාර හොඳට දන්න ජාතියක් කියලා,
නැත්නම් මේ කාළ වර්ණ හෙළයංගේ කොහෙද හිටියේ සුදු එවුං ආයුබොවන්ඩ…
———
ඉතින් ඔහොම බස් එකේ වටපිට බල බල ඉද්දී කොටුවේ ස්ටෑන්ඩ් එකේ වාරිමාර්ගේට විකුණපු කොටස් උඩින් ලේලන්ඩ් බස් ටයර් ගියාම මිනිස්සු වැස්ස පායලත් නානවා.
ඒ අස්සේ බස් එකේ,
තඩි බෑග් එකක් ඔඩොක්කුවේ තියා ගත්ත මෑන් කෙනෙක් තම්බපු කඩල කනවා,
මුලු බස් එකම තෙම්පරාදු සුවඳයි ටිකකින්,
ඉස්සරහා සීට් එකේ ඉන්න ඇන්ටි දොඩම් ගෙඩියක් කන්න ගත්තා,
ඇන්ටි ඇට ටික ශේප් එකේ සීට් එක යට දැම්මා,
අපි වවමු රට නඟමු,
බැරිවෙලාවත් පැලවුණොත් එහෙම නේ…
ඒත් ඒකෙන් යන්තම් ශේප් වුණා තෙම්පරාදු ගතිය රෙස්පෙට් ආන්ට්…
පොරක් එනවා මගේ පැත්තට,
අම්මටසිරි කොන්ද්ස්…
ටිකට් ගන්න එපායෑ,
කන ගාව හෙන සීතලක් ආවා,
ඒ මොකෝ ඒ…
මට උණ ගැනෙන්නවත්ද මේ එකට පාරට සීතල,
හුට්ටපර දණ්ඩ කරේ,
මේක ඒසී බස් එකක්,
ඒ කීවේ….
යකෝ…
ඒසී එකේ ගාන ඩබල්…
දැන්නේ මතක් වුණේ,
දැම්මා සාක්කුවට අත,
ගිරවා ඉන්න තැඹිලිපාට සීයේ කොලෙයි,
නැට්ටුවාගේ ඔලුව තියන නිල් පාට පනහේ කොලෙයි ආවේ…
සංසාරේ…
ලැජ්ජාවේ බෑ…
යකෝ ටිකට් ගන්න සලි නැතිවෙයිද…
දැන් දානවා හැම සාක්කුවටම අත,
අර ඩෙනිමේ තියන චූටි සාක්කුවටත් අත දැම්මා,
බඩු නහී…
දැන් බෑග් එකේ හොයනවා,
ඒ අතරේ නෙට් එකේ සර්ච් කරනවා නෝමල් ටිකට් එකේ ගාන,
ඇප්රොක්ස් රුපියල් 300ක්වත් ඕනේ,
කෝම හරි දඟලලා ඇඹරිච්ච පනහේ කොල එහෙම හොයාගෙන ගාන හදාගත්තා,
ගාන 310යි සත්නපුරට.
—–
ඒක ශේප්…
දැන් ඔන්න පොසිශන් හදාගෙන නිදාගන්න බැලුවා,
ම්හ්…
නින්ද යන්නේ නෑ ඇස් පියන්න බෑ මල් ගෙනත් තියල්ලා කියලත් කියවුණා…
“කියවීම මිනිසා සම්පූර්ණ කරයි” කියලා ලයිබ්රරි එකේ සෙට්වුණ කෙල්ලව බැන්ද දවසේ ඇල්බට් අයින්ස්ටයින් කියලා තියනවානේ…
බෑග් එකෙන් ගත්තා ගුණයා දුන්න කතා පොතක් කියවන්න,
ඔන්න දැන් ඉන්ටරෙස්ට්ම පාට් එක කියවගෙන යනවා,
එක පාරට කලුවර වැටුණා,
ඒකටත් කෙල වුණා…
අපි පුවක් ගහකට නැග්ගත් ඒක දෝතලු පුවක් ගහක්…
හරී වේදනයි මට,
කතාව කියවලා සැනසිමේ ඇස් පියා ගන්න හිටියේ….
——
ඔන්න බස් එකට නැග්ගා කොල්ලෙක්,
මේ හවස මූ හොඳට කොණ්ඩේ ජෙල් කරලා,
ගෑවුණත් කැපෙන ගානට ඉර තියලා අයන් කරපු ශර්ට් එකක් ඇඳලා,
රැවුල පිළිවෙලට කපලා,
අර මෑන්ගේ කඩල සුවඳයි,
අර ඇන්ටිගේ දොඩම් ලෙලි සුවඳයි පරයලා මූගේ සුවඳ,
සෙන්ට් එක ස්ප්රේ කර්ලා,
සෙන්ට් බෝතලේ මූඩිය කඩලා බීලා,
හිස් බෝතලෙන් ඔලුවටත් ගහගෙන සුවඳවත් වෙලා මෑන්ස් බස් එකට නැග්ගේ…
මට තේරුණා මූ මේ ජීවන සහකාරියත් එක්ක ඒසී එකේ යන්න නේද නැග්ගේ කියලා,
ඒත් මෑන් ඇස ලෝන්ලී ආවේ,
පිටිපස්සේ සීට් එකේ මට එහායින් වාඩි වුණා,
මම බෑගෙක සීට් එකේ තියලා තිබ්බේ,
මෑන් මගෙන් අහලා එතන වෙන් කරගත්තා,
මම ගෙස් කරගත්තා අක්මාව පාවිච්චි කරලා,
උදුම්බරා දේවි මඟින් නඟිනවා,
තේමිය කුමාරයා දැන් බස් එකේ හැඩ හුරුකම් කියනවා,
“නිල් පාටයි,
ඉරි තියනවද පේන්නේ නෑ බබා…
නෑ නෑ…
තාම කොටුවේ…
ඔව් වේගෙන් එයි,
හරී…
මම ගන්නම්…
හ්ම්ම්….
නවත්තයි…
ඔව්…
නෑ…
එහෙම වුණොත් බහින්නම් මම…”
ඔන්න ඔහොම කතාව කොල්ලා…
හිතාගන්නකෝ ඉතින් කෙල්ල අහපු ප්රශ්ණ ටික…
ගොන්නේ
කොල්ලා ඉඳගත්තා කෙල්ලට ඉඩක් තියාගෙන,
ඔන්න ඕම ඕම ගිහින් එතන පැහැරගන්න එන මගීන්වත් මෙයා ප්රේමයේ නාමෙන් පන්න හැරියා,
සීට් එකේ අනික් කොනේ මැදි වියේ තරුණයෙක් ඉන්නවා මාස් එක උගුරු දංඩට දාගෙන…
මම
ෆ්රී ස්පේස් එක
කොල්ලා
අන්කල් කාරයා
ඔන්න දැන් කෙල්ල නැග්ගා බස් එකට,
පිටිපස්සේ සීට් එකේ සීට් හතරයි,
මම කෙරෝලේ,
අනික් කෙරෝලේ අංකල් අයියා,
කෙල්ලට සහ කොල්ලාට ඉන්න තිබ්බේ අපි මැද්දේ,
ඒත් ලව් කරන කපල් එකකට අයිනේ සීටෙකක් කියන්නේ කොච්චර වටිනවද කියලා මම යාලුවන්ගෙන් අහලා තිබ්බා,
බස් වල යද්දී දැකලා තිබ්බා,
මියුසික් වීඩියෝ වල බලලා තිබ්බා…
මෙන්න මෙහෙමයි ගමන යන්න තිබ්බේ,
මම කෙල්ල කොල්ලා අංකා….
ඒත් මම කලා ඒ මහත් පල මානිශංස ලැබෙන පිංකම,
මම නැඟිටලා කොල්ලාට එන්න කියලා අර අංකල් ගාවට ගියා,
දැන් මේම අපි යන්නේ,
කෙල්ල කොල්ලා මම අංකා
අංකල් බුදි,
මම ෆෝන් එක ඔබනවා,
අරුන් දෙන්නා ලව් කරනවා ඇති දැන්,
අධ්යාත්මික සුවය….
මම බොහෝම සතුටෙන් අහක බලාගෙන ෆෝන් එක ඔබනවා…
පිනක් කලා අද දවසට…
දැන් මට සැනසීමේ ඇස් පියා ගන්න පුලුවන්
උපුටා ගැනීම: Tharu Rajapaksha