“සර්…”
“කතා කරන්නෙපා මනූශ.. “
“අනේ සර් සිග්නල් නෑනෙ..”
“මනුශ සිග්නල් තියෙන තැනකට හරි යන්න ඕනෙ. ඔහොම කොහොමද කියනවා. තව මාස අටකින් එක්සෑම්..”
“සොරි සර්..”
“මේ කොරෝන ඉවර වෙනකන් දුක් විදින්න ඕනෙ.. වෙන කරන්න දෙයක් නෑ. ඔහොම හිටියොත් සී එකක් වත් නෑ.”
“මන් සිග්නල් තියෙන තැනක් හොයාගන්නන් සර්..”
“අනිද්ද ක්ලාස් එකට එන්න..”
මනූශ පංතියෙ හිටපු කොල්ලෙක්.
ගොඩක් දක්ශයි.
ඒත් කම්මැලියි.
වයසෙ වැරද්ද..
දවස් දෙකකට පස්සෙ ආයෙත් ඔන්ලයින් ක්ලාස් එකක් තිබ්බ
එදා බැනපු හින්දද කොහෙද ඔන්න ජොයින් වෙන්න රික්වෙස්ට් එක එනව.
මන් ඇඩ්මිට් කරා
“ආ ඔය සිග්නල් තියෙන්නෙ..”
“නෑ සර් මේ..”
“උනන්දුව තියෙනවනන් සිග්නල් හොයාගන්න පුලුවන්..”
මන් කියන ගමන් පාඩම පටන්ගත්තා..
පැය භාගයක් විතර පාඩම කරන් යද්දි එක පාරට මනුශ රිමූව් උනා.
මට ඇයි කියල හොයන්න ඕනෙ උනත් ක්ලාස් එකේ නිසා මන් දිගටම පාඩම කරා.
එදා හවස තේ එකක් බොද්දි මොකක්දෝ දේකට මනූෂ මතක් උනා.
මොනා උනත් A එකක් ගන්න ඉන්න කොල්ලනෙ හින්ද මන් කෝල් එකක් ගත්ත
ආන්ස්වර් කරන්නෑ
ආයෙ ගත්ත
“හෙලෝ..”
“ආ අයියෙ කෝ මානූශ.. ක්ලාස් එකට ඇවිත් පැය භාගයක් හිටියෙ නෑ ගියා…”
“අයියෝ සර් මගෙ කොල්ලා…”
ඒ කටහඩේ තිබ්බ ස්වරයෙ ලොකු දුකක් රැදිල තිබ්බ..
“අයියෙ.. ඇයි. කෝ මනූශ..”
“සිග්නල් නෑ සර් ක්ලාස් එකට එන්නෑ කියල බනිනව කියල අර අබ ගහ උඩ පැලක් වගෙ එකක් හදන් ගිහින් හිටිය. ඒක කඩන් වැටුන සර් හුලගට. මාත් ගෙදර නෑනෙ…”
“මොකක්..”
“මගෙ කොල්ල අයි සී යූ එකේ සර්.. ගොඩක් අමාරුයි.. මන් මේ හොස්පිටල් එකේ ඉන්නෙ. ආයෙ ඔන්ලයින් ක්ලාස් එපා සර්.. මට A එකට වඩා මගෙ කොල්ල වටිනව සර්..”
මොනව කියන්නද නොතේරෙන කමට ෆෝන් එක කට් උනා.
“සිග්නල් නෑ සර්.. ජොයින් වෙන්න අමාරුයි..”
“සිග්නල් තියෙන තැනක් බලන්න මනූස..”
“හා සර්.. මන් හොයාගන්නන්..”
ඒ කටහඩ කන් අස්සෙ දෝංකාර දුන්න..
ඔව් මගෙ කන් අස්සෙ ආයෙ ආයෙත් දෝං කාර දුන්නා..
උපුටා ගැනීම: ….Lahiru Milan…