අපේ හබිතුමාගෙ පටලැවිල්ල ගැන මං කිව්වනෙ.එ්කට නම් සෑහෙන ප්රතිචාර තිබුණා.අපි මැරි කරපු මුල් කාලෙ අපේ හබිතුමාගෙ හිතේ මම හෙන මීටරයක් කියලා.මුල් කාලෙ කතා කරන්නෙත් හරිම බුද්ධිමත් තැන්පත් විදියටනෙ.දැන් නම් දන්නවා මම හැරෙනකොටම උන්දැ .
අපි මැරි කරපු මුල් කාලෙ ඉතින් ගමන් බිමන් වැඩියි.සති අන්තෙ කොහෙහරි ගමනක් සෙට් වෙනවා.හැබැයි එ් කාලෙ ඩ්රයිවින් ගැන මාර්ග සංඥා පිළිබඳව මට කිසිම අවබෝධයක් නැති තරම්.දන්න එකම සංඥාව රතු ලයිට් එක වැටුණාම දකුන බලා වම බලන්න නැවතත් දකුනම බලන්න ඉක්මනින්ම මාරු වෙන්න තමයි.ගෙදර ඉන්නකොටත් අයියට කිව්වාම අදාල තැනට ගෙනිහින් බස්සනවා නැත්නම් මම බස් එකේ යනවා.මැරි කලාට පස්සෙ ඉදිරිපස අසුනෙම වාඩිලා ගෙන ගිහින් තමයි ඩ්රයිවින් ගැන මාර්ග සංඥා ගැන දැනුමක් ලබා ගත්තෙ .එ් හන්දද කොහෙද දැන් හරි මාර්ගෙ යන්නෙ.
මම මේ කියන දවසෙත් අපි වාහනේ ගියා අපේ මහගෙදර.එ් ගිහින් එන ගමන තමයි මේක සිද්ද වුණේ.අපේ ගෙදරට යන්න ප්රධාන පාරෙ අැවිල්ලා වමට හැරෙන්න ඕනා.දැන් අපි දෙන්නා මහ ගෙදර ඉදන් ටික දුරක් එනකොට වාහනේ සිග්නල් ලයිට් වැඩ කරන් නැතුව ගියා.මට එ්වා අදාල නෑනෙ.මාව ගෙදරට ගෙනියනවනම් එච්චරයිනෙ.
අපේ හබී ඉතින් ඕක ගැනම කියව කියව එනවා.අනේ මට නම් මොකද සිග්නල් තිබුණත් එකයි නැතත් එකයි ඔය අගේට වාහනේ යන්නෙ මේ මනුස්සය මෙච්චර කියවන්නෙ මොන කෙහෙම්මලකටද මොන කන්දොස්කිරියාවක්ද මන්ද කිය කිය මම එනවා.කටින් නෙමෙයි හිතින් හිතුවා විතරයි.
දැන් අපේ ගෙදරට හැරෙන තැනට කලින් හෝල්ට් එකත් පහු කරගෙන අපි එනවා.
හබිතුමා මට එකපාරටම කිව්වා
“ඔයා ඔය පැත්තෙන් එලියට අත දාන්න” කියලා.මම කිව්වා
“මම මොකටද අත දාන්නෙ ඔයා ඔය පැත්තෙන් අත දාගන්නකො ” කියලා.කොහොම හරි කවුරුත් අත දාන් නැතුව හබිතුමා වාහනේ වමට හරවලා ගෙදරට නම් ගියා.අනේ එවෙලෙ අපේ හබිතුමාගේ මූණ තවමත් මට මතක් වෙනවා. නිකන් කරත්තෙට අහුවුණු කජු ලෙල්ල වගේ වුණා.අනේ මම මේ මොකද්ද කර ගත්ත වින්නැහිය .උදේ බලපු එක බැන්ද නම් හොඳයි වගේ පෙනුමක් තිබුණෙ.දැන් නම් එ් ගැන මතක් කරනකොටත් උන්දැට හිනහ.
උපුටා ගැනීම: Thilani Anuruddika