සිහින, බලාපොරොත්තු සහ ඉලක්ක…… (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ප්රතම ප්රේමය ට කොමෙන්ට් දාපු කීප දෙනෙක් කොහොමද ජීවිතේ ඔච්චර ඉක්මනට ගොඩදාගත්තෙ වගේ ප්රශ්න අහල තිබුන.ඒකට පිලිතුරක් ලෙස ජීවිතේ ආරම්බක අවදිය තුල හමුවූ පුද්ගලයින් සහ පුද්ගලයින් ගැන සදහන් කරමින් ටිකක් ගැබුරින් එහෙත් යමෙකුට ඉන් යමක් ගන්නටයි මිනිසුන් සහ නොමිනිසුන් කොටස්දෙක ලිව්වේ.
දැන් ආදරය,දෙසට හැරෙමු.ආදරයත් ප්රේමයත් මටනම් දෙකකි.ඔබට අතර මගදී හමුවන දරුවෙකුට,සතෙකුට ,එහෙම නැතිනම් පොතකට ,ටෙලිනාට්යයකට කවියකට සිංදුවකට ආදරේ කල හැකිය.ඒත් ඔබ ඒවා ඈතින් තබාගෙන රස විදිනවා මිස ඔබේ කරගන්නට උත්සාහ කරන්නේ නැත.යමක් හෝ කෙනෙක් තමන්ගේ කරගන්නට කරන ආදරය ප්රේමයයි මට.එනිසා මා ඇයට,පෙම් කලෙමි.
එහෙත් අපට ඉදිරිය ගැන බලාපොරොත්තු හෝ සිහින නොතිබිනි.මට ඕනෑ උනේ ඇගේ ඇස් දෙක යට තනිවෙන්නටයි.ඇය,මගේ උනුසුමට තුරුල් වෙන්න ඇලුම් කලා .අපේ ජීවිත කාලයත් සමග ඉදිරියට ගියා.අපි සිහින නොමැව්වේ විශාල අදුරු ආගාදයක් වැනි අපේ අනාගතය ගැන අපි බියවූ නිසාදෝයි දැන් හිතෙනවා.නැතිවෙන්නට කිසිත් නැති අපි ඉදිරියේ තිබුනේ ඉතා අමාරුවෙන් දිනාගත යුතු ලෝකයෙකි.
අපට දිගු සති අන්ත නිවාඩුවක් ලැබ්න.එවකට මගේ ලොකු නංගීගේ වෙන්ඩ හස්බන්ඩ් සහ මිතුරන් කීප දෙනෙක් දින දෙකක කතරගම,චාරිකාවක් සූදානම් කර අප,පවුලේ සියලු දෙනාටම ආරාදනා,කර තිබින.බස් රිය ඔහු සූදානම් කර තිබූ අතර අපි කෑම බීම ලෑස්ති කලෙමු.ඒ අම්මා සහ නංගිලාවිසිනි.මාසේ අන්තිම නිසා පඩි පත ලැබේයැයි විශ්වාසයෙන් සිටියෙමු.ඒ වනවිට අපේ සම්බන්දය අපේ ගෙවල් වල අය,නොදැන සිටි අතර ඇයට ඒ සති අන්තයේ නෑදෑ ගෙදරක දාන පින්කමකට සාබාගි වෙන්නට,සිදුව තිබින.
සිකුරදා දිනයක් වූ එදින අපේ කරුමයකට දෝ අපිට පඩි ලැබුනේ නැත.එය,සුමානෙකට,කල් ගියේ අපේ ඇනවුම් කීපයක් ප්රමාද වු නිසා බව පවසමින්වැරැද්ද සේවකඅප මතම පටවන,ලදී.එය ඉතා ප්රසිද්ද නිදහසට,කරුනක් බව හැම දෙනාම දැන සිටියහ.
වේලාසනම අපි වරුවක් නිවාඩු අනුමත කරගෙන තිබු බැවින් අපි නගරයේදී මුනගැසුනෙමු.
ඇය අත,වූ මුදල 0ක් වූ අතර මා අත රුපියල් 20ක් විය.අපිට කල හැකි ක්රම විදි කීපයක් විය.අපි දෙදෙනාගේම ගමන් අවලංගු කර බීම හලකින් ෆලුඩා දෙකක් බී ප්රයිවෙට් බසයක නැගී ගෙදරයාම.
මගේ ගමන කැන්සල් කර රුපියල් 20 ඇයට,දී දානෙ ගෙදර යැවීම.
අන්තිමට කම් ඕ ගෝ ච්කාගෝ කියා සූරන ලොතරැයියක් ගෙන වාසනාව උරගා බැලීමට තීරනය කලෙමු.මා විස්වාස කරන දෙවියෙකු මගේ හදවතේ සිටින,බව මා වරක් කියා ඇත.උන්වහන්සේඅපට,පිහිට විය.රුපියල් 100ක දිනුමකි.දැන් ඔනෑවට වඩා මුදල් ඇත.ඇයට රුපියල් 25ක් දී බස් රතයක නැගී නගර සබා හන්දියෙන් බැස වීදි වල සහ විහාරමහා දේවී උද්යානයේ සැහැල්ලුවෙන් අත් පටලා ගෙන ඇවිද්දෙමු.ඒ විවාහයට පෙර අප දෙදෙනා ගිය දිගුම,ගමනයි.
කතරගම චාරිකාවට සාබාගී වී පූජා වට්ටියට මුදල් තබා,පුද,පූජා සිදුකර එමින් ගමනේදී බස් රතයේ සියලු දෙනාට තේ පැන් සංග්රහයක්ද දුන්නෙමි.
මේ වන් සිදුවීමක් මා උසස් පෙල කරද්දීද සිදුවිය.එවකට මා තෙවන,වරට,උසස්,පෙල,විබාගයට සූදානම් වෙමින් සිටියෙමි.පලමු දෙවරම ටියුශන් පන්ති කිසිවකට නොගොස් සී දෙකක් සහ එස් සාමාර්තයක් ගත්තෙමි.අච්චු පොත් වලින් මා හට තිබුනේ සත්ව විද්යා (රන්ජිත් රුබේරු).පොත,පමනි.උද්බිද විද්යා පොතේ පාඩම් පාසලේදීම යාලුවෙකුගේ අච්චු පොතකින් කොපි පොතකට කොපිකර ගෙදර ගෙනැවිත් පාඩම් කලෙමි.තාත්තා,පොත් පත් ගැන විමසුවත් තාත්තා විදින අමාරුව දන්නා මා අවශ්ය නැති බව කීවෙමි.රසායන සහ,බව්තික විද්යා පොත් නම් ඇල්ලුවේ වත් නැත.පාසලේ ලියාගත් සටහන් පාඩම් කලා පමනි.
තෙවන,උත්සාහයේදී රසායන විද්යා සහ,බව්තික විද්යා,දැනුම ඉතා මද වූ නිසාඒ විශයන් දෙකට,පමනක්පුනරික්ශන පංති දෙකකට බැදුනෙමි.සතියට දවසක් පන්ති පැවැත්වූ ඒවායේ මාසික ගාස්තුව එක විශයකට රුපියල් 20ක්.මුල,මස රු 40 තාත්තා ගෙන් ඉල්ලා ගතිමි.ප්රශ්නය පැන නැගුනේ දෙවන මස ගාස්තුවටයි.ටික්කාට නොවදිනා වැදුම් වැද ඊලග සතියේ ගෙවන බව කියා එදා පන්තියට ඇතිලු වීමි.ද්ර්වන සතියේද තාත්තාට මුදල් හිග විය.පන්තියදා මා ආයෙත් පන්තියට නොයන බව පැවසීමි.කාරනය තේරුම් ගත් මගේ දුප්පත් අම්මා පැයදෙකක් තුනක් ගමවටේම රුපියල් 20ක් හිගාකන්නට ගියත් ආපසු ආවේ හිස් අතිනි.
මෙදා පාරත් සර්ට කියා පන්තියට ඇතුලු වෙන්න උත්සාහ කරන්න කියා අම්මා කීවේ දෑසේ කදුලු පුරවා ගෙනය.තාත්තාට පඩි ලැබෙන නිසා නොවරදවාම සල්ලි දෙනබව ඇය සහතික විය.
අම්මාගේ කීම ඉවතදා නොහැකි නිසා පිටත් වූවත් මා සිතා ගත්තේ මගින් බැස රස්තියාදුවක් ගසා හවස් වෙලා ගෙදර යෑමටයි.පන්තියට කිට්ටු වෙද්දී මා සිත වෙනස් කර ටික්කා ප්රතික්ශේප කලොත් සර්ටම කතා කරනව යැයි සිතා නියමිත මස් නැවතුම ලගදී බැල් එක ගසා බස් එක නවතා ගතිමි.ඉස්සරහ දොරටුවේ මැද පඩියට පා තිබ්බා පමනි ඒ මත රෝල් කරන ලද සල්ලි නිටියකි.බසයෙන් බැස එය අතටගත් මා “මේ සල්ලි කාගෙද කියා “කොන්දොස්තරට පවසද්දීම රායිට් යං යං කියා මොන්දොස්තර වරයා සීනුව නාද කලේය.බස් එක අද්දා ගියේය.
එහි රුපියල් 10 නෝට්ටු 4ක් විය.රුපියල් 20 ගෙවා පන්තියට ඇතුලු වූ මා ඉතුරු 20 අම්මාට දුන්නෙමි.අම්මා ගේ දෑසින්ද කදුලු වැගිරිනි.ඇය,මට කරදරයක් නොවී පන්තියට ගොසිගෙන ගන්න ලැබේවා කියා දෙවියන්ට කන්නලව් කල බවට නම් මට සැකයක් නැත.ඒ අම්මලාගේ හැටිය.එදායින් පසු මා වඩවඩාත් දෙවියන් වහන්සේට ලං උනෙමි.
මා කියන්නේ ඔබේ ජීවිතයේදී සිහින හෝ බලා පොරොත්තු වෙනුවට ඉලක්ක තබා ගන්න.සිහින සැබෑ නොවීමත් බලාපොරොත්තු කඩවීමත් සාමාන්ය සංසිද්දීන්වේ.ඒත් ඉලක්ක ඇත්තේ හබා යෑමටයි.ඒ සදහා ඔබට ශක්තියත් බුද්ධියත් යෙදවීමට සිදුවේ.ඔබේ ඉලක්ක වෙත ලගා නොවුනොත් ඔබ පරාජිතයෙකි.මා පරාජය වන්නට බියවූ නිසා ජයග්රහනයන් වෙනුවෙන්ම කැපවුනෙමි.එසේ ජයගත් වටිනා වස්තුවකි ඇය.
ඊට අමතරව මා කරනක්රැකියාවේ ඉහලම තැනට යාම මගේ වෘත්තීය ජීවිතයේ ඉලක්කය විය.ඒ ඉලක්කය දිනපතාම මෙනෙහි කලෙමි.පන්සලක් ලගින් බස් එක යනවිට අසනින් නැගී සිට චයිත්යය රාජයානන්වවහන්සේගේ චූඩා මානික්යය දෙස බලා මගේ රැකියාවේත් අන්න ඒ වැනි ඉහලම තැනට යාමට දෙවියන්ගේ පිහිට යැද්දෙමි.
ඔබත් ජීවිතය ජයගන්න වලිකන කෙනෙක් නම් ප්රතමයෙන් ඔබ ගැන විශ්වාසය ගොඩ නගා ගන්න.ඔබ ඔබවම විශ්වාස කරන්න.දෙවියන් වහන්සේව ඊ ලගට විස්වාස කරන්න.ඔබ දෙපල එක්වී ඔබේ ඉලක්ක කරා ගමන් කරන්න.
උපුටා ගැනීම: Mohan Perera

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!