සිහිනෙන් සර්පයන් දැකීමෙන් සිදුවෙන දේවල් 16 ක් (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

අපි රෑ නිදාගෙන සිටින විට මොන තරම් හීන දකිනවද. ඒ සමහර හීනවලට තේරුම් තියෙන බව විශ්වාස කරනවා. ඉතිං එහෙම අපි රෑ හීනෙන් සර්පයෙක් දැකක්ම ඒ හීනවලට විවිධ තේරුම් තියෙන බව කියනවා. ඒ සුභ පෙරනිමිති වගේම අසුභ පෙරනිමිති ගැන කියන බව තමා කියන්නේ. අපි බලමු මොනවද මේ සර්පයන් සිහිනෙන් අපිට කියන පෙරනිමිති කියලා.

  • ඔයා පෙනය කරන සර්පයෙක් සිහිනෙන් දුටුවා නම් ඉන් කියන්නේ ඔයාට ධන ලාභ ලැබෙන බව.
  • කළු පාට සර්පයෙක් යනවා සිහිනෙන් දුටුවොත් ඉන් කියන්නේ ඔයාගේ සිතුම් පැතුම් ඉටු වෙන්න යන බව.
  • සර්පයෙක් ඉව කරනවා ඔයා සිහිනෙන් දුටුවොත් එහි තේරුම ඔයාට හදිසි ධනලාභ ලැබෙන බව.
  • ඔයා සිහිනෙන් දුටුවොත් සර්පයෙක් හුඹසක් තුළට යනවා, එහි තේරුම ඔයාට ධනය ලැබෙන බව.
  • හුඹසෙන් එළියට එන සර්පයෙක් ඔයා සිහිනෙන් දුටුවා නම් එයින් කියන්නේ ඔයාට ධන හානි සිදුවෙන බව.
  • ඔයා සර්පයෙක්ට පහර දීලා මරනවා සිහිනෙන් දුටුවොත් එහි අදහස ඔයා ඔයාගේ සතුරෝ පරාජය කරන බව.
  • ඔයාට කළු පාට සර්පයෙක් දෂ්ඨ කරනවා සිහිනෙන් දුටුවා නම් එහි අදහස ඔයා හදිස්සි අනතුරකට මුහුණ දෙන බව හෝ ඔයාට අසනීප වෙන බව.
  • සිහිනෙන් සුදු නයෙක් ඔයාට දෂ්ඨ කරනව දකිනවා නම් ඒ කියන්නේ ඔයාට ධන ලාභ ලැබෙන බව.
  • සිහිනෙන් සර්ප පැටව් ගොඩක් ඔයා දැක්කා නම් එහි තේරුම ඔයාට එන කරදර ප්‍රශ්න කලින් ම දැනගන්න පුළුවන් බව.
  • ඔයාට හරි වෙන කෙනෙක්ට හරි සර්පයෙක් දෂ්ඨ කරලා මරනවා ඔයා සිහිනෙන් දුටුවා නම් එහි තේරුම ඔයාට තියෙන සුව කරන්න බැරි රෝගයක් සුව කරන්න හැකි වෙන බව.
  • සිහිනෙන් සර්ප හැවක් දුටුවොත් එහි තේරුම ඔයාගේ ජීවිතයේ වෙනසක් වෙන බව.
  • ඔයාට සර්පයෙක් දෂ්ඨ කරන්න ඇවිත් ඔයා ඒ සර්පයාව මරනවා සිහිනෙන් දුටුවා නම් එහි තේරුම ඔයා ඔයාගේ සතුරන් පරාජය කරන බව.
  • සර්පයෙක් පාර මාරුවෙනවා ඔයා සිහිනෙන් දුටුවා නම් එහි අදහස ඔයාට සතුරන් පරාජය කරන්න හැකියාවක් ලැබෙන බව.
  • ඔයා වැදගත් ගමනක් යන්න කලින් දවසක මෙහෙම සර්පයෙක් පාර හරහා යනවා දුටුවා නම් ඒ ගමන නොයා ඉන්න එක වඩාත් හොඳ බව කියනවා.
  • සර්පයෙක් මුගටියෙක් එක්ක රණ්ඩු කරනවා ඔයා සිහිනයෙන් දුටුවා නම් එහි අදහස ඔයා ප්‍රශ්න වලට මැදිහත් වෙලා ඒවා උසාවිය දක්වා යන ප්‍රශ්න බවට පත්වෙන බව.
  • සර්පයන් ජෝඩුවක් සිටිනවා, මහත සර්පයෙක්, මැරුණු සර්පයෙක් යනාදිය ඔයා සිහිනෙන් දුටුවොත් ඒවා අසුභ සිහින බව විශ්වාස කරනවා.

උපුටා ගැනීම: The Lanka Post

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!