සිකුරු ග්රහයා මත ෆොස්ෆින් (PH3) ඇති බවට විද්යාඥයින් මේ වන විට හඳුනාගෙන ඇති අතර එය සිකුරු මත ජීවයෙහි පැවැත්මෙහි සාධකයක් දැයි පරීක්ෂණ පවත්වයි. ෆොස්ෆින්, පොස්පරස් පරමාණුවක් සහ හයිඩ්රිජන් පරමානු තුනක් අන්තර්ගත වන අතර විද්යාගාර වල පවා සංස්ලේෂණය තරමක් අපහසු කටයුත්තකි. සාමාන්යයෙන් ෆොස්ෆින් නිපදවෙන්නේ ක්ෂුද්රජීවීන්ගේ පරිවෘත්තීය ක්රියාවල ප්රතිඵලයක් වශයෙනි. වගුරු බිම්වල, රොන්මඩ ඇති ස්ථාන වල ෆොසිෆින් හදුනා ගත හැක. ඔක්සිජන් භාවිතා කරන ජීවීන්ට මෙම වායුව විෂ සහිත වේ.
රසායනිකව ෆොස්ෆින් නිපදවීමට ඉහළ හයිඩ්රිජන් ප්රමාණයක් සහ ප්රශස්ත උෂ්ණත්වයක් සහ පීඩනයක් අවශ්ය වේ. මෙම තත්ත්ව බ්රහස්පති ග්රහයා ගේ සහ සෙනසුරු ග්රහයාගේ ඇති වුවත් සිකුරු ග්රහයාගෙ නොමැත. පරීක්ෂකයින් මෙම තත්ත්ව යටතේ දී සිකුරු ග්රහයාගේ ෆොස්ෆින් වායුව පහසුවෙන් රසායනිකව නිෂ්පාදන ආකාරය හඳුනා ගැනීමට නොහැකි වී ඇත. සිකුරු ග්රහයා මතට කඩා වැටෙන උල්කාෂ්ම සහ එහි ඇති ගිනි කඳු මගින් ෆොසිෆින් නිෂ්පාදනය විය හැකි නමුත් පරීක්ෂකයෙක් හදුනාගෙන ඇති ෆොස්ෆින් ප්රමාණය නිපදවීමට එය ප්රමාණවත් නොවේ.
සිකුරු ග්රහයා ගේ ඇති විශාල කාබන්ඩයොක්සයිඩ් ප්රමාණය නිසා එහි ඇති වන හරිතාගාර ආචරණය (Green house effect) මගින් එහි උෂ්ණත්වය ඉතා අධිකවී ඇත. මෙම උෂ්ණත්ව යටතේ දී ජීවීන් සෑදීමට අවශ්ය ජෛවීය අනු නිපදවීම සිදු නොවේ. එහෙත් සිකුරු පෘෂ්ඨයේ සිට කිලෝ මීටර 48 ත් 60 ත් අතර ප්රමාණයක දී මෙම උෂ්ණත්වය අඩු වන අතර එම උෂ්ණත්වය ජීවයේ පැවැත්මට යෝග්යවේ.නමුත්, සිකුරු ග්රහයාගේ වායු වලාවන් සෑදී ඇත්තේ ජලයෙන් නොව සල්ෆියුරික් අම්ලයෙන් ය. එය පෘථිවියේ පවතින වඩාත්ම ආම්ලික ස්ථානයට වඩා බිලියන වාරයක් ආම්ලික වූ පරිසරයකි. මෙවන් ඉහළ ආම්ලික තත්ත්ව යටතේ දී DNA, ප්රෝටීන සහ ඇමයිනෝ අමිල වැනි අණු විනාශ වේ. එනම් සිකුරු මත ජීවය පැවතියත් පැවතිය හැක්කේ පෘතුවිය මත පවතින ජීවයේ රසායනයට වඩා වෙනස් රසායනයක් සහිත ව හෝ මෙම සල්ෆියුරික් අම්ලයෙන් ආරක්ෂා විය හැකි ආකාරයට පවතින ජීවීන් කාණ්ඩක් ලෙසට විය යුතුය.
උපුටා ගැනීම: කේලියම්