පාසල් ගුරුවරයකු වූ සිල්වා සර් විශ්රාම යාමට සූදානම් වුනා . අවශ්ය ලියවිලි සකස් කරගෙන පසුගිය වර්ෂ තුනක නිවාඩු ලේඛන ත් අරගෙන අත්සන් ගන්න ආවා .
එකින් එක බලමින් පිරවිය යුතු තැන් හොදින් පුරව ඇද්දැයි බලමින් අත්සන් කලයුතු තැන් වල අත්සන් තම්බමින් ඉදිරියට ගියා .
අවසානයේ පසුගිය වසර තුනකට අදාල නිවාඩු ලේඛන පිටපත් වලට ආවා.
” කවුද නිවාඩු ලේකන ලිව්වෙ “
“ක ස මිස්”
“ඒ කවුද “
“සර් …සර් ….මේ කලමනාකාර සහකාර මිස්”
“ඒක තමයි ” කියමින් නිවාඩු ලේඛන ගෙන් වා ගත්තා
වර්ෂයෙන් වර්ෂය පිරික්සමින් ලේඛන පොතෙහි සදහන් කරුණු නිවැරැදි බව සනාථ කිරීමට කෙටි අත්සන් යෙදුවා.
විශේෂතාවය සැම වසරේම හතලිහයි දින භාගයක් නිවාඩු අරගෙන .
සිල්වා සර් ඉදිපස පුටුවේ ඉදගෙන එකින් එක බලාගෙන ඉන්නව.
“
“සිල්ව සර්ගෙ කටේ තව දත් කීයයක් විතර දැන් තියෙනව ද”
“ඇයි සර් එහෙම ඇහුවෙ “
” නෑ මට නම් අඩුවක් පේන්නෙ නෑ”
“ඔව් සර්… මේ හක්කෙ දත් දෙකක් ගලවල තියෙනවා ඉතුරු ඒව එහෙම ම තියෙනවා “
” ඒක තමයි……. “කියමින් නිවැරැදි ව උපුටා ගන්නා ලද ලේඛන බව සහතික කරමින් අත්සන යෙදුවා
“ඇයි සර් ප්රශ්නයක් ද….”
“ප්රශ්නයක් නම් තියෙනවා ම්.. ම්ම්”
“මොකක්ද සර් “
” ඉතුරු දත් ටික “”
“ඇයි සර් ඒ”
“මේ නිවාඩු ලේඛන වල විදියට සිල්වා සර් දත් හතලිස් නවයක් අවුරුදු තුනකට ගලවල”
“හත්තිලව්වේ ……සර් ……එහෙම ද දැන් මොකද කරන්නේ “
“මං දන්නෙ නෑ….. සිල්වා මහත්තය දීල තිබුන ඇප්ලිකේෂන් වලට අනුව දාල වෙන්න ඇති “
“ප්රශ්නයක් වෙයි ද සර්”
“එහෙම උනොත් ….. ගලවන්න හිතාගෙන නිවාඩු දාල ගියා….. ගැලෙව්වෙ නෑ බෙහෙත්ක් දීල එව්ව කියන්න”
උපුටා ගැනීම: සනී මීගස්දෙනිය බණ්ඩාර