හැමදේම දිහා දේශපාලන කෝණයෙන් බලන්න පටන් අරන් තියෙන ආන්දෝලනාත්මක වෙලාවක එලියට ආපු සිගැරැට් එකේ කතාවත් එක්ක 2002 අගෝස්තු පලවෙනිදා සිංගපූරුවේ වෙච්ච සිදුවීමක් මතක් උනා. ඒ කාලේ මාධ්ය වලින් වුනත් ලොකුවට නොගිය විදේශ විත්ති අතර ඉස්කෝලෙ පුස්තකාලේ තිබ්බ මනහර සඟරාවකින් වගේ මතක තිබ්බ කියවපු වාර්ථාවක් අන්තර්ජාලෙ පිහිටෙන් පොටෝ එක්කම හොයාගන්න පුලුවන් උනා. බුකීවාසීන් උනත් ශර්ලොක් හෝම්ස්ල වගේ පරීක්ෂණය, නිරීකශණය , විශ්ලේශණය කරල නිගමනය කරල දෙයක් ගන්න සමූහයකට මේක ලියන්නෙ ඒකයි.
කුරුදු සිගරැට් කතාව ගැන මම මුකුත් කියන්නෙ නෑ. ඒකට ඉතිං ඒ උත්තමයන්ගෙ වෝල් වල කමෙන්ට් බලන්න යනකොට බිත්තර වී ටිකක් එහෙම අරන් ගියානම් වපුරාලම එන්න තිබ්බා. එච්චරට බුකී වාසීන් කුඹුරක් වගේ ඒව හාලා, පෝරු ගාල ඉවරයි.
සිංගප්පූරුව දූපතක් උනත් වටෙන්ම වතුරින් වටවෙලා තිබ්බත් නොයෙකුත් හේතු නිසා ජලය පාවිච්චි කරන්න බැරි මට්ටමක තිබ්බෙ.කොටින්ම මැලේසොයාවෙ වැසි වනාන්තර තමයි සිංගප්පූරුවේ ජල අවශ්යතාව සැපයුවේ. නාගරික ජල සම්පාදන ක්රම හරහා පිරිසිදු ජලය සැපයුවත් නොයෙකුත් මිනිස් ක්රියාකාරකම් නිසා ඒ වතුර අපතේ යන බව රජයට තේරිලා තිබ්බෙ. වැසිකිලි පරිභෝජනය හා සාමාන්ය මිනිස් කටයුතු සදහා බීමට ගන්න පුලුවන් ජලය යොදාගෙන සිදු වුන ජල නාස්තිය එක අතකින් රජය රිස්සුවේ නෑ.
අපි මේ කතාකරන්නෙ 2000- 2002 වගේ කාලෙ කියන එක පොඩ්ඩක් ආපහු මතක් කරන්නම් මොකද ඔය කාලෙ වෙනකොට මට මතක විදිහට එරික්සන් ඇන්ටෙනා තියෙන 3310, ජංගම දුරකතන තමයි පාවිච්චියට ගත්තෙත්, බල්ලන්ට උනත් ගහන්න පුලුවන් නොකියා 3310 එක වුනත් භාවිතාවෙ තිබ්බෙ නැති කාලයක්.
රජය විදිහට එවකට අගමැතිවරයා උන
ගොහ් චොක් තොංග් ප්රමුඛ රජය තීරණය කරනව වැසිකිලි හා අනෙකුත් අප ජලය පිරිපහදු කරල නැවත පාවිච්චියට ගන්න. ජල සම්පතින් අනූන අපේ රටට නම් ඒක විහිලුවක් උනාට තාමත් මුළු කොළඹම වැසිකිලි ටික ඇදලා මෝදරින් මුහුදට දාන අපිට මැජික් එකක් වගේ. 2002 වගේ කාලෙක සිංගප්පූරුවේ පාලකයන්ගෙ දැක්ම කොතනද තිබ්බෙ කියන එක ඒකෙන් හිතාගන්න පුලුවන් වෙයිනෙ.
කොහොමහරි අවැසි තාක්ශණය එක්ක වැඩේ කරල ජල බෝතල් බීමට සුදුසු විදිහට වෙලදපලට නිකුත් කරන්න සිංගප්පූරු රජයට පුලුවන් වෙනව. එයින් ඔවුන්ගේ ඉලක්කය සම්පූර්ණ කර ගත්තත් රටවැසියන්ට මේ ගැන සැක සංකා මතුවෙනව. ඒ ගැන දැනුවත් වෙන අගමැතිතුමා හා ඇමතිවරු මේ ජල බෝතල් ප්රසිද්ධියේ පානය කරල පෙන්වනව. ඒකෙන් රජයක් විදිහට හොද පූර්වාදර්ශයක් දෙන ගමන්ම තමන්ගෙ තිරසාර සංවර්ධනය කඩයිමක් ජයගන්නව.
විශේෂයෙන් කියන්න ඕනි දෙයකුත් වෙනව ඇමතිවරු අගමැතිවරු විතරක් නෙවෙයි හිටපු අගමැති ලී ක්වාන් යූ පවා මේ වතුර අලවපු පොටෝවෙ වගේ බීලා පෙන්නනව. විරුද්ධ මත දැරුවත් දේශපාලකයො රටේ ප්රතිපත්ති එක්ක කොහොමද වැඩ කරන්නෙ කියන පාඩම 2002 වගේ කාලෙක සිංගපූරුව අපිට කියාදෙනව. අපි හිටියනම් ටොයිලට් වතුර පොවන්නේ නෑ හාමුදුරුවනේ, අපි ආපු ගමන් පිරිපහදුව යකඩ වලට කපනව තමුන්නාසෙලා ඕව බොන්න එපා. කොමිසමක් දාල හදෙන් හරි වතුර ගමේ බිම්මටමේ ජනතාවට නොමිලේ ගෙනත් දෙනව වගේ ඔලමොට්ටල කතා කිව්වෙ නෑ එහේ දේශපාලකයො
ඔය සිදුවීම එක්ක යාන්තන් ලංකාව ගැනත් සංතෝශ වෙන්න පුලුවන් සිදුවීමක් ලංකාවෙත් වෙනව ඒ 2004 සුනාමි සිදුවීමෙන් පසු මුහුදට ගසා ගිය මෘතශරීර මාළුන් ආහාරයට ගන්න ඇති කියල හිතපු අපිත් මාළු කෑමෙන් වලකිනව.සුනාමියෙන් වැඩිම හානියට පත්වුන ධීවර ප්රජාව වෙනුවෙන් විද්යාත්මකව මතයක් ඉදිරිපත් කලේ එවකට විද්යා හා තාක්ෂණ ඇමති වෛරසවේදය ගැන මහාචාර්යවරයකු වන තිස්ස විතාරණ මහත්මයා. නාරාහේන්පිට තිබ්බ අමාත්යාංශයේ මාළු බැදල ප්රසිද්ධියේ කාල පෙන්නන දර්ශනයක් ඒ කාලේ ගෙදර තිබ්බ කළු සුදු ටීවී එකෙන් බැලුවත් අන්තර්ජාලයේ ඒ ගැන වාර්තාවක් හොයාගන්න පුලුවන් උනේ නෑ. ඒ කාලෙ සුනාමිය එක්ක වැටිල තිබ්බ ධීවර කර්මාන්තයට ඒක රුකුලක් වෙලා අද වෙනකන් කිසි කරදරක් නැතිව අපි මාළු කන්න ඇමතිවරයගේ ක්රියාකලාපය හේතුවක් වෙන්නත් ඇති කියල හිතෙනව.කොහොමත් ඒ කාලෙ ඉස්කෝලෙ යන ලමයෙක් විදිහට සිංගප්පූරුවේ ගොං චොක් තොංග් වගේම මහාචාර්ය තිස්ස විතාරණත් ඔය සිදුවීම නිසා වීරයො විදිහට මගෙ හදවතේ ගැඹුරුම තැනක තැම්පත් වෙනව.
පස්සෙ කාලෙක දියවන්නා ආපු හොනරබල්ලා කරපු වැඩ කිඩ ටිකකුත් පොටෝ පල්ලෙහ තියෙනව. ඒවගැන නම් කතා නොකරම මම මේ භූමියෙන් ඉවත් වෙනව.
වෙනස නම් ගොං චොක් තොං වගේම තිස්ස විතාරණත් ඉස්කෝලේ ගිහිල්ලා විශ්ව විද්යාලයටත් ගිහිල්ලා පාර්ලිමේන්තුත් ගියා. පස්සෙ ආපු හොනරබල්ලා හරියට ඉස්කෝලෙ වත් ගිහිල්ලා නැතිළු කියල සමහරු නම් කියනව.
උපුටා ගැනීම: Kasun Pethiyagoda