හැමෝටම ඕනේ මදුරුවන් ව මරන්න අපි උනත් මදුරුවෙකුගේ කී…….ං සද්දේ ඇහුන ගමන් මදුරුවා දිහාට ටී 56 මාන ගන්නවනේ නේද? හැබැයි සිංගප්පූරු ඊට හාත්පසින්ම වෙනස්. සිංගප්පූරුවේ මිනිස්සු කරන්නේ මදුරුවන් අභිජනනය කරලා පරිසරයට මුදාහරින එක. ඔව්….. සිංගප්පූරු වැසියන් දස දහස් ලක්ෂ ගණන් මදුරුවන් පරිසරයට මුදාහරිනවා ඒත් ඇයි?
ඇත්තටම මදුරුවෝ අපිට කරදරයක් විතරක්ම නෙමෙයි මාරාන්තික රෝග වාහකයකු ලෙස ද ක්‍රියා කරනවා මාරාන්තික රෝග වන ඩෙංගු, මැලේරියා,බරවා වැනි රෝග මෙම මදුරුවන් විසින් මිනිසාට සම්ප්‍රේෂණය කරන බව අපි හැමෝම දන්න කරුණක් එමෙන්ම වාර්ෂිකව සිදුවන මරණ විශාල සංඛ්‍යාවකට ද මෙම මදුරුවන් හේතු වෙනවා.
මෙම ගැටළුව සඳහා පැහැදිලි ව පවතින විසඳුම වනුයේ ඩෙංගු මදුරුවන් මරා දැමීමයි. නමුත් මහා පරිමාණයෙන් මදුරු නාශක ද්‍රව්‍ය ඉසීම පවා විශාල සාර්ථකත්වයක් මේ වන විට අත් කරගෙන නැහැ.
සිංගප්පූරුව මෙම මදුරු මුදාහැරීමේ ව්‍යාපෘතිය පටන් ගන්නේ එයට විසඳුමක් ලෙසයි. සැබවින්ම මෙලෙස මුදා හරින්නේ ජානමය වශයෙන් විකරණය කරන ලද මදුරුවනුයි. මොවුන් පරිසරයට මුදාහැරීමෙන් පසු ඩෙංගු වාහක මදුරුවන් සමඟ ලිංගිකව එක්වීමෙන ඔවුන් සතු ව පවතින ප්‍රජනක හැකියාව අහිමි වෙනවා. එවිට මදුරුවන් බෝවීම අවම වෙනවා .
මේ සඳහා සිංගප්පූරු විද්‍යාගාරවල විශේෂිතව සැකසූ මදුරු අභිජනන මධ්‍යස්ථාන පවතිනවා ඒවායේ දැනටත් මුදා හැරීමට සූදානම් ව සිටින මදුරුවන් මිලියන ගණනාවක් සිටිනවා. එමෙන්ම මෙම මදුරුවන් සත්ව සත්ව රුධිරය මත යැපෙන්නන් නො වීම ද විශේෂත්වයක් .
මේ සඳහා දැනට සින්ගප්පූරුවේ මදුරු කර්මාන්තශාලා පවා ස්ථාපිත වෙමින් පවතිනවා. එසේම එවායින් දිනකට මදුරුවන් විශාල ප්‍රමානයක් මුදා හැරෙනවා. පහත දැක්වෙන්නේ එම මදුරු කර්මාන්ත ශාලාවක චායාරූපයකි.
මේ සඳහා සිංගප්පූරුව සොයාගන්නා ලද මදුරු මදුරු තුවක්කුවක් ආධාරයෙන් මෙම ජානමය ලෙස විකරණය කළ මදුරුවන් පරිසරය පුරා මුදාහැරීම සිදුකරනවා. අවසානයේ ජානමය ලෙස විකරණය කළ මදුරුවන් මෙන් ම අනෙක් මදුරුවන් ද ස්වභාවිකව මිය යන බව සිංගප්පූරු විද්‍යාඥයින් පවසනවා.
තොරතුරු අන්තර්ජාලය ඇසුරෙනි