සිංහල ලිවීම (ඉස්කෝලෙ කාලෙ රස කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මම 7 වසරට එද්දිත් මගේ සිංහල ලිවීමේ හැකියාව බිංදුවේ තිබ්බේ. උක්ත ආඛ්යාත කියන්නේ මට රොකට් සයන්ස් වගේ. සිංහල බ්ලෙඩර් කරලා බොන්න දුන්නත් තේරෙන්නෙම නැහැ. ඔය කාලේ මම සිංහල පේපර් එකට උපරිම අරගත්තානම් ඒ ලකුනු 40තමා. පාස් වෙන්නේ නූලෙන් නැත්නම් වැඩි හරියක් ෆේල්.
ලකුනු අඩු වෙන්න මූලිකම හේතුව උනේ මගේ රචනා ලිවීමේ නොහැකියාව. විසිපහෙන් ලකුනු 5 වගේ තමා උපරිම අරන් තියෙන්නේ. නැත්නම් 2ට තමා සීමා වෙන්නේ.
මගේ සිංහල ගැන පැහැදුන අම්මයි ආච්චියි තීරනය කලා මාව විශේශ අවදානය සහිත ක්ලාස් එහෙකට දාන්න. අපේ ගෙවල් ලගම හිටියා සිංහල විශේශ උපාධියක් තියන අක්කා කෙනෙක්. එයාට තමා මාව බාර දුන්නේ. එයාගේ හිටිය එකම සිස්සයත් මම.
ලෙඩේ හරියටම නොදැන බෙහෙත් කරලා වැඩක් නැති නිසා අක්කට ඕන උනා මම මොන වගේ මැටි නාම්බෙක්ද කියලා දැනගන්න.
පලවෙනි දවසේ ගිහින් වාඩි උන ගමන් අක්කා කියපි රචනාවක් ලියන්න කියලා. මට ඔය බර වචන දාලා වැල් බයිලා ලියන එක තරම් අප්පිරියා වැඩක් වෙන නැහැ. එහෙම කියලා ගුරාට මුරන්ඩු වෙන්නත් බැරි නිසා ගොනා සේ හා කියලා බලන් හිටියා එයා මාතෘකාවක් කල්පනා කරනකල්.
“වැඩිහිටියන්ට සලකමු”
ඔන්න මාතෘකාව. මම වැඩිහිටි ලෝකේ සැරි සර සර ඉන්නකොට අක්කා කියපි “මම ගේ ඇතුලට යනවා. ඉවර වෙලා කතා කරන්න” කියලා. මාත් හා කියලා අභියොගය බාරගත්තා.
දැන් පින්වතුනී මම කල්පනා කලා වැඩිහිටියන්ට සලකන්නේ කොහොමද කියලා. මගේ අවුරුදු 12 මොලේට ආව කරුනු කාරනා කල්පනා කරන්නත් රචනාවක් විදිහට ලියන්නත් මට ගියේ විනාඩි 10 වගේ කාලයක්.
ලියලා අක්කට කතා කරේ නෑ පින්වතුනි. මේසෙට ඔලුව තියාගෙන හොද නින්දක් දැම්මා.
අක්කා ඇවිත් ඇහැරවනකොට මම කෙල පෙරමින් සුව නින්දේ. එයාම කිව්වා කෙල පිහාගන්න කියලා. ඒ කාලේ ඉදන් මට මර මත කොහේ ගියත්.
පස්සේ අක්කා පටන් ගත්තා මගේ රචනාව ඉවැලුවේට් කරන්න. මෙන්න යකෝ අක්කාගේ ඇස් වල කදුලු. මට මම ගැන මොහොතකට ආඩම්බර හිතුනා. ඉස්කෝලේ ටිචර් මට හිතලාම තමා අඩු ලකුනු දෙන්නේ කියලා පොඩි තරහකුත් ආවා. ඒ උනාට පින්වතුනී අක්කා කදුලු සල සල හිනා උනා එක තමා කලේ. ඒ හිනා වෙලා නැවතුනා නම් කමක් නෑ එයාගේ හත් මුතු පරම්පරාවටම එන්න කිව්වා මගේ රචනාව කියවන්න. මට තේරෙන්නේ නෑ ඇයි මේ මිනිස්සු මම වැඩිහිටියන්ට සලකන විදිහට හිනා වෙන්නේ කියලා.
කොහොම උනත් පින්වතුනි මගේ රචනවා පේලි පහකට විතරයි සීමා උනේ කවදත් වගේ.
මම ලිව්වා “බස් එකක සීට් එකක් වැඩිහිරියෙක්ට දෙන්න ඕන අපි එයාලා හිටගෙන ඉන්නවානම්”
“එයාලට වදින්න ඕන දන ගහලා” තව පේලි දෙකක් විතර මොනාද ලිව්ව වගේ මතකයි ඒ උනාට මෙයාලා හිනා උනේ මගේ අන්තිම පේලිය රිපීට් කර කර.
මම ලියලා තිබ්බා
” අපි ප්ලේන්ටි බීලා හරි වැඩිහිටියන්ට කිරි තේ දෙන්න ඕන” කියලා.
මාත් ඉතින් අහින්සක විදිහට එයාලත් එක්කම හිනා උනාට මට තේරුනේ නෑ මම ලියපු එකේ වරදක් තියනවා කියලා.
කොහොමහරි පින්වතුනි හරිම ඉවසීමෙන් ඒ අක්කා මොට්ට මගේ සිංහල ඔක්කොම හැදුවා. සාමන්ය පෙල වෙනකොට රචනාවට විසිපහෙන් 23 ගන්න තරමට මම මුවහත් උනා.
සිංහල පේපර් එකට ඉතා හොද ලකුනු වාර්තා කරන්න මට පුලුවන් උනා. අන්න එහෙමයි පින්වතුනි මට සිංහල පුලුවන් උනේ.
“දරුවෙක්ට වැඩියෙන්ම අවශ්ය නිවැරදි මග පෙන්වීමයි”
“Good teachers know how to bring the best out of students”
උපුටා ගැනීම: Tifii Guruge

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!