සිංහල සංස්කෘතික මංගල්‍යයෙන් උගත යුතු ආදර්ශ…. (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ජ්යොතිෂයේ පිළිගැනෙන්නේ දවස් තුන්සිය හැටපහක් ගතවී ගොස් සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට සංකරමණය වන අලූත් අවුරුදු උදාව වශයෙනි. සිංහල සහ හින්දු සංස්කෘත විශ්වාසයන්ට අනුව සූර්ය්යා මීන රාශියෙන් මේෂ රාශීයට සංකරමණය වී නව වසරේ උදාව සමඟ ජන සමාජයට නව මුහුණුවරක් සහ ජීවිතයට නව අරුතක් ලැබේ යැයි විශ්වාසයක් පවතී.
අතීතයේදී පැරැන්ණෝ සූර්යයාට වඩා චන්ද්රයාට විශේෂ සැලකිල්ලක් මෙන්ම ගෞරව භක්ති ආදරය දැක්වීය. හඳ බැලීම ඔවුන් උසස් චාරිතරයක් ලෙස සැලකූහ. පුරාණයේ ශ්රී ලංකාව තුළද පැවතියේ ‘‘චන්ද්ර මාස’’ කරමයයි. පැරනි ලිපි වල සහ සන්නස් පතරවල දින හා වකවානුද සඳහන් වන්නේ චන්ද්ර මාස කරමයටයි. වත්මනේ සූර්ය සංතරාන්තියට අනුව අලූත් උළෙල පැවැත්වූවද, ඈත අතීතයේදී අලූත් අවුරුදු උළෙල පැවැතිවූයේ නව සඳ පෙනෙන මුල් දිනයට බව සඳහන් වේ. අලූත් අවුරුද්දේ විශේෂාංගයක් වන්නේ එම මංගල්යයේ සිරිත් සියල්ලම ශුභ නැකතට සිදු කිරීමයි. සියලූ කටයුතු නැකතට සිදු කළ නිසා එය ‘‘නැකැත් කෙළිය’’ ලෙස නම් කරන ලදී. කරි.ව. 1660 දී ශ්රී ලංකාවට පැමිනි, රොබට් නොක්ස් සිය චාරිකාවේ ඉතා අපූර්ව ලෙස අවුරුදු උළෙල පිලිබඳව රචනා කර තිබි’නි. එමඟින් පෙනී යන්නේ එකළ මෙම ජාතික උත්සවය පරධාන ජාතික උත්සවයක් ලෙස මහනුවර පරදේශයේ පැවති බවයි.
සිංහල ලිත් වර්ෂයෙහි මුල්ම මාසය වන්නේ ‘‘බක්’’ හෙවත් ‘‘බග්’’ මාසයයි. ඔවුන් මෙම මාසය පුද්ගලයන්ගේ අධ්යාත්මික හැඟීම් වැඩිකරන මාසයක් ලෙසද විශ්වාස කර ඇත. ‘‘බක්’’ යනු භාග්යසම්පන්න යැයිද හඳුන්වයි. සමෘද්ධිය, වාසනාව, යන්නද ඉන් ගම්යවේ. එකළ ගොවීන්, අස්වනු කපාගෙන ඉන් පසුව අස්වැන්න හා ඍජුවම සම්බන්ධකමක් දක්වන මංගල්යක් ලෙස මෙය පවත්වා ඇත. මෙකළ සොබාදහම වුවද පරිවර්තනීය වෙනසක් පෙන්නුම් කරන අතරම හිරුට, ජලයට, උදව් කළ සියලූ සොබාදහමට කරන ගෞරවයක් ලෙසද මෙම උළෙල පවත්වා ඇත.
එකළ ගැමියා ලහිලහියේ අභිනව අවුරුදු උළෙලට සුදානම් වෙත්ම, පරිසරයේ වෙනසටද ඇලූම් කළෝය. තුරුලතා මලින් ගැවසී පළාතම සුවඳ කරවූ අතර, මල්වලින් නැගෙන සුගන්ධය කරා ලඟා වූ මී මැස්සන් ද පරිසරය වර්ණනාව තවතවත් ඔද නටවන්නට විය. එරබොදු මල් ද පිපී සංකේතවත් කරන්නේ අලූත් අවුරුද්ද ලඟම එන බවයි. ‘‘අවුරුදදත් කිට්ටු කිට්ටු- එරබොදු මල් පොට්ටු පොට්ටු’ ලෙෂ එකළ ආප්තෝපදේශ පවා නිර්මාණය වූයේ එහෙයිනි. මෙම උත්සවයේ එක් සංදිස්ථානයක් ලෙස, සූර්ය සංකරාන්තිය මුල් කොට ගෙන සිදුනව නැවුම් පරිවර්තනයද සනිටුහන් වේ.
එකළ සිංහල ගැමි සංස්කෘතියේ ඉහළම මහා මංගල්ය වූයේ සිංහල අලූත් අවුරුද්දයි. එය අදටද වෙනසක් නැත. සිංහල හා හින්දු අලූත් අවුරුද්ද පරධානම කොටස්තුනකට වෙන් කළ හැකිය. පරණ අවුරුද්ද, අලූත් අවුරුද්ද, සහ පුණ්ය කාලය එම කොටස් තුනයි. නොනගත කාලය හෙවත් පුණ්ය කාලය/ නැකැත් නැති වෙලාව යනු ජ්යොතිෂය තුළ කිසිඳු කාර්යයක නොයෙදිය යුතු යැයි සඳහන් කරන කාලයයි.
සිංහල අලූත් අවුරුද්දේ විශේෂම අවස්ථාවක් වන්නේ අවුරුදු සිරිත් විරිත් සියල්ල නැකතට සිදු කිරීමයි. නොනගත කාලය තුලදී සියලූ වැඩ නතර කර පුණ්ය නටයුතු වල නිරත වේ. එනම් වසරක් පුරා වෙහෙස වී, කාර්යවල නිරතව විරාමයක් ලැබීම සඳහා සියලූ වැඩ අවසන් කිරීම මෙහිදී සිදුවේ. නොනගතයට පෙර සියලූ වැඩ අතහැර පිරිසිදු වී දරුවන් ද සමඟ ගමේ පන්සල වෙත ගොස් පුණ්ය කටයුතු වල යෙදීම සිදුවේ. එමඟින් ආගමික පරිසරය තුළ තවතවත් අධ්යාත්මික තත්ත්වය දියුණු කර ගැනීම බලාපොරොත්තු වේ. නැකතට සියලූ සිරිත් විරිත් සිදු කිරීම තුළ ශ්රී ලාංකිකයන් සියලූ දෙනාම එකම වෙලාවට, එකම කාර්යාලියන නිරත වීමද සිදු වේ. විශෙෂයෙන්ම කාන්තාව මෙම සිරිත් විරිත් අකුරටම ඉටු කිරීමේ වගකීම නිසි පරිදිම සිදු කරයි.
අතීතයේ සිට ගම්මානවල පරධාන නැකැත්කරු අවුරුදු උදාවට දින ගණනකට පෙර නිවෙස්වලට ගොස් ‘‘අවුරුදු සීට්ටු’’ චාරිතරය ඉටු කරනු අයුරු කියන අතර, ගම්වැසියෝද නැකැත්කරුට විවිධ තෑගි දී පිටත් කරයි. කුල සිරිත් අගයන ලාංකේය වනිතාව සුබ නැකතට අනුව ලිප ගිනි මෙලවීම, ආහාර පිසීම, ආහාර අනුභවය, හිසතෙල් ගෑම, නව සඳ බැලීම, යනාදී සියල්ලම සිදු කරයි. නවම් මස ගෙවී යත්ම ගමේ ගොයම් කපා පාගා අවසන් වී, අටුකොටු පිරී ඉතිරී යයි. අලූත් සහල් බත් පිසගෙන රසකැවිල් පිසගෙන පරීතියෙන් තම දෙමව්පියන්, නෑ, හිතමිතුරන් බැලීමට යයි. නැවුම් බවත්, පරීතියත්, සශ්රීක බවත් ජනතාවගේ හදවත පරිතියෙන් පුරවාලන සමයක් ලෙසද අවුරුදු සමය හඳුන්වා දිය හැකි වේ.
එමෙන්ම ස්තරී- පුරුෂ භේදයකින් තොරව අවුරුදු කරීඩාවල යෙදෙයි. ඔළිඳ කෙළිය, පංච කෙළිය, කළගෙඩි සෙල්ලම්, වලකජු ගැසීම, ඔංචිලි පැදීම ආදී කරීඩාවන්හි යෙදෙමින් සතුටු වන අතරම එකළට රබං හ`ඩද දසත රැව්පිළි දේ. අවුරුදු උදාවත් සමඟ වැඩිහිටි වන්දනාව සුවිශේෂී වේ. ගමේ පන්සලේ නායක හාමුදුරුවන්ට බුලත් දී නමස්කාර, කමා කරවාගෙන, ගෙදර බුදුන් වූ දෙමාපියන්ට බුලත් දී දෙපතුල් වැඳ ගෙවී ගිය වසර පුරා සිදු වූ පව් වලට සමාව ගනී. මෙය සිංහල – බෞද්ධ ජනතාව තුළ පැවතී උතුම් ගුණධර්මයක් පරකට කරවූවකි.
එමෙන්ම ආහාර අනුභවයද සියල්ලෝම එක්ව අතීතයේ පුරාණ චාරිතරානුකූූලව පහන් දල්වා ගෙදර පුතුන්, මවුපියන්, වැඩිහිටියෝ එක්ව සිදු කරනු ලබති. දෙමව්පියන්ගේ වැඩිහිටි වන්දනාව අපේ සිංහල- බෞද්ධ ගති සිරිත් විරිත් අනුව හැඳුනු වැඩුනු බෝසත් දරුවන් අදමද අමතක නොකළ යුතුය. නූතන සමාජයේ සාරධර්ම වියැකී යන බැවින්, ඉහත කී ගුණදම් සිරිත් විරිත් සුරැුකීමට සමස්ත සමාජයම කරියා කළ යුතු වේ.
කාන්තාවන්ට නව වසර උදාවීමේ ඇතිවන්නේ අමුතු වගකීමකි. වෙනදා ඇති වගකීම්- දෙමාපිය වැඩිහිටියන්ට උදවි වීම, තම බාල සොහොයුරු සොහොයුරියන්ව බලා ගැනීමේ කටයුතු ආදිය නිසා ඇයට නව පිබිදීමෙන් අවුරුදු සමයේ උදාවේ. අවුරුදු සමයේ පවුල තුල පරධාන වගකීම දරන්නේ කාන්තාවයි. කැවිලි පෙවිලි සාදමින් තම නෑදෑයින් වෙත සැලකුම් කරන්නට ඇය පරධාන වගකීම් රැුසක් ඉටු කරයි. එනම් මෙම සංස්කෘතික මංගල්යයේ සංස්කෘත්ක පාලම තනනූයේ ඇයයි. එමෙන්ම ඈත අතීතයේ අවුරුදු චාරිතර වාරිතර අතර අවුරුදු වැඳීමේ සිරිත ගමේ පන්සල කේන්ද්ර කොට ගෙන සිදුවූ විශේෂ චාරිතරයකි. පරණ අවුරුද්ද ගෙවීයත්ම පන්සලට ගොස් සැඳ පුදා ගෙන, දෙවියන්ට පින් දී නැවත අලූත් අවුරුදු උදාවත් සමඟම පුණ්ය කාලය තුලදී වෙහෙර විහාර, බෝ මලූව වෙත ගොස් මල් පහන් පුදා අපමණ ශාන්තිනේ කරිරියා කරයි. එකම් මෙම මංගල්යය වටා පරධානතම ආගමික වටපිටාවක් කරියාත්මක වීම විශේෂත්වයයි. එවැනි කටයුතු රාශියක පරතිඵලයක් වූ නව අවුරුදු සැමරුමේ යහපත් පරතිඵල උදාකරගැනීමට උදාර සිරිත් විරිත් රැුකීමට අමතක නොකරන්න. එය ඔබගේ වගකීම මෙන්ම යුතුකමක්ද වේ….

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!