“ආයුබෝවන් ලමයි….මම තමා ඔයාලගෙ අලුත් සිංහල ටීච…….”
“ආයූබෝවන් ටීච……”
” හරි දැන් හැමෝම පොත් ගන්න….අපි පස්සෙ කතා කරමු ලමයි…..ගොඩක් කාලයක් සිංහල ටීච කෙනෙක් හිටියේ නැති නිසා ලොකු සිලබස් එකක් තියනවා ලමයි අපිට කරන්න……..”
ඒ මං සිංහල ගුරුවරියක් විදිහට පාසලකට ලැබුනු තවත් එක් පත්වීමක්…..මම මගෙ ලඟ තියන සිංහල පොතක් අරගෙන පාඩමට ලෑස්ති වෙන්න හදනකොට මගෙ කකුල් දෙක ලඟට විසී වෙලා ආවේ කාගෙ හරි ලමයෙක්ගෙ පොතක්….පොතේ පිට කවරයවත් තිබ්බේ නෑ….කොල හැමතැනින්ම ඉරිලා…..ඇත්තටම ඒක දැක්කාම මට ඇති උනේ පුදුම තරහක්….මම කැමති ලමයි පොත් පිරිසිදුවට පිලිවෙලට තියාගෙන ඉන්නවාට…..
ඒ වගේම කියන්න ඕන මං ටිකක් වස ටීච කෙනෙක්….වැරදි වලට දඬුවම් කරන ටීච කෙනෙක්…..
” කාගෙද මේ පොත….”
මං පොත ඇහිදගෙන එහෙම ඇහුවේ කේන්තියෙන්…….
” ටීච…..ඒ සමන්ගෙ පොත….අපෝ ටීච එයා ලඟ හරිම ගඳයි…….”
එක ලමයෙක් එහෙම කියනකොට පන්තියේ ලමයි සේරම හයියෙන් හිනා උනා……
” හා….හා…..නවත්ත ගන්න කිව්වේ හිනාව හැමෝගෙම……කවුද සමන්…..කෝ නැගිටින්න බලන්න…….”
මං එහෙම කියනකොට පන්තියේ පිටි පස්සෙ කෙලවරේම ඉදන් ලමයෙක් නැඟිට්ටා…ඒ ලමයාගෙ ඇඳුම හරිම කිලිටුයි…..කොන්ඩේ පීරලා තිබ්බේ නෑ….හරිම අපිලිවෙලයි……මං ඒ ලමයා ලඟට ගියා….ඒ ලමයා එක එල්ලෙම මගෙ මූණ දිහා බැලුවා………
” සමන් ඇයි පොත විසි කරේ…….”
” එයා එහෙම තමා ටීච……එයාට ටීචර්ලා කවුරුත් කැමති නෑ…….එයා හැමදාම ටීචර්ලාගෙන් ගුටි කනවා…..”
සමන්ට වෙනුවට ඒ උත්තර දුන්නෙ සමන්ගෙ එහා පැත්තෙ හිටිය ගෑනු ලමයෙක්……..
සමන් නම් කිසිම දෙයක් කිව්වේ නෑ……මං පොත සමන්ගෙ අතට දුන්නා…..සමන් පොත උදුරලා ගත්තා….මගෙ හිතේ තරහක් ඇති උනත් මම සමන්ට මුකුත් කිව්වේ නෑ…….
” පොත් ලස්සනට තියා ගන්න ඕන……මෙහෙම පොත් කෑලි කරන්න එපා…..”
මං එහෙම කියලා පාඩම පටන් ගන්න ලෑස්ති උනා…….
*************************
මං සමන් ගැන සමන්ගෙ පන්තියේ ටීචගෙන් විස්තර ඇහුවා…..සමන් ලමා නිවාසයක ඉදන් තමා ඉස්කෝලෙට ආවේ….සමන්ගෙ අම්මා අවුරුදු දාසයෙන් දූෂණයට ලක් උන කෙනෙක්….සමන්ව හදා ගන්න බැරි නිසා සමන්ව ලමා නිවාසයට දීලා……ලමා නිවාසෙනුත් ඒ ලමයි ගැන ලොකුවට හොයන්නෙ බලන්නෙ නෑ……මේ විස්තර වලින් පස්සෙ මගෙ වැඩි අවදානයක් යොමු උනා සමන්ට……
ටිකක් මුරණ්ඩු ගති තිබ්බ ලමයෙක් උන සමන් කාලයත් එක්කම මාත් එක්ක සමීප උනා……හැමදාම උදේට මං ඉස්කෝලෙට එනකන් සමන් බලාගෙන ඉදලා ගුඩ් මෝර්නින් සිංහල ටීච කියනවා……
ටික කාලයක් යනවත් එක්කම සමන් පොත් පිලිවෙලට තියා ගන්න පුරුදු උනා….මගෙත් වැඩි අවදානය සමන්ට යොමු උනා….පාඩම් වල අමාරු හැම තැනක්ම පාසල් කාලයෙන් පස්සෙ සමන්ට මං උගැන්නුවා…..
මං සාමාන්‍යයෙන් උදේ කෑම එක ගත්තෙ ඉස්කෝලේ කැන්ටින් එකෙන්…..ඒත් පස්සෙ සමන් නිසාම මං උදේ කෑම එකයි දවල්.කෑම එකයි දෙකම ගෙදරින් අරන් ආවේ සමන්ටත් එක්කමයි….ඒ අතර මං සමන් කැමති කෑම හදාගෙන ආවා…..නූඩ්ල්ස් ,මැකරෝනී, සැන්විචස් වගෙ දේවල් සමන් කන්න හරි කැමතියි……
ඒ නිසාම මං සමන් කැමති ඒ කෑම හදාගෙන සමන්ට උදේටයි දවල්ටයි කෑම ලෑස්ති කරගෙන අරන් ගියා……
” ටීච……මං කවදා හරි බඳින්නෙ ටීච වගෙ එක්කෙනෙක්…….”
හදිස්සියෙම සමන් මට කියපු දේට හිනා ගියා……
” තාම ඉන්නෙ ඉස්කෝලේ හතර වසරේ….බඳින්නයි කල්පනාව මෙයාගෙ……”
එහෙම කියලා මං සමන්ගෙ ඔලුව අතගෑවේ හිනා වෙලා……ඉස්කෝලේ ඉවර උනාම ලමා නිවාසෙන් එනකන් සමන් මාත් එක්ක ගොඩාක් වෙලා කතා කර කර ඉන්නවා…..සමන් මට පුදුම විදිහට ලං උනා…..මාත් අනිත් ලමයින්ට නොපෙනෙන්න සමන්ට උදව් කලා……සමනුත් මට දැක්කුවේ පුදුම ආදරයක්……සමන් ලමා නිවාසේ විස්තර පවා මාත් එක්ක කිව්වා……හැබැයි ඒ කිසිම වෙලාවක සමන් එයාගෙ අම්මා ගැන මාත් එක්ක කතා කලේ නෑ….මාත් ඒ සම්බන්ද කිසිම දෙයක් සමන් එක්ක කතා කලේ නෑ……..
ගුරු දිනයට සමන් මට එයාගෙම අතින් හදපු කාඩ් එකක් දුන්නා…..අදටත් මා ලඟ ඒ කාඩ් එක තියනවා…..කාලයත් එක්කම සමන්ගෙ ප්‍රියතම ටීච සිංහල ටීච උනා…කැමතිම විශයත් සිංහල උනා……
සමන් එක්ක අවුරුදු දෙකක කාලයක් ගෙවිලා ගියා…..ඒත් එක දවසක්…..ඒ දවස අවුරුද්දේ අවසානයට නිවාඩු දෙන දවස්…..
” සිංහල ටීච……මේ නිවාඩුවෙන් පස්සෙ මං ආයෙත් ඉස්කෝලේ එන්නෙ නෑ…….”
සමන්ගෙ ඒ වචන ටිකට මගෙ මුලු හිතම ගැස්සිලා ගියා……
” ඒ ඇයි……”
” අපේ නිවාසේ ලඟම පොඩි ඉස්කෝලයක් තියනවා….ඒ ඉස්කෝලෙට මාවත් දානවා කියලා කිව්වා…….”
මගෙ ඇස් වලට කඳුලු ආවා…..ඒ දවස උදා උනා…..සමන් නිවාඩු දෙන දවසේ මාව හොයාගෙන ඇවිත් මට වැන්ඳා…….
” ටීච……මං හොඳට ඉගනගෙන ලොකු මහත්තයෙක් වෙලා ටීචව බලන්න එනවා ටීච…….මං අනිවාර්යයෙන් එනවා සිංහල ටීචව බලන්න…….”
සමන් ඇස්වල කඳුලු පුරවගෙන එහෙම කියලා එදා ගියේ මගෙ ගෙදර ඇඩ්රස් එකත් අරගෙන……සමන් ඉස්කෝලෙන් අයින් වෙලා මාස හයකට පස්සෙ මාත් වෙනත් පාසලකට මාරු උනා…….
ගුරු ජීවිතේ මට හමු උන සමන් තවත් එක දරුවෙක් නෙමෙයි මගෙ මුලු හදවතේම ඉන්න දරුවෙක්……
සමන් මට පොරොන්දු උනා ලොකු මහත්තයෙක් වෙලා මාව බලන්න එනවා කියලා…..
” ඔව් පුතේ ඔයා ලොකු මහත්තයෙක් වෙලා මේ සිංහල ටීචව බලන්න එනකන් මේ සිංහල ටීච බලාගෙන ඉන්නවා……”
උපුටා ගැනීම: අමාලි සෙල්වකුමාර්