ආදරය කියන්නෙ කුරුල්ලෙක්.ඇය නිදහස්වතබන්න එයමත ඒකාධිකාරි වෙන්න හදන්න එපා ,අල්ලලා හිරකලාම එතැන ආදරයක් නෑ.හැමෝම කියනව මම ඔයාට ආදරෙයි කියලා ඒත් කොතැනකවත් ආදරය දකින්න නෑ,, ඕෂෝ හෙවත් රාජනිෂ් ආදරය ගැන එහම කියද්දි.අපි ආදරය නිමා කරන්නෙ බෙල්ල කපලා.
විසි තිස් පොළකට පිහියෙන් ඇනලා.
ප්රේමය කියන්නෙ නියම් අනියමි කියලා කොහොමද වර්ගවෙන්නෙ.මට නමි තාම නිරවුල් නොවු තත්ත්වය ක්
මේ සිද්ධිය ගැන නොයෙක් මති මතාන්තර අදහස් නිදහසේ ගලාගෙන යනවා,
මගේ මනසට වදදෙන්න ගත්තෙ ප්රේමඝාතකයා හෝ ඔහු එක්ක යහන්ගතවුන ගැහැණිය ගැන නෙවෙයි
මේ අම්මා ගැන.ඇගේ මුහුණ මත ලියැවුණු කථාව හදපත්ලෙ ඇවිලෙන ගින්න.
මීට වසර ගණනාවකට නැත්නම් දශක කිහිපයකට කලින් මා සේවයේ යෙදී සිටි පත්තරයට Articleඑකක් ලියන්න ගිය ගමනක්.එතැනත් ඝාතකයා ශරිරය නඩත්තුව හොඳින් කල පොලිස් කාරයෙක් තරුණිය දුප්පත් කමත් රූපසොබාවත් එකට අරගෙන ආව ගැමි තරුණියක්
ඇය අවුරුදු කුමාරිය ලෙස කිරුළු පළඳින්න තරමි රූපශ්රීයෙන් ඉහළයි. ඇයට කිරුළ පළඳවන පොලිසියෙ ලොක්කා ඇයගේ කුමරි බඹසර අසපුවේ අයිතිකාරයා වෙනව
අවසානයේ මේ නරුමයා මරල ටයර් දාලා පූච්චන්නෙ අර ඉව අල්ල අල්ලා ඉඳල නතු කරගත්ත දුප්පත් අම්මගෙ දුව
මම කොබෙයිගනෙ ඇගේ කුඩා කටුමැටි ගහපු ගෙදරට යනකොට අම්මා හිටියෙ හිස් අහසේ නෙත් තියාගෙන. මේ අමිමගෙ යි ඒ අම්මගෙයි වෙනසක් මට දැනෙන්නෙ නෑ.
ඇය ඇතුළෙ තිබිබ කුඩා ඇල්බමය මට ගෙනත් දෙනව.දුවගෙ ජායාරෑප යක් තෝරාගන්න දුක් කන්දරාවක් දරාගෙන හදපු දුවගෙ ඉතිරිවෙලා තියෙන්නෙ ඒ ජායාරෑප යයි අර කලුවලා පිරුණ අහස තරමි උස කයි කතන්දර යි විතරමයි.කොබෙයිගනේ රූප සුන්දරිය ලෙස ඝාතනයෙන් පස්සෙ රටක් ලෝකයක් දැනගත්ත ඇගෙ දියණියගෙ පිංතූරය මම ගන්නෙ ඇයටම ආපසු ගෙනැත් දෙන පොරොන්දු වෙන්.
පත්තර පිටු .නාලිකා.ඇතුලේ විතරක්ද මේ පිටුවලත් උඩකරණමි යටකරණමි ගහන මේ සිද්ධිය තව ටික දවසක් තලුමරයි. ඒත් මේ අම්මා,,… ඩිංග ඩිංග මියැදෙන වග. ඇය දවන ගින්දර. පියා නැතිව උස්මහත් කරගත් දුව සිරිපාදේ ගොස් එතැයි ඇය මග බලා ගෙන හැම දවසකම.
උපුටා ගැනීම: කරුනාදාස ගිරිබාව