අප බොහෝ දෙනාගේ සිතේ බියක් ඇතිකරන ආහාර සංඝටකයක් ලෙස කොලෙස්ටරෝල් හැඳින්වූවාට වරදක් නැත. සිරුරේ රුධිර පීඩනය වැඩි කරන හෘදයාබාධ ඇති කරන ආහාර සංඝටකයක් ලෙස කොලෙස්ටරෝල් ගැන අපි සිතා සිටින්නෙමු.

මේදය වැනි ද්‍රව්‍යයක් වන කොලෙස්ටරෝල් ශරිරයට හිතකර මෙන්ම අහිතකර අවස්ථාද ඇත. එය රදා පවතින්නේ ශරිරයේ රදා පවතින කොලෙස්ටරෝල් වර්ගය අනුවයි.

අක්මාව මගින් කොලෙස්ටරෝල් නිපදවන අතර මස්, කුකුළු මස්, බිත්තර, මාළු හා කිරි වැනි ආහාර මගින්ද කොලෙස්ටරෝල් ශරිරයට ලැබේ.

ලිපෝප්‍රෝටීන සහ ට්‍රයිග්ලිසරයිඩ ලෙසින් කොලෙස්ටරෝල් වර්ග දෙකක් ඇත. LDL හෝ අඩු ඝණත්වය ඇති ලිපෝප්‍රෝටීන සහ HDL හෝ වැඩි ඝනත්වය ඇති ලිපෝප්‍රෝටීන ලෙස ලිපෝප්‍රෝටීන වර්ග දෙකක් තිබේ. මේ අතුරින් LDL හෙවත් අහිත කර කොලෙස්ටරෝල් අධි – කොලෙස්ටරෝල් ප්‍රශ්නවලට හේතු වේ. ඒවා රුධිර නාළයන් මත ධමනිවල බිත්ති මත තැන්පත්වීමේ නැඹුරුවක් ඇත. HDL හෙවත් හොඳ කොලෙස්ටරෝල් ධමනිවල තැන්පත්වන කොලෙස්ටරෝල් ඉවත් කිරිමට උපකාරි වේ. ඒ අනුව LDL කොලෙස්ටරෝල් ශරිරයට හානි කිරිමට උත්සාහ කරන අතර HDL කොලෙස්ටරෝල් LDL මට්ටම අඩු කරමින් ශරිරයේ මේදය මට්ටම නියමිත ප්‍රමාණයක රඳවා ගැනීමට උත්සාහ කරයි.




සංතෘප්ත මේදය සහිත ආහාරවල අහිතකර කොලෙස්ටරෝල් බහුලය එනම් හරක් මස්, ඌරු මස්, හම සහිත කුකුළු මස්, බටර්, චීස්, කිරි නිෂ්පාදන, පොල්, පොල්තෙල්, පාම් තෙල්, කොකෝ බටර් වැනි ආහාරය.

අසංතෘප්ත මේදය සහිත ආහාරවල හිතකර, කොලෙස්ටරෝල් බහුලය. එනම් සැමන්, හුරුල්ලන්, අලිගැටපේර, ඔලිව්, වොල්නට්, සෝයා ඇට, බඩ ඉරිගු, කැනෝලා, ඔලිව් හා සූරියකාන්ත තෙල් වැනි ආහාරය.

ට්‍රාන්ස් මේදය යනු ස්වාභාවික පරිසරයක් දුර්ලභ කර්මාන්ත ක්‍රියාවලියකින් නිපදවන ආහාරවල බහුලව අඩංගුවන ද්‍රව්‍යයකි. එනම් බැදපු ආහාරවල, පේස්ටි්ර, පීසා, විස්කෝතු වැනි පුළුස්සන ලද ආහාර වර්ගය.

LDL 100 mg /dl නොවැඩි විය යුතුයි. :60-70 mg /dl)
HDL 60 mg /dl නොඅඩු විය යුතුය.
ට්‍රයිග්ලිසරයිඩ 150 mg /dl නොවැඩි විය යුතුය.
මේ අනුව මුළු කෙලෙස්ටරෝල් ප්‍රමාණය 200 mg /dl නොවැඩි විය යුතුය.





උපුටා ගැනීම: Suwa arana