සිසුන් පිරිසකගේ සා.පෙළ ප්‍රතිඵල අත්හිටුවයි (ප්‍රවෘත්ති)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

අයැදුම්කරුවන් දෙසිය හත් දෙනකුගේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අත්හිටුවීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

අක්‍රමිකතා චෝදනා මත මෙම පියවර ගෙන තිබෙන අතර ඒ අතර නියම අයැදුම්කරු වෙනුවට වෙනත් පුද්ගලයන් විභාගයට පෙනී සිටි අවස්ථා හයක් ද වෙයි. මීට අමතරව අත්අකුරු වෙනස් වීම්, පිළිතුරු පත්‍ර හුවමාරු වීම්, ජංගම දුරකථන ළඟ තබා ගැනීම් සහ පිළිතුරු සමාන වීම් ද ප්‍රතිඵල අත්හිටුවීමට හේතු වී ඇත.

අක්‍රමිකතා සම්බන්ධයෙන් පැමිණිලි 4174ක් දෙපාර්තමේන්තුවට ලැබී තිබූ අතර ඒ පිළිබඳ විමර්ශනය කිරීමෙන් පසු 3967කගේ ප්‍රතිඵල නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.

චෝදනා ලබා සිටින අයැදුම්කරුවන් සම්බන්ධයෙන් වෙනම විමර්ශන පවත්වා ඉදිරි පියවර ගන්නා බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත ‘අරුණ’ට ඊයේ (28 වැනිදා) පැවසීය. ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයැදුම්පත් කැඳවීමේ දිනය ඉදිරියේ දී දැනුම් දෙන බවත් ඒ මහතා කීවේය.

 

උපුටා ගැනීම:Gossip Lanka News

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!