ඉගෙනගන්න කාලය තුල මගෙ තිබුණ ලොකුම ආසාවක් තමයි කැපී පෙනෙන දක්ෂකම් සහිත bright student කෙනෙක් වෙන එක. සමහර අය ඒ වෙනුවෙන් ගොඩාක් මහන්සි වෙනවා ඒ කියන්නෙ hard work කරනවා.අපි මේ ගෙවමින් ඉන්නෙ නූතන තාක්ෂණික යුගයක්.ඉතින් මේ යුගයෙ ඉගෙනගන්න අපි smart works තුලින් ඉදිරියට යා යුතුයි කියන එකයි මගෙ අදහස.ඉතින් තාක්ෂණයත් එක්ක ඉගෙනුම් ක්‍රියාවලින් smart කරගෙන සුපිරිම bright එකක් වෙන්න ටිප්ස් කිහිපයක් තමයි මම දැන් දෙන්න සූදානම් වෙන්නෙ. ඔයා කුමන වයසක පාසල් සිසුවෙක් වුනත්, කැම්පස් වුනත් කව්රු වුනත් මේ ටිප්ස් ටික අදාලයි.
මොකක්ද මේ smart works කියන්නෙ ?
” දැන් තියන ඉතාමත් පහසු තාක්ෂණික ක්‍රම උපයෝගි කරගෙන තමන්ගෙ සීමාවන් අතික්‍රමණය කරමින් වඩාත් පහසුවෙන් සුහුරු ලෙස තමන්ගෙ අරමුණු කරා යෑම ” යනුවෙන් සරලම නිර්වචනයක් දෙන්න පුලුවන්.
Bright student කෙනෙක් වෙන්න කොහොමද smart works කරන්නෙ ?

දැන් මුළු ලෝකයම ඔයාගෙ ඇගිලි තුඩේ කියන කතාවෙ තේරුම තමයි, ඔයා ලග තියන smart phone එකෙන් මුළු ලෝකයකම තොරතුරු ගැන දැනගන්න හැකිවීම.ඉතින් ඇයි තාම ඔයා මේ සිමීත ලෝකයක විතරක් හිරවෙලා ඉන්නෙ ? කොටින්ම කිව්වොත් මේ ලිපිය කියවන්න ලැබෙන එකම smart motivation එකක් කියන්න පුලුවන්.
විෂය නිර්දේශය ගැන හරිම අවබෝධයක් ගන්න.
• අපි කොච්චර කිව්වත් අපි ඉන්නෙ දියුණු ලෝකයක කියලා තාමත් අපෙ රටේ අධ්‍යාපනය පොතක අඩංගු විෂය නිර්දේශයකට විතරක් ලඝු කරලා තියන එක ගැන නම් හරිම දුකයි.හරි ඒකට කමක් නැහැ.ඔයාට අදාල විෂය නිර්දේශය ගැන හරිම අවබෝධයක් අන්තර්ජාලයෙන් ගන්න.
කලින් සූදානම් වෙන්න

• පාඩමක් කරන්න තියන දවසට කලින් දවසෙ ටිකක් බලලා අපැහැදිලි තැනක් තියනවනම් අන්තර්ජාලය භාවිතා කරන්න පුලුවන්.ඒ වගේම ඊට අදාල යූටියුබ් වීඩියෝස් බලන්න පුලුවන්. මේ හැමදෙයකින්ම ඔයාට අදාල පාඩම ගැන හොද අවබෝධයක් එන නිසා ඊලග දවස හරිම දක්ෂ විදියට වැඩ කරන්න පුලුවන් වෙනවා.
තමන්ගෙන්ම ප්‍රශ්න කරන්න
• තව දෙයක් තමයි, සීමාවෙන් එහාට දේවල් දැකීම සහ සිතීම.ගිරවෙක් වගෙ කට පාඩම් කරනවට වඩා හරිම නිර්මාණශීලීව, තර්කානුකූලව හිතන්න පුරුදු වෙන්න.ඇයි එහෙම වෙන්නෙ? කොහොමද එහෙම වෙන්නෙ? කියලා තමන්ගෙන්ම ප්‍රශ්න කරන්න. මේ තර්කානුකූල සිතීමට පුලුවන් ඔයාව මේ ලෝකයෙ ඉහලම තැනකට අරගෙන යන්න.
ප්‍රායෝගික වෙන්න

• සරල තියරියට යන්න. වැඩියෙන් ප්‍රායෝගික වෙන්න.යම්කිසි පාඩමක තියන වැදගත්ම හරය ගැන හොද අවබෝධයක් අරගන්න.ඒ ආශ්‍රිතව හොද ප්‍රායෝගික අත්දැකීමක් ගන්න. අත්දැකීම් වලට පුලුවන් ඔයාව හැමෝවම අතරින් කැපී පෙනෙන අයකු බවට පත් කරන්න.
කාමරය සකස් කරගන්න
• ඔයාගෙ කාමරය ඉගෙනුමට අදාල වෙන විදියට සකස් කරගන්න.ඔයා දක්ෂයෙක් කියලා ඒත්තු ගන්වන්න පුලුවන් මෝටිවේෂනල් වාක්‍යයන් බිත්තියෙ අලවගන්න. ඔයා පාඩම් කරන මේසය පොත් හරිම පිලිවෙලකට තියාගන්න.අනවශ්‍ය දේවල් අයින් කරන්න සහ අත්‍යවශ්‍යම දේවල් පිලිවෙලකට පිරිසිදුවට තියාගන්න.
හොද නින්දක්

• ඉගෙනුම , මොලය සම්බන්ධ දෙයක් නිසා නින්ද අත්‍යවශ්‍යම දෙයක්. මොලය නිසි ක්‍රියාකාරිත්වයෙන් යුතුව වැඩ කරන්න නම් අවම පැය හයකවත් නින්දක් අවශ්‍යයි.හොද නින්දක් ලබාගැනීමෙන් ඊට පහුවදා දවස ඉතාමත් ක්‍රියාශීලි විදියට වැඩ කරන්න පුලුවන් වෙනවා.
ෆ්ලෑෂ් කාඩ්

• දේවල් මතක තියාගන්න සුපිරිම ක්‍රමයක් තමයි, ෆ්ලෑෂ් කාඩ් සිස්ටම් එක. විෂයයකට අදාල එක් පාටක් තියාගන්න.මේ පාටින් හාෆ්ශීට් කොල කුඩා ප්‍රමාණයට කපාගෙන ඉතාමත් වැදගත් කරුණු ,සූත්‍ර ,සමීකරණ ආදිය සංකේත සමග ලියාගන්න.
අරමුණ කොටස් වලට වෙන් කරන්න
• සුපිරිම bright student කෙනෙක්ට හොද smart අරමුණු තියනවා.ඔයාට තියන විශාල අරමුණ ඉටුකරගන්න කොටස් වලට වෙන් කරන්න.මේ පුංචිම කොටසක් ඉතාමත් විශිෂ්ට විදියට ඉටුකරගන්න උත්සාහ කරන්න.
ස්වයං අධ්‍යනයක් කරන්න

• ඒ වගේම හැම ක්‍රියාවලියක්ම ඔයා හොදින් සිදු කරන්නෙද බලන්න ඔයා විසින්ම ස්වයං අධ්‍යනයක් කරන්න. සතියකට වරක් හෝ මාසයකට වරක් ඔයාගෙ දියුණුව මැනලා බලන්න. ඔයාට අන්තර්ජාලයෙන් වුනත් විෂයන්ට අදාල ප්‍රශ්න පත්‍ර හරිම පහසුවෙන් හොයාගන්න පුලුවන්.
වෙන කෙනෙක්ට කියලා දෙන්න
• ගොඩාක් අය දන්නෙ නැහැ හරියට පාඩම් කරන්නෙ කොහොමද කියලා. පාඩම් කිරීමෙන් සිදුකරන්නෙ අත්‍යවශ්‍ය කරුණු අපෙ මතකයෙ රදවා ගැනීමයි. බැලිමෙන්, කියවීමෙන්, ඇසීමෙන් යන තුනාකාරයෙන්ම සිදුකරන එක ඉතාමහ් ප්‍රතිඵලදායකයි. පාඩමකට අදාල වැදගත්ම කරුණු ලියාගන්න.මේ කරුණු ඔයා වෙන කෙනෙක්ට කියලා දෙන විදියට ඔයාට ඇහෙන්න කියවන්න.
ආවර්ජනය කරන්න

• ඔයා හදපු ෆ්ලෑෂ් කාඩ් වල තියන වැදගත් කරුණු වලින් ප්‍රශ්න අහන්න කියලා ඔයාගෙ සහෝදරයින්ට, අම්මට තාත්තට, යහලුවන්ට කියන්න.මේකත් කරුණු ආවර්ජනය කරගන්න හොදම ක්‍රමයක්.
මේ ටිප්ස් එකින් එක ඔයා කැමති විදියට අනුගමනය කරලා කැපී පෙනෙන bright student කෙනෙක් වෙන්න උත්සාහ කරන්න.