ගොඩ දවසකට පස්සේ ලස්සන දෙමළ ෆිල්ම් එකක් බැලුවා. ෆිල්ම් එකේ නම Soorarai Pottru. විස්තරවලට අනුව Soorarai Pottru චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නේ ඉන්දියාවේ Simplifly Deccan සමාගමේ නිර්මාතෘ ජී. ආර්. ගෝපිනාත් ගේ ජීවිත කතාව. ෆිල්ම් එකේ ගෝපිනාත් ගේ චරිතය කරන්නේ සූර්යා. ගෝපිනාත්ගේ බිරිඳගේ චරිතය කරන්නේ අපර්ණා බාලමුරලි.
ජී. ආර්. ගෝපිනාත් කියන්නේ ඉන්දියානු ගුවන් ගමන් ක්ෂේත්රයේ විප්ලවයක් කරපු ව්‍යවසායකයෙක්. ඒ වගේම එයා ඉන්දීය යුද හමුදාවේ හිටපු විශ්‍රාමික කපිතාන් කෙනෙක්.
Simplifly Deccan කියන සමාගම මුල් කාලේ හැඳින් වුණේ Air Deccan කියලා. Simplifly Deccan සමාගම තමයි ඉන්දියාවේ තියෙන පළමුවැනි “ලෝ කොස්ට් බජට්” එයාර් ලයින් එක.
චිත්‍රපටයෙන් නිරූපනය වෙන්නේ හමුදාවෙන් ඉවත් වුණු ගෝපිනාත්, ගුවන් සේවාවක් පටන් ගන්න තරම් ප්‍රමාණවත් මුදල් නොමැතිව, එයාගේ සිහිනය වෙත යන ආකාරය. බිංදුවෙන් ජීවිතය පටන් ගන්න හැමෝටම වගේ, එයාටත් එයාගේ ඉලක්කයට යන්න සෑහෙන තරමේ බාධකවලට මුහුණ දෙන්ඩ වෙනවා.
හැම ෆිල්ම් එකකට වගේම සූර්යා Soorarai Pottru ෆිල්ම් එකටත් උපරිම සාධාරණයක් ඉෂ්ඨ කරනවා. දෙමළ ෆිල්ම්වලට කැමැති කෙනෙක් නම් හොයාගෙන බැලුවත් පාඩුවක් නැහැ.
ෆිල්ම් එකේ පොටෝවලට අමතරව ඔය තියෙන අනෙක් පොටෝ එකේ ඉන්නේ කපිතාන් ජී. ආර්. ගෝපිනාත්.
උපුටා ගැනීම : Anil Karunarathne