සොර සතුරන් නසන ප්‍රබල අවියක්‌ වූ වස්‌ කවි (සංස්කෘතිය හා කළා නිර්මාණ)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
වස්‌කවිය යන වචනය ඇසූ පමණින් ඕනෑම කෙනෙකුගේ සිතේ ඇතිවන්නේ බියකි. චකිතයකි. එසේ වන්නේ වස්‌කවි භාවිත කරන්නේ යහපත සඳහා නොවන බැවිනි. වස්‌ කවියක්‌ භාවිත කරනුයේ යමකු විනාශකර දැමීමටය. බොහෝ වස්‌කවිවලින් සොරුන් සතුරන්ගේ විනාශය සලසා තිබේ. එහෙත් එයින් පරිභාහිරව ඊර්ෂ්යාව හා එදිරිවාදිකම් මත අහිංසක පුද්ගලයන්ගේ විනාශය සැලසීමටද වස්‌කවි යොදාගත් අවස්‌ථා නැතුවා නොවේ. වස්‌කවි වලට බොහෝ දෙනා බිය වන්නේත් ප්රිය නොකරන්නේත් ඒ නිසාය.
වස්‌කවියක අතිමහත් ගුප්ත බලයක ඇතැයි සමහරු විශ්වාස කරන අතර මිනිසුන්ගේ මනස අවුල්කර ඔවුන් විනාශ කර දැමීමට භාවිත කරන රැවටිල්ලක්‌ ලෙසට එය සලකන අයද සිටිති. මේ මත දෙකෙන් ඕනෑම මතයක්‌ සනාථ කළ හැකි කරුණු තිබේ. එහෙත් සත්යය මේ දෙකටම පරිබාහිර විය හැක. වස්‌කවි ලෙසට වර්තමානයේ භාවිත කරන කවිවලින් බොහොමයක්‌ දෙවන වර්ශයට අයත් වෙති. එහෙත් වස්‌කවියට කීර්තිමත් ඉතිහාසයක්‌ තිබෙන නිසාත් ඒ තුළින් විවිධ අරමුණු ඉටුකරගත් අයගේ අත්දැකීම් තිබෙන නිසාත් ඒ කෙරෙහි ඇති විශ්වාසය අදටත් බිඳ වැටී නැත.
වස්‌කවි ලිවීම හා කියවීම යහපත් ක්රියාවක්‌ නොවේ. ඒ නිසා සෙත්කවි රචකයින් ප්රසිද්ධියේ පෙනී සිටියද වස්‌කවි රචකයන් සමාජය ඉදිරියට නොපැමිණේ. සෙත් කවි රචකයකු තමා ලියන කවියකින් ජීවිතයක්‌ ආරක්ෂා කරදෙන අතර වස්‌කවි රචකයකු කරන්නේ එය විනාශ කර දැමීමකි. ජීවිත වනසා ලබන ප්රසිද්ධිය අපකීර්තියකි. ඒ නිසා මේ සඳහා කිසිවකු කැමැත්තෙන් ඉදිරිපත් නොවේ. එබැවින් ප්රසිද්ධ හෝ ප්රවීණ වස්‌කවි රචකයන් යනු අභිරහසකි.
මුල්කිරිගල විහාරයේ සැතපෙන බුදුපිළිමය මත අධිරාජ්යවාදී යුගයේදී විදේශික කාන්තාවක්‌ හිඳගෙන ඡායාරූප ගැනීමට සැරසෙන විට පුංචි තැනේ නරකත් හොඳ යෑයි නායක හාමුදුරුවෝ පොඩි හාමුදුරුවන්ට පැවසූ බවට පුවතක්‌ අප අසා තිබේ. නායක හාමුදුරුවන්ගේ අවසරය ලත් පොඩි හාමුදුරුවෝ අංගමක්‌ පිඹ එම කාන්තාව සිහිසුන් කළේය. බුද්ධානුභාවය පසක්‌ කරගත් විදේශික සුදු යුවළ බුදු දහම වැළඳ ගත්තේය. මෙවැනි අවස්‌ථාවලට මුහුණ පෑමට බොහෝ දෙනාට සිදුවේ. අංගම්, පිල්ලු, සූනියම්, වස්‌කවිවල පිහිට සොයා යන්නේ එවිටය. එවැනි දේ කළ හැකි අය අදටත් සිටිති. එහෙත් ඒවා සිදුවන්නේ ඉතා රහසිගතවය.
වස්‌කවි භාවිත කිරීම ගැන විමසා බැලීමේදී ඒවා ප්රධාන පරමාර්ථ දෙකක්‌ උදෙසා භාවිත වී ඇති බව පෙනේ. යම් පුද්ගලයකුට බලවත් අසාධාරණයක්‌ පාඩුවක්‌ සිදුවූ විට එය සිදුකළ අයට දඬුවම් පැමිණ වීමට වස්‌කවි යොදාගෙන ඇත. එසේම ගුප්ත විද්යාවක්‌ පිළිබඳ ප්රසිද්ධියට පත්ව සිටි අය තමන්ට යම් අවමානයන් හා ආපදාවන්ට මුහුණ පෑමට සිදුවූ අවස්‌ථාවල ප්රබල අවියක්‌ ලෙසට වස්‌ කවිය භාවිත කර ඇත. ප්රබල වස්‌කවි රචකයන් ඒවා රචනා කර ඇත්තේ ස්‌වකීය බලය ශක්‌තිය ප්රදර්ශනය කිරීමට හා අසරණයකුට සාධාරණය ඉටු කිරීමට මිසක මිල මුදල් ලාභ ප්රයෝජන සඳහා නොවේ. එහෙත් මෑත අතීතයේ මුදලට වස්‌කවි තැනූ දක්ෂ කවියන්ද සිටි බවට තොරතුරු ඇත.
ස්‌වකීය බලය ශක්‌තිය පෙන්වීමට වස්‌කවි භාවිත කළ අයගෙන් ප්රමුඛ ස්‌ථානයක්‌ කුංකුනාවේ හාමුදුරුවන්ට හිමිවේ. ඒ හිමියෝ ඉතා ප්රබල ක්ෂණික ප්රතිඵල ලබාදෙන වස්‌කවි නිර්මාණයේ අති දක්ෂයකු ලෙස ප්රසිද්ධව ඇත. කිසිදු බණ දහමක්‌වත් ගුණදහමක්‌වත් ඒ හිමියන්ට තිබී නැත. එහෙත් එවකට සිටි කීර්ති ශ්රී රාජසිංහ මහරජුගේ පටන් සියලු දෙනා ඒ හිමියන්ට බියක්‌ හා ගෞරවයක්‌ දැක්‌වූහ. එසේ වූයේ ප්රබල වස්‌කවි රචකයකු වූ බැවිනි. මේ නිසා කුංකුනාවේ හිමි රජතුමාට හිරිහැරයක්‌ වූ බවද පැවසේ. මේ හිරිහැරයෙන් මිදීමට බොරු වරදකට පටලවා ඒ හිමියන්ගේ හිස ගසා දැමීමට රජු සූදානම් වූ විට ක්ෂණිකව කියූ වස්‌කවියක්‌ නිසා රජ මාළිගය ඉදිරිපස තිබූ විශාල කොස්‌ ගසේ අතු එකින් එක කඩා වැටී කවියේ අවසන් පදය සමග මුළුÊගසම කඩා වැටුණි. ඊළඟ කවිය රජතුමාට කීමට සැරසෙන විට රජතුමා හාමුදුරුවන්ට වැඳ සමාවගෙන මිතුරු බවට පත්වී තෑගි බෝග පිරිනැමීය. ඉන්පසු කිසි දිනක ගැටුමක්‌ ඇතිකර ගත්තේද නැත.
මෙරට වස්‌කවි ඉතිහාසයේ ප්රධානම ස්‌ථානයක්‌ හිමිවන කුංකුනාවේ හිමියන් විවිධ අවස්‌ථාවල කියන ලද වස්‌කවි රැසක්‌ ගැන තොරතුරු ඇත. නාථ දේවාලයේ වහළට අවහිරයක්‌ ලෙසට වැඩී ගිය බෝ අත්තක්‌ ඉවත් කිරීමට කී කවියක්‌ මෙසේය.
රම්රද විමන බෝ අත්තෙන් වැසී ගියා
පව්කල උළු සෙවිලි පලවල් දිරා ගියා
අන් බසකට නොනැමෙන ගෝර චන්ඩි යා
සුන්කර හරින් තෙදබල වීර මුණ්‌ඩ යා
කවිය අවසන් වන විට මහ සුළඟක්‌ පැමිණ බෝ අත්ත කැඩී කිසිදු හානියක්‌ නොමැතිව පසෙකට වැටුණ බව කියවේ.
කුංකුනාවේ හාමුදුරුවෝ වස්‌කවි තැනීම මනාසේ ප්රගුණ කර සිටි අතර තැන නොතැන නොබලා සුළු දේට පවා වස්‌කවි කියා ඇත. පන්සලේ තිබුණ පැදුරක්‌ කෑ මීයකුට කී කවියකි මේ.
මදමත් රූසිරි අඟනක්‌ දුන්නා පැදුරක්‌ එය තිබුවෙමි ආනේ
බැඳගත් වාදේ දොa මට නොදැනෙයි මීයා පැදුරට කල මානේ
තෙදලත් දේවතා බණ්‌ඩර සුරිඳුට කවියක්‌ කීවෙමි මේ මානේ
අදවත් මීයගෙ තල්ල කඩාගෙන පලයන් තින්නාදොa පූනේ
පන්සලේ තිබුණ ගිරයක්‌ සොරකම් කළ අයකුට කුංකුනාවේ හිමියන් කී වස්‌ කවියක්‌ මෙසේය.
හත්අටවරේ හොරකම් එලි උනා තිරේ
මත්තට දුරේ වැටෙතියි කිව් අවිචි නිරේ
අත්පිට මරේ කටිමින් ගෙට වෙලා හිරේ
ගත්තට ගිරේ වැදගන් දෙවි රාම සැරේ
පැදුර කැපූ මීයා බළලකු විසින් ඩැහැගත් බවක්‌ ගිරය ගත් සොරා රෝගීව එක්‌තැන් වී ගේ තුළම මියගිය බවත් කියා ඇත.
කුංකුනාවේ හිමියන් මහනුවරට ගිය අවස්‌ථාවක ටික කලක්‌ එහි පන්සලක නවාතැන් ගැනීමට සිදුවිය. පන්සලේ සිටි ඇබිත්තයා ඒ හිමියන් ඉක්‌මනින් පිටමං කිරීමට නොයෙක්‌ වෙනස්‌කම් කළේය. ඉවසීමේ සීමාව ඉක්‌මවා ගිය කුංකුනාවේ හිමි මේ වස්‌ කවිය කියන ලදි.
පන්සලේ සිටින දික්‌ බෙරවා දන්ඩා
සන්චලේ කරයි සඟගණ වනසන් ඩා
තුන් කලේ සිටින දෙවියන් පින්ගන් ඩා
පැන් කලේ ලෙසට මුගෙ බඩ පලවන් ඩා
කවිය කියා ටික වේලාවකින් වැලගෙඩියක්‌ කැඩීමට කොස්‌ ගසට නැගුන ඇබිත්තයා ගසෙන් වැටී කොස්‌ අත්තක හැපී බඩ පැලී මළේය.
ඒ හිමියන්ගේ පන්සලේ තිබූ ඇතැම් බඩු සොරකම් කළ සොරකුට කී කවිය මෙසේය.
නිගාලෙසට සොරු මට කල කාරිය
පිඟනාවත් බත් කන්නට නෑරිය
ගගා කෙඳිරි සිටිනට සුත බාරිය
වගා නොවන ලෙස දෙවුන් වසූරිය
කී ලෙසටම වසූරිය සැදී ඔහු මළේය. මෙවැනි බරපතළ දඬුවම් පැමිණෙන ප්රබල වස්‌ කවි කියා ක්ෂණික ප්රතිඵල ගැනීමේ හැකියාවක්‌ තිබුණ නිසා වස්‌කවියට අති දක්ෂයකු වූ කුංකුනාවේ හිමියන් වැඩි උගත් කමක්‌ හෝ සිල්වත්කමක්‌ ඉවසීමක්‌ නොතිබුණ නිසා බොහෝ පවු සිදුවන වස්‌ කවි එතුමා අතින් කියවී ඇත. එහි විපාකයක්‌ ලෙස ඒ හිමියන්ද බරපතළ ලෙස රෝගීව එක්‌ තැන්වී දුක්‌විඳ මියගොස්‌ තිබේ.
ජ්යෙdතිෂයේ මන්ත්ර ශාස්‌ත්රයේ හා ශබ්ද ශාස්‌ත්රයේ විශාරද දැනුමක්‌ තිබුණ කොත්මලේ ගණිතයා තමා හැදූ වස්‌ කවියක්‌ නිසාම දිවි හානි කරගෙන ඇත. ඒ නිසා ඔහුද ප්රබල වස්‌කවි රචකයෙකි.
වස්‌කවි තැනීමේ විශිෂ්ටයකු වූ බරණ ගණිතයා විසින් විවිධ කරුණු අරබයා තැනූ වස්‌කවි රාශියක්‌ ඇත. ඔහුගේ හේන පාළු කළ හාවකු නැසීමට මේ කවිය කියා ඇත.
යාම් බොලං අපි හේන් බලන්නට
මේම් බලං හාවුන් කල වින මට
කීම් බොලං මම කලු වැදි රාලට
මාම් බලං පලයං මගෙ උගුලට
එදින හාවුන් කිහිප දෙනෙක්‌ම උගුලට අසුවිය. මුවෙක්‌ මරා ගැනීමට ඔහු කී කවියක්‌ මෙසේය.
යාළුවේ මෙමට කල අව මාන්නෙට
වේලුවේ තිත්ත කඩයින් බදින්නට
මාලුවේ දෙයක්‌ නැත මුසු කරන්නට
ඕලුවේ නොගොස්‌ හිටපන්න මගුලට
ඔහුගේ කෙමන සොරකම් කළ අයට කී කවිය මෙසේය.
මුරු අන බෙලෙන් රෝදුක්‌ ගත වඩාග්
දොරුවන වදින ඉස්‌සන් ඉරාගන්
කිරුවෙන තරාදිය බරනින් බලාගන්
ගුරු දින කෙමන ගත්තකු යකු මරාගන්
කෙසෙල් කැනක්‌ කැපූ සොරකුට කී කවිය මෙසේය.
නින්ද නෙත නොමිනින්ද දුක්‌ විඳ නින්ද අපි මේ කරන්නේ
අන්දමට රඹකැන්ද කපමින් බැන්ද වැට පැන දුවන්නේ
මූන්දමුන් අඹුවන්ද උන් දරුවන්ද මින්මයි රැකෙන්නේ
කන්ද සුරිඳුනි මන්ද මේ සොරු කැන්දවාගෙන නොයන්නේ
කුංකුනාවේ හිමියන් වැනිම අති දක්ෂයකු වූ බරණ ගණිතයා ඉතා සුළු දේට පවා වස්‌ කවිය අවියක්‌ කරගත් බව පෙනේ. ඔහුගේ බල්ලා වෙනත් බල්ලකු විසින් සපා කෑ විට කී කවියක්‌ මෙසේය.
අද්දර ගමගෙයි බඩගෙඩි බල්ලා
මාගේ බල්ලගෙ තුනටිය අල්ලා
අද්දර පඳුරේ උන් දිවි පොල්ලා
අල්ලන් කාපිය එම හොර බල්ලා
අසල පන්සලක සාමණේර නමක්‌ සිවුරු හැර ගිය විට නැවත පන්සලට ගෙන්වාගැනීමට බරන ගණිතයා කී වස්‌ කිවියකි මේ.
වන්දා නොයෙන අයුරින්දා වෙතෙහියුද බින්දා පතල තෙද මහිමෙන්දා
මන්දාර ගිර විලසින්දා බලය පාමින්දා විසූ සව් දද බන්දා
ලන්දා සුරැති කදිරෙන්දා සුරිඳුනේ වැන්දා මෙන්න ඔබ පද වන්දා
තුන්දා තුරෙන් මෙහි බින්දා එවන් සිල් බින්දා ගමට ගිය හෙරනින්දා
බරණ ගණිතයා වස්‌ කවිය හිතුවක්‌කාර ලෙස බලය පෙන්වීමට යොදාගත් අයෙකි. එහි භයානක ප්රතිඵල පසුව ඔහුටම අත් විඳීමට සිදුවිය. ඔහුගේ බිරිඳ අනාචාරශීලී තැනැත්තියකි. ඔහුව රවටාගෙන සොර සැමියක්‌ ඇසුරු කළාය. වරෙක සොර සැමියකු සමග ඇය පැන ගියාය. ඇයට වහල් වූ බරණ ගණිතයා ඇය ගෙන්වා ගැනීමට වස්‌ කවි කීවේය.
වීරිය කර බාලකාලේ ලබපු ළමා
නෑරිය එක්‌ වෙන්ට නෑසියො දුන්න සැමා
සූරිය දෙවියන්ට වැඳ කියමි අත නමා
බාරිය මගෙ එවන් දෙවියනි කතර ගමා
රූනු රට උතුම් නායක දෙවි කතරා
මූනු සයකි බර අත්යුත් නැගි මයුරා
පේනු කර සිටිය මගෙ සුරතල් සොඳුරා
දේනු ඔබ තෙදින් උදුරා මට මෙවරා
මෙම කවි වලින් පලක්‌ නොවිණි. බිරිඳ පැමිණුනේ නැත. කෝපයට පත් බරණ ගණිතයා කදිර සුරිඳුට තර්ජනාත්මකව මෙම කවි ලියන ලදී. ඇතැම් වස්‌කවි රචකයෝ දෙවියන්ට තර්ජනාත්මක වස්‌ කවි ලියති. එහිදී තමා ආරක්ෂාවී කාව්ය නීති රීති නොබිඳ ඒවා නොලිව්වේ නම් නියත ලෙසම ඔහු විනාශ වේ.
රට කදිරා පුර නායක දෙවි කතරා
මට නිතරා පැමුණුන දුක කී අතරා
මට උදුරා නුදුනිනම් මගෙ පිය සොඳුරා
තගෙ මයුරා වාහන ගන්නෙමි උදුරා
ගුණ රනා කතරගම දෙවිඳු තෙද යස
දැන ගනා කීමි ඔබහට මසිතු ලෙස
අනයෙනා ඔබගෙ සිදු නොකළොත් මෙලෙස
කන උනා වෙන්ඩ ඇන නුඹෙ නෙත දොළස
මෙම කවිවල බලයෙන් බිරිඳ ඔහු වෙතට පැමිනිණි. නමුත් කදිර දෙවි රදුගේ උදහසට ලක්‌වීමෙන් බලවත් කුෂ්ට රෝගයක්‌ හටගෙන බරණ ගණිතයා ඔත්පල විය. කිසිදු බේතකින් සුව නොවූ අතර දෙවිඳුගේ ආශීර්වාදය පතා නීල කොබෝ සංදේශය රචනා කරන ලදී. එහෙත් දෙවිඳු කිසිම සමාවක්‌ නොදුනි. බොහෝ දුක්‌ විඳ බරණ ගණිතයා මළේය. සෙත් කවිය අවියක්‌ වුවද එය භයානක අවියකි.
තොටගමුවේ ශ්රී රාහුල මාහිමියන් ගේ විශිෂ්ට කාව්ය නිර්මාණ ගැන හැම දෙනාම දනිති. එහෙත් ඒ හිමියන් තැනූ වස්‌කවි ගැන තොරතුරු ඉතා දුර්ලභය. එවැනි දුර්ලභ වස්‌කවියකි මේ.
පනිඳු රුපු නැඟී දද බැඳ තඹර සිළුE
විරිදු දන අරණ තෙද නලිනි කළ අළුE
දලිඳු නද නිඳුනි හිමිවත තෙදිය මුළුE
පසිඳු ඔබ සරණ දැකුමට මසිත ඇළුE
දිනෙක සන්නාසියකු කතරගම දෙවිඳු රුවක්‌ සහිත කරඬුවක්‌ද රැගෙන සඟ රජ හිමියන් දැක්‌මට පැමිණුනි. එහි අනුහස ගැන පුරසාරම් කතා කළ ඔහු තිරය ඉවත් කර දෙව්රුව දැක්‌වීම ප්රතික්‌ෂේප කළේය. එවිට රාහුල හිමියන් මෙම කවිය ක්ෂණිකව කියූ අතර තිරය දෙපලුවී දෙව්රුව වහා දිස්‌විය. බැලූ බැල්මට එතරම් බලවත්කමක්‌ නොපෙනුණද කවි සතර ප්රගුණ කළ අයකුට මෙහි ඇති බලය හඳුනා ගැනීම අපහසු නැත.
වස්‌කවි සම්බන්ධයෙන් මෙතරම් ප්රසිද්ධියක්‌ නොදැරූ එහෙත් දක්ෂ වස්‌කවි රචකයන්ගේ නිර්මාණ තවත් බොහෝ ඇත.
තුඩාවේ මුහන්දිරම්තුමා විසින් ජොහානිස්‌ නමැත්තකුට තැනූ වහා ප්රතිඵල ලැබූ කවියකි මේ.
ලෝදා තුළ පිරිතිරිතෙද බුදුවන සුරිඳුනි පින් ඇති
බාදාකරගෙන සගමොක්‌ සිටින ජොහානිස්‌ නම් ඇති
බෝදා මදු කොලගේ කදිරාගේ පෙලපතින් පැවති
සාදා බොරුවට ගරහන නිසා මඩින් මුගෙරලුගති
නම ප්රකට නොවූ වස්‌කවි රචකයකු විසින් රචනා කළ ඉතා ප්රබල එසේම අති සාර්ථකව ක්රියාත්මක වූ අවස්‌ථා දෙකක රචනා කළ කවි දෙකකි මේ.
අපාදුක සොරකමින් පැමිණෙන නොදත් අනුවන ජඩයෙකා
උපා බලමින් මගේ ඉඩමේ තිබුණ පලගත නොව සැකා
කපා වතු තැන ගත් සොරා දැක අල්ලමින් මහසොන් යකා
දෙපා උගෙසිද රමා බිලිගත් දැඩි මුණ්‌ඩ දෙවි අනතකා
වාහනේ එරන් මයුරට නැගී පෙර
පාමිනේ උතුන් තෙදබල කඳ කුමර
සෑසනේ බලා දිවනෙත් ලමින් බර
දීහෙනේ නසන් රඹකැන කැපූ සොර
අලුත්කූරු කෝරළයේ සිටි සීනියා නමැත්තකු කියන ලද විශිෂ්ඨ ප්රතිඵල දුන් වස්‌ කවි කිහිපයකි මේ.
නිතිනා මිනි දමන සොහොනෙහි රැක සිටින
පොරනා ජයසේන දැන්නම මහසෝන
අගුනා අඟන රන් මැනිකා දැක නෙතින
රැගෙනා බාර අපහට සුබසෙත සදන
පවරා හූනියම් දෙවියනි තෙදනුහස
කුරිරා නොයෙක්‌ රන්මැණිකා නම් දිගැස
මෙවරා අපට කරනා වෙහෙස දැක ඇස
නොහැරා අදම මෙගමින් එලවන් නොලස
ඉංගී්රසි පාලන සමයේ මාතර පෙදෙස පාලනය කළ ඉලංකෝන් මුදලිඳුගේ වලව්වේදී මුල්ලනේ විදානේ ගෙනැවිත් තිබූ ඇත්දත් වලින් නිම කළ උඩැක්‌කිය සොරු ගන්නා ලදී. ඔහු එවේලේම කී වස්‌ කවියකි මේ.
නීලගත කඳ කුමරු බුධරවි අමරගුරු කිවි දිවයුරා
නාලනා බඩ පනිඳු අසුරිඳු චන්ද්රසේකර සෙනසුරා
කාලහුය බැඳි අනගි සරසවි සෝමනෙක බැඳි මංගරා
තාලමරුබිය දෙවත් සතියට නසන් ඩැක්‌කිය ගත් සොරා
මේ කවිය කී විට කෙසේ හෝ උඩැක්‌කිය ලැබුණි. නමුත් සොරාට නිසි දඬුවමක්‌ දීම පිණිස නැවත මේ කවියද කියන ලදී.
ගසා ඩැක්‌කිය සුද්ද තාලන් අල්ලමින් සබයේ බලා සිට
වසා දුජනෙක්‌ අරුන් ඩැක්‌කිය ගියයි උගෙ තෙද බලය පා සිට
මෙසා නරලත් දෙවිඳු බලයෙන් තාල තිබුමට ලැබුණි කදිමට
ගසාපන් සෙනසුරෝ සිරසට දුනුමුඩා කෑ ජම්බු විලසට
මේ කවියා කියා නිම වනවාත් සමගම උඩැක්‌කිය ගත් සොරා කටින් නහයෙන් ලේ දමා මැරී වැටුණේලු. මෙවැනි වස්‌කවි සිය ගණනක්‌ පිළිබඳව තොරතුරු දැක්‌විය හැක. මේවා බොහොමයක්‌ කාලය සමග විවෘත වී අඩුපාඩු ඇතිවී තිබේ. එසේ වුවද ඇතැම් වස්‌කවි නිවැරදිවම දැකිය හැක. එයින් පෙනී යන්නේ අතීතයේ ඉතා විශිෂ්ට මට්‌ටමක පැවැති මෙම වස්‌කවි ශාස්‌ත්රය ක්රමයෙන් පරිහානියට පත්ව ඇති බවයි.
මෑත අතීතයේ වස්‌ කවියට ප්රබල දක්ෂතාවක්‌ තිබූ භික්ෂූන් වහන්සේ කෙනෙක්‌ වැලිගම වාසය කර ඇත. මා උපන්ගම් පළාතේ සිදුවූ හරක්‌ හොරකමකදී ඒ හිමියන් රචනා කළ වස්‌ කවියක්‌ හරක්‌ හිමිකරුවන් විසින් කියවන ලදී. දින 3 ක්‌ කවි කියවන විට සොරකම කළ තැනැත්තා හා ගෝලයින් අතර ආරාවුලක්‌ ඇතිවී ඔහුගේද ගෙළ කපා මරණයට පත්කරන ලදි. ඒ නිසා ඒ හිමියන් ප්රබල වස්‌කවි රචකයකු බවට සැකයක්‌ නැත. එහෙත් මුදල්වලට වස්‌කවි තනාදුන් ඒ හිමියන්ට තමා විසින්ම තැනූ වස්‌ කවියක්‌ වැරදී ගියේය. එහි ප්රතිඵලය වූයේ නාන තොටුපළක්‌ අසලදී ඒ හිමියන් කිඹුලකු ඩැහැ ගැනීමෙන් ජීවිතයෙන් සමුගැනීමට සිදුවිය. මලවැන්නේ කවිතිලක ශූරීන්ද වස්‌කවි වැරදී යැමේ ප්රතිවිපාක වලට මුහුණ පෑමට වූ බව පවසා ඇත. තවත් එවැනි උදාහරණ බොහෝ ඇත.
වස්‌ කවියක්‌ සකස්‌ කරනුයේ අරමුණුකරගත් පුද්ගලයා විනාශ කිරීමටය. එහිදී මරණය, ගම රටින් පන්නා හැරීම, ලෙඩදුක්‌ විපත් ඇතිකර විනාශය සැලසීම, හිත අවුල්කර තමාම නැසෙන්නට සැලැස්‌වීම වැනි ප්රතිඵල ලැබෙන ආකාරයට වස්‌කවි ගලපනු ලැබේ. ඒවාට සුදුසු පරිදි ගිනිගණ, වායු ගණ, සූර්ය ගණ වැනි අයහපත් ගණ සමග විනාශය සැලසෙන පරිදි ශුභ ගණද මුසුකර ගණ අතර හා ප්රතිවිරුද්ධ යෝනි හා අකාර ස්‌වර අතර පිපිරීමක්‌ විනාශයක්‌ ඇතිකර අදාළ පුද්ගලයාට මෙම විනාශකාරී බලවේගය යොමු කරනු ලැබේ. නමට නැකතට එල්ලකොට විනාශය තීව්ර කිරීමට යම කාල ඉන්ද්ර ගුරුලු පංචපක්ෂ ආදී ශාස්‌ත්රවල වාරණ කර්මයට අදාළ අශුභ වේලාවන් හා මරු දිෂ්ටිය, යමකාල දිෂ්ටිය, යම පිම්ම, යම පෙරලුම, මරු රීරි දිෂ්ටිය, නවතීල දිෂ්ටිය, මරු නැංගුම, මහ සොහොන් මරු අවතාර දිෂ්ටිය, කන්දකුමාර උඩුකුරුඤ්ඤය වැනි දැනු මාත්ර භාවිතකර බලවත් යකුන්ට හා දේවතාවන්ට පුදදී සොහොන්පිටි, දේවතාදිගෘහිත ගස්‌ ගල් දේවාල අබියසදී කවි කියවනු ලැබේ.
අද ඇතැම් අය ලියන වස්‌කවි හෝ සෙත් කවි තවත් කෙනෙකුට කියවන්නට බැරිය. මාත්රා විභාගයෙන් තොරය. හරබර වචන යොදා කවිය විකෘති කර ඇත. ඇත්තටම ඒවා කවි නොවෙයි. නිකම්ම නිකං වාක්ය සමූහයක්‌ පමණි. මෙවැනි දෑ කිරීමෙන් වලකින්නේ නම් එය සමාජයට වැඩදායි ක්රියාවකි. එවැන්නෝ ඒ ගැන සිතට ගනිත්වා.
රසවත්වූ වාක්ය තෙමේ කවියකි. කාව්ය ලක්‌ෂණ වලින් සම්පූර්ණ වූ අලංකාර මටසිලුටු පද වැලකින් යුක්‌ත කවිය ඉතා සාරවත් එකකි. සෙත්කවිය හෝ වස්‌ කවියක්‌ මෙවැනිම එකකි. සරළ සුගම පදයෙදීම අවශ්ය කරුණු පැහැදිලිවම තේරුම් ගත හැකි වචන යෙදීම ය. ව. හ. න් – පුනරුත් යතිභ්රෂ්ට ආදී වශයෙන් සියලුම කාව්ය දෝෂයන්ගෙන් දුරුවීම ඇතුළු කාව්ය නීති රීති වස්‌ කවියට හෝ සෙත් කවියට උවමනා වෙයි.
උපන් කවියෙක්‌ කාව්ය ශාස්‌ත්රය මනාව ඉගෙන ව්යාකරණ ඡන්දස්‌ අලංකාර පිළිබඳව හොඳ දැනුමක්‌ ඇති තරමට එවැනි කෙනෙක්‌ ජ්යෝතිෂය හා ශබ්ද ශාස්‌ත්රය ඉගෙන ගන්නේ නම් මෙම ශාස්‌ත්රයෙන් ඉතා හොඳ ප්රථිඵල බලාපොරොත්තු විය හැක. එවැනි හැකියාවන් ඇති කෙනෙක්‌ අස්‌විද කැති මුවසිරස, අද, පුෂ – මා – උත්රපල්- සිත – සා- අනුර – මුල- උත්රසල – දෙනට – සියාවස – උත්රපුටුප ආදී පාප ග්රහයකුට අයත් නැකතකින් උපත ලබා ඇත්නම් වස්‌කවි ලිවීමට ඉතා හොඳ කෙනෙකි. ඉස්‌සර කාලේ සිටි කුංකුනාවේ හිමියන් බරණ ගණිතයන් වැනි අය වස්‌කවි කීමෙන් දස්‌කම් විස්‌කම් දැක්‌වූයේ මේ සියල්ල අංගසම්පූර්ණ තත්ත්වයෙන් පිහිටා තිබුණ නිසා වෙයි.
අකුරු පිළියෙල කිරීම
අද සමාජයේ මිනිසුන් අතර සිදු කෙරෙන අපරාධ ගැන බලන කල වස්‌ කවිය ඉතා ප්රයෝජනවත් වන්නකි. අපරාධකරුගේ’ ජම්ම නැකත හෝ නම දන්නේ නම් වස්‌ කවිය රචනා කිරිමට පහසු වෙයි. ජම්ම නැකතට වධ හෝ විපත් නැකතකට අයත් අපායාක්‌ෂර අකුරක්‌ තෝරාගෙන (එම අපාය අකුර ජම්ම නැකතට හිමි භූතයාගේ විරුද්ධ භූතයකුට අයත් වීමද අවශ්යයි) කවියේ මුල් වචනයේ මුල් අකුරට යොදා ගන්න.
පංච මහා භූත චක්රය
පඨවි උ-ඌ-ඔ-ඕ-ග-ජ-ඩ දා බ-ල-ළ
ආපෝ සෘ සෲ ඖ-ඝ – ධ ඪ ධ භ ව ස
තේජෝ ඉ ඊ ඓ ඛ ජ ඨ ථ ඵ ර ක්
වායෝ අ ආ එ ක ච ට ත ප ය ෂ
ආකාශ è èD Cඳ ණ න ම ශ හ අං
පඨවි භූතයාට තේජෝ භූතයා සතුරුයි. ආපෝ හට තේජෝ සතුරුයි. තේජෝ හට ආපෝද වායෝට පඨවි භූතයාද සතුරු වෙයි. ආකාශ භූතයා මිතුරෙකි.
අ ඉ උ එ ඔ යනුවෙන් ස්‌වර අකුරු පහක්‌ ඇත. පංචාක්ෂර යනුවෙන් හඳුන්වන්නේ මෙම අක්‌ෂර පහයි. අ.එ. දෙක වායෝ භූතයාටද ඉ. තේජෝ භූතයාටද උ – ඔ- දෙක පඨවි භූතයාට ද අයත් වෙයි. අ එ. ස්‌වර අකුරු දෙක අපායාක්ෂර වේ. උ. ස්‌වරය මනුෂ්යාක්ෂරයකි.
ඉ. ඔ. යන ස්‌වර අකුරු දෙක දිව්ය අකුරු වෙයි. එ. ක. ය. ම. ර. ජ. අ. ණ න. ළ. අං අපායක්ෂර වෙයි. එ. සහ අ. හැර අන් සියලුම අකුරු ව්යාංජන අකුරු වෙයි. හල් අකුරකට ස්‌වරයක්‌ එක්‌වූ අකුරු ව්යංජන වෙයි. ඕ+අ – ම -ම් + එ මෙ ජ අ ජ + ඡ් + එ ජෙ ආදී වශයෙන් එසේ සිදුවෙයි.
අ. එ. ස්‌වර දෙක එක්‌වීමෙන් ඇතිවන සම්පූර්ණ අපාය අකුරු මෙසේය. අ. ආ. ඇ. ඈ. ක. කා. කැ. කෑ. කෙ. කේ, ය. යා. යෑ. යැ, යෙ. යේ. ම. මා, මැ. මෑ. මෙ. මේ, ර. රා. රැ, රෑ රෙ. රේ. ජ. ජා. ජැ. ජෑ, ජෙ. ඡේ. න. නා. නැ. නෑ. නෙ. නේ. ළ. ළා. ළැ. ළෑ ළෙ. ළේ. එ. ඒ. වස්‌ කවියේ මුල ශබ්දයට මෙම අකුරක්‌ නරකට ගැලපෙන පරිදි සකස්‌ විය යුතුයි. නමක්‌ තැබීමට හෝ සෙත් කවි ආරම්භයට හොඳ නැත.
අපායාක්ෂර වලට අයත් ව්යාංජන අකුරු වලට මනුෂ්ය අක්ෂරයක්‌වූ උ. ස්‌වරය එක්‌වීමෙන් ඇතිවන අකුරු වල ශබ්ද අපායක්ෂර බලයම වෙයි. එසේ ඇතිවන අක්‌ෂර නම් කු. කූ. යු. යූ. මු. මූ. රු. රූ. ජු. ජූ. නු. නූ, ළු. ළුූ යනුයි. උ. ඌ. පු. පූ. බු. බූ. ගු. ගූ. හු. හූ. යන අකුරු යෙදීමෙන් සෙත් කවියකට නම් පලක්‌ නැත. උදාසීන වෙයි.
වස්‌ කවි තැනීමේදී නාමාක්ෂරය හෝ ජම්ම නැකතට විරුද්ධ නැකතකට අයත් ඉහත දැක්‌වූ අපායාක්ෂරයක්‌ තෝරා ගන්නා අතර එය නාමාරක්ෂයක්‌ තෝරා ගන්නා අතර එය නාමාක්ෂරය හිමි භූතයාට විරුද්ධ භූතයෙකුට අයත් විය යුතුයි. මෙසේ කර ගැනීමෙන් අශුභ ශබ්දයක්‌ හා අශුභ වස්‌තුවක්‌ නිර්මාණය කරගත යුතුයි.
ගණ යෙදීම
භූමි- ජල- අග්නි- වායු-ආකාශ-සූර්ය- චන්ද්ර- ස්‌වර්ග යෑයි ගණ අටකි. මෙයින් සූර්ය -ගිණි වායු- අහස්‌ යන ගණ හතර අශුභ විපාක දෙයි. සූර්ය ගණයට ජල – වායු – අහස්‌ ගණ සතුරුයි. ගිණි ගණයට භූමි ගණයද සතුයි. අහස්‌ ගණයට සූර්ය – චන්ද්ර -ගිණි ගණ සතුරුයි. වායු ගණය සහ අහස්‌ ගණය සතුරුයි.
වස්‌ කවිය සාර්ථක වීමට නම් පුද්ගල නාමයට අයත් ගණයට විරුද්ධ ගණයක්‌ අපායාක්ෂර සහිතව කවියේ මුල් ශබ්දය හෙවත් වචනය සඳහා යොදා ගත යුතුයි. මුළු කවියේම මෙසේ ගණ සම්පූර්ණ කරන්න හැකියාව ඇත්නම් ඉතා සාර්ථක ප්රතිඵල ලැබෙයි.
යෝනි ක්රමය
ගුරුළු-බළල්-සිංහ-ව්යාඝ්ර- සර්ප-මූෂික- හස්‌ති – මෘග යෑයි යෝනි අටකි. ගුරුළු – සර්ප. බළල් – මූෂික සිංහ – හස්‌ති – ව්යාඝ්ර – මෘග හෙවත් මුව යෝනි එකිනෙකට විරුද්ධ යෝනි වෙයි. සිංහ – මෘග සහ සර්ප – මූෂික සාමාන්ය වෛරී යෝනි වෙයි.
යෝනි සොයන ක්රමය
අභිධානය හෙවත් හඳුන්වන නාමයක ගණයක ඇති අකුරු ස්‌වර – ව්යංජන වෙන්කර අක්‌ෂර සංඛ්යා අනුව එකතු කර නාමයේ මුළු අක්‌ෂර සංඛ්යාව අටෙන් බෙදන්න. ඉතිරි වන සංඛ්යාව යෝනියට අයත් සංඛ්යාව වෙයි.
ගුරුළු, 2. බළල්, 3. සිංහ, 4. ව්යාඝ්ර, 5. සර්ප, 6. මූෂික, 7. හස්‌ති, 8. මෘග හෙවත් මුව ගණයේ අකුරුද එසේ බෙදා ඉතිරි සංඛ්යාව අනුව 1 නම් ගුරු ආදී වශයෙන් බලාගන්න.
නමේ යෝනියට විරුදAධ යෝනියකින් ගණයේ යෝනිය විය යුතුයි.
අක්ෂර සංඛ්යා
අ එ ක්‌ ද් බ් එක අකුරකට 6
උ ර් ත් ච් ඡ් 7
ඉ න් ජ ය් ව් 4
ඔ ග් ඩ් ම් ස්‌ 3
ට්‌ ල් හ් ළ Cඳ් 2
ඉහත සඳහන් ක්රම සියල්ල අනුගමනය කරමින් කාව්ය නායකගේ සහ කවියේ මුල සකස්‌ කරගත යුතුයි. නමේ දෙපසද විරුද්ධ ගණ – යෝනි පිහිටුවා ගත යුතුයි. අ. ඔ. කාල චක්රය අනුවද විරුද්ධ අකරු= තෝරා දෙපස පිහිටුවා ගත යුතුයි.
ඉහත සඳහන් අපායාක්ෂර හා උදාසීන අකුරුවලින් කවිය පුරන්න ආරම්භ කළ යුත්තේ අශුභ දිනයක. අශුභ විරුද්ධ නැකතක්‌ පවතින කල අශුභ කාල හෝරාවෙන් මරුවාට මුහුණලා ගෙනය. අඩු තරමින් කවියේ සම්පූර්ණ අකුරු වලින් හතරෙන් තුන්පංගුවක්‌ම අපායාක්ෂර විය යුතුයි. කවියේ සියලුම අක්ෂර සංඛ්යා තත්ත්වයන් කාව්ය නායක හෙවත් අවශ්ය හොරාගේ නාමාක්ෂර ගණනත් එකතු කර හතරෙන් බෙදා ශේෂය ඉතිරි නැති නම් හතර පලය හැටියට ගැනේ. එය අරි හෙවත් මරණය දෙන්නක්‌ වෙයි.
වස්‌කවි පල දීම..
මේ හැරුණ විට කවිය පල දෙන එකක්‌ දැයි බැලීමට තවත් ක්රම ඇත. මේ වගේ ලිපියකින් ඒවා විස්‌තර කිරීම අපහසු වෙයි. අද සමාජයේ කෙරෙන අපරාධ හොරකම් දූෂණ ආදිය ගැන බලන කල මෙවන් ශාස්‌ත්රයක වටිනාකම දැනෙනු ඇත. අපේ පැරැන්නන් ඒ පිළිබඳව හසල දැනුමක්‌ ඇතිව සිටි බව ඉතිහාසයේ ඇතැම් සිදුවීම් වලින් පැහැදිලි වෙයි. මේ කාලයේ වස්‌කවි ශාස්‌ත්රය අභාවයට ගියේ හරි පිළිවෙල නොදත්කම නිසාය.
කවිය පිළිබඳ හොඳ දැනුමක්‌ ඇති කවි හැඟුම් මතුවෙන ප්රතිභාපූර්ණ කිවිවරුනි. ඔබ ජ්යෝතිෂ ශාස්‌ත්රය දන්නේ නම් සෙත් කවි කලාව පොත ලබාගන්න. එය කියවා හොඳ අවබෝධයක්‌ ලබන්න. ඊට පසු වස්‌ කවි සඳහා මෙතෙක්‌ සැඟවෙමින් තිබුණු මෙම උපදෙස්‌ පිළිපදින්න. ක්රමානුකූලව මේ අනුව වස්‌කවි රචනා කරන්න පුරුදු වන්න. කවිය ලිවීම හා මුල්වර කියවීම මුත්යයෝගය යෙදුන පක්ෂයේ දිනයක්‌ නම් වඩා හොඳයි. යම කාලය දැනගෙන කටයුතු කරන්න. රීරි දිෂ්ටියෙන් රීරි යකාට බාර කර කියන කවි වෙඩි වගේ පලදෙනු ඇත. හුදෙක්‌ මෙය සත්වයින් නැසීමේ චේතනාවෙන් නොව සිදුකර ඇති වරදට දඬුවම් දීමක්‌ වශයෙන් මෙම ශාස්‌ත්රය ඉතා ප්රයෝජනවත් වෙයි
මේ සියල්ල එකට ගලපා ගත් කළ උපදින බලය නිසා අරමුණ ඉටුවේ. එසේම වරදක්‌ සිදු වුණොත් මෙය කරන අය විනාශයට පත්වේ. වස්‌කවි වැඩිපුරම කියනුයේ මහසෝන් රීරි, සූනියම්, කම්බිලි, කඩවර ආදී යක්ෂයන් වෙනුවෙනි. ශ්රී විෂ්ණු, කතරගම, පත්තිනි, දෙවොල්, දැඩිමුණ්‌ඩ පාත බණ්‌ඩාර දෙවියන්ටද වස්‌කවි ලියෑවී ඇත. එහෙත් සමන් දෙවියන්ට ලියෑවුණ වස්‌ කවියක්‌ හමුවී නැත. බලවත් දෙවියන්ට ප්රබල අගතියක්‌ නොමැතිව වස්‌කවි කීවොත් එසේ කියන අයටම විනාශය සැලසේ. වස්‌කවි බිහිසුණු ප්රතිඵල ගෙනෙන්නක්‌ බැවින් ආවාට ගියාට භාවිත නොකළ යුතු ශාස්‌ත්රයක්‌ බව අවසන් වශයෙන් කිව යුතුය…
…………අන්තර්ජාලය ඇසුරෙනි…………

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!