ඔන්න කෝස් කාලෙ අපේ ඩිවිෂන් 4ම හිටපු උස මහතම ලමයා.. නම සොයිසා කියමුකෝ ..
එයා අඩි 6ක් විතර උසයි. බරත් ඊටම හරියන්න තිබුනා. නේවි එකෙන් එයාට හරියන සපත්තු දුන්නෙ යන්තම් පාස්අවුට් එකට. මොකද නේවි එකේ එයාගෙ සයිස් සපත්තු තිබුණේ නෑ .. ඇත්තටම එයාට මාව පෙනුනද කවදම හරි දවසක කියන්න මං දන්නෙම නෑ .. දවසක් බෝගොඩය හති දමාගෙන දුවගෙන එනවා මගෙ පස්සෙන් දෙයියෝ උඹට කරදරයක් එහෙම නෑ නේද මයෙ අම්මා කියල මාව අතගානව හෝ ගාල.. චික් පලයන්කො අහකට කවුරුහරි දැක්කොත් වෙන මගුලක් හිතයි.. කියල බයින ගමන් මේකිට අත්තන ඇට කැවිලද යකෝ කියල හිත හිත මං ඇහුව ඒකි පරල වෙන්න කාරනාව.. අනේ උඹ ලගින් සොයිසා ගියා නේද.. ඉතිං .. හානියක් නෑ නේද.. ඔළුවෙ නම් වැලි නෑ.. අම්මෝ තිස්තුන් කෝටියක් දෙවියො බුදුවෙන්න මොකුත් වෙලා නෑ කියනවා.. මටත් දැනුයි මේකිගෙ අසමජ්ජාති කතාව තේරැනේ.. ඒ මදිවට දෙවියො බුදුනුත් ගාවගෙන.. කියන්න බෑ ඉතිං මොකවත් කට පියාගෙන හිටියා.. තොට මං කිව්වා කියල හිතාගනින් කියලා.. මොකද අම්ම කියල තියෙන්නේ ප්රසිද්ධ ස්ථාන වල ටිකක් සංවර වෙන්න කියලනේ.. ආයෙ දවසක් කෑමට පෝලිම් වෙලා යද්දි බෝගොඩය ඇදල ගත්තා මාව බෙල්ල ගැලවෙන සයිස් එකට. මොකද ඊරියෙ මරන්න ද හදන්නේ .. තෝ පෑගිලා මැරෙන්න ද හදන්නේ වරෙන් මෙන්න මෙහෙට සොයිසා අස්සෙ රිංගලා පෑගිලා මැරෙයි. අඩි 6″ එකීට අඩි 4″6 උඹව පේන්නේ නෑ. මෙහෙට වෙලා ඉදපං.. උඹත් බඩගාන සයිස් එකට හිටියට දුවන්න හදන්නේ අලි ඇත්තු එක්කමනේ.. බොට කිව්වා කියල හිතාගනින් මං.. යමන්කො මෙස් එකට කියල මමත් ඒ ගැන හිතුවා. හිතන්න තරම් දේකුත් නෑ ඉතිං. කතාව ඇත්ත ..
ඔහොම අවස්ථා ගානකදිම මගේ අතිජාත පජාති මිත්රිය මාව සොයිසට පෑගෙන්න නොදී එයාගෙ පණ දෙවනිකොට ආරක්ෂා කලා….

උපුටා ගැනීම: Nuwanthi Nimnika Pathirana