ස්පාඤ්ඤයේ වේගස් ඩිගෙනිල් ශාලාවේ සිටී නගරාධිපති වරයාව භියෙන් ගල් ගස්වා ආරාක්ෂක කණ්ඩායම් කැදවීමට හේතු වූ ළමා අවතාරය.. (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
2017 පෙබරවාරි 3 වෙනිදා වේගාස් ඩෙල් ජෙනිල් හි නගර ශාලාවේ නගරාධිපතිවරයා රාත්රීයේ වැඩ කරමින් සිටියදී හදිසියේම ඔහු වටා වාතය එක වරම සීතල වුන බව ඔහුට දැනී ඇත. කාර්යාලයේ අසාමාන්ය ලෙස සීතල වූ නිසා ඔහු ඔහුගේ කබාය ඇඳගෙන නාන කාමරයට යාමට නැගිට ඇත.
එහිදී කවුරු හෝ ලිපිගොනු බිම දිගේ ඇදගෙන යනවා මෙන් බිම දිගේ ඇදී යන අමුතු ශබ්දයක් ඔහුට ඇසී ඇත. ඔහු සිතා ඇත්තේ හොරෙක් ශාලාවට ඇතුලු වී ඇති බවයි. එම නිසා ඔහු ලයිට් නොදමාම පොලිසිය ට ඇමතුමක් ලබා ගැනීමට සිතීය. නමුත් ඊට පෙර තම දුරකතනය පමනක් දොරෙන් එලියට දිගුකර චායාරූපයක් ලබාගෙන තිබේ.
චායාරූපයට අනුව බැලූ බැල්මට ශාලාව හිස්ව තිබූ නිසා ඔහු නැවත සිය කාර්යාලයට පැමිණ එහි ඡායාරූපය නැවත පරීක්ෂා කර ඇත.
සමීපව බැලූ විට ඔහු දුටුවේ දරුවෙකුගේ මෙන් රුවක් ශාලවේ කොරිඩෝ වේ තිබෙන බවයි. කිසිවකු නොසිටි ශාලාවේ මෙම අවතාර පින්තූරය දුටු නගරාධිපති වරයා “භීතියට” පත් වූ අතර වහාම ආරක්ෂක කණ්ඩායම් කැදවූ ඔහු එම ඡායාරූපය පාලක සභාවෙන් සමන්විත වට්ස්ඇප් කණ්ඩායමකට යවා ඇත.
පසුව මන්ත්රීවරයෙක් වහාම නගර ශාලාවට ගොස් භියෙන් ගල් ගැසී කිසිවක් කරකියා ගත නොහැකිව සිටී නගරාධිපතිවරයා ගෙදර ගෙන ගොස් ඇත.
ඉන්පසු මෙම ශාලාවේ එම කොටස ප්රතිසංස්කරණ කර පූජකයෙකු කැඳවා යාගයක් පැවත් වූ කියවේ.
උපුටා ගැනීම: රාම් වණා

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!