මා යනු ඉතාම හොඳ එකියක් බවට ඔප්පු කරන තවත් කතාවක් තමයි මේක……
මේක සිද්ද වුනේ අපි ඉස්කෝලෙ යනකාලෙ
මේකත් නිවාඩු කාලෙක තමයි වුණේ
මම හුගක්ම මිත්‍රශීලී කෙනෙක් හින්දා
ඉතින් අපි මෙහෙම කියමුකෝ මම හුඟාක් දයාබර… කරුණාබර…රූබර ….. කලාබර..කිලෝබර…ආඩම්බර ….හිතෛෂී…. ආදරණීය….. නිරහංකාර ……භයංකාර ….චරිතයක් වෙච්ච හින්දා මගෙ යාලුවො විතරක් නෙමේ…අපේ නංගිගේ යාළුවෝ පවා මට හුඟක් ආදරෙයි
ආආ නංගිගෙ විතරක් නෙමේ අයියගෙ යාලුවොත් ආදරෙයි….ඕක ඉතින් අහන්නත් දෙයක්ද
ඇත්තටම ඉස්සර අපේ නංගිගේ යාලුවෝ අපේ ගෙදර ආවත් නංගිටත් වැඩිය කතා බහ කළේ මාත් එක්ක, එයාලා අපේ ගෙදර රෑ නවතින කොට නිදා ගත්තෙත් මා එක්ක
අපේ නංගි නිකං ගොළු හදවත වගේ
මම ඒකේ අනිත් පැත්ත….
ලොතරැයි විකුණන මිනිසුන්ගේ වගේ කොයිවෙලාවෙත් කට ඇර ගත්තු ගමන්
ඔන්න වෙන මොකුත් ඕන නෑ අද උදෙත් අපේ අම්මා කිව්වා අපේ ගමේ අහල පහල කෙනෙක් අපේ නංගි හරි අහංකාරයි කියලා මන්තුමී නං එහෙම නෑ දැක්ක තැන හිනා වෙලා කතා කරනවා කියලා අපේ නංගිට හොඳටම දෙහි කපලා ගිහිල්ලා
මං ඉතින් දකින දකින එකාට විරිත්තුවට නංගි මක්කොරන්නද දෙයියෝ
මං හිනා නොවුනත් මාව දැක්කම අනිත් උන්ට හිනා යනවා
ඉතිං කෝකටත් නොදන්න ජනයා මා ගැන එහෙම බාල විදියට හිතනවට මම කැමැති නැති නිසා මම අර හිනාවට හිනාව බැලන්ස් වෙලා යන විදිහට හිනා වෙනවා
අපේ අම්මා දන්නවැයි ඕක
ගමේ මිනිස්සු හිතන්නේ මම හෙන නිහතමානී කියලා
හරි හොදයි දැන් අපි කතාවට යමුකෝ
එක නිවාඩු කාලෙක ඔන්න අපේ නංගිගේ යාළුවෙක් මොකක්ද උවමනාවකට එයාගේ තාත්තයි මල්ලියි එක්ක අපේ ගෙදර ආවා
ඉතින් කවුරු හරි ගෙදරට ආපුවම මන්තුමි කතානායක තමා එයාලත් එක්ක කතාවට යන්නේ ඒ අතරතුර ආගන්තුක සත්කාර කරන්නෙත්
කොහොමත් මන්තුමි ගෙදරට ආපු කෙනෙකු ට කතා කරනකොට ඒ ගෙදරට ආපු කෙනා ඉක්මනට යනව
යන්නෙත් නිකං නෙමේ ඇඟිල්ලක් කන්දෙකට ගහගෙන කං කස කස
ඇත්තට ඒ මොකෝ දන්නෙ නෑනේ?
කොහොම උනත් වුනත් ඒකත් හේතුවක් වෙන්න ඇති මාව අමුත්තන් පිළිගන්න ඉස්සරහට දාන්න
ඉතිං අපේ ලංකා වේ පිටරටින් ගෙන්නන ඕන මංගල්ලයක් හෙනම මාකට් නේ
ඔය කොකාකෝලා ස්ප්‍රයිට් වගේ දේවල් වල සංයුතිය …එහෙම නැත්නම් අඩංගු දේවල් …සරලවම ඒවා හදන්නේ මොනවගෙන්ද කියන එක ගැන සදහනක් නෑ
ඒවා වෙළඳ රහස් විදිහට තමයි ඒ සමාගම් තියාගෙන ඉන්නෙ
ඉතිං ඔය එවන කොකාකෝලා පවුඩර් එක හෝ ස්ප්‍රයිට් පවුඩර් එක කැලණි ගඟේ වතුරත් එක්ක කලවම් කරලා ඕකට කාබන්ඩයොක්සයඩ් වායුව ගහලා මෙහෙ බෙදාහරිනව බෝතල් කරලා
එතකොට කැලණි ගඟේ වතුර හුඟාක් පෝෂ පදාර්ථ අඩංගු හින්දා අපිට ලොකු පෝෂණය කුත් ලැබෙනවා, ගඟ දෙපැත්තෙ උදවියගෙ ජංගම වොශ් රූං එක ගඟනෙ
ඔව්වා ඉතින් ජාතික පින්කම්
මේ ළඟදි ඉඳලා නවසීලන්ත කිරි දෙන්නු ලංකාවේ hollywood නිලියන්ටත් වඩා ජනප්‍රිය යි
අන්න ට්‍රයම්ප් බ්‍රා ඇඩ් එහෙකට නවසීලන්ත කිරි එලදෙනක් යොදා ගන්න ඒ කම්පැනිය තීරනය කරලලු
අම්මපා හිටපු ගමන්ම උන්ව ජනප්‍රිය කරන්න හිතිලා අපේ රටේ වෛද්‍යවරුන්ට
අපරාදේ දැන් පරක්කු වැඩියි
මොකද නවසීලන්ත දෙනුන්ගෙන් දොවාගන්නා නැවුම් කිරි බීලා වැඩුණු පරම්පරාව සැරින් සැරේ පාර්ලිමේන්තු ගිහිල්ලා නුවණක්කාර අයට තෝරගන්න එව්ව මෙව්ව අපේ රටට ගෙනත් දීලා ඉවරයි
සමහර විට ඔය යෞවනයේ පොපියන චමත්කාරය දෙන දේවල් හදන්නේ බලු බෙටි වේලලා කුඩු කරලා පාට කරලාද දන්නේ නෑ
බලු බෙටි නෙමේ ඉතිං ඕවා අසූචිම උනත් මොකද ඇමරිකන්කාරයන්ගේ අසූචිනේ…හෙන පොශ්
මාලදිවයිනෙන් මාලු.
. පකිස්ථානයෙන් හාල් …බලුකිස්තානෙන් බල්ලෝ… උස්බෙකිස්තානෙන් කෙල්ලෝ …..
ස්වයං පෝෂිත හෙවත් සොයං පෝශිත හෝ සොරං පෝශිත රට අපේ
කාලයක් හාල් වලින් නිෂ්පාදන හොයා ගත්තු කෙනෙක් හිටියා
ඒ මනුස්සය ගැන දැන් විස්තරයක් වත් නෑ
අපේ රටේ කවුරුහරි අලුත් නිර්මාණයක් කළොත් ඒ මනුස්සයා වඳ වී යන සත්ත්ව කොට්ඨාසයකට අයත් වෙනවා
හරි දැන් ආපහු කතාවට….. ඔන්න මම දැන් කතාව කියනවා …….සත්තයි සත්තයි කැලේ නම් පනින්නෙම නෑ …..
ඉතින් නංගිගෙ යාලුවයි… එයාගෙ මල්ලියි, තාත්තයි තුන්දෙනා තමයි ආවේ
එයාලා මෝටර් සයිකලේක ආවෙ
ඉතින් එයාලා ඇදන් ආපු ඇඳුම් ගැනත් කියන්න ඕන නෑනේ
හරි හරි ඉතින් එයාල ඇදුම් ඇදගෙන තමා ආවෙ
අපේ ඩැඩාගේ කාර් එකයි ඩිෆෙන්ඩර් එකයි නවත්තන ගැරේජ් එකේ එයාලගේ motorbike එක නවත්තලා තුර්කියෙන් ගෙනාපු පාපිස්සෙන් කකුල් පිහදාගෙන එයාලා අපේ ගෙදරට ගොඩ උනා කියන්න කෝ
ඉතිං ටික වෙලාවක් ඒ ගොල්ලොත් එක්ක සතුටු සාමීචියේ යෙදිලා ඔන්න එයාලට සංග්‍රහ කරන්න ගෙනල්ලා ශීතකරණයේ දාලා තිබුණු ස්ප්‍රයිට් මෙගා බෝතලය අරං එන්න කියලා අම්මා මට දැනුම් දුන්නා
මට ඔයාලට කලින් කියන්න අමතක වුනා අපේ ගෙදර පිටරටින් ගෙනාපු ලොකු ප්‍රිජ් එකක් තියෙනවා
හෙන ලොකුයි ආ…….වහල ගාවටම උසයි
අපේ ගෙදර තිබුණේ කොළඹ කුරුණෑගල මහා මාර්ගයේ ඉදලා කිලෝ මීටර් අසූවක් විතර එනකොට හම්බෙන මීගමුව කුරුණෑගල මහා මාර්ගයේ කිලෝමීටර් 50 ක් විතර ඇතුලට තියෙන මාකඳුර බඩල්ගම මාර්ගයේ කිලෝමීටර් විස්සක් විතර ඇතුලට තියෙන ….හරි මම පාර පස්සෙ කියන්නම්
කොහොමහරි අපි හිටියේ පට්ට ටවුන් එහෙක උනාට හදිස්සියකට බඩුවක් ගන්න සිල්ලර කඩයක් තිබුන්නෑ
fivestar hotel විතරයි තිබුනෙ
ඒ නිසා අපි හැමතිස්සෙම කවුරුහරි එනවනම් සංග්‍රහ කරන්න දේවල් ගෙනල්ලා තිබ්බෙ
ඉතිං කොහොම හරි අම්මගෙ දැනුම්දීමට අනුව මම දඩි බිඩි ගාල දුවල ගිහිල්ල ස්ප්‍රයිට් මෙගා බෝතලයයි වීදුරු තුනකුයි ට්‍රේ එහෙක දාලා අරගෙන ආවා
ඔන්න ඉතින් මමම ඒගොල්ලන්ට ඒවා පිළිගැන්නුවා
එයාලා මුලින්ම වීදුරු වලට වක් කරපුවා ටිකයි බිව්වේ
අපි ශ්‍රී ලාංකිකයෝ ඉතින් කොහෙට හරි ගිහිල්ලා කන බොන කොට ලැජ්ජයිනේ
හැබැයි ඉතිං ගෙවල් වල කනකොට උපතින්ම ලැජ්ජා නහරෙ කපා දාපු ගානයි
මටනම් ඔය ලැජ්ජ නහරෙ නෑ කෑමට
ගෙදර ද පිට ද කියලා අදාළත් නැහැ
ලගදි යාලුවෙකුගේ ගෙදර ගිහිල්ලා එහෙ තියෙන ඒවත් දෙසා බාලා අපි ගෙනිච්ච කේක් එකත් අපිම කාලා ආවේ
අපි ඒමයි ෆ්‍රෙන්ඩ්ස්ලා
කොහොමහරි ඉතින් ඔන්න අරගොල්ලන්ට බොන්න කියලා මම පෙරැත්ත කළා
ගෙදරට ආපු උදවිය නේ
පන්න පන්න සලකන්න ඕනි
දැන් ඔන්න මගේ පෙරැත්තය කොච්චරද කියනවා නම් එයාලා දාගත්තුවත් බීල ඊට පස්සේ මම දාපුවත් බිව්වා
නමුත් බලන් එද්දී එයාලගේ මූණවල් කළු වෙලා ගියා
හැබැයි මම නෙමෙයි පසු බැස්සේ
ඒ වගේම මාව ආදර්ශයට අරන් අපේ පවුලේ අනිත් අයත් මෙයාලට සලකන්න ගත්තා
දැන් අපේ සත්කාරෙ වැඩිවෙලා එයාලට දාඩිය දානවා
එහෙම කියලා පුලුවන්ද
ආගන්තුකයො නේද කියලා හිතලා මම ඒ අන්කල්ගෙ බෙල්ලෙන් අල්ලලා ස්ප්‍රයිට් වීදුරු දෙකක් එයාගෙ උගුරට දැම්මා
අපේ නංගි එයාගෙ යාලුවව බිමට පෙරලලා බෙල්ල පාගන් තව ස්පර්යිට් වීදුරුවක් පෙව්වා
වැරදි දෙයක් නරක දෙයක් නෙමේනෙ ෆ්‍රෙන්ඩ්ස්ලා
ස්ප්රයිට්නෙ
කොච්චර පොශ්ද
එයාගෙ මල්ලි නම් එලියට පැනලා දිව්වා
ඌට සලකන්න හම්බුනේ නැහැ
පස්සෙ තුන් දෙනාම එලියට පැනලා මෝටර්බයික් එක උස්සන් ගෙදර දිව්වා
එයාලා ගිය වහාම අපි කළේ අපේ හැදිච්චකම බල්ලට දාල(ගෙදර බල්ලෙක් විතරයි හිටියෙ ඒකයි ඌට දැම්මෙ) අර ඉතුරු වෙච්ච ස්ප්‍රයිට් ටිකට වග කියන්න හිතාගෙන ඒවා වීදුරුවලට දාගත්තු එක
එක උගුරයි බිව්වෙ
හුටා ඒකෙ ඇල් වතුර
මල කෙලියයි
අපි අර නඩේට පොවලා තිබ්බෙ මේවාද
පස්සෙ එයාල අතුරුදහන් වෙලා උන්නා සුමාන ගානක්
හම්බුනු ගමන් ඇහුවෙ එදා ඇල්වතුර කියලා කියන්නෙ නැතුව අරවා දාන දාන සැරේට බිව්වෙ ඇයි කියලා
දවල් නිසා රස්නෙ නිසා ඇල්වතුර දෙනවා කියලා හිතුවලු ෆ්රෙන්ස්ලා
කොහොමත් අපි සැලකුවේ ආයේ කතා කරන්ඩ ඉඩක් නොතියාම නේ
එදා අපේ අයියා කූල් වතුර බොන්න හිතන් පරණ ස්ප්‍රයිට් බෝතලේකට ඇල් වතුර පුරෝලා ප්‍රිජ් එකේ දාලා
මම වැරදිලා එලියට වඩම්මලා තිබ්බෙ ඒක… නියම ස්ප්‍රයිට් බෝතලේ තාම යහතිං
ඔන්න අපේ ගෙදර එන්න හිතං ඉන්නෝ නම් කවුරුහරි මේ ගැන වහාම සිතා බලන්න
උපුටා ගැනීම: Ishu S Weerawarna