අධ්‍යාපනය අතින් ශ්‍රී ලංකාව සිටින්නෙ ඉහලම ස්ථානයක.විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයෙ ගුණාත්මකභාවය ඉහල මට්ටමක් තබාගන්න රාජ්‍ය විශ්වවිද්‍යාල කිහිපය නොමඳ දායකත්වයක් ලබාදීලා තියනවා. ඉතින් උසස් අධ්‍යාපනය මේ තරම් උසස් මට්ටමක තබාගැනීමට සියලුම රාජ්‍ය මෙන්ම පෞද්ගලික උසස් අධ්‍යාපනික ආයතනයන් කටයුතු කරලා තියනවා අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕන.
වෙබොමෙට්‍රික්ස් විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම් වලට අනුව ශ්‍රී ලංකාවෙ හොදම විශ්ව විද්‍යාල 10 නම්කර ඇති අතර එය නිකුත් කර ඇත්තෙ 2021 ජූලි මසට අදාලවයි.
මොකක්ද මේ වෙබොමෙට්‍රික්ස් විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම කියන්නෙ ?
මෙම ශ්‍රේණිගත කිරීම වාර්ෂිකව සිදුකරන අතර ජාත්‍යන්තර විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම වෙබොමෙට්‍රික්ස් හරහා සිදුකෙරෙයි ( webometrics university ranking ). මෙම ‘ වෙබොමෙට්‍රික්ස් විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම ‘ ස්පාඤ්ඤ සයිබර්මෙට්‍රික්ස් ලැබ් පර්‍යේෂන හා අධ්‍යයන ආයතනය විසින් සිදුකරනු ලබයි. මෙම ආයතනය ස්පාඤ්ඤ අධ්‍යාපන අමාත්‍යාංශය හා සම්බන්ධ වන අතර මෙම සයිබර්මෙට්‍රික්ස් ලැබ් ආයතනය ස්පාඤ්ඤයේ ලොව විශාලතම මහජන අධ්‍යාපන ආයතනයද වෙයි.යුරෝපය තුල අංක එක ලැබී ඇති මෙම ආයතනය මුළු ලෝකයෙම විශ්වාසය සහ පිලිගැනීම ලබාගත් ආයතනයකි.
වෙබොමෙට්‍රික්ස් ශ්‍රේණිගත කිරීම අනුව විශ්ව විද්‍යාල ස්ථානගත කිරීමට සලකා බලන කරුණු මොනවද ?
මෙම ස්ථානගත කිරීම සදහා අත්‍යවශ්‍යයෙන්ම සලකා බලන ප්‍රධානම සහ මූලිකම කරුණ වන්නෙ අධ්‍යාපනික තත්ත්වයයි.අධ්‍යාපනය සලකා බැලීමේදී සිසුන්ගෙ අධ්‍යාපනික මට්ටම, විභාග මට්ටම්, අධ්‍යනයන් සිදුකරන ආකාරය එනම් ඉගෙනීම සහ ඉගැන්වීම යන කරුණු ඇතුලත් වෙයි. ඉන්පසුව විශ්ව විද්‍යාල සිසුන්ට ඉගෙනීමට මෙන්ම කථිකාචාර්යවරුන් හට ඉගැන්වීමට ඇති පහසුකම් සලකා බැලෙයි. ඉගෙනීම් පරිසරය,භෞතික පරිසරය, ඉගෙනීම් මෙවලම්, විද්‍යාගාර පහසුකම්, ප්‍රායෝගික පුහුණුව ලබන පාරිසරික වාතාවරණයන්, පුස්තකාල පහසුකම්, සනීපාරක්ෂාව යන භෞතික කරුණු ද සලකා බලනු ලබයි.

වෙබොමෙට්‍රික්ස් ශ්‍රේණිගත කිරීම අනුව ලොව හොදම විශ්ව විද්‍යාලයන් මොනවද ?
නවතම විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම් වලට අනුව එනම්, 2021දි සිදුකල ශ්‍රේණිගත කිරීම් වලට අනුව ලොව හොදම විශ්ව විද්‍යාල 5 තිබෙන්නෙ ඇමරිකාවෙය.ඒ අනුව ,
පලමු ස්ථානය – ඇමරිකාවේ හාවඩ් විශ්ව විද්‍යාලය
දෙවන ස්ථානය – ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලය
තෙවන ස්ථානය – මැසචුසෙට් විශ්ව විද්‍යාලය
වෙබොමෙට්‍රික්ස් ශ්‍රේණිගත කිරීමට අනුව ශ්‍රී ලංකාවේ හොදම විශ්ව විද්‍යාල 10 මොනවද ?
(1) කොළඹ විශ්ව විද්‍යාලය
ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගරය වන කොළඹ පිහිටා ඇති කොළඹ විශ්ව විද්‍යාලය ඉගෙනුම සහ පහසුකම් අතින් ශ්‍රී ලංකාවේ පලමු තැනට පත්ව තිබේ. කොළඹ විශ්ව විද්‍යාලය වෙබොමෙට්‍රික්ස් ලයිස්තුවට අනුව ලොව 1591වැනි ස්ථානයෙද ආසියාවේ 41වැනි ස්ථානයටද පත්ව තිබේ.

(2) පේරාදෙණිය විශ්ව විද්‍යාලය
ශ්‍රී ලංකාවේ පවතින අති සුන්දරම පරිසරයක් සහිත විශ්ව විද්‍යාලය මෙය වන අතර එය මධ්‍යම පලාතෙ මහනුවර දිස්ත්‍රික්කයෙ පිහිටා ඇත.මනරම් පේරාදෙණිය සරසවිය වඩාත් ප්‍රසිද්ධ වන්නෙ ඉංජිනේරු ,කලා සහා වෛද්‍ය උපාධින් සදහායි.
(3) රුහුණු විශ්ව විද්‍යාලය
මාතර පුරවරයෙ පිහිටා ඇති රුහුණු විශ්ව විද්‍යාලය මෙම ලයිස්තුවෙ තෙවන ස්ථානයට පැමිණ තිබීම විශේෂත්වයක්.
(4) ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය
ශ්‍රී ලංකාවේ අග නගරය වන ජයවර්ධනපුර කෝට්ටෙ හි පිහිටුවා ඇති ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය වඩාත් ජනප්‍රිය වන්නෙ කළමනාකරණය උපාධි පාඨමාලාවන් සදහාය.උසස්පෙල වාණිජ සිසුන්ගෙ ඒකායන අරමුණ වන මෙම විශ්ව විද්‍යාලය මෙම ලයිස්තුවෙ සිව්වන තැනට පැමිණ තිබේ.
(5) මොරටුව විශ්ව විද්‍යාලය
මෙම ස්ථානයෙ පස්වැනි ස්ථානය ලැබීඇති මොරටුව විශ්වවිද්‍යාලය වඩා ප්‍රසිද්ධ වන්නෙ ඉංජිනේරු පීඨයටයි.
(6) කැළණිය විශ්ව විද්‍යාලය
සයවැනි ස්ථානය ලැබීඇති කැළණිය විශ්ව විද්‍යාලය මෙරට ඉතාමත් ජනප්‍රියම විශ්ව විද්‍යාලය වශයෙන් හදුන්වන්නට පුලුවන්.ඒ වගේම කළමනාකරණ පීඨය ප්‍රමුඛ ස්ථානයක් ගනියි.

(7) යාපනය විශ්ව විද්‍යාලය
උතුරෙ පිහිටා තිබෙන යාපනය විශ්ව විද්‍යාලය කලක් මෙරට යුධමය තත්ත්වය නිසා පසුගාමිත්වයක් පෙන්නුම් කලද මෙම වසර කිහිපය තුලදී ලංකාවේ ඉහලම ස්ථානයකට පැමිණ තිබීම විශාල සාධනයකි.විශේෂයෙන්ම තාක්ෂණ පීඨය පිහිටවීමත් සමගයි.
(8) වයඹ විශ්ව විද්‍යාලය
කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් වයඹ විශ්ව විද්‍යාලය අධ්‍යාපනය අතින් විශාල ඉදිරිගාමී බවක් පෙන්නුම් කරනු ලබයි.විශේෂයෙන්ම මීට වසර තුනකට පමණ පෙර පිහිටවනු ලැබූ නව වෛද්‍ය පීඨයත් සමග සාධනීය බව ඉදිරිගාමී බවක් පෙන්නුම් කරයි.
(9) සබරගමුව විශ්ව විද්‍යාලය
ස්වභාව සුන්දරත්වයෙන් අනූන පරිසරයක පිහිටා ඇති සබරගමුව විශ්ව විද්‍යාලය මෙම ලයිස්තුවෙ නවවන ස්ථානය හිමිකරගෙන ඇත.
(10) රජරට විශ්ව විද්‍යාලය
අනුරාධපුර දිස්ත්‍රික්කයෙ පිහිටා ඇති රජරට විශ්ව විද්‍යාලය මෙම ලයිස්තුවෙ දසවන ස්ථානය ලබාඇති අතර එම විශ්ව විද්‍යාලය පරිපූර්ණ වෛද්‍ය පීඨයකින් සමන්විතයි.