ශ්‍රී ලංකාවේ වාරි තාක්ෂණයේ මුල් තැන ගත් රජවරු 4 දෙනා (ශ්‍රී ලාංකීය ඉතිහාසය)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

පෙරදිග  ධාන්‍යාගාරය ලෙස සඳහන් කළ සැණෙකින් මුළු ලෝකයටම  මතකයට නැගෙන්නේ අන් කිසිදු රටක් නොව ශ්‍රී ලංකාවයි. එයට හේතුවන ප්‍රධාන කරුණු දෙකක් ඇත. එනම් ,

01. අන් කිසිම රටකට නොදෙවෙනි කෳෂිකර්මාන්තයෙහි සශ්‍රීකත්වය

02. වාරි තාක්ෂණයේ ඇති දියුණුව නිසාය .

මේ අනුව අපි අද කතා කරන්න යන්නේ ශ්‍රී ලංකාවේ වාරි තාක්ෂණය ආරම්භයේ පිළිබඳවයි .

ආර්‍යන් මේ රට ජනාවාස බිහි කර ගැනීමත් සමඟම කෘෂිකාර්මික කටයුතු සඳහා ද යොමු විය .ඒ අනුව මොවුන් එයට වියළි කලාපය තෝරා ගත්තේ ය. ඒ සඳහා අවශ්‍ය සියලුම සාධක පැවතිය ද ජලය එනම් වර්ෂාපතනය සීමාකාරී සාධකයක් විය .අකලට වැසි ලැබීමත් ලැබෙන ජලය ප්‍රමාණවත් නොවීමත් එමෙන්ම නොයෙක් කාලවල පැමිණෙන නියං සාගත වලට මුහුණ දීමටත් වියළි කලාපයේ ද මුහුණදීමට සිදුවූ ප්‍රධාන ගැටලුවකි .

මේ හේතුවෙන් වර්ෂාව නිසා ලැබෙන අතිරික්ත ජලය ගබඩා කරගෙන කර ගෙන පරිහරණය කිරීමට සිදුවිය .ඒ අනුව අතිරික්ත ජලය ගබඩා කිරීමේ අරමුණින් වැව් අමුණු ඉදි කිරීමට සිදුවිය.

වාරි තාක්ෂණයේ ආරම්භය 

මුල් කාලය තුළ දී ඉතාමත් සරල තාක්ෂණික ක්‍රම අනුගමනය කිරීමෙන් වැව් සකස් කිරීම සිදුවිය .

1.ඇළ පාරක් හරහා තවකාලික අමුණක් බැඳ බිම්වලට ජලය ලබා ගැනීම.

2. කඳු පන්ති දෙකකින් වටවූ භූමි ප්‍රදේශයක් සරලව ආවරණය කර වැව් නිර්මාණය කිරීම .

මුල් කාලයේ මෙලෙස නිර්මාණය කරමින් පැවති වැව් වලට පසුකාලීනව රාජ්‍ය අනුග්‍රහය ලැබීමත්  සමඟම ඉතා දියුණු තාක්ෂණික ක්‍රම අනුගමනය නිර්මාණය කරන්නට විය . මෙලෙස රාජ්‍ය අනුග්‍රහය දෙමින් සිදු කළ පළමු  වැව වශයෙන්  පණ්ඩුකාභය රජ විසින් සිදුකරන ලද බසවක්කුලම වැව හැඳින්විය හැක .එය මෙරට තුළ හමුවූ පළමු වැව ලෙස ද , පැරණිම වැව ලෙස ද ලෙස ද හැඳින්විය හැක .

මෙතැන් පටන් රාජ්‍ය පාලනය කළ සියලුම රජවරු ඔවුන්ගේ පාලන කාලය තුළ වැව් නිර්මාණය කිරීමට කටයුතු කිරීම මෙන්ම වැව් ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කළහ .එමගින් මේ රට කෘෂිකර්මාන්තය බොහෝ සෙයින් දියුණු වන්නට හේතු සාධකයක් විය.එම හේතුව නිසා රට සමෘද්ධිමත් රාජ්‍යයක් බවට පත්විය ආර්ථිකය අතින් ද ඉතාමත් ඉහළ තත්ත්වයක පැවතිය.

මෙලෙස  වැව් නිර්මාණය කිරීම මඟින් රජුන් හට මහජනතාවගේ ගෞරවයටත් ආදරයටත් පත්වීම මෙන්ම රජුට දේවත්වයෙන් සැලකීමත් සිදුවිය . මෙලෙස සාදා නිම කරන ලද වැව් නඩත්තු කිරීමේ කටයුතු රාජ සභාව විසින් සිදු කරන අතර ඒ සඳහා සුවිශේෂී වූ කණ්ඩායම රජු විසින් පත් කරන ලදී .ජලය ලබා ගැනීමේදී මහ ජනතාවගෙන් බදු අය කිරීමක් සිදු කරනු ලබන අතර එසේ අය අයකරගන්නා බදු මගෙන් මගින් නඩත්තු කටයුතු සිදු කළහ. වාරි තාක්ෂණය ඉතාමත් ශීඝ්‍රයෙන් දියුණු අවධිය ලෙස හඳුන්වන්නේ අනුරාධපුර යුගය හා පොළොන්නරු යුගයයි .

වැවු ඉදිකිරීමට පුරෝගාමී වූ රජවරුන්

1.වසඹ රජතුමා 

මධ්‍යම  ප්‍රමාණයේ වැව් තැනීමේ ආරම්භක පාලකයා ලෙස හැඳින්විය හැක. වැව් 11 හා ඇලා මාර්ග 12 සාදා ඇත.

2.මහසෙන් රජතුමා 

විශාල ප්‍රමාණයේ වැව් සෑදීමේ ආරම්භකයා ලෙස හැඳින්විය හැක.

3.ධාතුසේන රජතුමා 

අනුරාධපුර යුගයේ වාරි කර්මාන්ත ඉතිහාසයෙහි සංවර්ධිතම අවධියයි .වැව් 18ක් හා ඇළ මාර්‍ග කිහිපයක් සාදා ඇත .

4.පළමුවන පරාක්‍රමබාහු රජතුමා  

පොළොන්නරු යුගයේ රාජ්‍ය පාලනය කලේය. ලංකාවේ වාරි කර්මාන්ත ඉතිහාසයෙහි සංවර්ධිතම අවධිය මෙයයි. ‘’අහසින් වැටෙන ජලය මදකුදු  ලෝකෝපකාරයෙන් තොරව කිසි කලෙකත් මුහුදට නොයවමි ” යන ආදර්ශ පාඨය ක්‍රියා කර ඇත .අමුණු 165 ,මහ වැව් 163, ඇළමාර්ග 3910 ,කුඩා වැව් 2376 හා සොරෙව් 340  නිර්මාණ කළේය .

මෙලෙස  රජ්‍ය අනුග්‍රහය යෙන් හා මහජනයා උපකාර අතීතයේ සිට මේ දක්වා විශාල ප්‍රමාණයක් ඉදිකර ඇත.

 

 

උපුටා ගැනීම:  The Lanka Post

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!